Saturday, March 8, 2014

75. පොඩි වෙනසකටත් එක්ක....






ඉතින් දිනපොතත් නෑ .කළු සහ සුදු ත් නැහැ.ශානුගෙන් බැනුම් අහල ඉවරයකුත් නැහැ.
ඉතින් ඔන්න ඔහොම ඉද්දි හිතුනා දිනපොත නැතත් වෙන දෙයක් හරි ලියන්න ඕන කියල.
බලන්නකෝ ඉතින් ඔන්න ඔහොම නිකම් ඉන්නකොට හම්බ වුනා පත්තර කෑල්ලක්.අපේ තාත්තා මට ඉස්සර කියන්නේ පත්තර පිස්සි කියල.ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආවම අපේ ආච්චි අපිට කන්න බෙදල දෙනකල් මම අතට ගන්නේ පත්තරේ.අන්තිමට බත් පිගානේ මොනවා තිබ්බද දන්නෙත් නෑ.කෑවේ මොනවද දන්නෙත් නෑ.පත්තරේ තිබ්බ ඒවා විතරයි මතක.
අදටත් ඒ කියවීමේ පුරුද්ද තවමත් ඉතුරුයි.රුපවාහිනියට කොම්පියුටරේට සින්න නොවුන අපේ බාල කාලේ කොයි තරම් තොරතුරු වලින් පෝෂිත වුනාද?
අපේ ළමයි අද කියවන්න මැලි වෙද්දී ඇත්තටම දුක හිතෙනවා.



ඔන්න ඔහොම යද්දී.......අතට ආව දෙයක් තමයි මේ පත්තර කෑල්ල.මේ ඔස්සේ මම ගියේ දුර අතීතෙට....
අපි ඉස්සර තේරවිලි වලට හරි ආසයි.දැන් ළමයින්ට තේරවිලි කිව්වම එකටත් පොත් ගහල තියනවනේ.අපිට ඒ කලේ තේරවිල්ලක් කියාදුන්නේ අපේ මුත්තල.ඒ කලේ සීය කිව්වේ නැහැ අපි.මාතර මිනිස්සු කිව්වේ මුත්තා කියල නේ,.......
මම අපේ මුත්තා ගෙන් ආච්චි ගෙන් අපේ තාත්තාගෙන් සැහෙන්න කවි නම් ඉගන ගත්ත.ඒ කවි ගැන පස්සේ වෙන පොස්ටුවක් ලියන්න ඕන.
තේරවිලි කියන එක කොයි තරම් දැනුමට ඉඩක් ගෙනාවද කියනවානම් ..අපි ඒ කාලේ හොයා හොයා තේරවිලි තේරුවේ.සමහර විට කල්පනා කරන්න ගියාම පිස්සු වගේ සමහර තේරවිලි.

මේ පත්තර පිටුවත් එක්ක මම තවත් පොතක් කියෙව්වා පහු ගිය කාලේ පුස්තකාලේ තිබිල.ඒකෙ නම නම් මතක නැහැ.නමුත් ඒ කරුණු එක්ක පොඩි සටහනක් ලියන්න හිතුන.ඔන්න අන්තිමට මම පොඩි තේරවිලි කීපයකුත් දානවා, හපන්නු තෝරන්න ඕන.


_______________________________

තේරවිලි......එහෙනම් තෝරමුද....
_______________________________

තේරවිලි කියන්නේ අපේ ජන ගී සම්ප්‍රදායට අයත් වෙන පද පෙරලීම් වර්ගයක්.මෙයිනුත් සාමාන්‍ය ජන ජිවිතයේ විවිධ අවස්ථා නිරුපනයක් කෙරෙනවා.සමහර විට පණිවුඩ හුවමාරුවේදී වගේම රහසිගත ක්‍රමයක් ලෙස යමක් කීමටද මෙය යොදා ගනු ලබනවා.

තේරවිලි බොහෝ විට පවත් එන්නේ කටවහරෙන්.මේවාට කතුවරු නැහැ.එක එක පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලදුව පරම්පරාවෙන් පැවත එන මේ තේරවිලි මනස වැඩි දියුණු කිරීමට ඉතා වැදගත් වෙනවා.

සමහර තේරවිලි වාචික ඒවා වන අතර සමහරක් ලියන බසින් අපට හමුවෙන්නේ.ගැමි ජනතාව අතර බහුල ලෙස හමුවන තේරවිලි වර්ග මෙන්න මේවායි.

1.ළමා තේරවිලි
2.හෝඩුවා තේරවිලි
3.වෙද ගැට
4.තුන් තේරවිලි
5. දහම් ගැට
6. ප්‍රහේලිකා
7.තේරවිලි සිව්පද.

මේ හැරුනම තවත් බොහෝ වර්ග තිබෙනවා ඇති.අන්දරේ , කොත්මලේ ගණිතයා,ගජමන් නෝනා,රංචාගොඩ ළමයා ආදී අය තේරවිලි ඉතිහාසයේ ඉන්න අය තමයි.මුඛ පරම්පරාවෙන් පැවත එන මේ තේරවිලි වල විශේෂත්වය වන්නේ...එකම තේරවිල්ල වුවත් පළාතෙන් පළාතට වෙනස් වීමක් ඇතුව ඉදිරිපත් වීමයි.

ඔන්න එහෙනම්...කියවල කම්මැලි නම් තෝරමුකෝ මේවා....

මම 5ක් දාන්නම්.උත්තර දන්නා අය...ප්‍රශ්න අන්කෙත් එක්ක උත්තරේ දාන්නකෝ.
තෑග්ග බලමු සයිබර් සැණකෙළිය ට එද්දී චොකලට් එකක් වත් මගේ ගානේ දෙන්න.....




1.මේක තුන් තේරවිල්ලක්

හෙරලි ඇඳුම

2. මේක  තේරවිලි සිවුපදයක්

අරටු අරටු දෙකකි  ගොනුට
පවන් සලන දෙකකි ගොනුට
ඔරවා බලන දෙකකි ගොනුට
දෙපිට ගසන එකකි ගොනුට

3.දහම් ගැටයක් මේ

ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝව තම්බාපිය
මෙතුන කරලා මාව කාපිය.....


4.හෝඩුවා තේරවිලි

රා මැද මුල තා ලන්නේ
අප දෙමළෙන් කැදවන්නේ
අකුරු තුනකි නම ගන්නේ
කැත ගමනකි ඌ යන්නේ

5. හෝඩුවා තේරවිල්ලක් මේකත්

උඩට ගිනි ලවා මොලවා තියෙන්නා
දෙගිනි මැදට යහනකි සරසා දුන්නා
දෙපිට තලා පොල් ලුණු ලා පොවන්නා
දෙගිනි මැද යහන දරුවෙක් සැතපෙන්නා


ඔන්න එහෙනම් ළමයි පටාන් ගම්මුකො මේවා විසදන්න....

ගිහින් එන්නම්කෝ

සුබ සති අන්තයක් ඔබ සැමට




26 comments:

  1. 1 කොස්... ඉතුරු වචනෙ දන්නෙ නෑ.

    2 කුල්ල ද මන්දා

    3 ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මෝහය නැති කිරීම

    4 තාරාවා

    5 ආප්ප හෝ කරකවන්නෙ නැති ආප්ප හැදීම

    ReplyDelete
    Replies
    1. 2 කාණු දෙකේ තුවක්කුවක් හෝ කෝච්චියක් ද කියලත් හිතෙනව. :)

      Delete
  2. ටිකාක් හරි.හැබැයි චොකලට් සඳහා මදි

    ReplyDelete
    Replies
    1. ඇති ඇති. මං ප්‍රශ්ණ ඔක්කොටොම කොහොම හරි උත්තර දුන්නු නිසා සැනසිලි ත්‍යාගයක් වශයෙන්, චොක්ලට් ඔක්කොම මට දීම සුදුසු යැයි මං යෝජනා කරනවා !! :)

      Delete
  3. \\\\අදටත් ඒ කියවිමේ පුරුද්ද තවමත් ඉතුරුයි\\\\\

    ඒ ගැන නම් මොකට කියනවද සුදා.......නිවාඩුව හිතලා කියන්නම්... කොහොමත් ඔයා මටා චොකෝ එකක් දෙනවනේ ;)

    ReplyDelete
    Replies
    1. කිඹුලෝ කොහෙද චොකලට් කන්නේ ? :D

      Delete
    2. සත්තු වත්තට ගිහින් කිඹුලන්ට චොකෝ දිලා බලනවකෝ ගෙඹිල්ලුශා

      Delete
    3. ඔයාට මොකටද චොකෝ.ඔයා නේ මට ගේන්නේ.,

      Delete
  4. අප්පා..... දන්නෙ නෑනෙ.....

    ReplyDelete
  5. දැන් ඔයා ආයේසති දෙක තුනකින් විතර එඅනකම් අපි මේවා විසන්දන්නම්කො ......,මෙන්න මේ දිනපොත දිගටම ලියනවද නිකම් කම්මලි වෙන්නේ නැතුව
    ....:D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අනුන්ගේ දින පොත් වලට හොට දාන් නැතුව හිටු..... මේ අවුරුද්දට හම්බුන ඩයිරියේ පිටු මෙයා ලිප පත්තු කරන්න උපයෝගි කර ගන්නවලු,ඒ විතරක්ද දැන් දැන් පාට් ටයිම් එකට ආගන්තුක අනංග සේවාව සපයනවලු හිකිස්...... ඔය හේතු නිසා ඩයිරි ලියන්න වෙලා නැතිලු

      Delete
    3. ආගන්තුක අනංග සේවා???/? මොකක්ද බං ඒ ?

      Delete
    4. ශානු වා මොකක්ද බටු ඇටේ ඒ අනංග කතාව.?
      මගේ චරිතේ ඝාතනය කරනවද බොල ඒ ගමන

      Delete
  6. පස්වෙනි එක ආප්පද?

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්නකෝ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැන් සති තුනක්ද කොහෙද බලං හිටියනේ. :-O

      Delete
  7. 4 5ට විතරයි හරි උත්ත්‍රෙ ලැබුහොආගත්තෙ.අනිත්ව පුල් අවුල්.චන්දන දිල නේ එ උත්තරෙත්

    ReplyDelete
    Replies
    1. ටිකක් හිතල බලන්නකො ලමයි

      Delete
  8. 4 5ට විතරයි හරි උත්ත්‍රෙ ලැබුහොආගත්තෙ.අනිත්ව පුල් අවුල්.චන්දන දිල නේ එ උත්තරෙත්

    ReplyDelete
  9. ගුගල් එකේ ගහලවත් හොයා ගන්න නෑ මේ ටික සික් අයියෝ සෝකලට්

    ReplyDelete
    Replies
    1. මොකෝ මේකෙන්.කෝ අනිත් එක..
      ගූගල් නෙවෙයි ඔලුවෙන් හිතනවා ලමයො

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. අංතිම එක විතරයි දන්නෙ
    නිච්චියටම ඒ ආප්පම තමා
    අනික්වා එකක් වත් දන්නෙ නෑනෙ බොලං...
    සැක්ඉතරක් සොකලට්

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න