Wednesday, January 15, 2014

70. 2014 සමගින් ....කළු සහ සුදු...ගේ චාරිකා සටහන්...

2014 ජනවාරි මසෙනුත් දැන් දවස් 15ක්ම ගෙවිලා ගිහිල්ලා..ඇත්තටම් මම බ්ලොග් එකේ කිසිම දෙයක් ලියලා නැහැ .මේ තරම් ලියන්න කම්මැලි කමක් ඇති වුන කාලයක් තවත් නැහැ .දුක කියන්නේ කිසිම හේතුවකුත් නැතුව මම ලියන්න කම්මැලි වීමයි...

මීට වඩා අතිශයින්ම කාර්ය බහුල වුන කාලවලදී පවා මම බ්ලොග් එක ලිව්වා .දිනපොත ලිව්වා...අනිත් අයගේ බ්ලොග් කියෙව්වා...කොමෙන්ට් දැම්මා..ඒත්..මේ වකවානුවේ මම ඒ මොකුත්ම කරලා නැහැ.වෙලාවකට මේ මම ම ද කියලා හිතෙන තරමට මම හුදෙකලා වෙලා....

ශානු ...රට ඉඳලත් මූණු පොත හරහා දැන් කීප සැරයක්ම මට මතක් කළා බ්ලොගේ ලියන්නේ නැද්ද අක්කේ කියලා ...ඇත්තටම් ලියන්න ඕන කියලා දැනුයි මට ඔන්න මට හිතට ගැම්මක් වගේ එකක් ආවේ...
අනේ මේ ගැම්ම දිගටම පවතීවා....

******************************************************************************************

ලියන්නට නිමිත්තක් හොයා හොයා ඉන්න කොට තමයි මතක් වුනේ පහු ගිය කාලේ දෙසැම්බර් මාසේ ගිය ට්‍රිප් රාජයා ගැනත් මොනවා හරි ලියලම පටන් ගත්තොත් හොඳයි කියලා..
පොඩි දෙන්නයි ලොකු ළමයයි මායි..අපි හතර දෙනා ඉස්කෝල නිවාඩුවට සාමාන්‍යයෙන් පොඩි ට්‍රිප් එකක් කවර් කරනවා නේ..වෙනදට නම් අපේ හසරැල් උන්නැහේ අපි එක්ක යන්න එනවා...ඒ වුනාට මේ පාර වර්ෂ අවසානයේ අතිශයෙන්ම රාජකාරි බහුලයි කියලා ආවේ නැහැ ...

ඉතින්...වෙනදට නම් අපි ට්‍රිප් එකක් යන්න ගියාම ..හොටෙල් බුක් කරන්නයි..යන රූට් එකේ මැප් එක හදන්නයි වැඩ ගොඩයි..මේ සැරේ මගේ මහත්තයා කිව්වා...ඔන්න ඔහේ ඉස්සෙල්ලා එලියට බහිමු..ඊට පස්සේ බලමුකෝ යන විදිය කියලා...
මාත් ඒ වගේ අවිනිශ්චිත වැඩ වලට පොඩ්ඩක් කැමතියි...මට මේ වගේ ප්ලෑන් නැති ගමනකට පුදුම ආසාවක් තිබුනේ කොහොමත්...හා..එහෙනම් යන්කෝ කියලා...අපි ඔන්න දෙසැම්බර් 23 එලියට බැස්සා...

මම වෙනදට නම් කෑම හදන යන්නේ නැහැ..මේ පාර වෙනසකටත් එක්ක..උදේට දවල්ට කන්න හදාගත්තා...මොකද මගේ මේ ළමයි 3 දෙනා ටම සාමාන්‍යයෙන් කන්න බැහැ...(රොඩ්ඩක් වත් ඉතුරු වුනොත් තමයි පුදුම )

යන ගමන් දඩගමුවේ කැලේ මැද්දේ නවත්තලා උදේට කෑවා..ඊට පස්සේ ට්‍රින්කෝ යමු කියලා තීරණය කළා...
කොහොමින් කොහොම හරි ට්‍රින්කොත් ගියා...නිලාවැලි මූද අයිනේ හෝටලයක් හොයාගෙන නැවතුනා...
අපි ගමනක් ගියොත් එකෙත් මොකක් හරි පරහකුත් තියනවා..මූද සැරයි හොඳටම ...මූදේ නාන්න නම් බැරි වුනා..පොඩි දෙන්න ස්විමින් පුල් බැස්සා..මම ඉතින් මූද අයිනට වෙලා..මගේ ෆෝන් එකේ චායාරුප හැකියාව උරගා බැලුවා...
මේ තියෙන්නේ එයින් සමහරක්...


හුදෙකලාවට කියාපු තැන....හරිම නිස්කලංකයි...


මේ නිලාවැලි මූදු තීරය...හරිම ලස්සනයි...


වැලි තලා මත ඇඳුනු පිය සටහන්...
හැබැයි මේකට මාරයා....නම් කිව්වේ..යෙටී ගේ පිය සටහන් කියලා....

කොහොමින් කොහොම හරි ....හවස් අතේ කොනේශ්වරම් ගියා...
සුන්දරයි...

මේ තියෙන්නේ තොටිලි ගහ...
දරු පල ප්‍රමාද වූ සහ අහිමි අය මේ ගහේ ..ලී තොටිලි එල්ලලා බාර හාර වෙනවා...
හරිම වර්ණවත්...


ලවර්ස් ස්ලිප්.....
මෙතනින් පහලට පැනලා ආදරවන්තයෝ සිය දිවි හානි කරගත්තලු...
මට නම් පහල බලද්දිත් මැරෙන්න බය හිතෙන තරම් එතන ගුප්තයි...



මූදේ ඈතින් සාම්පූර් පේනවා....
ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලයේ වරායට...ෂෙල් ගැහුවා කියනවා නේ සාම්පුර් ඉඳලා ඒ දවස් වල...


මේ තමයි රාවණා කැපුම...
මේ ගැන විස්තරයකුත් එතන තිබුනා..


චුට්ටක් ලොකු කරලා කියවලා බලන්නකෝ...විස්තරේ

හවස් අතේ ට්‍රින්කෝ ටවුන් එකට ගියා...
බීච් එක අයිනේ...කළු ගල් බැම්මක වැඩි වෙලා ඉද්දී ආව කඩල විකුණන මනුස්සයගෙන් කාපු කඩල ගොටු තරම් රස කඩල නම් මම කවදාවත් කාල නැහැ...ඒවා එලවලුත් දාලා හදන්නේ...
කොහොම හරි අපි 4 දෙනා රුපියල් 200 ක විතර කඩලම කෑවා...


හැබැයි..ඔය බිම තියන අපද්‍රව්‍ය අපි දාපුවා නෙවෙයි...මිනිස්සු කොහේ ගියත් පේනවා නේද...රටකට කරන දේ...පොලිතින්..ටින්..හිස් බෝතල්..හැම තැනම....රටක් ලස්සනට තියාගන්නේ කොහොමද ඉතින්...

ට්‍රින්කෝ වල අපි උන්නේ එදා විතරයි..පසුවදා ගත් ක්ෂණික තීරණයක් මත අපි ආවා පොළොන්නරුවේ...

ඒ ගැන පින්තුර සමග කතාව ඊළඟ පෝස්ටුවට...කල් දාන්න හිතුනා...මොකද දිග වැඩි පින්තූර කතා කියවන්න කට්ටිය කම්මැලියි නේ ...

 

අම්මෙක්ගෙයි පුතෙක් ගෙයි මේ සුන්දර ආදරේ මට දකින්න ලැබුනේ නිලාවැලි මූදු තීරෙදී....
ඒ ඇසිල්ලේම ෆෝන් එකෙන් මේ ටික මතකෙට තියාගන්නත් මට අමතක වුනේ නැහැ ...


ඉතින් ..පොළොන්නරුවේ විස්තරත් අරන් මම ඉක්මනට ඊළඟ පොස්ටුවෙන් එන්නම්...
සුබ දවසක්...හැමටම ..

35 comments:

  1. ජය වේවා. මං ඒත් බැලුවා ඩයරියාහ් හැදුන නගාට මක්කැයි බොල උනේ කියලා..

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ ඩයරියාහ් හොඳ වෙයි කියලා..නෑ එහෙම වෙන පාටක් නැහැ....ජයම වේවා...ගැරඩියා

      Delete
  2. ලොකු ලමයා කිව්වේ හබියට වෙන්නැ??

    ReplyDelete
    Replies
    1. ඔව්...අනේ ඒ තමයි මගේ ලොකු ළමයා..අර කඩල කන ෆොටෝ එකේ ඉන්නේ

      Delete
  3. සටහන සේයා රූ සේරම හොදයි. අර උදේට කෑවේ වේයන්ගොඩ දඩගමුව නම් වෙන්න බෑ කුරුණෑගල බඩගමුව විය යුතුයි කියා මට හිතෙනවා.

    දැන් දෙක බ්ලොග් පාර්ටි එකට නාවේ ට්‍රිප් එක නිසා කියල කිව්වට ගිහින් තියෙන්නේ 23 වැනිදනේ. ඒ කියන්නේ අපේ වැඩේට (21) එන්න අවස්ථාව තිබිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. යකෝ මුගෙන් බේරෙන්න බැරි හැටි.. රහස් පරීක්ෂකයෙක් වගේ..

      Delete
    2. නෑ නලින් අයියේ අක්කා යන්න හිටියේ 21 තමා අපේ මාමණ්ඩිගේ හත් දවසේ දානෙට එන්න කියන්න හිතන් ඉද්දි එයා කිව්වා 21 ට්‍රිප් එකක් යන්න පොඩ්ඩෝ ලෑස්ති වෙලා ඉන්නේ කියලා.....මොකක් හරි අවුලක් නිසා අක්කලා ට්‍රිප ගිහින් නෑ.....

      Delete
    3. ඔයා කව්ද... බ්ලැක් ඇන්ඩ්වයිට්ගේ.. හැක් හැක්...

      Delete
    4. මේ ශානු කියන්නේ කවුද හැබෑටම හසරැල්ලගේ......

      Delete
    5. ඔන්න නලියත් නාන්න හදන්නේ.. හැක්..

      Delete
    6. ද යන්නයි..බ යන්නයි මාරුවෙලා
      බඩගමුව තමයි....

      අනේ මට සමාකරත්වා...ඇත්තටම ට්‍රිප් එක යන්න උන්නේ 21 ,.අන්තිමට ලොකු පුතා ගේ ක්‍රිකට් ටුනමන්ට් එකක් එදාට වැටුණා..මීගමුවේ ..කොල්ලගෙන් බේරෙන්න බැහැ එකට යන්න ඕන කියලා...ඒ ගමන අම්මා ලෙස මටත් හවස ඒකට යන්නට වුනා...හැබැයි...මට එක පැයකට හරි බීච් පාටියට ඔලුව දාල යන්න ඕන කමක් තිබුණා..වෙලාවත් හරස් වුනා...එකයි ඇත්තටම වුනේ...ඊළඟ වතාවේ නම් අනිවාර්යයෙන්ම එනවා..එනවාමයි...

      ළමයි..ශානු කියන්නේ මගේ චූටි නංගි..හසරල්ලාගේ කවුරුත් නෙවෙයි..බොලා පද හදන්න එහෙම එපා..හරිද ...?

      Delete
  4. ළමයි හම්බවුනාම අර තොටිල්ල ගලවන් යන්න පුළුවන්ද? නැත්නම් අවුරුද්දකට එක ගානේ හම්බවෙයිනේ :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා Aru...තොටිල්ල වැලිඩ් වෙන්නේ මං හිතන්නේ එක පාරකට වෙන්න ඇති...නැත්නම් මහා අවුලක් වෙන්නේ ඔයා කියනව වගේ

      Delete
  5. //අනේ මේ ගැම්ම දිගටම පවතීවා....// මටත් එසේම වේවා :)

    සුන්දර චාරිකාවක්...

    ReplyDelete
    Replies
    1. මටත් ඔයාටත් බ්ලොග් ලියන සියලුම ජනතාවටත් මේ ගැම්ම එලෙසම පවතීවා...

      Delete
  6. මේන් මෙයා නැවතත් කරලියට........ඔහොම්ම ගැම්මෙන් ඉන්ට....සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. පොඩි එකී....තෑන්ක් u වේවා....

      Delete
  7. //අනේ මේ ගැම්ම/// මට තාම අවෙ නෑ නේ ඔය ගැම්ම... ජනවාරි මාසෙම පෝස්ට් නැති මාසයක් වෙයි වගේ... හි හි...

    මෙයාලා ට්‍රිපුත් ගිහින්.. අපි නං දෙසැම්බර් බිසී බිසී බිසී... හි හි

    ReplyDelete
    Replies
    1. මේකනේ හිරුවෝ....ඉස්කෝලේ නිවාඩු කාලෙට තමයි යන ගමනක් අපි යන්න වෙන්නේ...කොල්ලෝ දෙන්නට නිවාඩු මාස වල තමයි මෙහෙම ගමන් බිමන්

      ගැම්මක් ගන්න....ලියන්න

      Delete
  8. චාරිකා සටහන වගේම පින්තූරත් හොඳයි. දඩගමුව බඩගමුව ලෙසත්, ලවර්ස් ස්ලිප් ලවර්ස් ලීප් Lovers Leap ලෙසත්, වෙනස් කරන මෙන් කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කලබලේට ලියාගෙන ගියා මිසක් ආයෙම බැලුවේ නැහැ ...ස්තුතියි විචාරක තුමනි

      Delete
  9. අපිත් ගියා ඔය වගේ ඒවා. ලියන්න ඉන්නේ විවේකයක් ලැබුන ගමන්. ඔයාට දැම්මම රයිටර්ස් බ්ලොක් ඇවිත්ද?

    ReplyDelete
    Replies
    1. writers cramp නම් එනවා..මේ බ්ලොක් වෙන්න ගන්නේ ලියන හිත නේ

      Delete
  10. ඔයාලත් තොටිල්ලක් එල්ලුවා කියන ආරංචියේ ඇත්ත නැත්ත මොකක්ද හැබෑට..?

    ReplyDelete
    Replies
    1. එල්ලුවේ නැත්නං අහවල් මගුලටයැ එල්ලපු තොටිල්ලේ පින්තුරයක් දැම්මේ...

      Delete
    2. මෙච්චර ලොකු කොල්ලෝ දෙන්නෙක් හම්බ වුනාට පස්සේ අපහු මොකටද ළමයිනේ තොටිලි එල්ලන්නේ මම ..
      මම ඔය දේශකයා මාරයා වගේ මෙලෝ රහක් නැතුව වැනි වැනී ඉන්න උන්ට යහපතක් වෙන්න පොල් නම් ගැහුවා...(පිස්සුද...පොල් ගණන් කාලේ මම ඒ වගේ දේවල් කරන්නේ නෑ ..විහිලුවට එහෙම ලිව්වේ )

      Delete
  11. නිලාවැලි මම තාම ගිහිල්ලා නෑ.. යන්න ඕන වෙලාවක..

    ඔය ගැම්මෙන්ම ඔහොමම යමු එහෙනම්..

    ReplyDelete
    Replies
    1. කලින් වතාවක නම් මම නිලාවැලි ගිහින් නැවත් එක්ක...යන්න මල්ලි ලස්සනම ලස්සන මුහුදු තීරයක්

      Delete
  12. වෙල්කම් කිව්ව,අම්මප ඇත්තෙයි ඔය තොටිල්ල එල්ලපු කතාව

    ReplyDelete
    Replies
    1. ඔය කතාව දැක්කා වගේ කියන හාදයා ගැන ඔයාත් දන්නවා නේ මල්ලි....

      Delete
  13. ආයෙත් ලියලා තියෙන්නේ එහනම් ,කොහෙද ගිහින් හිටියේ අක්කේ....මේ මම ඔයාගේ ෆේස්බුක් පේජ් එක හොයාගත්තනේ හූ හූ ..

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් ඔයා මට රික්වෙස්ට් එකක් දැම්මද ....දාන්න හරිද...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න