Wednesday, October 2, 2013

63. මගේ සතුට බෙදා ගන්න එන්න...





මගේ පොඩි පැoචා අර මහා බරපතල විභාගේ ට ලිව්වා නේ..
ඔන්න ඊයේ ප්‍රතිපල ආවා..
ඉහලින්ම සමත්..

ලකුණු 180 යි...

ඉතින් මට අවංකවම සතුටුයි...
මට ඉතින් සතුට බෙදා ගන්නට ඉන්න මගේ බ්ලොගේ යාළුවන්ට..මේ ආරංචිය දෙන්නයි..මේ කෙටි සටහන ලිව්වේ...

ගිහින් එන්නම්

සුබ දවසක්...



black n white

45 comments:

  1. Wow! Congratulations! Wish him a bright future.

    ReplyDelete
  2. ඔන්න එහෙනම් රජ වීදියෙනුත් ඔයාගේ පොඩි පැoචට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජවීදිය...
      (ඇහුවට තරහ වෙන්න එපා..මේ රජවීදිය නුවර ද..නැත්නම් කොළඹ ද..?)

      Delete
  3. කොල්ලට කැමති ආසම ඕනම දෙයක් ගන්න කියන්න අටං අංකල් ගානේ. ( සල්ලි අම්මගේ පර්ස් එකෙන් )

    ReplyDelete
    Replies
    1. හා...හා...ඊට පස්සේ මම එනවා..අර මැෂින් හදන සාප්පුව හොයාගෙන බිල පෙන්නලා සල්ලි ඉල්ලගන්න හරිද අටම්...

      Delete
    2. ඇත්තටම කිව්වොත් අටම්...කොල්ලා කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ...එයා ඒ වගේ ළමයෙක්...

      Delete
  4. පොඩ්ඩට සුභ පැතුම්! ඉදිරියට එන සියලු ම අධ්‍යාපන කටයුතු මේ වගේ ම ඉහළින් කරන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා නංගි...

      Delete
  5. අඩේ නියමයි... එල එල... දාමු ලොකූ පාටියක්.... හැබැයි අටම ගානෙ....

    ReplyDelete
    Replies
    1. ගාලු .....මෙන්න රටක් වටිනා මිනිස්සු...ගගෙන් එහා පැත්තේ හිතවත් කම තියන අය..

      අටම්.....මොකෝ කියන්නේ...

      Delete
  6. අන්න නියමයි පුතා..... හොඳට ඉගෙනගෙන කවදාහරි අම්මා වගේ ලෝකෙට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න. එතකොට හැමදේම ලැබෙයි. ජයවේවා. උණුසුම් සුබපැතුම මගෙනුත්.,,
    (ඔන්න ඕනේ දෙයක් තියෙනවනම් අටම් සීයාගෙන් ඉල්ලගන්න)

    ReplyDelete
    Replies
    1. ඉවාන්.....ස්තුතියි මල්ලි...දැනටත් මගේ කොල්ලා..අම්මා වගේම කෙනෙක් ගේ හිත දිනා ගෙන ඉන්න ක්‍රමය ඇත්තටම දන්නවා...අවංකවම මිනිස්සුන්ට ආදරයෙන් ඉන්න දරුවෙක් එයාඅ..මම හැමදාම එයා ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ ඒකයි...

      කමෝන්..මෙන්න මගේ පැත්තට තවත් චන්දයක්..අටම්.....මොකෝ කියන්නේ...

      Delete
  7. සහන් අය්යත් සුබ පැතුවා කියන්න ..( හෑ අයියා ? ) අපේ පුංචිගේ එකත් ලිව්වා..ඌට 90යි..( එකසිය අනූව නෙවේ ) ඒ හොඳටම ඇති උගේ හැටියට.. විබාග අංකෙ වත් ලියාගන්න බැරි තැනක ඌ හිටියේ..

    කොලුවා කැමති දෙයක් අරන් දෙන්ට.. මදි පාඩුවක් උනොත් ඔයා දාන්ට...:)

    මගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න
    මෙය වෙළඳ දැන්වීමක් බව සළකන්න..

    ReplyDelete
    Replies
    1. හෑ..අයියා.....

      ඔය ඉතින් මගේ යාළුකම් නැතිකරගන්න පොටක්....හරිද..?

      මදි පාඩුව මට දාන්න කියන්නේ ...මුල පිරිවැය ඔයාගෙන් ද....

      Delete
  8. පුතාට, සෙන්නා මාමත් සුබ පැතුවා කියන්න. ඔය ගැම්ම දිගටම අරගෙන යන්න උදව් කරන්න / දිරිමත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා....

      අනිවාර්යයෙන්ම මගේ එකම සිහිනය දරු දෙන්නගේ ඉදිරිය...

      Delete
  9. ඉත සිතින් සුබ පැතුම් පොඩ්ඩාටත් අම්ම තාත්තාටත්..!

    ReplyDelete
    Replies
    1. සරත් අයියා...ස්තුතියි...

      අපේ එක්කෙනා..credit එක නම් පැනලා ගනියි..හැබැයි වැඩ කලේ මම විතරයි...හික්ස්

      Delete
  10. ධෛර්යවන්ත දරුවෙක් . මගෙනුත් සුභපැතුම් දෙන්න. හොඳ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. රතී....

      ස්තුතියි මල්ලි...

      Delete
  11. සතුටුයි අහ්..

    මම ඒ කාලෙ ධර්මාලෝකෙට ගියෙ 137න්. දැන් 175ක් ද කොහෙද.. කොල්ලට සෙට් වෙන ඉක්කෝලෙ මොකක්ද කියපල්ල කෝ..

    මේක ශක්තියක් කරගෙන ඉදිරියටම යවන්න.

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි sAm..

      කොල්ලගේ එකම සිහිනය ආනන්දෙට යාම තමයි...රෝයල් තේරුනත් යන්නේ නැහැ ලු...පුදුම ආසාවක් තියෙන්නේ...

      අම්මෝ...ධර්මලෝකේ ට නම් එවන්නේ නැහැ...ඔයා වගේ ආදි ශිෂ්‍යයෙක් උන්න තැන නේ..හික්ස්..

      Delete
  12. පුංචි පුතාට අපෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග මල්ලි...

      Delete
  13. බ්ලැක්&වයිට්.......හරිම සංතෝෂයි. ජනප්‍රිය පාසැල් තුල දරුවා සම්බන්ධයෙන් අවදියෙන් සිටීම ඔබගේ වගකීමයි....මගේ පොඩිම නංගීගේ ලොකු දුව මීට වසර කිහිපයකට මෙය සමත්ව මාතර සුජාතාවට පැමිනියා. දැන් ඇය සයන්ස් ඔලිම්පියාඩ් වෙනුවෙන් ෆිලිපීනයට යන්න තේරී සිටිනවා .මේ පහේ කඩ ඉමෙන් පසු තමයි ඔවුන්ට නිවැරදිම මාර්ගෝපදේශත්වය ලැබෙන්න ඕන. ඇයගේ දෙවැණි දියණිය ලකුණු 176ක් ලබා තිබෙනවා. මොන පාසැල ලැබුනත් වඩාත් වැදගත් වන්නේ මෙතැනින් පසු දරුවා පිලිබඳ දක්වන විමසිල්ලයි. අත්දැකීමෙන් කියන්නේ. ඔබට ජය. පොඩ්ඩාට සුභ පතන්න. මේ කඩඉම ජයගෙන එන දරුවන් රටට සම්පතක්. ඒකයි මෙච්චර ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. aru...හැමදාමත් මම ඔබේ අදහස් අගය කරනවා...ස්තුතියි ඇත්තටම..

      අනිවාර්යයෙන්ම මම අදටත් දරුවන් ගැන ඉතාම විමසිලිමත්..
      මගේ ලොකු පුතා දැන් 10 වසරේ...ඒ වයස ගැන මම හොඳ අවධානයෙන් ඉන්නේ...

      Delete
  14. අවුරුදු 18 ක් පැරණි වාර්තාවක් බිඳ වැටේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    1995 දී මංතුමා විසින් ලකුණු 175 ක් ලබා පිහිටුවා තිබූ අපේ ගෙදර සිස්සත්වේ ෆැමිලි සෙකෝඩ් එක අදදින අපේ අක්කන්ඩියගේ කනිෂ්ඨ පුතනුවන් විසින් ලකුණු 180 ක් ලබා බිඳ දමන ලද බැව් ඉතා සන්තෝෂයෙන් යුතුව දැනුම්දෙමු.....

    චූටි මාමාගේ සුභ පැතුම්!!!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සුබ පැතුම..

      ඔයාගේ අඩි පාරේ යනවා නම් වරදින්නේ නැහැ...

      Delete
  15. මගෙ සුබ පැතුම් පුතේ.
    ඔනාම දෙයක් අම්මගෙන් ඉල්ලගන්න පුතෙ .
    බැ කිවුවොත් තාත්තගෙන් ඉල්ලගන්න.
    එත් බැ කිවුවොත් අටම් සියගෙන් ඉල්ලගන්න.
    එත් නොලැබුනොත් ආපහු ඉල්ලන්න එපා පුතෙ.

    ReplyDelete
    Replies
    1. එතකොට දමිත් මාමා...?

      සුබ පැතුමට ස්තුතියි මල්ලි...ඒක තමයි දරුවාට වටින්නේ...

      Delete
  16. පැංචට අපෙනුත් සුභ පැතුම්.. අනාගතය ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් මල්ලි...

      Delete
  17. පුංචි පුතාට මගෙනුත් උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ශානු..ස්තුතියි නංගා...

      Delete
  18. ඔන්න පුතාට මගෙනුත් සුභ පැතුම්.... ජීවිතේට ඉගනීම කියන එක බලෙන් දාන්නේ නැතුව සැහැල්ලුවෙන් ගනිද්දි ගොඩාක් දුර යන්න පුළුවන් වෙයි... අර හැමෝම කියලා තියනවා වගේ මොනවහරි ඕනිනම් අටම් සීයගෙන් ඉල්ලගන්න.... නැතිනම් අම්මයි චූටි මාමයි දෙන්නත් ඉන්නවනේ...

    ReplyDelete
  19. ස්තුතියි නදිනි නංගා....

    අටම් ට නම් මේ සැරේ බේරෙන්න ලැබෙන්නේ නැහැ...

    ReplyDelete
  20. අහා මරුනේ...... මගෙනුත් සුබ පැතුම්. එල ලස්සන කොල්ලෙක් නේ ඉන්නේ... 5 කෙනා ගැන නම් බය වෙන්ඩ දෙයක් නෑ සුටි එකා නේ 10 ඉන්න කෙනා ගැන නම් වැඩිපුර හොයලා බලන්න අපිත් ඔය වයසේදී තමයි හැමදේම පටන් ගත්තේ

    ඉල්ලන් නෑ කියලා ශේප් වෙන්ඩ හදන්න එපා පොඩි කෙනා වැඩිපුර ආසකරන දෙයක් අරන් දෙන්න

    ReplyDelete
    Replies
    1. බොරළු....කොල්ලා ලස්සනයි කියන්නේ..ඉතින් අම්මා ලස්සනයි කියන එක නේ...
      අනේ ලොකු කොල්ලා ගැන මම වද වෙන්නේ නැහැ ....මොකද ඔය බොරලුවාත් යසට ඉන්නවා නම් ඔය සේරම කරලා..මගේ එකාත් එහෙම වෙයි නේ...හිහිහි..

      නෑ..මම පොඩ්ඩා ට කිව්වා.." පුතේ බොරළු අය්යා රස්සාවක් කරලා අන්න ඔයාට තෑගි ගේනවලු..එතකල් ඉවසන්න කියලා.."

      Delete
  21. මගේ උනුසුම් සුභ පැතුම් අක්කගෙ පොඩ්ඩට... ඒ වගේම අක්කගෙ EXAM Pass වෙච්චි එකට..ඒකටත් සුබ පතන්න බැරි උනා..

    ReplyDelete
    Replies
    1. අනේ ෆැබ්ස්....thank u නංගෝ....

      Delete
  22. හරිම සතුටුයි....ඔන්න කියන්න අපිත් සුභ පැතුවා කියලා...

    දරුවාට හරි මග කියාදෙන්න හෙවනැල්ල වගේ හිටපු අම්මාව ලබන්නත් පැටියා වාසනා කරලා තියනවා...ඒ සොයා බැලීම තමයි දරුවෙක් ඔය වගේ කඩ ඉමක් ජය ගන්න එකේ රහස...ඔය රැකවරණය දිගටම ඔබෙන් ලැබෙන බව විශ්වාසයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගෝ...ඔයාගේ කොමෙන්ටුව ඇහැට කඳුලක් ගේන තරම් ලෙන්ගතුයි...

      Delete
  23. අම්මලාගේ විභාගෙන් නම් කොල්ල ගොඩ තව තියෙන්නේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ විභාගෙයි ටියුෂන් සර්ලගේ විභාගෙයි ඒ දෙකෙනුත් ඔය විදිහටම ගොඩ යන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  24. හි...හි...අපේ කොල්ලා නම් කියන්නේ..."අපේ අම්මාගේ හැර අනිත් අම්මලාගේ විභාගය කියලා "මේකට...
    මොකද මම ඔය දේ පස්සෙන් ඒ හැටි පැන්නුවේ නැහැ..
    අනිත් ඒවායේ දී නම් එහෙම බැහැ නේද මල්ලි...
    ස්තුතියි සුබ පැතුමට...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න