Sunday, June 21, 2015

85.කවි කුසුම් පිපුණාවේ


කාලෙකින් ඔන්න බ්ලොග් එක ට කවියක් ලියන්න හිතුනා..

මල් තුහින ඉහෙන කොට
සඳ කිනිති පිපෙන කොට
ඕනෑවටත් වැඩිය
මට නුඹව දැනෙන හැටි

ගංදෑල හඬන සර
සවනතර වැකෙන කොට
ඕනෑවටත් වැඩිය
උණුසුමක් දැනෙන හැටි

රෑහි හඬ නැගෙන කොට
තනි සුසුම් නැගෙන කොට
ඕනෑවටත් වැඩිය
නුඹෙ සෙනෙහෙ දැනෙන හැටි

හිමි නොහිමි බව කෙලෙස
දරා උන්නද මෙහෙම
ඕනෑවටත් වැඩිය
සිතුම් බර දැනෙන හැටි

22 comments:

  1. ආ කවි කාරී .... කෝමෙයි.
    ඔය ඉතින් ගජමන් නෝනගේ ගමේ නිසා මෙහෙම රහට කවි ලියන්න පුළුවන් වෙන්න එපයි .

    හ්ම්ම් හ්ම්ම් .... ඔහොම තමා

    ReplyDelete
    Replies
    1. අඩෙ අප්පා. මේ බලහල්ලකො. කොහෙද මනුස්සයො ගිහිං හිටියෙ :P. වැරදිලාද ලොග් උනේ ප්‍රොෆයිල් එකට :D

      Delete
    2. තැන්කූ අනේ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි කියාදුන්නට..ඉවාන් මල්ලි ඔයා නම් හරී ශෝක් අප්පා.කියලම දුන්නා නේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  2. ඕනෑවටත් වැඩිය.. හ්ම්ම්.. අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ .ඕනෑවටත් වැඩිය දැනෙන හැටි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. හිමි අහිමි උනත් ..... ආදරේ ආදරේම තමයි ..... දුක දුකම තමයි....

    ReplyDelete
    Replies
    1. දුකම කොයිතරම් සතුටක්දෝ කියලත් කියනවනේ නේද නිහිංසා

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. kammaliwa inna wita
    mata nubawa danunu hati
    hari agei lassanai
    nuba kawiya gothana hati

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැව් ඉස්මත්ත

      Delete
  6. අහම්බෙන් දැක්ක විට
    හිතුනෙ ගොඩ වදින්නට
    දැනුනි රස නුඹෙ කවි වල
    හරි අගෙයි හරි අගෙයි

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා.එතකොට අර උඩින් බැන්නෙ මටද ?ඉවාන්ටද ?
      ඉවාන්ට බනින්න .මම ඕන සපෝට් එකක් දෙනව

      Delete
    2. නෑ නෑ ඔයාට නෙමේ ඉවාන්ට බැන්නේ :D. එයත් ඔයා වගේ පේන්නවත් නැතුව හිටියෙ. දැන් ආයෙත් කමෙන්ට් දාගෙන යනව. මම බැලුවා වැරදිලාවත්ද කියල :D.

      Delete
  7. හම්මේ කොච්චර දාසකින්ය දැක්කෙ කොයි ගොහිං හිටියෙ
    ලස්සන කවියක්
    ආයෙත් ලියමු
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු.
      ස්තුතියි මහේශ් මල්ලී

      Delete
  8. Replies
    1. මොනවයි දැක්කෙ නැත්තෙ

      Delete
  9. බොලොගක් ඇති බව බොට මතක් වු විට මටද මතක් කල එකට තුති....ඒක හරි අපුරු කවියක්😘😘😘

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න