Wednesday, June 24, 2015

86. සිඳීගිය දියවර

කතාවක් සටහනක් ගලපාගන්න තව ටික දවසක් යාවි..
ඒත් කවි ලියපුවා තියනවා දාන්න..
බ්ලොග් එක අප්ඩේට් කරනවා සතියකට වතාවක්වත් කියල හිතාගත්තු දේ කරන්න ඕන කොහොම හරි..
මේ මගේ ජීවිතයේ නිල්ල නිලූ දියවර ගැන.……එක රැයකින් අහිමි වී ගිය ඒ සුන්දර ආදරය ……අම්මා වෙනුවෙන්.………

නිල් දියවර පිරි
වැව් තලයක් සේ
රැළිති නගන
සිහිලැල්  ගඟුලක් සේ
නිවා ලමින්
ගිනිගත් හිත සැනසූ
මහ සෙනෙහක් තිබුණා
නෙත් ඉම අද්දර
පුන් සඳ සේ නුඹ
පායා විත් තිබුණා

පස් පියුමින් සැදි
දිය දහරා වක
සිහිලස ලබනා
කෙත් යායක් ලෙස
නුඹේ සෙනෙහසින්
පිරිපුන් මා හිත
පියුමක් වී පිපුණා
ඒ සිහිලැල්ලේ
තව මල් දහසක්
පිපී සිනා සැලුවා

මහ වැසි හැලෙනා
දවසක දිවියේ
වැව් බැමි පුපුරා
දියවර සිඳුණා
නිල්ල නිලූ කෙත
කම්පිත දෑසින්
බලා හිඳිනු දුටුවා
මහ වැව් තලයේ
සිහිලස දුන් නුඹ
යන්න ගිහින් තිබුණා.……


2015 / 06 / 24

කලු සහ සුදු

19 comments:

  1. අම්ම ගැන ඇත්තට කොච්චර කවි කතා ලියල ඇත්ත කියවල ඇද්ද
    ඒත් වැඩේ කියන්නෙ හැම එක්කම එක්කට එකක් වෙනස් ගති තියෙන එක නෙව
    ලස්සනයි.. වගෙම දුකයි..

    ReplyDelete
    Replies
    1. අහිමි වීමත් එක්ක දුක වැඩියි ...

      Delete
    2. අහිමි වීමත් එක්ක දුක වැඩියි ...

      Delete
  2. කඳුලු කිරි පොවා..
    තුරුලේ සෙනෙහසින් හදා..
    කඳුලු විල දිගේ..
    නොපෙනී ගියෙදෝ අම්මා....

    ඇයට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. ඇය නිවී සැනහෙනු ඇති...

      Delete
  3. හැම අම්මම එක වගේයි නේද?

    ReplyDelete
    Replies
    1. උඹ අහලා තියනවද සමන් ලෙනින්ගෙ මෝහිනී ගැන කියන සිංදුව...

      සුරගනන් තමන්ගේ ළමයි කුණු බක්කි වල දාලා යද්දි, ළමයව ඔක්කෙ ගහගෙන යන මෝහිනී යක්ශණියක් වුනේ කොහොමද කියලා පොර අහනවා...

      හැම අම්මම එක වගේ නෑ බන්...

      https://www.youtube.com/watch?v=0qcQqu_BHwY

      Delete
    2. දේශකයා

      ඔව් ...ඔයාගේ අම්මත්....මගේ අම්මත්......අම්මා ම තමයි...
      ඒ වගේමයි...
      මාත් අම්මා කෙනෙක්
      අම්මා කියන්නෙ අම්මා ට

      Delete
    3. සෙන්නාගෙ කතාවත් හරි තමයි

      Delete
    4. සෙන්නාගෙ කතාවත් හරි තමයි

      Delete
  4. මම මේකට කමෙන්ට් කරන්නේ නෑ. මට බෑ බැනුම් අහන්න මෙයාගෙන්

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වත් නැතත් මගෙන් බැනුම් අහපු නැති දවසක් තියද.....
      ඔන්නොහෙ කොමෙන්ට් දාන්න

      Delete
  5. Replies
    1. ඔව් හැම අම්මෙක්ම අම්මා කෙනෙක්

      Delete
  6. ග්ර්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. මොකෝ සෙන්නා ගොරවන්නේ

      Delete
  7. අම්මා ගැන තාත්ත ගැන කොයි තරම් කවි කතා ලීවත් මදි නේද :)

    ReplyDelete
    Replies
    1. ඔව් මනා...කවියේ උල්පත ඒ දෙන්නාම නිසයි ඒ...

      Delete
    2. ඔව් මනා...කවියේ උල්පත ඒ දෙන්නාම නිසයි ඒ...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න