ඒ නිසා දිනපොතෙන් විතරක් හමු වෙන්නේ..
මේක ලියන්නත් දැන් වෙලාව හොයා ගන්න හරි අමාරුයි..
කොහොම හරි ලියන්නට එපැයි..නැත්නම් මටත් කෑවේ බිව්වේ නැහැ වගේ...
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
05.08.2013 සඳුදා
දැන් ඉතින් දිනපොත කාගේත් දිනපොත වෙලා නේ..
ගිය සතියේ මාතලන් කිව්වා වගේ..සතියේ දවස් 5ම කොයි තරම් සුන්දර ද ..? අත්දැකීම් බහුල ද ..? හැගීම් බර ද ..? කියලා මටත් හිතෙන්නේ මේ දිනපොත කියවද්දී...
සෙන්නා ගිය සතියේ අහපු දෙයකට උත්තරයකුත් වෙන්න මට එක සිද්ධියක් අද මතකයට ආවා...
මේක මට මතක් වුනේ...මෙහි කතා නායිකාව වන මගේ මිතුරිය අද මට ටික දවසකින් හමු වුන නිසා...
ඇයට මීට අවුරුදු දෙකකට කලින් විතර ...වුන දෙයක් මේක..
දෙයියනේ කියලා අපි වගේම පිස්සු විකාර කර කර හිටපු කෙනෙක් නිසා...මට ඇත්තටම එයාට ඇත්තටම මොලයක් තිබුනද කියලා ෂුවර් නැහැ...හිහිහි...
නමුත් දවසක් හදිසියේම මගේ ඒ මිතුරියට ..තදබල හිසේ අමාරුවක් ආවා...ඉන් පසු වුන දේ තමයි..එක පාරටම අයට හැම දේකම නම අමතක වී ගියා...උදාහරණයක් ලෙස කිව්වොත් පෑනක් ගැන කියමුකෝ..ඇයට පැන ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න හැකි වුනත්..පෑන් කියන නම මතකයට එන්නේ නැහැ..මගෙත් එක්ක ගිය ගමන්..ෂොපින් කරපුවා ඕන දෙයක් කිව්වත්..මගේ නම මතක නැහැ..එයාගේ පුංචි පැටවූ දෙන්නගේ නම් ..පවා අමතක වුනා...මේකට කියන්නේ nominal aphasia කියලා...මේකෙදි කතා කරන එකට මොකුත් බාධාවක් වෙන්නේ නැහැ...
අන්තිමට MRI කලාම තමයි දැනගත්තේ මොලයේ ගෙඩියක් කියලා..දින 3,4 ක් ඇතුලත ඔපරේෂන් කළා...බයොප්සියෙන් ආවා..එක කැන්සර් එකක් කියලා...නමුත්..අදාල ප්‍රතිකාර සියල්ලටම පසු ඇගේ මතකය ආවා...කැන්සර් එකත් සුව කළා..මේක එක්තරා අන්දමකට ප්රාතිහාර්යයක් බඳු වුනා...
ඉතින් මෙහෙම වෙන අය ඉන්නවා..ටෙලි නාට්‍ය වල කියවෙන පිස්සු ඒවා වගේ නම් නෙවෙයි..අපිට හිතාගන්න බැරි වෙන විදියේ අසාමාන්‍ය දේවල් අපි අවට තියනවා..වෙනවා...
ඔයාල දන්න මෙහෙම ගැටළුවක් තියන ඕනෑම කෙනෙක් ව පෙන්වන්න...හොඳම කෙනා...මම දන්නා විදියට ....වෛද්‍ය සුනිල් පෙරේරා මහතා..ඔහු තමයි මගේ මිතුරියව සුව කල..මහා වෙදදුරිඳු...
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
06.08.2013 අඟහරුවාදා
මට මල් වවන්න හිතුනා..මටත් ඉතින් කාලෙන් කාලෙට නා නා ප්‍රකාර දේවල් ඔලුවට එනවා..
පෝච්චි 4 ක් 5ක් ගෙනල්ලා ..ඔන්න වැඩේට බැස්සා...
පෝර ගතිය අඩු නිසා...මගේ මහත්තයට කිව්වා අනේ මට කොහු බත් ටිකක් එවන්නකො කියලා..කෝල් එකක් දීලා...( එයාලගේ ෆැක්ටරියේ කොහුබත් වලින් ඔන්න ඔය මොනවද growing media එකක් හදනවා නේ රට යවන්න..)
හරි..හරි..අද හවසට එවන්නම් කිව්වා...
හවස මෙන්න එනවා..ත්‍රී වීල් එකක් ...කොහු බත් ගෝනි 5යි...මල් පෝච්චි 5 ට...
ඉතින් බලමුකෝ තියන සහයෝගය......කමක් නෑ...මොනවා වුනත් වැඩේට මුලිකවම ලැබුන සපෝට් එක අගයන්න ඕනා නේද..?
මම දැන් කොහු බත් ටික මිදුලේ ගොඩ ගහගෙන..මල් වවන්න ට්‍රයි...
මල් වැවුනාම පොටෝ දාන්නම් කෝ හොඳේ...
මල් වැවීම..මාළු ඇති කිරීම මිනිස්සුන්ගේ මනසට හරිම හොඳයි ලු නේ...
මගේ නෑනා කියනවා...අක්කා මල් වවනවා කියන්නේ...අක්ක හරිම රිලැක්ස් එකේ ඉන්නවා කියන එක වෙන වචනයකින් කියනවා වගේ කියලා..
ඔය හොස්පිටල් වල එහෙම මාළු ටැංකි තියන්නත් හේතුව මේ දේමයි...
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
07.08.2013 බදාදා
මගේ ලොකු මල්ලි අවුරුද්දකට රට ගියා...හසරැල් ගෙයි මගෙයි අතරට ඉන්න අපේ අනිත් එකම සහෝදරයා...
මට ඉතින් ඉන්නේ කොයි එකටත් ඔය දෙන්නා තමයි...
දෙයියනේ කියලා viber සහ skype වලට පින්සිද්ද වෙන්න....කොයි වෙලාවෙත් කතාකරන්න නම් පුළුවන්..
සහෝදර සහෝදරියන් අතර තියන බැඳීම් ගැන කතා කරන්න ගියොත් වෙනම පෝස්ටු ලියන්න වෙනවා...මොනවා වුනත්..මගේ මල්ලිලා දෙන්නා මට සලකන්නේ අම්මා කෙනෙකුට වගේ...මටත් තවම ඒ දෙන්නා..මගේ පොඩි වුන් දෙන්නම තමයි...( හැබැයි..දෙන්නාව දැකලා තියන අය ..මේකට හිනා වෙයි..මොකද පොඩි වුන් කියපු නිසා...)
රෝහලේ ගත කරන කාලයේදී මා දුටු තවත් හැගීම් බර දෙයක් තමයි..තද බල ලෙස ආබාධිත ව සිටින තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය ළඟ ඉන්න අයගේ කැපවීම..ඒ සමහර අය ගේ ආදරය ඇසට කඳුලක් ගෙනෙන තරම්...
ජීවිතේ අපි හම්බ කරන්නේ මොනවද..?
මෙන්න මේ වගේ මානුෂික බැඳීම් තමයි..වඩා වටින්නේ...
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
08.08.2013 බ්‍රහස්පතින්දා
අපේ ගෙදර ඉන්න එක සාමාජිකයෙක් නිසා...මේ දවස් වල අර්බුද ගොඩයි..
ළමයි දෙන්නට ඉස්කෝලේ නිවාඩු වුනාම එයා හිතන්නේ ..මුළු දවසම ළමයි දෙන්නා එයා එක්ක ඉන්න ඕන කියලා..
ඒ තමයි අපේ ජෙෆ්...බලු සුරතලා..
පොඩ්ඩාගේ ශිෂ්‍යත්වයට පාඩම් කරන එක තරම් මේකාට පෙන්නන්න බැරි දෙයක් තවත් නැහැ...සමහර වෙලාවට ඇවිත් පාඩම් කරන පොත උඩට අත තියලා වහගන්නවා...නැත්නම් පාඩම නවත් වනකල්ම බුරනවා...
අවධානය තරම් වටිනා දෙයක් එයාට තවත් නැහැ..
අපේ මහත්තයා නම් කියන්නේ ..බල්ලට පොඩි කාලේ ඉඳන් බල්ලෙකුට වගේ සැලකුවේ නැතුව හිටිය නිසාලු ..බල්ලා තවම තමන් කවුද කියන එක තේරුම් අරන් නැත්තේ...
ඇත්ත..මෙයා ඇත්තටම හිතන් ඉන්නේ එයා අපේ පවුලේ ලොකුම..ප්‍රධානම සාමාජිකයා කියලා...
සුරතල් සතෙක් ඇති කරන එක කෙනෙක්ගේ මනසට කොයි තරම් වටිනවද කියලා මම අත්දැකීමෙන්ම දන්නවා..සමහර වෙලාවට ඒ සතා සතෙක් නෙවෙයි..මනුස්සයෙකුට වඩා...බුද්ධිමත්...කෙනෙක් ගේ හැගීම් පවා තේරුම් ගන්න සතෙකුට හොඳට පුළුවන්...
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
09.08.2013 සිකුරාදා
අද නිවාඩුවක් ලැබුණා...මුස්ලිම් අයගේ රාමසාන් නිසා...
ඔන්න ඉතින් දවසෙම ගෙදර....ගෙදර කියන්නේ ..වැඩ අධික දවසක්..
උදේ ගියා ලොකු පුතාට පන්තියක් හොයාගන්න කියලා...
පන්ති පවත්වන තැන..සම්මන්ත්‍රණයක්...
සම්මන්ත්‍රණය පවත්වන ගුරුතුමා..පසු ගිය කාලේ O/L පේපර් එකක් පිටට දුන්න කියලා මහා ආන්දෝලනයක් ඇති කල ගුරුවරයෙක්...
ඇත්තටම..ඒ දේවල් ඔප්පු වුනාද.....මම ඒ ගැන දන්නේ නැහැ..නමුත්..පත්තර වල ගිය කරුණු අනුව නම්...ඔහු ඒ වරද කළා කියලයි කරුණු කියවුනේ...එහෙම නම් ඒ වගේ කෙනෙකුට නැවත පන්ති කරන්න අවසර දෙනවද ..?
නොදන්නා නිසයි ඇත්තටම අහන්නේ...
මේ වගේ සිද්ධි කොයි තරම් වෙනවද..?
එතකොට මිනිස්සු වැරදි කලාට කමක් නැති වෙනවනේ...ටික කලකින් ඒ දේම නැවත කරන්න ඉඩ ලැබෙනවා නේ...
සුබ සති අන්තයක් ඔයාලට....







































