Sunday, January 19, 2014

71.මගේ 2013 චාරිකා සටහන - දෙවැනි කොටස

ඉතින්..ගිය සතියේ චාරිකා සටහන කියවපු ඇත්තෝ මට මඩ වගේම මලුත් එවලා තිබුණා..
ඒ ඔක්කොටම බොහොම ස්තුතියි..
මේ ඉතින්..ලියන්නට යන්නේ ඉතුරු කොටස...
මේකෙන් මේ සටහන ඉවර වුනොත්..මම පුරුදු පරිදි දිනපොත සහ මගේ කෙටි සටහන් ගොඩට එනවා ආපහු..
නැත්නම් මගේ චාරිකා බලලා ඇති වේවි ..

පොළොන්නරුවට ආව ගමනේ තොරතුරු...තමයි මේ ..

දෙවැනි දවසේ උදේ පාන්දරම කෑම කාලා ඔන්න අපි හතර දෙනා එලියට බැස්සා...
පාර වල නම් අපුරුයි ...අපේ මහත්තයා හැටට හැටේ යනවා..දෙපාරක්ම පොලිසියෙන් ඇල්ලුවා...
මොකුත්ම නොදී දඩත් නැතුව කොලත් නොලියා ශේප් වුනා...සල්ලිත් නොගෙන...හොඳම හොඳ පොලිසියක් නේද ලංකාවේ තියෙන්නේ

පොළොන්නරු එන ගමන් අපි ගිරිතලේ වැව් බැම්මට ගියා...අපේ මහත්තයයි මා යි ඉන්න ෆොටෝ එකට මූණු පොතේ මඩ මහා ගොඩක් වැදුනේ අන්න එහෙදි තමයි...
හරිම සුන්දර තැනක්...මහා වැවක්...


ගිරිතලේ වැව් බැම්මේ තව ටිකක් එහාට යද්දී තියනවා ..වන ජීවී දෙපාර්තමේන්තුව ට සම්බන්ධ කෞතුකාගාරය..පොඩි දෙන්නට වගේම අපි දෙන්නටත් ඒක හරිම අපූරු අත්දැකීමක් ගෙනාවා..පොඩි තැනක් වුනාට ඒක හරි අපූරුයි..

සංරක්ෂණය කරන ලද විවිධ ආකාරයේ සතුන් මෙහි තිබුණා..ඒ පැත්තේ යනවා නම් පොඩි අයට අපූරු තැනක්...

පොළොන්නරුවට ඇවිල්ල දවල්ට කාලා එහෙම අපි ඇවිදින්න ගියා...කීප වතාවක්ම පොලොන්නරු ගියාට ළමයි දෙන්නට වගේම ...අපිට වුනත් කොයි තරම් බැලුවත් ඒ දේවල් ඇති වීමක් නැහැ...

නටබුන් සහිත ප්‍රදේශය එක ආසන්නයේ පිහිටි නිසා...බලන්න යන්න ලේසියි...

පුලතිසි පිළිමය..

මෙතැන දැන්වීමක් දාලා තියනවා..පිළිමය පමණක් චායාරුප ගන්න...පිටුපාලා..පුද්ගලයන් ට ගන්න එපා කියලා...සිංහලෙන්ම ..ඒ වුනාට එක දිහා බල බලා අපේ මිනිස්සු කරන්නෙම ඒ දේමයි...අනේ ඇත්තට..

මේ නිශ්ශංක ලතා මණ්ඩපය..


රන්කොත් වෙහෙර...

කිරි වෙහෙර ..
මේ සුදු පැහැය ..පසු කාලීනව හුණු පිරියම් කල එකක් නොවෙයි ලු...මුලින්ම තිබුන පැහැයමලු...
අනිත් දේ තමයි ජනප්‍රවාදයේ කියවෙනවා..මෙහි වර්ණය ගැනීමට ඒ කාලයේ උන්න කිරිමවුවරු තමන්ගේ මවු කිරි දුන්නා කියලා....


නමක් හරියටම මතක නැහැ...ඒ වුනාට මේ කොළ පාටට මගේ ඇහැ ගියේ....

පොළොන්නරු ගියාම මගේ හිතටයි ඇසටයි දෙකටම සමීපම තැන තමයි ගල් විහාරය...
මේ තරම් සජීවී විදියට පිළිම නෙළන්නට..ඒ කාලේ උන්න කලාකරුවන් ගේ හැකියාව ගැන හිතාගන්නවත් බැහැ

පින්තුර ගොඩක් දාන්නට මම නොහිතන්නේ ..ඒවා මුණු potha හරහා මම දැම්ම නිසා..

පොළොන්නරුවේ අපි නැවතුනේ සාමාන්‍ය තැනක අහම්බෙන් ලැබුණ..පරාක්‍රම සමුද්‍රයේ එක පසක තිබුන මේ තැනට මම ආසයි...උදේම ඇහැරලා එලියට බැහැලා..පිණි පිරුන වැව් පිටියේ ඇවිදන් යද්දී...මා දුටු සොඳුරුම දසුන මේ ..

ඉතින්..මගේ චාරිකා සටහනේ තව චුට්ටක් ඉතුරුයි...ඒක මේකට එකතු කරන්න බැරි වෙයි...කමක් නැහැ...නේද..?තව සතියකට ඉඩ තියමු...
ජීවිතේ අපි අපේ  පුංචි රට ඇතුලේ ටිකක් හරි ඇවිදින්න ඕන..ලෝකේ තියන ලස්සනම රට අපේ රට..අපි ඒ රට රක නොගත්තොත්..ඉස්සරහට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ...
මට දැනුන දේ මෙන්න  මේකයි...


ඉතින් ගිහින් එන්නම්....
ආයේ හමු වෙමු....


සුබ සති අන්තයක් වේවා....


30 comments:

  1. විශ්‍රාම ශාලාවේ නේද අක්කෙ මේ නැවතිලා තියෙන්නේ?කිරි වෙහෙරෙ සුදු පිරියම් කලේ ගිය අවුරුද්දෙ.මාත් ගියා

    ReplyDelete
    Replies
    1. නැහැ මල්...මල්...අපි නැවතිලා උන්නේ Hotel lake park කියලා එකක ..පොඩි හොටෙල් එකක්...

      Delete
  2. මම කලින් කිව්ව නේද ගිරිතලේ හිටියේ අපේ ලොක්කෙක් වන ගෙම්බෙක් කියලා.. ඔන්න දන්නැත්නං බලන්න.

    http://gaminievijith.blogspot.com/2013/06/42.html

    ReplyDelete
    Replies
    1. //ගිරිතලේ හිටියේ // ගාමිණී අයියා දැන් නැද්ද එහේ.... ?

      Delete
    2. දැනුයි ඒක හරියටම තේරුණේ..ගාමිණි විජිත් මහත්තයා ගැන කිව්වේ කියලා...ඔයා කලින් ගෙම්බෙක් ගැන නේ කිව්වේ

      Delete
    3. ගාමිණි ලොක්කා ගෙම්බෙක් තමා.. ලංකාවට ආවේණික. දැං ගිරිතලේ නෑ චන්දන. මං මේල් එකක් යැව්වා කිසිම කතාවක් නෑ..

      http://gaminievijith.blogspot.com/2013/03/37.html

      Delete
    4. අර ආහාර වට්ටෝරුවෙන් පස්සේ මොකවත් ලියලත් නෑ තමයි...

      Delete
    5. අද උත්තරයක් ලැබුනා.. “වෙලාවක් නෑ මෙයා“

      Delete
    6. @ දේශා..

      අහ්.. එහෙම ද..

      Delete
  3. ඔයා සංචාර යන්න පටන් ගත්තද ඒ ගමන ,ඒ මදිවට කොටස් තුනක් කඩලා.....ඔයාගේ මහත්තයාවත් ටිකක බයකරලා යැව්වද පොලිසියෙන් ..?

    ReplyDelete
    Replies
    1. තමුනුත් බුකියේ ඉන්නවද?විනාසයි.... ගෙම්බා
      :p

      Delete
    2. සංචාර යනවා නිවාඩු කාලෙට..හැබැයි ලියන්න නම් ඒ තරම් වෙන්නේ නැහැ..තවම මගේ 2014 බ්ලොග් ට්‍රැක් එක ඔලුවට ආවේ නැහැ මල්ලි..ඒකයි මෙහෙම එකකින් පටන් ගත්තේ...
      මහත්තයා නෙවෙයි..පොලිසියට මතක තිබිලා තියෙන්නේ,,..එයාගේ වාහනේ...

      ශානු...මොකෝ ප්‍රගීත් මල්ලිට ගෙම්බා කියන්නේ ..පවුනේ අනේ

      Delete
    3. ඔය ගෙම්බි ඔහොම්මමයි අක්කේ...... :D

      Delete
    4. මෙතන වතුර වලක් වාගේ නෙ. ගෙම්බොයි ගෙම්බියොයි... ඉස්ගෙඩියෝ නැතෙයි...:)

      Delete
    5. ඉස්ගෙඩියෝ නැහැ බං.....ගෙම්බන්ට කොන්ඩම්ස් පුරුදුකරවලා.

      Delete
  4. නියම කැප්චර් එකක් ලාස්ට් පොටෝ එක ඈ.. ඒ ඇහැට ලයික්..
    නියමයි.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. සමීර සඳරුවන් කිව්වම නේ මේ ඔයා කියලා මතක් වුනේ...තෑන්ක් යූ වේවා...

      Delete
  5. මම තාම පොළොන්නරු ගිහින් නෑ අක්කෝ......එත් ඔයාගේ පින්තූරු ටික නම් ආසාවෙන් බැලුවා.....ආයේ ලංකාවට ආව දවසක යන්ට ඕනා....පිළිම ටික දකිද්දි නම් මෙන්න මේ සිංදුව මතක් උනා අහලා බලන්ටකෝ
    http://youtu.be/aytHrXOAMDY

    ReplyDelete
    Replies
    1. ඔව්...ආව වෙලාවක යන්න...දවස් දෙකක් ඇති ඔය ටික නිදහසේ බලල එන්න...

      Delete
  6. මතකයි පුංචි කාලෙ අම්ම එක්ක පොළොන්නරු ගියා. මට අවුරුදු තුනක් විතර ඇති මයෙ හිතේ. ගිනි කාශ්ටකේ මගේ පුංචි සපත්තු දෙකේ අඩියත් විනිවිදගෙන පොළවෙ රස්නෙ කකුලට දැනුණා. කකුල් පිච්චෙද්දි මහ හහියෙන් බෙරිහන් දීලා මම ඇඬුවත් අම්ම මාව වඩාගත්තෙ නැ.

    ඒ සිද්ධිය නිසා මට කවදාවත් පොළොන්නරුව අමතක වුණේ නෑ මම අච්චර පොඩි වුණත් ඒක වෙද්දි....

    (අම්ම එදා මාව වඩා නොගත්තු නිසයි අදටත් ඒක මතක. ඒ මතකය නිසයි මේ කමෙන්ටුවත් :) )

    ReplyDelete
    Replies
    1. සිත්තරී....ගේ මතකය සුන්දරයි..නේද කකුල පිච්චුනාට...

      Delete
  7. ඔන්න එහෙනම් පොලොන්නරුත් ගියා.. ම්ම්.. මං උඩ තිබුණු පරාක්‍රම සමුද්‍රය හොරකම් කළා. :)

    ReplyDelete
    Replies
    1. චන්දන මල්ලි..හොරකම් කරලා මොකෝ කරන්නේ..අනේ මන්දා..පරාක්‍රමබාහු රජ්ජුරුවෝ මොනා හරි කියයිද කියලා..මට නම් කමක් නැහැ...

      Delete
    2. මං ඒක වෝල්පේපර් එකට දාගත්තා... රජ්ජුරුවෝ දැක්කේ නෑ මයේ හිතේ මං ඒක ගන්නවා.. :)

      Delete
  8. ඔයාලා ගිය ගිරිතලේ වනජීවී කෞතුකාගාරය මෑතක් වෙනතුරු භාරව හිටියෙත් බ්ලොග් ලියන අපේ ගාමිණී සමරකෝන් බව කලු සුදු දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. Na ne Dude....passey danne..me comment kiyawala

      Delete
  9. පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ඔය අතේ තියාගෙන ඉන්න ගස්ලබු කෑල්ල කාලා ඉවර කරන්නේ කවදාද? එක්කෝ කන කෙනෙකුට දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. Me inne pulathisi nam wu irisiwarayaa kiyala neda kiyanne..parakramabahu rajathuma newey lu

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න