මේ අවුරුද්දේ තව තියෙන්නේ මාස හතරයි....ඊට පස්සේ තවත් අවුරුද්දක්...
මගේ දිනපොත දිගටම ලියන්න පුළුවන් වෙයි ද...?
බලමු නේද..?
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
02.සඳුදා,......සැප්තැම්බර 2013
ජිවිතේ ඔහේ ගලනවා...සමහර වෙලාවට හෙමින් පොඩි දිය පාරක් වගේ..තවත් සමහර වෙලාවට මහා සැඩ පහරක් වගේ....ඒක ඉතින් වෙලාවෙන් වෙලාවට වෙනස්...
අද ඉතින් මාසේ වැඩට යන මුල්ම දවසේ උදේම ලේ ටිකත් රත්කරන් තමයි උදේම යන්න වුනේ..සිග්නල් අප්සෙට් කියලා කොච්චි වැඩ අඩාල වෙලා...යන්තම් 8.30 වෙද්දී ගියා..හැබැයි ඉර ගහලා...මේක හරි වැඩක් නේ අනේ...උදේ 6.30 ට ස්ටේෂන් එකටත් ඇවිල්ලා..අපේ වරදක් ද නේද..?
නිවාඩු නම් දැම්මේ නැහැ..ට්‍රේන් late එකක් ලිව්වා...
බලද්දී නුවර දුම්රිය මාර්ගයේත්..පුත්තලම දුම්රිය මාර්ගයේත් දෙකේම මේ දේ වෙලා...ට්‍රේන් late ලියුම් ගොඩයි...
මම අර උඩින්ම ලියපු කැටයම් කතාව මේකට අදාළ නැහැ..මම ඔය හවස එන ගමන් මූණු පොතේ දැකපු status එකක් නිසයි..මට මේක ලියන්න හිතුනේ...
අපේ නංගි කෙනෙක් දාලා තිබුනා status එකක් ..එකේ එයාගේ අදහස වුනේ...අනිත් අය මා ගැන හිතන දේවල් google කල හැකි නම්...කියලා...අනේ ...මොකටද නේද..?
අනුන් අපි ගැන දරන මතවාද..හැම විටම දැන ගැනීම ඇත්තටම සුදුසු ද..?සමහර විට නිසලව නිහඬව ගලා යන මේ ජීවිතය සැඩ පහරක් කරන්නට ඒ මත වාද වලට පුළුවන් වෙන්නත් ඉඩ තියනවා..
අනේ මොටද..නේද..? අපි ඔහේ නිසලව ගලා බසිමු...
****************************************************************************
03. අඟහරුවාදා...සැප්තැම්බර 2013
අද තවත් දවසක්....පුරුදු ලෙසම වැඩට ගියා...
දැන් ..මේ බස් එකේදී එන යනකොට දකින ඒවා...ලියන්නම වෙනවා..
දැන් කාලේ තරුණ පිරිමි ළමයි..මේ කලිසම අඳිනවා නේද..hip එකටත් පහළින්..ඇත්තටම මට නම් එක පෙනෙන්නේ හරිම අශෝබන දෙයක් විදියට.අද මම එන බස් එකේ පිරිමි ළමයෙක්..ඔන්න ඔය dot ගේ වයසේ වගේ....ඔය style එකට ඇඳගෙන අර බස් එකේ උඩ bar එකේ එල්ලිලා යනවා...අනේ ඉතින්..ඉතුරු හරිය කොහොමෙයි කියන්නේ...මිනිස්සු මුනෙන් මුණ බලනවා...සමහර අම්මලා..(මේ මම වගේ)කම්මුලට අත තියන් අහක බලන් යනවා..
මේවා style ද ....?
මට මේ කතාවත් එක්ක අපේ කෝච්චියේ යන නංගි කෙනෙක් කිව්ව දෙයක් මතකයට අවේ..දවසක් ඔය වගේ දරුවෙක් ගේ කලිසම බස් එකේදී කාටද පෑගිලා වැටුනයි කියන්නේ..බිමටම...මොන ලැජ්ජාවක් ද..?නේද..?
රටින් එන හැම දේම style කියලා බදා නොගෙන decent විදියට යන්න මේ ළමයින්ට බැරි ඇයි...?

**************************************************************************
04. බදාදා..සැප්තැම්බර 2013
අද..නිවාඩු...පොඩි ගමනක් ගියා..රත්නපුරේ පැත්තේ...චන්දන...ළමයෝ..පැල්මඩුල්ලත් පහුකරන් ගියා අපි...මට රත්නපුරේ හරියෙන් යද්දී..අර සිරිපාද කන්ද ඈතින් පේන තැනක් තියනවා නේද..? වාහනේ නවත්තලා බලන් ඉන්න ආසයි...
මේ එක්කම මට මතක් වෙන දෙයක් තියනවා..අපේ පොඩි කාලේ ගැන..අපේ ගමේ එක හරියකට ඈතින් පේනවා..ගොන්ගල කන්ද....ඉස්සර 6..7..පන්ති වල ඉන්න කාලේ මම ගියා ගණන් පන්තියකට....අඳුනන අක්කා කෙනෙක් ගේ,...ඒ ගෙදර ගාව පොඩි කඳු ගැටයක් තියනවා...ඒ කන්ද උඩට නැග්ගම..ඈත..ඈත කඳු අතරේ ගොන්ගල කන්ද පේනවා...
මේ කන්ද ගැන දවසක් අහපු කතාවක් මතක් වුනා...මේ ගොන්ගල කන්දේ තියන හරකෙක් වගේ හිසක අඟ වැල් දෙකෙන් දිය පාර වල් දෙකක් පටන් ගන්නවලු..ඒ එක දිය පාරක් ගිංගඟ ලෙස ගලායන අතරේ..අනිකලු නිල්වලා ගඟ වෙන්නේ...මේ කතාව ඇත්තමද කියන්න මම දන්නේ නැහැ.ඒත් පොඩි කලේ මම එක ඇත්තටම විශ්වාස කළා...

*****************************************************************************
05. බ්‍රහස්පතින්දා..සැප්තැම්බර 2013
අපේ හසරැල් රබර් බඹරයක් හදලා නේද..?...ඇති යන්තම් එහෙමවත් එකක් ලිව්වා...ගමේ ගිහින් ගෙනාව මතකයන් ගොඩක් තවම හිතේ වගේම ෆෝන් කැමරාවේ තියනවා..ඒවා දවසක පෝස්ටුවක ලියන්න හිතන් ඉන්නවා...
ගමක් කියන හැගීම කෙනෙකුට හරියට වටිනවා..නේද,....? මට නම් ඒක හරියට දැනෙනවා...ගමේ හැම තැනකම තිබුනේ අතීත මතකයන්...ගහක..කොලක..වෙල් එළියක..ඇලක..දොලක...ඔය හැම තැනකම පුංචි කාලේ ඉඳන් බැඳුන මතකයන් ඉතුරු වෙලා තියනවා...
ගෙදර ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සෙත් ..මම තවම ඒවා ගැන මතක් කරනවා...
අපේ ගම් වල දැන් හරියට මොනරු බෝ වෙලා..ඉස්සර අපි මොනරෙක් දැක්කේ සත්තු වත්තේ දි නේ...? දැන් ඒකට කෙම්බුරු යායවල් වල කොක්කු ගානට ඉන්නවා නේ මේ සත්තු...ඒ මදිවට..මෙයාලගෙන් බේරෙන්න බැරි නිසා..සර්පයොත් ගෙවල් වලට එනවලු ආරක්ෂාව පතා ගෙන...ඔන්න ඉතින් වෙලා තියන හරිය...
ගමක් කියන හැගීම කෙනෙකුට හරියට වටිනවා..නේද,....? මට නම් ඒක හරියට දැනෙනවා...ගමේ හැම තැනකම තිබුනේ අතීත මතකයන්...ගහක..කොලක..වෙල් එළියක..ඇලක..දොලක...ඔය හැම තැනකම පුංචි කාලේ ඉඳන් බැඳුන මතකයන් ඉතුරු වෙලා තියනවා...
ගෙදර ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සෙත් ..මම තවම ඒවා ගැන මතක් කරනවා...
අපේ ගම් වල දැන් හරියට මොනරු බෝ වෙලා..ඉස්සර අපි මොනරෙක් දැක්කේ සත්තු වත්තේ දි නේ...? දැන් ඒකට කෙම්බුරු යායවල් වල කොක්කු ගානට ඉන්නවා නේ මේ සත්තු...ඒ මදිවට..මෙයාලගෙන් බේරෙන්න බැරි නිසා..සර්පයොත් ගෙවල් වලට එනවලු ආරක්ෂාව පතා ගෙන...ඔන්න ඉතින් වෙලා තියන හරිය...
**************************************************************************
06. සිකුරාදා..සැප්තැම්බර 2013
සිකුරාදාත් වුනා..සතියක් යන ඉක්මන...මේ මාසේ මට තියන ලොකුම බලාපොරොත්තුව book fair යාම...පොඩි දෙන්නත් මාත් එක්ක එල්ලිලා එනවා නේ...එතකොට නම් book fair එකෙන් මට ලාබයක් නැහැ පොත් ගැනීමේ...
අපේ පොඩි ඩබල ..එක අවුරුද්දක book fair එකේ ඉඳන් ඊළඟ එකට එනකල් සල්ලි කැට දෙකක් එකතු කරනවා....පොත් ගන්න..මගෙන්ම ඉල්ලගෙන තමයි..හසරැල් අපේ ගෙදර උන්න දවස් වල කැට දෙකකට දෙන්නට හැමදාම රුපියල් 5 ඒවා දුන්නා දාගන්න..ලොකු කොල්ලා මම හිතන්නේ..ඒ කැටෙන් නම්...දානවට වඩා ආපහු ගත්තා...මාමයි බෑනයි දෙන්නගේ රණ්ඩු බේරන එකත් ඒ දවස් වල මගේ එක රාජකාරියක්...
කොහොම හරි ඔන්න මේ සැරෙත් දෙන්නා ළඟ රුපියල් දෙතුන් දාහක් ඉතුරු වෙලා තියන පාටයි...
****************************************************************************
මා ඉතින් යන්න යනවා...මට යන්න අවසරයි..
මේ සැරේ දිනපොත publish කරන කොට සතියක්ම ගෙවී ගිහින්..sorry හොඳේ....