Sunday, December 29, 2013

(69..). 2013 සහ කළු සුදු වූ මම

2013 වසර ගෙවී යන්නට මහා දවසක් නම් නැහැ ..හරියටම අද මම මේ ලියන දවස ගෙවුනට පස්සේ එන්නේ...දින 02 යි...2013 ආවා...ඇවිත් ගියා..අද ඊයේ වගේ


ඉතින්..ගත වූ වසර දිහා ආපහු හැරිලා බලද්දී..දැනෙන දේ ලියලා ....පෝස්ට් 69ක් ලියපු කළු සහ සුදු 2014 ට යන්න හදන්නේ ..(ඇත්තටම මම එච්චර ලිව්වද කියලත් මම තවම හිතනවා...)
ගත වූ ටික කාලේදී මට ඇත්තටම කිසිම දෙයක් ලියන්න වුනේ නැහැ...
බොහෝ ලෙසින්ම කාර්ය බහුල වුන නිසා...
ඒ වුනාට ..මුණු පොත හරහා හඳුනා ගත්තු මගේ බ්ලොග් සොයුරු සොයුරියන්..ඒ හරහා හමු වුන නිසා...මට නොලියවුන එකේ අඩුවක් දැනුනේ නැහැ ..
දැන් " කළු සහ සුදු " කියන්නේ කවුද කියන එක...ගොඩක් දෙනා දන්නවා නේ...

ඉතින් මේ ලියන්නේ 2013 දිහා බලන් කරන පසු විපරමක්...





2013 දි...මට කරන්න ලැබුණ අපූරු දේවල් අතරින්..මම හිනා වෙලා සමරන කීපයක්ම තියනවා..
මගේ මේ බ්ලොග් එක ...."කළු සහ සුදු.."...මම පටන් ගත්තේ 2013 ජනවාරි මාසෙදි..
අපේ හසරැල් ගේ බ්ලොග් කියවන්නෙක් ලෙස එකතු වෙලා පටන් ගත්තු බ්ලොග් ලෝකෙට ..මට අවතීර්ණ වෙන්න පාර කපලා දුන්නේ හසරැල්..මගේ චූටි මල්ලි...
ඉතින්....ආධුනිකයෙක් විදියට ලියන්න පටන් අරන්...ආව ගමනේ ...දැන් මම අවුරුද්දක් ගෙවලා...
ඒ ගමනේදී...මට කිසිම අපහාසයක් ...උපහාසයක් ලැබුනද කියලා හිතල බැලුවොත්...එකම එක වතාවක් පමණයි...ඒ කෙනා මට කියූ දේ ඒ පුද්ගලයාගේ නොදැනුවත් කම රටටම පෙන්නුවා පමණයි...මගේ වටා උන්න මගේ සොහොයුරන් වගේ උන්න...ඔයාල ඒ වෙලාවෙත් මගේ හිත හැදුවා...
දැන් නම්..ඉතින්...මට ලොකු පන්නරයක් තියනවා...ගල් මුල් වගේම මල් එක ලෙස පිළිගන්න .
ඉතින් 2014 දි ත් මම කළු සහ සුදු ලෙසින්ම බ්ලොග් පෝස්ට් එකතුවක් එක්ක ඔයාල එක්ක ඉන්න එනවා...


හිතට දුකක් දැනෙන එකම දේ ...කට්ටියව මුණ ගැහෙන්න පෙරුම් පුරාගෙන බලන් උන්න ...සයිබර් බීච් පාටි එකට එන්න නොලැබීම...ඒත්...ලබන අවුරුද්දේ ඒ වගේ හමුවකදී ...අපි මුණ ගැහෙයි...
( මේ දවස් වල Dude...ලංකාවට ඇවිල්ලද ඉන්නෙ...සයිබර් එකට ආවද...? නිකම් ඒ වගේ මූණක් දැක්කා...ෆොටෝ වල...)

**************************************************************************************

2013 දිහා හැරිලා බැලුවම මම මනුස්සයෙක් විදියට ජීවිතේ ඉස්සරහට ගියා කියලා මට දැනෙනවා..
මගේ වෘත්තීය ජීවිතේ ඔයාල දන්නවනේ...
සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ...ශාරීරික ආබාධ සහිත වූ මිනිසුන් ට ප්‍රතිකාර මය පැත්තෙන් සහය වන කෙනෙක් ලෙස...මම ඒ අංශයෙන් බොහෝ දේ මේ වසර තුළදීත් කළා...
මගේ වෘත්තීයට අදාළ උපාධිය සම්පූර්ණ කල මේ වසර මට ඉතාම වැදගත්..ඒ වගේම ...උපාධිය හරහා මට හඳුනා ගත් වෛද්‍ය වරුන් එක්ක මට බොහෝ වැඩසටහන් කරන්නට ලැබුණා...ඇත්තෙන්ම මම සතුටු වෙන එක කාරණයක් ඒක...මූණු පොත හරහා මම ඒ සතුට හා කරුණු ඔයාලට ගෙනාවා...


*************************************************************************************

2013 වසර ගත්තම ...මම හැමදාමත් බලන් ඉන්න ...කෙනෙකුට මගෙන් කල හැකි යුතුකම් සහ උදවු ඉටුකිරීමත් මගෙන් උපරිමේටම උනා කියල මම සතුටින්ම හිතනවා...
මට කෙනෙකුට මගේ වෘත්තීය හරහා උදවු කරන්නට ඇත්නම්..ඒ දේ කරන්නට මම බොහෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා...මොකද..."නිරෝගී කම හැර සැපතක් ලොවේ කොයින්දා..."කියන දේ මම අදහන..දකින බැවින්...
ඉතින්..මේ උදවු කිරීම් හරහා...මට හඳුනා ගන්නට ලැබුණ අයත් ගොඩයි...
ඒ අය ඇත්තටම හරිම සුන්දර හිත ඇති චරිත...



****************************************************************************************
දිනපොත......මගේ ..නැහැ ...අපේ දිනපොත ....පහු ගිය ටිකේ ලියන්නට වුනේ නැහැ...
ඉතින් 2014 දි ඒකත් ලියන්නට ඕන...
ඒ අතරට...මට ලියන්නට බොහෝ දේවල් දැන් හිතේ ගොඩ ගැහිලා...
අත්දැකීම්...දැනුවත් විය යුතු කරුණු ..බොහොමයක්...පෙළ ගැහෙමින් ඉන්නවා...
ඒ හැම දේම ඉඩ ඇති ලෙස..කුරුටු ගාන්නට ...මගේ ඇඟිලි තුඩු...2014 දි මට සහය වේවි...



****************************************************************************************

ඉතින්.....ජීවිතේ ආපස්සට හැරිලා බැලුවම දුක සහ සතුට මැද්දේ දෝලනය වන මගේ ජීවිතේ...කොයි පැත්තටද බර වැඩි කියලා හිතුවොත්...මම කියන්නේ ..සතුට..පැත්තට කියලා..
දුක කියන දේ සතුටේ..දර්පන ප්‍රතිබිම්බයක්..ඒකෙන් අපිට මිදෙන්න බැහැ...
ඉතින් දුක වගේම ...සතුට ..අපි බෙදා ගම්මු 2014 දි ත් ...



***************************************************************************************
අලුත් අවුරුද්ද ගත්තම ලොකුම ලොකු නොවුනට ...මගෙත් තියනවා..බලාපොරොත්තු ගොන්නක්...
මගේ...වගේම මගේ දරුවන්ගේ..පවුලේ,,.....ඉදිරි ඉලක්ක ...
ඒ වගේම මගේ වෘත්තීය ජීවිතේ යම් වෙනසක්..ඉදිරියට යෑමක්...
මගේ ලොකු ආසාවක් වන යමක් ලිවීමේ ඕනෑකම..
මේ හැමදේම...
එක්ක ..
මම 2014 දිහා බලන් ඉන්නවා...



****************************************************************************************

මිනිසෙකු ලෙස ඉපදී...මිනිසකු ලෙස ජීවත් වී...ඒ මිනිසත් කම ඉතුරු කරන මිය යනතුරා...කිසිවෙකුට බරක් නොවන්නට....මම කැමතියි..
කාගේ හෝ හිතකට බරක් නොවන තුරු..මගේ දිවිය සැහැල්ලුයි..
ඉතින්..මම මගේ කළු සුදු බ්ලොග් එකේ කරන එකම වෙනස ...මේ තරම් කල් ...උන්න පාට පාට රෝස මල වෙනුවට වෙන පින්තුරයක් 2014 දි එක් කිරීමයි...
ඒ කුමක්ද කියලා මම තවම හිතනවා...
ඉතින් 2014 දි ...අපි ඒ වෙනස විතරක් අරන්....
සුපුරුදු ලෙන්ගතු කමින් හමුවෙමු...



****************************************************************************************

ඔබගේ ලෙන්ගතු කම වෙනුවෙන් ...මේ කෙටි සටහන මම තබන්නේ...
මුළු හදවතේ පිරුන ..
සෙනෙහසින්මයි...
ඉතින්...ඔබ සැමට..සුබම සුබ 2014 වසරක් වේවා....



මම ...කළු සහ සුදු...
හෙවත්........වාසනා දහනායක ....ඔබේ දයාබර මිතුරිය....යි...



37 comments:

  1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....හිතේ තියන හැම හොද බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා.....!!!!!

    ReplyDelete
    Replies
    1. මල් මල්....ඔයාගේ මල් මල් සුබ පැතුමට ස්තුතියි ගොඩාක්...එන්න මේ පැත්තේ දිගටම කියවන්නත්..
      ඔබටත් සුබ නව වසරක් වේවා..

      Delete
  2. අක්කෝ 2014 අවුරුද්ද ඔයාගේ ලස්සන හිනාවත් එක්ක සාර්ථකව ගෙවන්න ලැබෙන්න කියලා,ඔයාගේ නංගා එක හිතින් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. මගේ චූටි නංගෝ...ඔයාව හඳුනා ගත්තු එක 2013 වසරේ මට ලැබුණ ලොකුම තෑග්ගක් ..ඉතින්...ඔයාටත් මල්ලිටත්..සතුට සපිරි අනාගතයක් පතනවා...

      Delete
  3. සුභ පතනවා එළඹෙන නව වසර ගොඩාක් සුභ වෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි...ඔබටත් සුබ නව වසරක් වේවා...

      Delete
  4. සුබම සුබ නව වසරක් වේවා...සිතුම් පැතුම් හැමදේම ඉටුවෙන්න කියල පතනව..

    ReplyDelete
    Replies
    1. උමේෂ්...ඉතින් බොහොම ස්තුතියි ඔබෙ සුබ පැතුමට ...ඔබටත් සුබ නව වසරක් වේවා..

      Delete
  5. සාර්ථක ඉදිරි ගමනකට සුබපැතුම් මගෙන්.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමෝ...ඔබටත් සුබ නව වසරකම වේවා..

      Delete
  6. හරි හරි ලබන පාරවත් එන්න . අපිව බලන්ඩ එන්ඩ

    ReplyDelete
    Replies
    1. බලන්නම වටින මිනිහා

      Delete
    2. ඔයාට තවම බැරි වුනා නේ හොස්පිටල් එන්න..මොකෝ තවම මැෂින් කැඩිලා නැතෙයි,,...

      Delete
  7. හුටා... මමත් කාලෙකින් ලිව්වෙ නෑ, මේක දැක්කම මතක් උනේ....
    කරදර, දුක අඩු සුභ නව වසරක් වේවා !

    (කරදර, දුක නැති වෙන්න කිව්වෙ නැත්තෙ ඒව නැති උනාමත් ජීවිතෙන් මෙලෝ රහක් නෑ.. ඒවත් ගානට තියෙන්න ඕන)

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්...දුක නැතිම වෙලාත් මොකටද...දෙකම ගානට බැලන්ස් වුනාම තමයි හොඳ
      සුබ නව වසරක් dot

      Delete
  8. සුබ පැතුම් අක්කේ.
    පුංචි ඉල්ලීමකුත් කරන්න කැමතියි.උපදේශනය ගැන යම් හැදෑරීමක් කරන්න.ඔයා බොහොම අසාවෙන්,උනන්දුවෙන් මේ රැකියාව කරන කෙනෙක් බව පේනවා.ඒ හැදෑරීම ඔයාට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. :)

    ReplyDelete
    Replies
    1. මුලික ඩිප්ලෝමා එකේදී සහ පසුව උපාධියේදී යම් තාක් දුරට මම ඒ ගැන හැදෑරුවා මල්ලි..ඇත්තටම එය බොහොම වැදගත්

      Delete
  9. සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කටයි පවුලේ හැමෝටමයි...

    ReplyDelete
    Replies
    1. සිතුවිලි සිතු....ඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක්..සියලු සිතුම් පැතුම් ඉටුවේවා

      Delete
  10. ................ලබන්නා වූ 2014 නව වසර සුබම් සුබ නව වසරක් වේවා.............

    2014 ඉදන් මේක හැරියට ලියමු දින පොතත් එක්ක මේ වගේ අපිට වැදගත් වෙන ලිපිත් ටිකක් ලියමු http://alnilamm.blogspot.com/2013/08/54_11.html

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම බොරළු..ලියනවා ලියනවා

      Delete
  11. හෙන්රි නිවාඩුවට ලංකාවට ගිහිල්ල ඉන්නෙ නංග.
    එයයි,නෝනයි,පුතයි ඉන්න ෆොටෝ එකක් මමත් දැක්ක.
    දිගු ගමනට & නව වසරට පැතුමන් මගෙන්......!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා..ඔයාට kenji අය්යා....මාත් ඒක දැක්කා

      Delete
  12. සුදු තිබුනහම කලුත් කලු තිබුනහම සුදුත් කැපිලා පේනවා.. සුදුම විතරක් උනහම වැඩකුත් නෑ කලුම විතරක් උන්හම වැඩකුත් නෑ :)

    සුභ නව වසරක් :)

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන්ම එකත් ඇත්ත සමී ...:)
      සුබම වූ නව වසරක් ඔයාටත්

      Delete
  13. සුභ නව වසරක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මල්ලියේ

      Delete
  14. මොකක් කිව්වා අළුත් මලක් දානවා... අනේ හොදයි.. ඔසුනවවේ!!!!

    ReplyDelete
    Replies
    1. මලක් නෙවෙයි අනේ...වෙන පින්තුරයක් දාන්න හිතුවේ...මොකෝ අදහස...මොනවද අනේ ඒ ගමන මේ වෙන භාෂාවක්

      Delete
  15. නව වසරට සුභ පැතුම් අක්කෝ :) !!! 

    ReplyDelete
    Replies
    1. මදාරා...සුබ නව වසරක් වේවා....ඔයාටත්...:)

      Delete
  16. සුබ නව වසරක් වේවා අක්කේ. අපරාදේ බීච් පාටියට එන්නයි තිබ්බේ, කමක් නෑ අවුරුදු උත්සවෙටවත් එමු එහෙනං ..

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු මල්ලි...මට ඔයාව දකින්න හොඳටම ඕන කම තිබ්බා..මේ මුණු potha පැත්තේ ඔයාගේ පින්තුරයක් නැද්ද මට බලා ගන්න

      Delete
  17. බලාපොරොත්තු ජීවිතය ජීවත් කරවයි. වාසනාවන්ත නව වසරක් ඔබට පවුලේ සැමට...

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි කෙනෙකු හමු වීමත් මට මහත් සතුටක් නලීන්

      Delete
  18. ස්තුතියි කලු සහ සුදු මා ගැන විපරම් කලාට. ඔව්නේ. මායි, දීපයි, චූටිපුතයි ඒ සයිබර් සැනකෙලියට පරක්කු වෙලා ගිහින් ඉක්මනට ආවා. බ්ලොග් සහෘදයන් කීප දෙනෙක්ම අඳුනා ගත්තා.
    නිවාඩු කාලේ අන්තර්ජාලය පැත්තේ කරක් ගහන්න විවේකයක් තිබුනෙම නෑ. දැන් නම් නිවාඩුව ඉවර වෙලා ආපහු ඇවිත් නිසා තමයි මේපැත්තේ එන්නත් විවේකයක් ලැබුනේ.

    ඉතින් ලැබුවාවූ 2014 වසර, ඔබේ පැතුම් ඉ‍ටුවෙන නව වසරක්ම වේවා කියලා පතනවා.

    ReplyDelete
  19. Dude....ආයේ ආව වෙලාවක වත් හමුවෙමුකො...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න