Saturday, August 3, 2013

52.මගේ දිනපොතෙන් තවත් සතියක්...

ළමයි..ඔයාලා කොහොම හරි මම මේ දිනපොත ලිවිල්ලට පුරුදු කළා එහෙනම්...නේද..?
මොනවා වුනත්..diary එකේ ලියනවට වඩා හරි සතුටක් දැනෙනවා මේ ලිවිල්ලෙන්..
මේ සතියත්.....කියවලා බලමුකෝ..කොමෙන්ටුත් දාන්න හොඳේ...

කරුණාකර මේ දිනපොත් පිටු ගිය සතියට අදාළ බව සලකන්න...

---------------------------------------------------------------------------------------------------------

22.07.2013 සඳුදා


මෙන්න අප්පේ සඳුදා වුනා...අහ්හ්..එත් මොකද අද පෝය නේ...
පෝය වුනත් .අද යන්න තිබුනා..මගුල් ගෙදරක...
පොඩ්ඩා කෑ ගහනවා..පෝය දවසේ මොන මගුල් ද කියලා..මම මොනවා කරන්නද ..ඒක බඳින අයගේ වැඩක් නේ..
මගුල් ගෙදරක ගියත් ඉතින් මම නම් ගෙදර අයට දෙවේලම උයලා..බීම හදලා..තේ හදලා..සේරම පහසුකම් සපයලා තමයි යන්නේ..
ඒ වෙලාවට හිතෙනවා ගෙදර හිටියා නම් හොඳයි කියලා..
මගුල් ගෙදර තිබුනේ කුරුණෑගල...ඒ යන පාරේ තමයි බඩගමුව රක්ෂිතය තියෙන්නේ..ඇත්තටම ලංකාවේ මේ වගේ සුන්දර පරිසරයන් කොයි තරම් තියද..ඇහැට ප්‍රිය කොළ පාට ගස් වැල්..ගොන්නක්..
බස් එක නවත්තගන්න උත්සහ කලේ ඒ මැද්දේ තියන කඩවල් වල උණු උණුවේ හැදෙන පොල් රොටි , ඉරිඟු එහෙම දැකලා..ම්හු...වැඩක් වුනේ නැහැ නේ...රියදුරු මහතා අපේ බලවත් ඉල්ලේම නොසලකා ධාවනය කළා....

----------------------------------------------------------------------------------------------------------

23.07.2013 අඟහරුවාදා


තවත් දවසක්..
වැඩට ගිහින් ගෙදර ආවම තමයි බ්ලොග් එක පොඩ්ඩක් ටයිප් කරන්නේ...
ඉතින් දහසකුත් එකක් වැඩ අස්සේ..එක දිගට ටයිප් කරන්නත් අමාරුයි..
කොහොම හරි මේ සතිය ඉවර වෙද්දී ...අංශභාගය ..ගැන ලිපියක් දාන්න මම අදහස් කරන් ඉන්නවා...( මේ වන විට එය පලවී ඇත...)
සාමාන්‍ය දිනපොත හරි..හැගීම් ගැන කියවෙන පෝස්ටුවක් හරි දානවට වඩා...මේ වගේ දැනුමට දෙයක් ලියද්දි...ටිකක් පරෙස්සමින් හරි අදහස එන විදියට ලියන්න ඕන...
මොකද..අර අපේ දමිත් මල්ලි ම දවසක් කියල තිබුන...සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය හිතන්නේ එයාලගේ වචන මාලාව හැමෝම දන්නවා කියල...කියලා...
සාමාන්‍ය හැමදෙනාටම පොදු භාෂා විලාසයකින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ලියන්න 100%ක්ම අමාරුයි...එත් මම හැකි තරම් උත්සහ කරනවා එයට..
ඒ වගේම තව පෝස්ටු කීපයකට මුල පිරුවා...
සුෂුම්නා ආබාධ ගැන.....වැරදි ඉරියවු නිසා ඇති වන ගැටළු ගැන...මේ සේරම..ටික ටික ලියලා...ඉවර වෙන එකින් එක පබ්ලිෂ් කරනවා....



---------------------------------------------------------------------------------------------------------------

24.07.2013  බදාදා




මේ දිනවල කෝච්චියේ කතාවෙන..එක සිද්ධියක් ගැන ලියන්න හිතුනා...
කඳානේ ගෙදරක තාප්පේ ජේසුස් වහන්සේ ගේ මුහුණ ප්‍රදර්ශනය වීමක් ගැන ගොඩක් දෙනෙක් කතාවෙනවා...
මට මේ ගැන අදහසක් නැහැ....මොකද විශ්වාසය සහ ආගමික බැඳීම් නිසා...මේ වගේ දේවල් වෙන එක අද ඊයේ ඉඳන් නෙවෙයි තිබුනේ..

මට හොඳට මතකයි..අපි ඉස්කෝලේ යන කාලේ...මිල්ලෑව පන්සලේ..බෝ රුක් ආශ්‍රිතව දුටුවා කියූ රුප..ඊට ආසන්නම අදහසක් දෙන රූප වගයක් මාතරත් ඔය කීප තැනකම තිබුණා කියලා ඒ කාලේ සෙනග බලන්න ගියා...අන්තිමට මොකද වුනේ..ගමේ පරිසරය එන අය විනාශ කරනවා කියලා..කේන්ති ගියපු ගමේ ජනතාව...තණකොළ මිටි..පිදුරු මිටි පාර දිගට එල්ලලා තියන්න ගත්තා...

නමුත්..ආගම් හා බැඳුණු විශ්වාසයන් වල ඉතිහාසය බොහෝ දුරයි..අදටත්..අපි පන්සලකට පල්ලියකට දේවාලයකට යන්නේ...නොපෙනෙන නමුත්..හිතට දැනෙන බලවේගයක පිහිට සොයන්..නේද..?
ඒක විද්‍යාවෙන් විග්‍රහ කරන්න නොයන තරමට හොඳයි...


----------------------------------------------------------------------------------------------------------------

25.07.2013  බ්‍රහස්පතින්දා




මට වෙලාවකට හිතෙනවා..දැන් දවසට තියන පැය 24 කෙටි ඒවාද කියල..ඇයි දෙයියනේ..මේ හැරිලා මේ බලද්දී දවස ඉවරයි...( ගිය සතියේ dude නිවාඩු මාස සහ වැඩ කරන මාස වල හරිම දින ගණන් ටික කිව්වා..)
මේ මාසෙත් ඉවර වෙන්න එනවා...දවසින් දවස වයසටත් යනවා...

ඊයේ....අලුත් ලෙඩෙක් ආවා..විදුලි කාන්දුවක්..රැකියාව කරද්දී..එයාගේ වෘත්තීය කටවුට් ගැසීම..මේ ගහන වෙලාවක ඒ බෝඩ් එකට විදුලි කාන්දුවක් වෙලා..ඒ මදිවට බිමටත් වැටිලා.බිමට කියන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩට....ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ දෙයක් නේ එතකොට...දැන් ඉතින් මොළයට හානි වෙලා..

මම කියන්න යන්නේ ඒ රෝගියා ගැන කියද්දී හිතට ආව දෙයක්..මේ head injury වෙන ලෙඩ්ඩු ගත්තම..සාමාන්‍යයෙන් පොදුවේ දකින්නට ඇති දේ තමයි...ඔවුන්ගේ මතකය බොහෝ දුරට නැති වීම..ඒ වගේම..වාග් මාලාව නම්...අහන් ඉන්න බැරි තරමට ...

මෙයට හේතුව විදියට මට නම් කියන්න පුළුවන්...හැම මනුස්සයෙක්ගේම ..සදාචාරය කියන කඩතුරාවෙන් වැහිලා ඉන්න සතාට ඒ කවරය  තාවකාලිකව හෝ නැති වුනාම..අර නොදියුණු සත්වයා මතු වීමයි..මොකද..බහුතරයකගේ..කියවන එකම දේ නරකම වචන ටිකක් විතරයි..ඒකත් ඉතින්..එකම දෙයක් ගැන...

මේ දේවල් ඉවසගෙන නෑහුනා වගේ ප්‍රතිකාර කරන් යන එක තමයි අපි නම් කරන්නේ...ඒත්..ඒ වගේ වෙලාවට ළඟ ඉන්න ගෙදර අය එහෙම නම් අපහසුතාවයට පත් වෙනවා..නමුත් එම තත්වය නම් සුව වෙනවාත් සමග ටික ටික හරි යනවා...

--------------------------------------------------------------------------------------------------------------


26.07.2013  සිකුරාදා




මේ සතියේ වැඩ කලේ දවස් 4යි ..මම කිව්වේ රාජකාරී...නැත්නම් ඉතින් අපි හැමදාම වැඩ නේ..ගෙදර වැඩ...කවදාවත්ම ඉවරයක් දකින්න බැහැ...
බ්ලොග් එක ලියන එක තමයි මගේ දැන් හොදම විනෝදාංශය...
පහු ගිය කාලේ නම් ෆේස්බුක් එකේ ඔය ඉඳ හිට දවස ගත කළා..අපි ඉතින් ඔය කවුරුන් හෝ ෂෙයාර් කරන දෙයක් බලලා...හිනාවෙන අය නේ...
ඒ වුනාට මම දැක්කා ..කියමනක්..."  හැම සාර්ථක මිනිසෙකු පිටුපසම...deactivate කල ෆේස්බුක් account එකක් ඇත.." කියලා....
අනේ මන්ද....ඇත්තද මේක....?  වැඩේ තියෙන්නේ මේක තිබුනෙත් ෆේස්බුක් එකේමනේ...

මම ඉතින් ෆේස්බුක් ගියාට ..ඔය බල්ලෙක්ගෙ..මලක... එහෙම පින්තුරයක් දැක්කම ෂෙයාර් කරලා...ලයික් එකක් දාලා..එනවා විතරයි...
ඒත්..අපේ මිනිස්සු ඉන්නවා නේද....අහන්නේ..අනේ ඔයා කොයි වෙලාවේ බැලුවත් ෆේස්බුක් ...නේද..කියලා...බැලින්නම් වෙලා තියෙන්නේ..මම ෆෝන් එකෙන් ඔන්ලයින් වැටෙද්දී...මේ ෆේස්බුක් එකෙත් මම ඉන්නවා වගේ පේන එක.......

මේ අහන අය දන්නේ නැහැ..එක ඇඟිල්ලක් අනුන්ට දික් කරද්දී...තමන් පැත්තට ඇඟිලි කීයක් හැරිලා තියද කියලා...( ඇයි ඉතින් මම ෆේස්බුක් ඉන්නවා කියල දකින්නේ තමනුත් එකේම ඉන්න නිසා නේ...හ්හිහි....)



----------------------------------------------------------------------------------------------------------------


සුබ සති අන්තයක් වේවා.....!


38 comments:

  1. //"මගුල් ගෙදරක ගියත් ඉතින් මම නම් ගෙදර අයට දෙවේලම උයලා..බීම හදලා..තේ හදලා..සේරම පහසුකම් සපයලා තමයි යන්නේ."// ඒ වුනාට දැන් ගොඩක් අය නම් ගෙදර ඉන්න හැත්තෑ බුරුත්තම අරං ගිහින් මගුල් ගෙදරින් රෑටත් කාලා තමයි එන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ මගුල කිව්වේ staff member only..ඊටත්..අපේ ගෙදර අය ඔය වගේ ගමන් වලට හරිම අකමැතියි..
      දැන් trend එක නම්..ඔයා කියපු විදිය තමයි නේද..?

      Delete
  2. මාත් ෆෝන් එකේ ඉන්ටර්නෙට් කොයි වෙලාවෙත් ඔන් කරලා තියනවා. මොකද ස්කයිපි වලින් තමා මන් මෙහේ ඉදන් අම්මලාට කතා කරන්නේ.හැබැයි මම බුකියේ හැමතිස්සෙම ඔන්ලයින් පේනෙනවා. ඉතින් හැමෝම හිතන්නේ මම දවසම බුකියේ රින්ගගෙන ඉන්නවා කියලා :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ශානු ප්‍රශ්නේ...මාත් මගේ ලොකු මල්ලි කතාකරන නිසා මේ දවස් වල ඔන්ලයින් ඉන්නේ...
      මොකද අප්පා කරන්නේ...මගේ ෆෝන් එකේ fb chat off කරගන්නත් මම දන්නේ නැහැ..

      Delete
    2. If it is an Android phone...
      1. Open the FB app
      2. Tap (Touch) Menu button of the Phone
      3. Tap " Settings" in the menu appeared
      4. Un-check the chat availability
      check box

      Delete
  3. බ්‍රහස්පතින්දයි සිකුරාදයි සටහන් දෙකට මං මාරම ලයික් ඈ. සදුදා සටහනේ පිංතුරේ දැක්කම නැතුවුණු පුස හොයන්න ගිය තාත්තගෙයි පොඩි එකාගෙයි කතාව මතක් වුණා. ඒ කතාව මතක් වෙලා මට තනියම හිනා.. එතකොට මගේ ළගම හිටිය පොඩි දුව අහනවා තාත්ත ඇයි තනියම හිනාවෙන්නේ කියලා.. ඉතිං මං කොහොමෙයි කට දිග පූසගෙ කතන්දරේ කෙල්ලට කියල දෙන්නේ... හයියෝ මටමයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින්..මටත් ආව ප්‍රශ්නේ ඒකම නේ ...ඒ කතාව කියන්න බැරිද අපටත්..මාත් දන්නේ නැහැ...

      Delete
    2. ඔන්න එහෙනං බොහෝම සභ්‍ය විදියට කියන්නං. හැබැයි ආරලු බූරලු දාල කියන කොට තමා රසවත්.

      ඔන්න දවසක් ගෙදර හිටිය පූස නැතිවෙලා තාත්තෙකුයි පොඩි එකෙකුයි පූසා හොය හොයා පාරේ යනවා. කොල්ලා හැම තැනම බල බල තමා යන්නේ. එහෙම යනකොට එක ගෙදරක සඳලු තලේක පුටුවක් උඩ වාඩිවෙලා කකුල් දෙක සඳලුතලේ වැට උඩට දාගෙන නෝන ‍කෙනෙක් සනීපෙට පත්තරයක් බලනවා.

      මේ නොන ළගින් පූසෙක් යනවා කොල්ලා දකිනවා. කොල්ල තාත්තට කියනවා අන්න තාත්තේ අර උඩ පූසෙක් වගේ එකෙක් ඉන්නවා කියලා.
      තාත්ත මේ දිහා බලනකොට එතන පූසෙක් නෑ. ඒත් වෙන පූසෙක් දකිනවා..

      කලබල වෙච්ච තාත්තා කියනවා නෑ පුතේ ඒ අපේ එකා නෙමේ. අපේ පූසගේ කට තියෙන්නේ හරහට නේ. අර පූසගේ කට තියෙන්නේ දිග් අතට කියලා..

      ඔන්න මට බනිනවා එහෙම නොවෙයි.(අර පිංතුරේ මේ කතාවට නියමෙට ගැලපෙනවා)

      Delete
  4. මෙ දින සටහන් වලට දාන පින්තූර ටික නම් මාරයි.. පලවෙනි පින්තූරෙ ඉන්නෙ මොකෙක්ද.. :D

    //සදාචාරය කියන කඩතුරාවෙන් වැහිලා ඉන්න සතාට ඒ කවරය තාවකාලිකව හෝ නැති වුනාම..අර නොදියුණු සත්වයා මතු වීමයි..//

    වස බීපු අය, බීල වැඩි වුනු අය හෙම ගෙනාපු වෙලාවල් එකක් දෙකක් මාත් දැකල තියනව.. ආයෙ කියන ඒවා කියන්නෙත් හෙමින් නෙවෙයි නෙ. (මං කලින් පෝස්ට් එකේදි අහපු දේකට උත්තරේ මගෙ කමෙන්ට් එකේම තියනව නේද.. ඉවසීම. එවෙලෙ මේක මතක් වුනේ නෑ මට)

    ReplyDelete
    Replies
    1. වස බීපු අය ගේ ඒ දේ වෙන්නේ අර බීපු දේවල් වල වේදනාවටත් එක්ක..head injury අයගේ කෙලින්ම මොලයේ සෛල විනාශය නිසා...

      ඔව්...ඉවසීම..අනිවාර්යයි...

      Delete
  5. බදාදා කියල තියෙන ඒවා එල . මට දොළුකන්ද මතක් උනා . හනේ අම්මේ කී දෙනෙක් ඔකේ කැසට් පීස් අරන් ඇවිත් ගෙවල් වල ප්ලේ කරාද .

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් එක කාලයකට එනවා..ඔය කියන්නේ අර පිරිත් වතුරත් ටැංකියකින් දුන්න තැන නේද...?
      ඒවාට නම් මම ප්‍රසිද්ධියේම විරුද්ධයි...ඇත්තටම ආගමක් දර්ශනයක් ඒ වගේ නම් හෑල්ලු කරන්න හොඳ නැහැ...

      Delete
  6. මම මේ ඩයරි පෝස්ට් මාලාවට බොහොම මනාපයි..

    රැකියාවත් කරමින්, ගෙදර වැඩත් කරමින්, බ්ලොග් එකත් නිරන්තරයෙන් අප්ඩේට් කිරීම බොහොම පැසසුම් ලැබියයුතු කරන්න අමාරු කර්‍තව්‍යයක්.. ඔබ ඒක අපූරුවට කරනවා. ඒ ගැන අපගේ ප්‍රණාමය..!!

    ආගමික විශ්වාසයන් ගැන අභියෝග කරන්න යන්න හොඳ නෑ තමා. ඒත් කාලයක් අපේ අය නිකවැරටිත් ගියානෙ.. ඒවා නිකන්ම නිකන් ක්ෂණික ලාබ, ක්ෂණික සුවය පතාගෙන ගිය අන්ධ විශ්වාස හැටියට තමා මටනම් පේන්නෙ.

    ඒ කියන්නෙ මමත් සාර්ථක මිනිහෙක්.. මටත් තිබුනා අක්‍රීය කරපු ෆේක්බුක් අකවුන්ට් එකක්. ( දැන්නම් ඒක නැත්තටම නැතුව ඇති.. )

    සෙනසුරාද ඉරිදා නිවාඩුද ? එතකොට ලෙඩ්ඩුන්ට මොකද වෙන්නෙ ?

    ඉල්ලීමක් ; බ්ලොග් එකේ පසුබිම් වර්ණය වෙනස් කරන්න බැරිද ? හරිම අමාරුයි ඇහැට..

    ReplyDelete
    Replies
    1. සෙනසුරාද වරුවක් වැඩ..ඉරිදා..සහ රජයේ නිවාඩු දිනවලටත්..රෝස්ටර් එකක් අනුව කට්ටියම වැඩ..මම නම් ඒ රෝස්ටර් එකේ නැහැ..ඉල්ලීමක් කරලා අයින් වුනා ළමයි පුංචි දවස් වලම...ඒ වුනාට අනිත් 16 දෙනෙක් ඉන්නවා වෘත්තීය චිකිත්සක නිලධාරීන්..ඒ නිසා ගැටළුවක් නැහැ..

      කළු සහ සුදු නිසයි මේ පාට මුලදීම දැම්මේ..අද වෙනස් කරන්නම්..මටත් ඒක හිතුනා...

      ස්තුතියි සෙන්නා...

      මේ මාසේ නම් බ්ලොග් ලියන්න ටිකක් බැරි වෙයි..අපේ ගෙදර එක්කෙනෙක් ශිෂ්‍යත්වේ ලියනවා...එයාට මගේ උදව් ඕනා නේ..

      Delete
    2. ස්තුතියි ඔබට ඉල්ලීම සළකා බැලීම පිළිබඳව.. දැනුත් කළු සහ සුදු තමයි.. ඒකෙ වෙනසක් වෙලා නෑ.. :D

      Delete
    3. content එක හැමදාම කළු සහ සුදුයි...
      මා දකින අත්විඳින කළු සහ සුදු හැම දේම වගේ පෝස්ටු වල තියනවා....

      Delete
  7. සදුදා
    පොයට මොන මගුල්ද අනේ අත්‍යාවෂ්ය දෙවල් තහනම්කොට

    අගහරුවාද
    ෂා ඔයා මම කියපු දෙට විකල්පයක් දෙන්න හදනව. නියමයි බොහොම ස්තුතියි.එ විතරක් නෙමෙයි මෙටික එකතු කරල තියාගන්න වටිනව.තව මට හිතෙන දෙයක් කියන්නම්.ගොඩාක් අය තමන්ගෙ ජොබ් එකෙන් සෙවයක් බලන්නෙ නෑ.පොදිගලිකව මම නම් මගෙ ගාවට නොදන්න කෙනෙක් අවොත් මගෙ වෑඩ පාඩු කරගෙන හරි මුල යිදල අගටම කියල දෙනව.වෑඩෙ සම්පුර්නයෙන්ම කරගන්න හෑටි.හෑබෑයි ඔක්කොම දන්නව කියල හිතගෙන එන (ඔය මෙඩිකල් රෙෆ්ල වගෙ ) අයට නම් ඔන මගුලක් කරගනින් කියල ඉන්නව.

    බදාද
    මටත් එකපාරටම මතක් උනෙ දොලුකන්ද වගෙ සිද්දි කිපයක්.බුදුපිලිමවලින් රෑස් විහිදිම.තව ඔය ග්‍රාමිය මට්ටමින් නම් ඔන තරම්.අපෙ මිනිස්සු ගෑන කියල වෑඩක් නෑ ඔන්න තව දඩුවම් මුද්ලාලි වගෙ කෙනෙක් ආපහු ඉන්නවලු අම්බලන්තොට පෑත්තෙ.වෑඩෙ නෑගල යනවලු

    බ්‍රහපතින්දා
    මෙ සෙවයට නම් අපෙ උපහාරය

    සිකුරදා
    ඔෆ් ලයින් දාගන්නවිදියක් තියෙනවද බලන්න
    ලස්සන පින්තුරටික.මුල් එකනම් මාර ක්‍රියෙටිවු නේද

    ReplyDelete
    Replies
    1. දමිත්...ගොඩක් ස්තුතියි වෙන වෙනම අදහස් ලියන්න කාලය වෙන් කලාට..

      ඔයා ගේ වෘත්තීය මොකක්ද..මෙඩිකල් රෙෆ් ලා එනවා නම්...මේ පැත්තටම සම්බන්ධ කෙනෙක් ද..?

      ඔයා බ්ලොග් එකක් ලියනවද..මම බැලුවා..එත් හොයාගන්න බැහැ..ලියනවා නම් මට ලින්ක් එක එවන්න...

      Delete
    2. නෑ අක්කෙ මම බ්ලොගක් ලියන්නෙ නෑ.මම වාහන රක්ෂන වන්දි ගෙවිම් පෑත්තෙ ජොබක් කරන්නෙ.

      Delete
  8. "බස් එක නවත්තගන්න උත්සහ කලේ ඒ මැද්දේ තියන කඩවල් වල උණු උණුවේ හැදෙන පොල් රොටි , ඉරිඟු එහෙම දැක".
    මොකටද?කපල් එකට රෑ කෑමට වෙන්නැති නේද

    ReplyDelete
    Replies
    1. කපල් එකක් ගැන මතක් වෙනවද අනේ මේ වගේ වෙලාවට..තනිකරම අපේ බඩකට පුරවා ගැනීම සඳහා පමණයි...

      Delete
  9. shok life eka hama widihe kenama oyata hamba wenawa wage. digtama liyanna.

    ReplyDelete
    Replies
    1. බොරලුගොඩ මහත්තයා...සාදරයෙන් පිලිගන්නවා...

      ශෝක් වගේම shock වෙන වෙලාවලුත් නැතුවා නෙවෙයි...

      Delete
  10. අර රක්ෂිත කැලෑවල සුන්දරත්වෙ විනාස වෙන්නෙ ඒක දිගට තියෙන කඩ නිසා. ඒ මිනිස්සු පර අයිනෙ තියෙන ගස් විනාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්...පොලිතින් කඳු තිබුනා කඩ පිටිපස්සේ...

      Delete
  11. අපි පෝස්ට් එකක් ලියනකොට ඔයා පහක් ලියනවා.

    මටත් හිතට තදින් වැදුනේ අර සභ්‍යත්වයේ කඩතුරාව ගැලවිලා ගියාම කුණුහරප කියන එක. ඇත්තටම මමත් දවසකට කොයි තරම් වචන ගානක් වාරණය කරගන්නවද? ඔය ආණ්ඩුවේ ඔෆීස් වලට හෙම ගියාම කතා කරන්නෙම නැති තරම්.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් දන්නවනෙ මේ රාමදාන් ෆාස්ටින් කාලෙනෙ. ඔහෙත් කරණවා ඇතිනෙ. මම අහලා තියන විධිහට ඒ කාලෙට ඒ අය බොහොම බැහැපත් ජීවිත්යක් ගත කරන්න ඕනා. වචනයක්වත් වැරදි විධිහට පාවිච්චි කරන්න බෑ.. අපේ ඔෆිස් එකේ දෙන්නෙක් ඉන්නවා සාමාන්‍යයෙන් නිතරම අනුන්ගෙ මගුල් හොයන, මිනිස්සුනෙ ඇද කුද වලට හිනාවෙන, අරුගේ වැරදි මූ එක්කයි, මුගේ වැරදි අරූ එක්කයි කිය කිය රට ගිනි තියන ඩබලක්. පුදුම වැඩේ කියන්නෙ මුන් දෙන්නා මේ රාමදාන් කාලෙට කතා කරන්නෙම නෑනෙ. අනිත් මුස්ලිම් උන් හොඳට කතාබහ කරලා විහිලු කරලා ඉන්නවා.. රහස තමයි මුන්ගෙ කටවල් මුන්ට පාලනයක් නෑ.. කට ඇරියොත් කාට හරි මොනවා හරි කියනවා.. ආගමේ ප්‍රතිපත්ති රකින්න ඕනා හින්දා කට වහගෙනම ඉන්න වෙලා.. :D

      Delete
    2. Dude....
      දිනපොත නිසා තමයි පෝස්ටු 5ක් වෙන්නේ..මේ මාසේ නම් ලියාගන්න බැරි වෙයි...මම ශිෂ්‍යත්වේ ලියනවා නේ...

      සභ්‍යත්වයේ කඩතුරාව කියන දේ අපි වාරණයක් ගෙන හරි පාලනය කරනවා නම්..ඒක තවමත් අපේ පාලනයේ කියන එකයි..නමුත්..විශ්වාස කරන්න Dude...මම ඔය කිව්වා ළමයා..දැන් පුදුම සංයමයකට අපි අරන් තියනවා..
      මානසික සායනයකට යවලා බෙහෙතුත් පටන් ගන්නා අතරම චර්යාත්මක ප්‍රතිකාර පටන් ගත්තා...

      දැන් නරක වචන කියන්නෙම නැති තරම්...

      Delete
    3. සෙන්නා...

      අපේ මිනිස්සු බහුතරයක් කරන්නේ ..වැඩ වලට වඩා අනුන්ගේ ඇදකුද සෙවීම තමයි...ඒක මුස්ලිම්..සිංහල..දෙමළ..ඔක්කොම අයගේ තියන දුර්ගුණයක්..එත් පෘථග්ජනයන් නේ...ආසම අනුන්ගේ දේ හොයන්න...

      Delete
  12. mame keepewitak me oya kiyana "badagamuwe" kale haraha gihin tiyanawa. e hame welaweme kale depaththe tiyana podi kadawal wala natara wela tambili gediyak ehame beela pol roti dekak witara kala tamai yanne..
    habai e kadawal nisanam newai kale sundarathwaya natiwenne.. hariyate muhudu yana minissu muhude adehanawa wage tamun jewath karawane me kalete e minissu godak garu karanawa.
    eka ratakaju poththak wath nodama pirisidu karanawa.
    aththama kiyanawanam oya kada wala minissu kalete muthra parakwath danne na..
    dura palath walin awith kale atule wahana nawathala "enjoy" karala yane aya nam taman genena sabbasakalamanawen eturu wena politn ure pawa kalete puja karala tamai yanne.

    ReplyDelete
    Replies
    1. වැරදි අවබෝධයක් ඇතුව ලියපු යම් අදහසක් තිබුනා නම් ඉල්ලා අස් කරගනිමි..ස්තුතියි නිවැරදි දේ කියාදුන්නට

      Delete
  13. "Kalu" saha"sudu" kiyana temawe bohome apuruwate galapenawa..
    kohomatath "kalu" pennanam "sudu" tiyenname one..

    :-)

    ReplyDelete
    Replies
    1. මේ තේමාව මගේ ජීවිතයට සමීප දෙයක්...
      ඔයා කියන අදහසත් හරි තමයි...

      Delete
  14. Pa Le
    Badagamuwe kale atule kadawal pitipasse tiyenne e aye ekatu karapu dewal. eyala hawasate yaddi oya jarawe aragena yanawa. kale sudda karanawa.

    ReplyDelete
    Replies
    1. GeminiD....
      ඔයාගේ කොමෙන්ට්ස් වලට ස්තුතියි..අනිවාර්යයෙන්..ඔයා බඩගමුව ගැන හොඳින්ම දන්නා බව මම දන්නවා...
      අපි සමහර දේවල් කියන්නේ මතුපිටින් බලල නේ..දකින දේ තමයි කියන්නේ...නමුත් හැම විටම සත්‍යය ඒක නෙවෙයි..තමයි..
      ඔයා මාව දැනුවත් කලාට ස්තුතියි..හැබැයි ටිකක් කේන්තියෙන් වගේ තමයි ලියල තියෙන්නේ නම්..නේද..?

      Delete
  15. අනේ අර ලෙඩ මරගාත නැතුව, මෙන්න මේක විතරක් ලියනවද.. අරවා නම් මම කියවන්නෙම නෑ. මොකෝ මම ජීවීතේ විඳිනවා මිසක් විඳවන්න කැමති නැති නිසා. මේක ඉල්ලීමක් විතරයි. සමහර උන් ටපලව ගන්නවා...

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ ..මෙහෙමත් මනුස්සයෙක්....
      හික්ස්....

      සෙසු ජනතාව මා ගැන බලාගනිත්වා..

      ප්‍රියන්ත...මාත් ජීවිතේ විඳින කෙනෙක් තමයි..අපි කිසි කෙනෙක් විඳවන්න කැමති නැහැ...එත්..මේ දේවලුත් මිනිස්සුන්ට වැදගත් නේද..?
      ලෙඩ වෙන කවුරුවත්...කල් තියා දැනගෙන සුදානමින් උන්න අය නෙවෙයි...
      කොහොමටත්..මම දිනපොත නම් ලියනවා..එත් ඉතින් දන්නා දේ නොලියා..සමාජ විග්‍රහ...වගේ බරපතල ඒවා ලියන්න මම දන්නවයි...?

      දිනපොත මගේ අත්දැකීම් එක්ක සිතුවිලි අරන් එයි..ඒක කියවන්න එන්න...

      Delete
  16. ඔන්න මට නම් exam එකත් ඉවරය් දැන් නම් මාර ෆ්‍රී.............. අක්කා ලියන එක නවත්තලද? නැත්නම් මේදවස් වල ශිෂ්‍යත්තේට පාඩම් කලාද?

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න