Thursday, July 24, 2014

81. අහිමි සඳ නුඹ ...

කවි පොත පෙරල පෙරලා බලන්න වෙලාවක් ආවා...
ලියූ කවි ...කටු අකුරු දාහක් මැද්දේ....තනි වෙච්ච කවි ගොඩක් ඉකිගහනවා..
හැමදාමත් ඔබව සිහිවෙලා ඉකිගැහෙන මේ හිත වගේම..
ඒ කවි ගොන්න තනි වෙලා..
දුක....ඒ එකම කවියක් වත් ...ඔයා උන්න කාලේ මට ලියාගන්න බැරි වුන එකයි...
ලියාගන්න බැරි කමට වඩා...
හිතේ කුකුසක් තිබුණා....
ඔයා මේ කවි වලට ආස වෙන එකක් නෑ කියල...මට හිනා වෙයිද කියල හිතුනා..
ඒත්...දැන් ඉතුරු...
පසු තැවිල්ලක්...
ඔයා මේවා දැක්ක නම් ඇත්තටම ආස වෙයි....

සඳ ගිරි හිසෙන් සඳ සාවුන් බැස යද්දී
ඉරමල උඩින් ඉර ගිරවුන් ඉගිලෙද්දී
සියපත් තඹර පෙති ඇහැරී පිබිදෙද්දී
නුඹ ගැන මතක හිත ඇතුලේ නැළවෙද්දී......

බාලේ ඉඳන් නුඹේ තුරුලේ උණුසුමට
දැවටී වේලි උන්නා මතකයි හොඳට
දුක් ගිනි උහුලමින් මා දැඩි කල පිනට
අම්මේ මං ණයයි දිවි ඇති තුරු නුඹට....

ලොව ජය අරන් මා මිනිසෙකු වූ දවසේ
නුඹේ නෙත තුටු කඳුළු බැබලුණි හොර රහසේ
වියපත් වෙලා නුඹ අද උන්නද මෙලෙසේ
නුඹ මගේ ලොවයි ,......මම රකිනෙමි මගේ නෙතු සේ......



**************************************************************************************

සමහරක් වෙලාවට.....කියාගන්න බැරි වුන හැඟීම්....පසු කාලීනව එලියට එද්දී...
ඒවායේ දැවටුනේ...කඳුලක දුක....
පසුතැවීමක...මතක සටහන්....
හිතේ කොනක ..තවම ඒ දුක්බර මතකය
සැරි සරනවා....



පුංචි දවස් වල දඟකම් පෑවම....
කෝටු පාර දී ඇඬේව්වාට මම..
තරහ වුණා නුඹ එක්කල
මම  අම්මේ,,......

අකුරු ලියන්නට කම්මැලි වූ දා..
නුඹෙන් ඇසු තරවටු හින්දා මම
තරහ වුනා නුඹ එක්කල
මම අම්මේ...

අද නුඹ ළඟ නෑ තරහ වෙන්න වත්...
දුර ලෝකෙක නැවතුමක්
සොයා ගොස්..
විඳිනට තරවටු
නුඹෙන් එදා මෙන්
බලා ඉන්නවා මම
තාමත් අම්මේ....



හිතට දැනෙන සුන්දර හැඟීමක් ඔයා..
කවි දාහක් ලියවෙන්නේ....
ඒ ආදරේ වෙනුවෙන්....


ඉතින් හෙටත් ....
ඔයා වෙනුවෙන්...
කවි ගී ලියවේවි...

****************************************************************************************

ඉතින්....
මම සමුගන්නම්...
සුබ සති අන්තයක්....


මම කළු සහ සුදු....

18 comments:

  1. අම්මා වෙනුවෙන් ..... කොතෙක් කවි ලිය උනත් මදි...... එකයි..... මතක් වෙන වාරයක් පාසා..... මව් ගුණ කුරුටු ගැ වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් නිහිංසා....කොයි තරම් ලියවුනත් මදි ඒ මව් ගුණය

      Delete
  2. ම්ම් අදනම් හැගීම් බරවෙලා හොඳටම, මේ කවි ලිව්වට වඩා ලියවුනු බවක් තමයි පේන්නේ ..

    ReplyDelete
    Replies
    1. අම්මා ගැන ලියද්දි ඉබේම ලියවෙනවා මිසක යාසයක් දරන්නේ නැහැ මල්ලි

      Delete
  3. සංවේදී සටහනක්...
    අපූරුයි වගේම ලස්සනයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් මල්ලි...

      Delete
  4. හිතට දැනෙන, සංවේදී සටහනක් අක්කියා.....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි.....අම්මා කියන්නේ සංවේදීම මාතෘකාව...

      Delete
  5. ඇත්තටම නෙතට කදුලු ආවේ නිතැතින්මයි..හිතට දැනෙන්නම ලියල තියනවා හරිම ලස්සන්යි....

    ReplyDelete
    Replies
    1. රමෝදී.....ඔයා ,මට අලුත්....ස්තුතියි කියවීම ට හා අදහස් දුන්නාට....

      Delete
  6. ඕක තමයි කතාව. අපේ දෙන්නමත් දුර ලෝකෙකට ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඔව් dude.....ජිවිතේ ඔහොම තමයි....

      Delete
  7. "කාලයක් මම අම්මට කවි ලිව්වා හැබැයි අම්මා ඒවා ඒ දවස් වල කියවලා නෑ.......... ඒත් දැන් සමහර වෙලාවට මන් ඒ කවි අම්මට කියවන්න දෙනවා... " මන් හිතනවා මට කවදාවත් මෙහෙම පෝස්ට් එකක් ලියන්න වෙන එකක් නෑ කියලා.... කවි ටික නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ඔයා ලියන ඒවා ඔයාගේ අම්මා දකින නිසා....ඔයා වාසනාවන්තයි....

      Delete
  8. කවි හරිම අගෙයි................ විශේෂයෙන් ම අම්මා ගැන ලියැවුණු නිසා.... ඒක ගොඩක් දැනුණා.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න