Saturday, July 19, 2014

80. හිම පියළි






මම මගේ මේ පෝස්ටුවට එහෙම නමක් දැම්මේ ඇයිද කියල මම ම හිතනවා...
ඒත් මේක ලියන්න ඕන කියල හිතට ආව වෙලාවේදී මට මතක් වුනේ හිම පියළි....අර කාටුන් වල එහෙම පෙන්වන්නේ කැරකි කැරකි උද ඉඳලා වැටෙන හිම පියළි...අන්න ඒවා..
මම ඇත්තෙන්ම ඒවා දැකල නැහැ....
ඒත් ඉක්මනට බිඳිලා යන හිම පියල්ලක් වගෙයි මේ ජිවිතේ කියලා මට හිතෙනවා..
කලකිරිලද...?
අනේ නැහැ....
මේ ජිවිතේ අත්දකින අනුන්ගේ අත්දැකීම් එක්ක එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ....



පෝය දවසේ පන්සලට ගියාම බෝ ගහ මුල ඉඳගෙන මම කල්පනා කලෙත් මේ හිම පියළි වගේ ජිවිතේ ගැන..
බෝ ගස මුල වැටිලා තියන කොළ බැලුවම ලා රතු පාට දළුත් තියනවා....ලා කොළ පාට දළුත් තියනවා...ටිකක් තද කොළ පාට කොලත් තියනවා...දුඹුරු වෙලා වියැකුණ කොලත් තියනවා...
ඒ එකක්වත් වෙනසක් නැතුව පොළවට වැටිලා...
මිනිස්සුන්ගේ ජිවිතත් ඒ වගේ...ළමා විය..තරුණ විය..වැඩිහිටි විය වගේම මහලු විය කියල වෙනසක් නෑ...ලෙඩ වෙන්නයි...මිය යන්නයි....
කෙනෙක් කියාවි...මේක ඔයා අදද දන්නේ..මේක බුදුන් වහන්සේත් දෙසූ දෙයක් කියල...ඔව්...මම අද නෙවෙයි දන්නේ..
ඒත්...මේක හිතට දැනෙන්නත් වෙලාවක් එන්න ඕන...

රෝහලේ වැඩ කරන කාලය තුල හමු වෙන විවිධ වූ වයස් කාණ්ඩ වල ආබාධ සහිත වුවන් දිහා බලන් ඉද්දි...මේ හිම පියළි මගේ හිතට වද දෙන්න ගන්නවා....ජිවිතේ හරිම අස්ථාවර දෙයක්....




ලා රතු පාට දළු කොලයක් ගැන ලියලම ඉන්නම්කො..

මේ දිනවල ඉන්න එක පොඩි කොලු පැටියෙක් ඉන්නවා..දමිළ ජාතික...ඒ වුනාට..මෙතැන දි මම එක සඳහන් කලේ..ඒ පොඩි දරුවා..සිංහල බස හසුරවන හුරුබුහුටි කම අපි ඔක්කොගෙම හිත අරන් තියන නිසා...අපිට ගෙන කොට මේ දරුවා හදිසි අනතුරකින් මොළයට හානි වුවා කියා තිබුණා මිසක..වැඩි විස්තරයක් තිබුනේ නැහැ..නමුත් මුල් කාලය තුලදී අපි ට මහා වෙහෙසක් දරන්න උනා..ඔහුගේ චර්යා රටාව හඳුනා ගන්න..එක තැනක එක මොහොතක් තියාගන්න අමාරු තත්වයක්....පොඩි පොඩි කප්පම් දෙන්නත් උනා..
මගේ බෑග් එකේ බිස්කට් එකක් චොකලට් එකක් ඉඳහිට රැඳුනේ...මේ කප්පම් වෙනුවෙන්...

කොහොම වුනත් කාලය එක්ක ඔහු වෙනස් වෙන්න ගත්තා,....අද වෙද්දී ඇවිදින මට්ටමට අව මේ හුරුබුහුටි පැංචා ට දැන් අපි අකුරු ලියවනවා...හුරු අත ආබාධය නිසා ගැටළු සහගත වෙද්දී අනිත් අතින් ලියන්නට දැන් ඔහු අපි එක්ක පුරුදු වෙනවා...
දියවෙන්නට ඔන්න මෙන්න තිබු ඒ පුංචි හිම පියල්ල...දැන් හිරු කිරණට බැබලෙනවා....




මගේ  ලා කොළ පාට දළු කොලේ...ගැන මේ..
සුන්දරම යුවතියක්..දැක්කම දෙසැරයක් හරි බලන්නට හිතෙන සුන්දරත්වයක්...
ලස්සනට් ජිවත් වෙන්න ඒ හිතේ කොයිතරම් සොඳුරු පැතුම් තියෙන්නට ඇත්ද..
ඒත්...එක මොහොතක් ඇති සියලුම දේ උඩුයටිකුරු වෙන්නට..
හිම පියළි...දිය වෙන්නේ මෙහෙම සිදුවීම් වලදී..
ඒත්...වාසනාවකට...ඇය සුළු ආබාධ සහිතව බේරුනා..නින්ද ගිය මෝටර් පැදි ධාවකයකුගේ හපන් කමකින් ජීවිතය බේරුනත්..ඇය අද මුහුණට වූ ස්නායු හානියට ප්‍රතිකාර ලබනවා....



තද කොළ පාට කොළ එක්ක තමයි...වැඩි හරියක් කාලය ගත වෙන්නේ....
මේ දිනවල හරිම අහඹු ලෙස...වටිනා කියන සංගීත මාස්ටර් ලා කීප දෙනෙක් ම ප්‍රතිකාර වලට ආවා...
අංශභාග තත්වය වැළඳුන...ඔවුන් ගේ අසනීප තත්වය පුළුවන් තරම් ප්‍රතිකාර නිසා සුව කලත්....
සංගීත භාණ්ඩයක් වදනයේදී ඇති වන සියුම් ක්‍රියාකාරකම් වල ගැටළු ඔවුන්ට ඉතුරු කරලා තියෙන්නේ දැඩි මානසික පීඩනයක්..
එය පිටින් බලන්නෙක් නම්  "අයියෝ..ජිවිතේ බේරුනා එක මදැයි...ඕකත් ප්‍රශ්නයක් ද " කියල අහන ගණයේ වුවත්....තමන් ආසම කරන තමන්ගේ ජිවිතයේ සුන්දරම දේ සංගීතය වෙන ඒ වගේ සොඳුරු මිනිසුන්ට එය මහා කඩා වැටීමක්..



වියලෙන්නට ආසන්න ජිවිතේ සැන්දෑ සමය එක්ක...වියපත් භාවය සහිතව එන සීයලා ආච්චිලා දුඹුරු පැහැ කොළ අතරට මගේ අත්දැකීම් අතරේ ඉන්නවා...
මේ අයගේ මා දකින අපුරුම දේ තමයි..යුවලකගේ එකිනෙකා අතර අලුතෙන් ඇති වන බැඳීම...එක අයකු රෝගී වී ආබාධ සහිත වූ විට කුඩා දරුවකු මෙන් ඔවුන් රක බලාගන්නේ..අනිත් කෙනා..මේ යුවලවල් එක්ක ඉද්දි...ඔවුන් ගේ පුංචි පුංචි නෝක්කාඩු..රණ්ඩු එහෙමත් මැද්දට අපිටත් එක්කාසු වෙන්න වෙන වෙලාවල් තියනවා..එක හරිම සොඳුරු අත්දැකීමක්...
නමුත් වියපත් වුවෙක් රැක බලාගැනීම...ඉතාම වගකීමෙන් කල යුතු දෙයක්....

හිමපියලි එක්ක මගේ හැඟීම් ගලා යනවා..මෙන්න මේ වගේ...
ජිවිතේ සුන්දරද..අසුන්දරද..කියලා මේ හරහා අපිට නිර්ණය කරන්න බැහැ...
නමුත්...වැටහීමකින් යුතුව...ජීවිතය දකින්න...
හිමපියල්ලක් සේ ජීවිතය....රක ගන්න...අපි වගබලාගන්න ඕන..
අපෙත් අවශේෂ සියලුම දෙනාගේත්...
සුළු මොහොතක අත්වැරදීම ජීවිතේට ගෙන එන්නේ...
මහා කටුක අත්දැකීමක්...
සමහර විට මේ වගේ දේ නිසා..මුළු ජිවිතයම විඳවන්නට වෙන්නට තියන ඉඩ බොහොමයි...




ඉතින්....මේ හිම පියල්ලක් බඳු ජිවිතේ...
පරෙස්සම් කරගෙන රැකගෙන..
විඳින්න...


සුබ සති අන්තයක්....


මම

කළු සහ සුදු...

16 comments:

  1. අර කප්පම් කියන ඒවා මන් ආව කාලෙක මටත් දෙන්න වෙයි හරිය, හිතට දැනෙන්න දාපු මේ සටහනින් " ඉතින්....ෙම් හිම පියල්ලක් බඳු ජිවිෙත්... පෙරස්සම් කරෙගන රැකෙගන.. විඳින්න..." මෙන්න මේ ටික නම් මතකයේ තියෙයි හැමදාම

    ReplyDelete
    Replies
    1. උඹ ආවාම දෙන්න කිරි මැටි ගුලියක් තියන් ඉන්නේ ... කිඹුලෝ කන්නේ කිරිමැටිනේ ඉතිං :P

      Delete
    2. මෙයාට කන්න ඕන ලිස්ට් එක ඇහුවම මෙයා එද්දී මට ඉතාලි යන්න හිතෙයි වගේ...

      Delete
    3. වරෙන්කො අපි කිරිමැටි බෝල හදනව මේ දවස්වල

      Delete
    4. @ ඉවාන්@ බස්සි හාකෝ තොපි නම් මහා පාපමිත්‍රයෝ...මන් වගේ අහිංසක කිඹුලියෙක්ට කිරි මැටි වෙනුවට උඹලට හිතෙන් නැද්ද....සොකලට් බෝල හෙම කවන්න

      @ කළු සහ සුදු ආ එහෙමද?උයා එහෙනම් මන් වෙනුවට ඉතාලි යන්න මන් උයා වෙනුවට ලංකාවේ ඉන්නම්....හිකිස් මෙන්න මුන්දා බය වෙලා...හු ඈ.....

      Delete
    5. මම බය නැ යකු.හැබැයි මොන දේ වුණත් මගෙ කොල්ලො දෙන්නා නැතුව නම් රටෙන් පිටට යන්නෙ නැ නවතින්න නම්.

      Delete
  2. ආපහු ලියන්න ගත්ත එක ගැන සතුටුයි.
    මාත් දැක්ක චූටිම ළමයි වගයක් ආදරේ / උදව් ඕනම කරන. මේ දවස් වල උදේ රෑ ඒ හීනේ වෙනුවෙන් මම අවදි වෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සත් කාර්යයකට නම් මම උනත් දායක වෙන්න හරි කැමතියි...

      Delete
  3. අගෙයි................

    ReplyDelete
  4. //""සංගීත භාණ්ඩයක් වදනයේදී ඇති වන සියුම් ක්‍රියාකාරකම් වල ගැටළු ඔවුන්ට ඉතුරු කරලා තියෙන්නේ දැඩි මානසික පීඩනයක්""// මෙන්න මේ පීඩනය අනික් යට අවබෝධ වෙන්නේ නෑ. ක්‍රීඩකයෙකුට තමන්ගේ ක්‍රීඩාවෙන් ආබාධ නිසා ඉවත් වෙන්න වුනාම , රැකියාවෙන් ඉවත් වෙන්න් වුනාම විනෝදාංශ වලින් ඉවාත්වෙන්න වුනාම .. ඒ පීඩනය ගැන කියන්න වචන නෑ .

    හිම පියලි .. මොනා වුනත් ගැලපෙනම නම .

    ReplyDelete
    Replies
    1. ඔව්..අපි වුනත් මේ පීඩනය යම් යම් අවස්ථා වලදී අත් විඳිනවා නේ...
      දැන් ඉතින් බැනුම් නාහා සතියකට එකක් වත් ලියන්න හිතුව

      Delete
  5. හිම පියලි ගැලපෙනම නම.ඔයවගෙ තැන්වලදි ජිවිතෙ කලකිරවනව නේද

    ReplyDelete
    Replies
    1. මගේ රැකියාව අනුව මට කලකිරීම් එන්නේ නැහැ දමිත් මල්ලි,.මොකද මේ වගේ සිද්දි එක්කම දවස් ගෙවෙද්දී දැන් ඒවා සාමාන්‍යකරණය වෙලා අපිට.ඒ වගේම කලකිරුනොත් අපේ රැකියාව කරගෙන යන්න අමාරුයි නේ...

      Delete
  6. සංවේදී කතාවක්..

    ReplyDelete
    Replies
    1. මේ මගේ අත්දැකීම් මල්ලි

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න