Saturday, January 2, 2016

95. බස් කවි....

පැය දෙකකට ආසන්න කාලයක් උදේ ට සහ හවසට වැඩට යන්න වැය වෙන වා මගට...
ඒක වෙනම යුද්දයක්..ජීවිතේට...
බොහොමයක් අත්දැකීම් නීරසයි...කටුකයි...මනසටත් හිරිහැරයි..

ඒත්...රටක් රාජ්ජයක් හම්බුනා වගේ සීට් එකක් ලැබුනම ...කවි නොලියා වෙන කුමක් කරන්නද....


බස් කවි

පැය ගනන් නැවතුමේ පා රිදෙන තුරු හිටං
එල්ලෙන්න බස් එකක දරන සටනේ නිමක්
ඇඟලුම්ද අබරණ ද අහිමි වේදැයි බියක්
දැනෙන හැම උදයක්ම අලුත් කවියක් ගෙනෙත්

දාබිඳුද..වත්සුණුද..එකට මුසුවන රුවක්
ඇස් අඳුන් බොඳ වුණම ඒක අමුතුම හැඩක්
සාරිපොට ගෙල වටට දවටගෙන තව කතක්
එල්ලෙයිද හිතෙන තරමට බයක් හිත ඇවිත්

අතෝරක් නැති සිංදු හඬා වැටෙනා පෙමින්
දෙසවනට ගොරහැඬියි ඒත් කරනෙමි කුමක්
කර රැඳුනු බෑගයට හොවන්නට බෑ අතත්
අවලාද...නොරිස්සුම් දහක් උවනක ඇවිත්

මහමගට හෙලා යන කසල දසුනට ඇවිත්
ඒ වුණත් කවි ලියමි ලැබූ අසුනේ හිඳන්
මල් ගොමුද තුරු හිස් ද මවා ගමි ඒ සැණින්
කවි උපද්දන මෙවන් තවත් උදයක් ඇවිත්.....

කලු සහ සුදු....
මුහුනු පොතට ලිව්ව එකක්....

12 comments:

  1. අද්‍යතන ජීවන රටාවේ පැතිකඩක් හෙළි කිරීමක්. බස් එකේ කෝච්චියේ දිනකට පැය ගණනක් ගතකරමින් ගෙවෙන ජීවිත අපේ රටේ මෙන්ම පෙරදිග රටවල් බොහොමයක තිබෙනවා. මෙය නැති කරගන්නට විසඳුම් ඕනෑතරම් තිබෙනවා. ඒ සඳහා ඇත්තටම ඕනෑකමක් තිබෙනවානම්. අතෘප්තිකර ජීවිතයක් ගතකිරීම, මිනිසුන්ව මානසික වශයෙන් රෝගී තත්වයන්ට පත් කරනවා. ඒ නිසයි සමහර කාර්යාල සේවකයන් මහජනතාවගේ ඇඟට කඩාපනින්නේ.

    පාලකයන්ට බුද්ධිය පහළවන නව වසරක් වේවා!

    ReplyDelete
  2. බස් කවි කිව්වම මතක් වෙන්නේ "විල්බට් අඹතලාව" ව
    ලංකාවේ වැඩිම දෙනෙක් කියවන කවි ලියල තියෙන්නේ ...


    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
  3. හම්මා. ලස්ස අසුවේ අනුවේ වාහන වල යන්නේ නෙහ්.. අපිත් එහෙමයි කෝටි ගනං වටින වාහන වල යන්නේ.. කෝචිචියේ

    ReplyDelete
  4. හොඳයි
    ජයවේවා!

    ReplyDelete
  5. බස් ටිකට් එකක් පිටිපස්සේ ලිව්වා වගෙයි. ලස්සනයි.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න