Monday, February 1, 2016

96.

                                                                   ~~~~රිද්මය~~~~





මම සාමාන්‍යයෙන් උදෑසන නැගිටින්නේ හතරට...නිවසක ඇති බොහෝ වැඩ රාජකාරි සම්පූර්ණ කරන්නට ඒ වෙලාවට නැගිටින්න සිදුවෙනවා....

නමුත් ඒ හිමිදිරිය...ජීවිතේට ගෙන එන රිද්මය විමසන්න මම බොහොම කැමතියි.

පළවෙනිම හිරු කිරණ වැටෙන්නටත් කලින් පරිසරයේ ස්වභාවික රිද්මය ඇරඹෙනවා...ගහ කොල පවා ඒ රිද්මයට අනුගතයි...වාහන දුමෙන් අපවිත්‍ර වන්නට පෙර පැහැදිලි සුවඳකින් හමා එන සුළං රැල්ල පවා ලා රිද්මයකින් හමන්නේ....තවත් මොහොතකින් අහිමි වෙන ඒ රිද්මය උකහා ගන්නට නම් .....උදේම නැගිටලා ඒ සුන්දරත්වය ස්පර්ශ කරන්නට ඕන...

අරලියා...වගේ මල් වල සුවඳ පරිසරයට මුසු වෙන්නෙ ඒ වෙලාවට...මිදුලෙ සමන්පිච්ච වැලේ මල්වල මුදු සුවඳ එයට මුසු වෙනවා...

මගේ මහත්තයා හැන්දෑවට මුලු මිදුලටම ජල විදිනයකින් තණකොල වලට පවා වතුර දානවා...ඒ නිසා උදේම පාවහන් නැතුව ඒ තණකොල බිස්සට පා තිව්වාම නිදිබර ගතිය මැකෙනවා....හැමදේම රිද්මයක්...

උදේම මගෙ මාමණ්ඩි රේඩියෝවේ දමන පිරිත් හඬ පවා..ඉස්සර ළමා කාලේ තුන් සූත්‍රය මම පාඩම් කරගත්තේ ආච්චි අම්මා ගෙන්....සමහරක් විට ආච්චි අම්මත් ඒ පාලිවදන් වල තේරුම අකුරින් අකුරට වචනෙන් වචනෙට තේරුම් නොදැන ඉන්න ඇති..මම දැන්ං උන්නෙත් නෑ...නමුත්..ඒ ශබ්ද රසය....නැවත නැවත කියවද්දි එන රිද්මය එක්ක තමයි....පාඩම් වෙන්නෙ ....නිරායාසයෙන් ඒ පිරිත් හඬ ජීවිතයට බද්ධ වෙනවා....

අල්ලපු වැටේ තියන පල්ලියේ ගන්ඨාර හඬත් එක්ක මේ දිනවල ඇසෙන ගීතිකාත් එහෙමයි...දෑස් වසා අහන් ඉන්න විට...ජීවිතේට රිද්මයක් එකතු කරනවා.....

අපි හැල්මෙ දුවන්න විනාඩි කීපයකට පෙර..මේ රිද්මයට එක් වෙන්න...හැකිනම්....ඒක මුලු දවසටම ප්‍රාණවත් හැඟීමක් දෙනවා....

අපි සොයානොගන්නෙත් ඒ රිද්මයමයි....

සිහිල් සුලං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මුදු සුමුදු පහස ලැබ
හදවත දලු සෙලවේ....

මේ ගීය දෑස් වසා අහන්න...මට ලා සිලිලාරයක හඬත් ඇහෙනවා....ඔහේ ඇහෙන ගීයකට වඩා අහන ගීයක රිද්මය ඒකයි......

ඉතින් ඔබට ජීවිතයේ රිද්මය හමුවෙන සුබම සුබ දවසක් වේවා..!..

2016 / 02 /01

6 comments:

  1. මේක කියවලා මට පොඩි කාලේ මතක් උනා . මම ඉස්සර නැගිටින්නේ ස්වදේශී සේවයේ යන පිරිත් සද්දේ අහගෙන .
    නියමයි (y)

    ReplyDelete
  2. වයා කියද්දි මතක වුනේ.
    ඒ දවස් වල පිරිත් ඇහෙද්දි නැගිටන එක ඊට පස්සෙ තව ඒ වගේ වැඩසටහනක් තිබ්බ වෙනස් නොාවන
    දැං මතක නෑ හරියටම ඒත් ඒ දවස් වල නං පොඩි රිද්මයක් තිබ්බ හිතෙනව
    දැං හනුම දර පලන්නෙ

    ReplyDelete
  3. සුන්දර ම ලියැවිල්ලක්.. ජීවිතේ පුංචි දේවල් විඳින්න ඕන. එතකොට තමා රිද්මය අහුවෙන්නෙ. ක්‍රෂ්ණ ජී කියා තියෙනවා නිවැරදි ස්වරය ස්පර්ශ කරන්නේ නම් සෑම කෙනෙකුගේ ම ජීවිතය සංගීතයක් වෙයි කියා...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න