Friday, August 16, 2013

55.දිනපොතින් පිටුවක්..

මේ දවස් වල වෙන දෙයක් ලියාගන්න බැහැ...ඉස්කෝලේ නිවාඩු කලේ අවිවේක නිසා...
ඒ නිසා දිනපොතෙන් විතරක් හමු වෙන්නේ..
මේක ලියන්නත් දැන් වෙලාව හොයා ගන්න හරි අමාරුයි..
කොහොම හරි ලියන්නට එපැයි..නැත්නම් මටත් කෑවේ බිව්වේ නැහැ වගේ...

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
05.08.2013 සඳුදා



දැන් ඉතින් දිනපොත කාගේත් දිනපොත වෙලා නේ..

ගිය සතියේ මාතලන් කිව්වා වගේ..සතියේ දවස් 5ම කොයි තරම් සුන්දර ද ..? අත්දැකීම් බහුල ද ..? හැගීම් බර ද ..? කියලා මටත් හිතෙන්නේ මේ දිනපොත කියවද්දී...

සෙන්නා ගිය සතියේ අහපු දෙයකට උත්තරයකුත් වෙන්න මට එක සිද්ධියක් අද මතකයට ආවා...
මේක මට මතක් වුනේ...මෙහි කතා නායිකාව වන මගේ මිතුරිය අද මට ටික දවසකින් හමු වුන නිසා...
ඇයට  මීට අවුරුදු දෙකකට කලින් විතර ...වුන දෙයක් මේක..
දෙයියනේ කියලා අපි වගේම පිස්සු විකාර කර කර හිටපු කෙනෙක් නිසා...මට ඇත්තටම එයාට ඇත්තටම මොලයක් තිබුනද කියලා ෂුවර් නැහැ...හිහිහි...

නමුත් දවසක් හදිසියේම මගේ ඒ මිතුරියට ..තදබල හිසේ අමාරුවක් ආවා...ඉන් පසු වුන දේ තමයි..එක පාරටම අයට හැම දේකම  නම අමතක වී ගියා...උදාහරණයක් ලෙස කිව්වොත් පෑනක් ගැන කියමුකෝ..ඇයට පැන ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න හැකි වුනත්..පෑන් කියන නම මතකයට එන්නේ නැහැ..මගෙත් එක්ක ගිය ගමන්..ෂොපින් කරපුවා ඕන දෙයක් කිව්වත්..මගේ නම මතක නැහැ..එයාගේ පුංචි පැටවූ දෙන්නගේ නම් ..පවා අමතක වුනා...මේකට කියන්නේ nominal aphasia කියලා...මේකෙදි කතා කරන එකට මොකුත් බාධාවක් වෙන්නේ නැහැ...

අන්තිමට MRI කලාම තමයි දැනගත්තේ මොලයේ ගෙඩියක් කියලා..දින 3,4 ක් ඇතුලත ඔපරේෂන් කළා...බයොප්සියෙන් ආවා..එක කැන්සර් එකක් කියලා...නමුත්..අදාල ප්‍රතිකාර සියල්ලටම පසු ඇගේ මතකය  ආවා...කැන්සර් එකත් සුව කළා..මේක එක්තරා අන්දමකට ප්‍රාතිහාර්යයක් බඳු වුනා...

ඉතින් මෙහෙම වෙන අය ඉන්නවා..ටෙලි නාට්‍ය වල කියවෙන පිස්සු ඒවා වගේ නම් නෙවෙයි..අපිට හිතාගන්න බැරි වෙන විදියේ අසාමාන්‍ය දේවල් අපි අවට තියනවා..වෙනවා...

ඔයාල දන්න මෙහෙම ගැටළුවක් තියන ඕනෑම කෙනෙක් ව පෙන්වන්න...හොඳම කෙනා...මම දන්නා විදියට ....වෛද්‍ය සුනිල් පෙරේරා මහතා..ඔහු තමයි මගේ මිතුරියව සුව කල..මහා වෙදදුරිඳු...



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
  06.08.2013 අඟහරුවාදා



මට මල් වවන්න හිතුනා..මටත් ඉතින් කාලෙන් කාලෙට නා නා ප්‍රකාර දේවල් ඔලුවට එනවා..
පෝච්චි 4 ක්  5ක් ගෙනල්ලා ..ඔන්න වැඩේට බැස්සා...
පෝර ගතිය අඩු නිසා...මගේ මහත්තයට කිව්වා අනේ මට කොහු බත් ටිකක් එවන්නකො කියලා..කෝල් එකක් දීලා...( එයාලගේ ෆැක්ටරියේ කොහුබත් වලින් ඔන්න ඔය මොනවද growing media එකක් හදනවා නේ රට යවන්න..)
හරි..හරි..අද හවසට එවන්නම් කිව්වා...
හවස මෙන්න එනවා..ත්‍රී වීල් එකක් ...කොහු බත් ගෝනි 5යි...මල් පෝච්චි 5 ට...
ඉතින් බලමුකෝ තියන සහයෝගය......කමක් නෑ...මොනවා වුනත් වැඩේට මුලිකවම ලැබුන සපෝට් එක අගයන්න ඕනා නේද..?
මම දැන් කොහු බත් ටික මිදුලේ ගොඩ ගහගෙන..මල් වවන්න ට්‍රයි...


මල් වැවුනාම පොටෝ දාන්නම් කෝ හොඳේ...
මල් වැවීම..මාළු ඇති කිරීම මිනිස්සුන්ගේ මනසට හරිම හොඳයි ලු නේ...
මගේ නෑනා කියනවා...අක්කා මල් වවනවා කියන්නේ...අක්ක හරිම රිලැක්ස් එකේ ඉන්නවා කියන එක වෙන වචනයකින් කියනවා වගේ කියලා..

ඔය හොස්පිටල් වල එහෙම මාළු ටැංකි තියන්නත් හේතුව මේ දේමයි...


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


  07.08.2013 බදාදා


මගේ ලොකු මල්ලි අවුරුද්දකට රට ගියා...හසරැල් ගෙයි මගෙයි අතරට ඉන්න අපේ අනිත් එකම සහෝදරයා...
මට ඉතින් ඉන්නේ කොයි එකටත් ඔය දෙන්නා තමයි...
දෙයියනේ කියලා viber  සහ skype වලට පින්සිද්ද වෙන්න....කොයි වෙලාවෙත් කතාකරන්න නම් පුළුවන්..

සහෝදර සහෝදරියන් අතර තියන බැඳීම් ගැන කතා කරන්න ගියොත් වෙනම පෝස්ටු ලියන්න වෙනවා...මොනවා වුනත්..මගේ මල්ලිලා දෙන්නා මට සලකන්නේ අම්මා කෙනෙකුට වගේ...මටත් තවම ඒ දෙන්නා..මගේ පොඩි වුන් දෙන්නම තමයි...( හැබැයි..දෙන්නාව දැකලා තියන අය ..මේකට හිනා වෙයි..මොකද පොඩි වුන් කියපු නිසා...)

රෝහලේ ගත කරන කාලයේදී මා දුටු තවත් හැගීම් බර දෙයක් තමයි..තද බල ලෙස ආබාධිත ව සිටින තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය ළඟ ඉන්න අයගේ කැපවීම..ඒ සමහර අය ගේ ආදරය ඇසට කඳුලක් ගෙනෙන තරම්...

ජීවිතේ අපි හම්බ කරන්නේ මොනවද..?
මෙන්න මේ වගේ මානුෂික බැඳීම් තමයි..වඩා වටින්නේ...



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



  08.08.2013 බ්‍රහස්පතින්දා


අපේ ගෙදර ඉන්න එක සාමාජිකයෙක් නිසා...මේ දවස් වල අර්බුද ගොඩයි..
ළමයි දෙන්නට ඉස්කෝලේ නිවාඩු වුනාම එයා හිතන්නේ ..මුළු දවසම ළමයි දෙන්නා එයා එක්ක ඉන්න ඕන කියලා..
ඒ තමයි අපේ ජෙෆ්...බලු සුරතලා..
පොඩ්ඩාගේ ශිෂ්‍යත්වයට පාඩම් කරන එක තරම් මේකාට පෙන්නන්න බැරි දෙයක් තවත් නැහැ...සමහර වෙලාවට ඇවිත් පාඩම් කරන පොත උඩට අත තියලා වහගන්නවා...නැත්නම් පාඩම නවත් වනකල්ම බුරනවා...
අවධානය තරම් වටිනා දෙයක් එයාට තවත් නැහැ..
අපේ මහත්තයා නම් කියන්නේ ..බල්ලට පොඩි කාලේ ඉඳන් බල්ලෙකුට වගේ සැලකුවේ නැතුව හිටිය නිසාලු ..බල්ලා තවම තමන් කවුද කියන එක තේරුම් අරන් නැත්තේ...
ඇත්ත..මෙයා ඇත්තටම හිතන් ඉන්නේ එයා අපේ පවුලේ ලොකුම..ප්‍රධානම සාමාජිකයා කියලා...

සුරතල් සතෙක් ඇති කරන එක කෙනෙක්ගේ මනසට කොයි තරම් වටිනවද කියලා මම අත්දැකීමෙන්ම දන්නවා..සමහර වෙලාවට ඒ සතා සතෙක් නෙවෙයි..මනුස්සයෙකුට වඩා...බුද්ධිමත්...කෙනෙක් ගේ හැගීම් පවා තේරුම් ගන්න සතෙකුට හොඳට පුළුවන්...


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


 09.08.2013 සිකුරාදා




අද නිවාඩුවක් ලැබුණා...මුස්ලිම් අයගේ රාමසාන් නිසා...
ඔන්න ඉතින් දවසෙම ගෙදර....ගෙදර කියන්නේ ..වැඩ අධික දවසක්..
උදේ ගියා ලොකු පුතාට පන්තියක් හොයාගන්න කියලා...
පන්ති පවත්වන තැන..සම්මන්ත්‍රණයක්...
සම්මන්ත්‍රණය පවත්වන ගුරුතුමා..පසු ගිය කාලේ O/L පේපර් එකක් පිටට දුන්න කියලා මහා ආන්දෝලනයක් ඇති කල ගුරුවරයෙක්...
ඇත්තටම..ඒ දේවල් ඔප්පු වුනාද.....මම ඒ ගැන දන්නේ නැහැ..නමුත්..පත්තර වල ගිය කරුණු අනුව නම්...ඔහු ඒ වරද කළා කියලයි කරුණු කියවුනේ...එහෙම නම් ඒ වගේ කෙනෙකුට නැවත පන්ති කරන්න අවසර දෙනවද ..?

නොදන්නා නිසයි ඇත්තටම අහන්නේ...

මේ වගේ සිද්ධි කොයි තරම් වෙනවද..?

එතකොට මිනිස්සු වැරදි කලාට කමක් නැති වෙනවනේ...ටික කලකින් ඒ දේම නැවත කරන්න ඉඩ ලැබෙනවා නේ...



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඉතින් මේ සතියත් ඉවර වුනා....මම ලබන සතියේදී හමුවෙන්නම්...
සුබ සති අන්තයක් ඔයාලට....



44 comments:

  1. මානසික රෝග ගැන අපේ දැනීම බොහොම පහත මට්ටමක තියෙන්නෙ.. අපේ සමාජ ආකල්පත් එක්ක ඒක තවත් සංකීර්ණ වෙලා..

    මටත් කාලෙන් කාලෙට ඔය වගේ එක එක පිස්සු හැදෙනව... මගෙම හොඳට ඒවා ටික කාලෙකින් හොඳ වෙනවා... හි හි

    අ‌පේ බලු රාළත් ඔ‌හොම තමයි... අපේ අම්මගෙ පොඩි පුතා.. මං නැති හින්දා දැන් කාලා කාලා අලියා වෙලා.. මං ගෙදර යන දවසට අම්මයි තාත්තයි කඩේදි හම්බුනත් ගෙදරටත් ගිහින්ම එන්නෙ බුලට්ව බලලා එන්න.. ආයිත් ඉතිං ඒ ඇඳන් ගිය ඇඳුම වෙන කොහෙවත් අඳින්න බෑ.. ගෙවල් පැත්තෙ කට්ටියත් දන්නවා මං හැමදාම පරණ සූට් එකක් ඇඳගෙන ගෙදර එන්නෙ මොකද කියලා... අරයගෙ පිළිගැනීමට අහු උනාට පස්සෙ නාන්නම ඕනෙ.. හි හි...

    අපේ මහත්තයට බල්ලො දැක්කම මතක් වෙන්න ගලකින් ගහන්න විතරයි... ඒක නිසා මට නං ජීවිතේට බල්ලෙක් හදන්න වෙන්නෙ නෑ.. එයා බල්ලන්ට කැමති නෑ.. හැබැයි ඒක අපේ බලුස්ටත් තේරෙනව... වෙන ඕනෙ කෙනෙක්ගේ ඇඟට පැනලා නටන අපේ බල්ලා, අපේ මහත්තයව සත පහකට ගනං ගන්නෑ... මං නං කියන්නෙ හොඳ වැඩේ උන්දැට.. හි හි

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි හිරු..අපේ මහත්තයත් බල්ලට ඇලජික්..

      Delete
  2. අර ටියුෂන් සර්ගේ කතාව නං ඇත්ත! දැන් ආයෙමත් ටියුෂන් කරනවා කියලා ආරංචි යි. ළමයින් ව ඕවට යනව දෙමව්පියෝ තමයි වැරදි. හෙවිල්ලක් බැලිල්ලක් නැතු ව ඔහේ යවනවා. අනේ මන්දා! මමත් ආස යි සුරතල් සතෙක් ඇති කරන්න ඒත් අපේ ගෙදර ඉඩ මදි. හ්ම්ම්, පුංචි ඉඩක සතෙක්ට වුණත් නිදහසක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත ධාරා...සතෙක් වුනත් හැදෙන්න ඕන නිදහසේ තමයි..අපේ වත්තේ නම් ටිකක් ඉඩ තියනවා..ඇති තරම් ළමයි දෙන්න එක්ක එයාට නටන්න..

      Delete
  3. හපොයි අනිවාරයෙන් ඒ පන්තියට යවන්න. ඒ කාළේ පේපර් උස්සපු උපුල් ශාන්ත සන්නස්ගල අද මහා සිවිල් පොරක්. හොරුන්ට මංකොල්ලකාරයන්ට මේ තරම් රටක් තවත් කොයි ළෝකෙද තියෙන්නේ. කොල්ලා ගොඩ...

    මගේ බ්ලොග් එකේ "මාතලන්: කියන එකට යටින් තියෙන එක පොඩ්ඩක් කියවනවද නෝනේ....

    අර සහෝදර කතාවට නම් ඇස් වල තෙත ගතිය වැඩි උනා. ඒකත් රෝගයක්ද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ පේපර් උස්සපු උපුල් ශාන්ත සන්නස්ගල//

      ඒ කතාව බොරුවක්... ඔය කේස් එක වෙච්ච අවුරුද්දෙ තමයි මං ඒ ලෙවල් කළේ.. අපි මාස ගාණක් ප්‍රශ්න පත්තර 150කට වැඩි ගානක් ක්ලාස් එකේදි කරලා, කවි 108ක් පණ යනකම් පාඩම් කරලා මහන්සි වෙලා ගත්ත ඒ එක බාල්දු කරපු එකයි ඒකෙන් උනේ..

      ඔය දුන්නයි කියන පේපර් එක මටත් හම්බුනා.. ඒක දුන්නෙ 2003 අප්‍රේල් 4 වෙනිදා.. ( මට මතක විදියට) ක්ලාස් එක ඉවර වෙලා අපි ක්ලාස් එකෙන් එළියට බහිද්දි තමයි පේපර් එක දුන්නෙ.. එදා තමයි අපේ පන්තියේ අන්තිම දවස... මම නම් බැලුවෙවත් නෑ ඒ වෙලාවෙ.. විබාගෙන් පස්සෙ ළමයි කතාවෙනවා ඇහිලා තමයි ගෙදර ගිහින් පේපර් එක බැලුවේ... හැබැයි ඒකෙ තිබ්බෙ විබාගෙට ආපු ප්‍රශ්න දෙකයි... ඒක මමත් අනුමාන කරගෙන හිටපු ප්‍රශ්න දෙකක්.. සැළලිහිණියෙ කවි දෙකක් සහ විචාරයට ආපු එක ප්‍රශ්නයක්... අවුරුදු ගානක් තිස්සෙ ආපු පාස් පේපර්ස් කරලා කරලා අපිත් දැනගෙන හිටියේ ඔය ප්‍රශ්න දෙක අනිවා එනවා කියලා.. මොකද හැම අවුරුද්දකම ප්‍රශ්න ටික ඇවිල්ලා තිබ්බෙ එකම සිස්ටම් එකකට... ඔය පේපර් පැන්නුව කතාව ආවේ එකම ප්‍රශ්නයක් හින්දා විතරයි... ඒ සැළලිහිණියෙ කවි දෙක හින්දා.. පේපර් එකේ විචරෙට ආවේ විචාරයට ලේසිම කවි දෙක.. එච්චරයි කතාව...

      Delete
    2. ඔයා සර් ආරක්ෂා කරන එක සාධාරණයි. නමුත් පුවත් පත් වල ඇත්ත කතාව මාස 3-4 ක් දිගටම ගියා. අන්තීමෙදි සල්ලි දීලා යට ගැහුවා..

      Delete
    3. සර් ආරක්ෂා කළේ නෑ... මම කිව්වේ ඇත්තටම වෙච්ච සිද්ධිය.. පත්තර වලට ඒ දවස්වල සන්නස්ගල කියන්නේ උණු කැවුම් මාතාකාවක්.. ඒකයි එහෙම උනේ.. ඔය සිද්ධියෙන් එයාගේ පන්තිවල ළමයි හැටියට අපිට කොච්චර බලපෑමක් උනාද කියන එක කවුරුවත් තේරුම් ගත්තෙ නෑ...

      එහෙම නං ඒ පේපර් එක එදාම කලින් දෙන්න තිබ්බා... පන්තිය හවස 4 ඉඳලා තිබ්බෙ.. ක්ලාස් පාටිය පටං ගන්න කලින් සර්ට ඕක දෙන්න තිබ්බා... විශේෂයෙන් මොනාවත් නොකියා හරි... එත‌කොට පෙරළලා හරි බලනවා ළමයි ටික.. මේක එහෙම දෙයක් නෙවෙයි.. හවස 7 ට විතර ක්ලාස් ඉවර වෙලා පිස්සු නටල නටලා , එළියට යද්දි නිකම් අනුමාන ප්‍රශ්න පත්‍රයක් විදියට දුන්නෙ..

      මට තරහා සර් ප්‍රශ්න පත්‍ර හොරකම් කළා කියන එක නෙවෙයි.. ඒක ගැන කතා කරන එක එයාගේ වැඩක්.. ඒත් අපි පුදුම දුකක් විඳලා ගත්ත ඒ එක බාල්දු කරපු එකටයි මට තරහා... අපි ක්ලාස් එකේ කරපු වැඩ තොගේ හැටියට පන්තියෙන් 80%ක්ම ඒ ගත්ත එක පුදුමයක් නෙවෙයි.. මං ගාව තාමත් ඇති රිවිෂන් එකේ කරපු ප්‍රශ්න පත්තර මිටිය.... හැබැයි ඒක තමයි ඒ දවස්වල පත්තරවල ලොකුවට දාගෙන හිටියේ .. ඒක තමයි ප්‍රධාන සැකයට කාරණාව උනේ... ඒක් ඒ රිසල්ට් එක ගන්න අපේ පන්තියෙ ළමයින්ට පේපර් එක කලින් ඕනෙ උනේ නෑ... ඒක තමයි ඉතිං ඇත්ත කතන්දරේ පත්තර වල මොනා ගියත්...

      Delete
    4. >> තොගේ හැටියට පන්තියෙන් 80%ක්ම <<
      තොගේ කියල කිව්වෙ මාතලන්ටද?:):)

      Delete
    5. @ මාතලන්...සහෝදර කමට ඇස්දෙක තෙත් වෙන්නේ..වතුරට වඩා ලේ උකු නිසා...

      ඔයාගේ අර ...හොරෙක්..මංකොල්ලකරුවෙක්...ඒ වාක්කිය මම දැක්කා..මම හිතන්නේ ඔයා දේශප්‍රේමියෙක්..

      Delete
    6. @ කෙන්ජි....

      හිරුයි මාතලනුයි..සංවාදයක් ද රණ්ඩුවක් ද මන්දා..මොකෝ කරන්නේ...වතුර ගහලා නිවමුද..තව ටිකක් අවුලමුද..?

      Delete
    7. @B & w ,
      වතුර ගහනව මිසක්ක.
      මලයන්ඩිය ට බර වැඩද මේ දවස්වල?
      රැල්ල දැක්කෙ නැහැ ටික දවසකින්.

      Delete
    8. අනේ මන්ද...දන්නා තරමින් කරන වැඩක් නම් නැහැ..ලියන්නෙත් නැහැ..ඔය කොල්ලා හරිම කම්මැලියා Kenji

      Delete
  4. අනිත් සුනිල් පෙරේරට පෙන්නුවොත් මොකද ( විහිලු ඈ )
    මාලු ඈතිකිරිම ඈත්තටම මම හරිම ආසයි ටෑන්කිය දිහා ඔනතරම් වෙලා බලගෙන ඉන්න පුලුවන්
    සහොදරකම එක දිව්‍ය ලොකෙන් ආපු දෙයක්
    බල්ලෙක් හදනව නම් හරියට හදන්න ඔන නිකම් අවට ගියාට කරනෑක පවක්
    සර්ගෙ සීන් එකනම් මොකක්ද ඔය මිනිමරන දුෂන කරන උන්ට රට බරදෙන මිනිස්සු ඉන්න රටෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත් මල්ලි...කොමෙන්ටු 5යි...

      Delete
  5. සහෝදර සහෝදරියන් නම් ගොඩාක් වටිනවා, මමත් හැබැයි හිරුගේ මහත්තයා වගේ තමයි... බල්ලෝ නම් අරහං.. මල්වවන්නත් කම්මැලියි...

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ මල් වවලා...ෆොටෝ දාන්න...එතකොට ආස හිතෙයි..

      Delete
  6. බ්ලැක්&වයිට්....සහෝදර,සහෝදරියෝ කියන්නේ ඇඟේ දුවන ලේ නහර

    ReplyDelete
    Replies
    1. ඔව්..aru....ඒ බැඳීම නම් කියලා වැඩක් නැහැ...ජීවිතේටම වටිනවා..

      Delete
    2. Aru..ඔයා මට එව්ව කොමෙන්ටුවට ස්තුතියි...මමත් තව කීපයක දැක්කා...

      Delete
  7. 1 වැනි දවසේ මේ සතිය පටන්ගත්ත හැටි ගැන මටත් තියෙනව අප්පා ලොකු වේදනාවයක්. හ්ම් .. කොල්ලට පන්තියක් නං හොයාගන්නම ඕන නේ බං.. ඇයි මලය නොදනීද තැන්

    ReplyDelete
    Replies
    1. මලයා ඉන්නේ මාතර නේ..මීගමුවේ ඉන්න මගේ කොල්ලට මාතර පන්ති හොයලා වැඩක් නැහැ නේ...

      Delete
  8. අනුන්ගේ දිනපොත් කියවන එක වැරදි වැඩක් කියලා කිව්වට ඔයාගේ දිනපොත කියවන්න හරිම ආසයි, සහෝදරකම් වල ඝනකම් ගැන කවුරුවත් නොදැන ඉන්න බෑ, ලෝකයේ සංවේදීම හා ප්‍රභලම බැඳීම

    ReplyDelete
    Replies
    1. කියවන්න දිගටම..මාත් ලියනවා...මේක අපි ඔක්කොගෙම දිනපොත..

      ඉවාන්..මේ පෝස්ටු කොමෙන්ටු ගොඩේ අද අලුත් එක්කෙනක් කොමෙන්ටුවක් දාලා..chami foyu කියලා..ඇනෝ කෙනෙක් වෙන්න ඇති...මට ටිකක් තර්ජනය කරලා..මම එක ඩිලීට් කළා..භාෂාව කැත නිසා...

      එතකොට නම් ලිවිල්ල එපා වෙනවා මල්ලි..

      Delete
  9. මගේ පුතා හරි ආසයි බල්ලන්ට.බලු පැටියෙක් ගෙදර අරගෙන එමු කියනව.
    නැන්දම්ම කැමති නැහැ බල්ලො ගෙදර ගේනවට.
    මොකද මන්ද?
    එයාගේ එකම දරුව ගත්ත එකා ඒ සත්තු ජාතියෙ එකෙක් කියල හිතනවද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හිතනව ඇත්තේ කෙන්ජි මාමේ

      Delete
    2. @ කෙන්ජි...

      සමහර මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කෙන්ජි...මුල මතකයි..කලගුනත් මතකයි..

      Delete
  10. appe apita dairy ekak liyanna be ne. gadara ayata oka ahuunoth nondi dala maranawa. ita hapan yaluwonta ahu unoth un dannawa mathath wadiya room eka thiyana ewa

    maind eka relax wenna malu tank eka maru.hithata parshnayak awahama wisada ganna NEWTON CARDLE (ball balance) eka maru ekak aragena balanna .

    ReplyDelete
    Replies
    1. ball balance අපි වගේ වයසක උන්දලාටත් කරන්න පුලුවන්ද බොරලුගොඩ මහත්තයෝ..

      Delete
    2. අවංකවමයි අහන්නේ..ඒ ගේම් එක මම දන්නේ නැහැ නේ...හැබැයි addict වෙන එකක් නම් එපෝ

      Delete
  11. m.youtube.com/watch?v=fWSgm5aMsbU&desktop_uri=%2Fwatch%3Fv%3DfWSgm5aMsbU

    onna balanna oka ona kenekuta maru oyalata nam godak hodai wada karan table eka udin thiya ganna

    ReplyDelete
    Replies
    1. api wada karanne leddu ekka ne...mese weda naha..e wunaata gedara mese udata hari ekak ganna balanna ona..thank u boralu...

      Delete
  12. ඕනෙ මගුලක් කියලා අපිත් මාලු ටැංකියක් හැදුවා ගිය සතියේ. තාම ගෝල්ඩ්‍ෆිෂ්ලා දෙන්නෙක් විතරයි ඉන්නේ. උන් දෙන්නට මන් දෙකකුත් දාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් මාළු ටැංකි නම් කීපයක්ම තියනවා..අයියෝ අස් කරන්න අය තමයි නැත්තේ..එක මම කරන්න ඕන..ඒක තමයි එපාම වෙන්නේ..

      මාළුන්ට දෙකක් දාලා තියනවා කිව්වේ Dude...මොනවද..? නම් ද..?

      Delete
    2. නම් දෙකක් ද හෙන්රිය?

      Delete
    3. Sorry. 'නම්' දෙකක්. ජොනතන් සහ ජොස‍ෆින්. :D

      Delete
  13. මල් වැවීමට මං මහත්තයත් ආසයි. ඒත් වතුර දාන්න ගියාම තමයි අවුල. මේ දවස් වල ගිනි රස්නෙයි..
    මහත්තය හිතුවද දන්නෙ නෑ මල් වවල බිස්නස් එකක් වත් පටන් ගන්න හදනව කියල. :D

    ReplyDelete
    Replies
    1. මං තුමී බිස්නස් මයින්ඩ් එකක් ඇත්තියෙක් නොවන බව මහත්තයා දනී..ඔලුව රිලැක්ස් කාලෙට මම ඔහොම වැඩ කරන බව සියල්ලෝම දනිති..

      වතුර දැමිල්ල තමයි චන්දන මටත් තියන ප්‍රශ්නේ..මේ දවස් වල ගිනි අවුවට ගස් මැරෙනවා...අර අන්දරේ පොල් පැළ හිටෙව්වා වගේ..තමයි පැළ ටික බේර ගන්න වෙන්නේ..

      Delete
  14. තමුන් ලියපු එක්ට යටින් තමුන්ම ++++++++ දාගන්න ඔට්‍ටු නෑ. හරිද

    ReplyDelete
    Replies
    1. අයිඅයියෝ..නෑ..නෑ..ඒ අලංකෘත කිරීම සඳහා මා විසින් යොදන ලද්දාවූ කැටයමකි...

      ඔයාලා හැර මේ ලියන ඒවාට +++++ දෙන්න වෙන අය නෑ..සරත් අයියා..

      Delete
  15. මට අනුවනම් මල් වවන එක කාලෙ කන වැඩක්...

    සතාට උනත් තේරෙනවා ශිෂ්‍යත්වෙ කියන්නෙ මොන තරම් බොරුවක්ද කියලා.. ඒකයි ඒ..

    දැන් ලංකාවෙ පේපර් පිට වෙන එක, විභාග වැරදි කරණ එක විලාසිතාවක් වෙලා.. කිසිම දෙයක් හරියට කර ගන්න බැරි ඇයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මලක් දැක්කාම හිතටත් පොඩි සන්තෝසයක් එනවා නේ සෙන්නා...
      ඔයා දන්නේ නෑ..මේ මීගමුවට කිට්ටුව දැන් මල් පැළ තවාන් තියන තරම්..නෝනලා..සැප කාර් වලින් ඇවිත්..මල් පැළ ගෙනි යන තරම්...

      Delete
  16. අපි නම් ඇන්ටිල අංකල්ල වවපු මල් ගස්වල මල් කඩන්න තමයි ආස ;)

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර නම් එහෙම කඩන්න මල් නැහැ පුතේ..මට ඉන්නේ කොල්ලොම දෙන්නෙක්..දුවලා නැත...

      ග්ර්ර්..මට ඇන්ටි කිව්වා එහෙනම් ආ...?

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න