Saturday, August 31, 2013

57. දිනපොත සතියකට පසු

ඉතින් ...ගිය සතියේ දිනපොත ලිව්වෙත් නැහැ...
බ්ලොග් කියවන්න ..කොමෙන්ටු දාන්න එන්න වුනෙත් නැහැ...
ඒ වුනාට ..දිනපොතේ කියවන අයට ඒක ඒ හැටි දැනිලා නැති පාටයි..නැත්නම්..පරණ දිනපොතේ කොමෙන්ටුවක් නැත්නම් තර්ජනයක් වත් තියෙන්න එපැයි...
නෑ...නෑ..විහිලුවටයි ලිව්වේ...හැමෝම කාර්ය බහුල අය කියලා මම නොදන්නවයි...
ඔන්න ඉතින් ආපහු ලියන්න ආවා...
කියවලා බලලා අදහසුත් කියමුකෝ එහෙනම්..



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
26. සඳුදා 2013




ඊයේ තමයි ශිෂ්‍යත්ව විභාගය ඉවර වුනේ...කොයි තරම් කිව්වත් හිතට මටත් නිදහසක් දැනෙනවා..අඩු තරමේ මේ පන්ති කෙරුවාව වත් ඉවර වෙනවනේ...
පුද්ගලික පන්ති යවන්නට පුද්ගලිකවම අකමැති වුනත්..නිවසේ අයගේ වගේම පාසලේ ගුරු භවතුන්ගේ ඉල්ලීම මත මගේ පොඩි එකාවත් මම පන්තියකට යැව්වා...පොඩි එකා වුනත් ඒ හැටි අකමැත්තක් නැහැ පන්තියකට යන්නට..ඒ නිසා හිතට බරක් නැතුව යැවුවා...

විභාගය ඉවර වනතුරු මම පාසලට අල්ලපු වටේ තියන පන්සලේ උන්නේ...අම්මේ....මේ පෑවිල්ල කාලේ නිසා හොඳයි..නැත්නම් මේ අම්මලා තාත්තාලා..බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කමට පැන් කල හලන තරමට බෝධීන් වහන්සේට ජලය මට්ටම වැඩි වෙලා වෙන දෙයකුයි වෙන්නේ..(කට..කට....)

අපේ මිනිස්සුන්ට ආගම ධර්මය ගැන භක්තියක් පහල වෙන්නට..දුකක් කරදරයක් ..එහෙමත් නැත්නම්..විභාගයක් වත් එන්න ඕන නේද...?..කියලා මට හිතුනා...

****************************************************************************

27.අඟහරුවාදා 2013



ඔන්න මගේ නිවාඩු සමය ඇරඹුනා..මේ තරම් කල් නිවාඩු නොදමා ඉතුරු කර ගන්නා ලද නිවාඩුව අරන්..දවස් 4ක ...මම ගමේ ගියා...
රත්නපුරෙන්වත්..පැල්මඩුල්ලෙන්වත් ...නෙවෙයි ඔන්න ගියේ...( චන්දන..නදිනි..දෙන්නම තරහ නෑ නේද..?)
DOT....ඔයාව බලන්නත් එන්න බැරි උනා...( මගේ අප්පච්චියේ..මාතර තියන කොත්තු කඩ ගොඩ..)

බෙන්තර  ගඟෙන්  එගොඩ වෙලා..අර ඇස් ඇරන් නොආ සත්වයා වගේම මම කාලෙකින් ගමට ගියා..පොඩි වුන් දෙන්නත් එක්ක බස් එකේ ගියේ..අපේ මහත්තයා එක්ක යන්න එන්නම් කිව්වා...අපි කලින්ම ගියා..

කොහොම වුනත්..පරණ මතකයන් රැඳෙන මාතරට තවම ත් මම ලෝබයි...ඉස්සර ඇවිදපු පාරවල්...ආ ගිය තැන්....ඉස්කෝලේ...ඔය සේරම ඇහැට අහු වෙද්දී..හිතෙන අපි යන්නේ පොඩි කාලෙට...
මගේ ලොකු මල්ලි  රටේ නැතත්...මට ඉන්නවනේ හොඳ නෑනෙක්,....දෙයියනේ කියලා කන්න ඕන මොනවද අහ අහ හදල දෙනවා...පුදුම නිදහසක් වින්දේ...

****************************************************************************

28.බදාදා  2013



උදෙන්ම කන්න බොන්නත් හදාගෙන ගමේ ගියා..ඊයේ හිටියේ මාතර..අද ගමේ....හසරැල් ගේ නිවහන..අපේ මහ ගෙදර...( හසරැල්ලා නම් පුරුදු පරිදි වැඩට ගිහින්..කොහෙද..එක දවසක් මේකාට ගෙදර ඉන්න බැහැ නේ...)

අපි පුංචි කාලේ හැදුන වැඩුන තෝතැන්න ...හසරැල් ඒකේ සුන්දරත්වය අඩුවක් නොවෙන්න..අලුතින් පොඩි වැඩ කෑලි දාලා..හරිම ආසයි...

උඳුපියලිය පිරුන මිදුල..සෙරෙප්පු දෙකක් නොදා ..ඇවිදින්නට ලැබෙන පිරිසිදු බිම් කඩක් තියෙන්නේ ගමක විතරයි නේද...?

ගමේ වෙල් යායවල් ගානේ ...ඇවිද්දා..කුරුළු පිහාටු එකතු කළා...ගොයම් කපලා ඉතුරු වුන වෙල් ඉපනැල්ලේ දුව ඇවිද්දා....ගඟ බලන්න ගියා...

දන්නා අඳුනන බොහොමයක් දෙනා එක්ක අවුරුදු 4කට විතර පස්සේ පුරුදු ගැමි වහරෙන්ම ..මක්කයි..ඔහේ... කියලම කතා කළා...

හිතට නිවනක් දැනෙන තැන...අඩුව එකම එක දෙයයි..ඒ ඔයා නැතිකම විතරයි...අම්මේ...
අම්මගේ සොහොන ලඟට ගිහින් හිතෙන් ඒ දේ කියලා...එයාගේ හිස තියන ඉසව්ව අතගාල මම ආවා...

*****************************************************************************

29. බ්‍රහස්පතින්දා  2013.



ගමේ ගියාට අද ආපහු ආවා....ඉක්මනටම එන්න වුනා..අපේ මහත්තයට වැඩ වගයක් නිසා...
යද්දී ගියේ නෝමල් පාරේ..පැය 4 කට වඩා එදා මට මගට ගත වුනා..
එද්දි ආවේ අධිවේගී මාර්ගයේ...
හරිම කෙටි කාලෙකින් ආවා..ඒකත් ඉතින් හොඳ දෙයක්..හොඳ දේට හොඳයි කියන්නත් එපැයි නේද..?

ඉතින් ...සුබ ආරංචියක් ...කට්ටියම අහන්නකො..

මගේ උපාධි ප්‍රතිපල ආව....නිල ප්‍රතිපලය...

second upper class එකක් එක්ක ඔන්න මම සමත්...

හොඳයිනේද..?

ගෙදර වැඩයි.....හොස්පිටල් එකේ වැඩයි.....ළමයින්ගේ වැඩයි...ඔය සේරම කරන ගමන් උපාධියකුත් කරපු මට..මේ ප්‍රතිපලය නම් හුඟක් වටිනවා...

*************************************************************************

30. සිකුරාදා 2013



ගෙදර ආවට අද වැඩට ගියේ නැහැ..මගේ ලොකු කොල්ලා...ඉස්කෝලේ 10 ට යනවා...ඉතින් ..තවම පොත් වලට කවර දාන්නේ මේ අම්මා තමයි...

ඉස්කෝලේ දෙමාපිය හමුවටත් අද යන්න තිබුනා...ඒකටත් ගියා..වැඩ ගොඩයි...

හෙට ඉඳන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතු...කන්දක් රෙදි සෝදලා..ඉවර කරලා..පොඩි විවේකයක් ගත්තා...( ගමනක් යනවා කියන්නේ..කන්දක් උසට රෙදි ගොඩ ගැහෙන එක නේ..)

ගමට ගිහින් ආවම..අලුතින් ජීවත් වෙනවා වගේ හැඟෙනවා...ඒ මට පුරුදු මගේ ම අඩවිය නිසා වෙන්න ඇති නේද..?
ඒත්....හැමදාම ඉන්න බැහැ නේ...ඊළඟ නිවාඩුව වෙනකල් ඉන්න වෙනවා...


***************************************************************************

ඉතින් සුබ සති අන්තයක් ඔබ සැමට...

ගිහින් එන්නම් හොඳේ....


34 comments:

  1. උපාධිය හොඳින් සමත් වුණාට මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා නංගි...

      Delete
  2. සුබ පෑතුම් අපෙ අලුත් උපධිධාරිනියට
    මුලිනම කියන්නෙ මොකො බොල හෙවුවෙ නෑත්තෙ.හෑමදාම ඈවිත් බෑලුව.
    බොධි පුජ කියන්නෙ මෑතකදි එකතුවෙච්ච එකක් නෙද ?
    මාතර රසම කොත්තු තියෙන්නෙ බතුත පාරෙ කඩේක.
    වෑදගත්ම එක..................මෙ දවස්වල එක එක එව කන්න ආස හිතෙනවද (සන්තොසයි හෑක් )

    ReplyDelete
    Replies
    1. 1. සුබ පැතුමට අනේක වාරයක් ස්තුතියි...

      2. අනේ සන්තෝසයි...ඇවිත් හොයලා බලලා ගියා නම්..

      3. බෝධි පූජා නම් ලඟදි ආව දෙයක් නෙවෙයි..අපේ මුතුන් මිත්තොත් කළා..එත් දැන් වැඩේ යන්නේ රැල්ලට නේ...

      4. බතුතා පාරේ තියනවා කියන්නේ දැන් ද අනේ..දෙසැම්බර් වෙනකල් ඉන්න එපැයි ඕකට...මම කට්ටියම එක්ක ගිහින් ඔන්න රාහුල පාරේ අලුත් තැනකින් කොත්තු අරන් ආවා...

      5. අනේ බොල..මගේ වයසට එහෙම ආසාවල් පහල වෙන්නේ නැහැ නොවැ..
      ඒ වුනාට දෙයියන්ගේ පිහිටෙන් කන්න නම් කිසිම බැරි කමක් නැහැ...ඕකට හේතු මොකටද ..කන එකනේ තියෙන්නේ හදල දෙනවා නම්..( අවංකවම කිව්වොත්..හොස්පිටල් එකේ වැඩ කරන නිසා ද මන්දා..මට මගේ ළමයි දෙන්නා හම්බ වෙන්න ඉන්න කාලේවත් ඔහොම දොළ දුක කියලා එකක් ආවේ නැහැ..

      Delete
    2. උන්ගෙ කොත්තුව රස උනාට හෙන චුට්ටයි දෙන්නෙ.. beach road එකේ "මයුර" එකෙත් හොඳයි. නැත්නම් ටිකක් ගණන් උනත් "අඹ සෙවණෙ" එක පට්ටයි

      Delete
    3. ඔයාල වගේ අලි බඩවල් තියන කොල්ලන්ට මදි උනාට අපිට නම් ඒ කොත්තුවත් ඇති උනා...මයුර එකෙන් නම් කාල තියනවා..අඹ සෙවන ගැන ඇහුවේ මේ සැරේ ගියාම..එත් යන්න වෙලාව නැති උනා...

      Delete
  3. // second upper class එකක් //
    මගේ සුභ පැතුම් .
    බොරු කියන්න ඕන නෑනේ . මමනම් ඇත්තටම මේ දින පොත පොස්ට් එකක් දාලද කියලා බැලුවා . හිහිහිඉහිහිහ්
    නැන්දා නෙකෙන් වගේ මේ ලියන එක්කෙනා . :p :p

    මාතර පැත්තේ කිව්වා නේද ?
    හොඳයි හොඳයි . අපෙත් ගම ඒ පැත්තේ තමා . හැබැයි දෙවියන්ගේ නගරේ . දැන් ඉන්නේ මැණික් නගරේ .

    ReplyDelete
    Replies
    1. //නැන්දා නෙකෙන් වගේ මේ ලියන එක්කෙනා . :p :p //
      කට කට !!! නංඟී කියන්න බැරිම නම් අක්ක කියන්න

      Delete
    2. වයස නම් අවුරුදු 40ට ඔන්න මෙන්න...ඕන නෑ කමක් කියන එකයි...පී...පී...ගාන්නේ මේ ඔක්කොම තාරවොද...?

      නැන්දා කිව්වට මට දුවලා නැහැ..ඒකත් මතක තියා ගත්තොත් හොඳයි වයලිනෝ...හිකිස්..

      dot..ඊළඟ පාර නම් මම ඔයාට මොනවා හරි ගෙනල්ලා..අර බීච් රෝඩ් එකේ ළමා උයනෙන් හරි තියලා යනවා...මගේ පැත්තට කතා කලාට..

      Delete
  4. කොහොමද දැං මාතර නේ... ට්‍රැෆික් ලයිට් ගහලා, ගස් වවලා බුද්ධිමතුන්ගේ පුරවරය දැන් හරිත පුරවරයක් කරලා.. කොහෙද මෙහේ ඉන්නත් පින තියෙන්න ඕන :)
    කොත්තු ගැන කතා කරද්දි නම්........... ඔය කඩ චෝරු කන්න හොඳ නෑ කියල අම්ම කියපු නිසා මං දැං කන්නෙ නෑ

    උපාධිය මොකක්ද ? ගෘහ පාලනය පිළිඹද පශ්චාත් උපාධියක්ද ? හිහි මොකක් උනත් සුභ පැතුම්...

    ලොකු බබා 10 කියන්නෙ දැන් ඒකට කෙල්ලෙක් ඇති. පොඩ්ඩක් හොයල බලන්න. මට නම් 3 වසරෙ ඉඳන් හිටියා.. :P

    ReplyDelete
    Replies
    1. අම්මෝ..මාතර නම් අවංකවම කියන්නේ මාරම..මාර ලස්සනයි..මල් වැවිල්ල නම් කියලා වැඩක් නැහැ...(නාලක ලු නේද මල් පෝච්චි....ඒවා නම් හරිම කලාත්මකයි..)
      මාතර ඉන්න පින නැහැ..dot..අපේ ළමයි..මහත්තුරු එක්ක ගමට එන එක හීනයක්...කවදා හරි පැන්ෂන් වත් ගිහින් එන්නයි හිතන් ඉන්නේ...

      උපාධිය නම්.මගේම වෘත්තියට අදාළ එකක්..ගෘහ පාලනයට තියෙන්නේ...P.Hd..නේ..( පිගන් හෝදන ඩිග්‍රිය)

      ලොක්කට තවම නැති පාටයි..මෑන් එක විදියක්...කෙල්ලෝ නම් බැල්ම දානවලු...ඔන්න ඔහේ ඕන එකක්..මම හිට්ලර් අම්මා කෙනෙක් නෙවෙයි නේ...

      මොකක්..3 වසරේ ඉඳන්....ඔයාට...කෙල්ලෙක් හිටියා..අපොයි..

      Delete
  5. ලද ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා...

      Delete
  6. // second upper class එකක් // ගන්න එක ලේසි වැඩක් නෙවෙයි ,අතිවිශිෂ්ටයි...අපෙන් සුබ පැතුම්. කොහොමත් හමූම වැඩියම ආදරෙකරන්නේ පරණ මතකයන් රැඳෙන තැන්වලට තමා .

    ReplyDelete
    Replies
    1. ඔව්..ඉවාන්...හැබැයි තියන දුක..first class එක ගහලා ගියෙත් එකම එක සබ්ජෙක්ට් එකකට c එකක් ආව නිසා...මේ ෆැකල්ටියේ අපේ උපාධියක් පටන් ගත්තේ මේ මුල්ම වතාවට..එතකොට නීති මාලාව ටිකක් තදට තිබුනා..

      ඒ වුනාට සේරම වඩාත් එක්ක මේ තරමට ගත්තු එක මට ඇත්තටම ලොකු දෙයක්...


      පරණ මතකයන් රැඳෙන තැන්..මුළු මාතර ම තියනවනේ..ඒ උපන් පළාත..අවුරුදු 23ක්ම හිටපු ගම.නේ...

      Delete
  7. කලු සහ සුදු. ඔයාගේ ජයග්‍රහණයට සුභ පැතුම් පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි sir.....

      Delete
    2. ඔයා ගුරුතුමෙක් නේද..?ඉතින් sir කිව්වම මොකෝ...

      Delete
    3. හලේ... ඒ වුනාට නයිට් නාමයක් නැති හන්දා නිකම්ම ඩූඩ් කියාපියෝ.

      Delete
    4. මේ ඩූඩාගෙ හැටි දන්නව නම් එදා ඉඳලා ඒ ඉස්කෝලෙට ළමයි එවන්නෙ නෑ ගෙවල් වලින් :P

      හැබැයි ඇත්තම කතාව ඩූඩා නරක් කරෙත් ඒ ඉස්කෝලෙ ඇට්ටර කොල්ලොලු

      Delete
    5. මේ dot නම් නොදන්නා දෙයක් නැහැ නේ බලන් යද්දී..මගේ පොඩි කලේ විස්තරත් දන්නවා ඇති බලන් යද්දී...හිකිස්...

      Delete
  8. බ්ලැක් & වයිට්........HOT HOT සුභ පැතුම්!!!!!!!!!!

    ReplyDelete
  9. මහන්ස්සියෙන් ආයෝජනය කර ලැබූ ඉහල ලාභයට සුභ පැතුම්..!!
    ලිපිය ලියන්න පෙර කොටල තියෙන එක කියවද්දි අපේ රවී ගොයිය මගෙ ප්‍රතිචාරයකට මෙහෙම උත්තර බැදල තිබුන.
    >>Kenji @ JapanAugust 22, 2013 at 6:10 AM

    ආතල් එක කෑව මගදී නවත්තල.
    අර පැය භාගෙන්,භාගෙට වදිනව කිව්ව එකෙන්ම හිතා ගන්න පුළුවන් බුවා කොහොම කෙනෙක්ද කියල.
    ReplyDelete
    Replies

    RaviAugust 22, 2013 at 3:06 PM

    ජපානයේ කෙන්ජි,

    නවත්තන්නෙ නැතුව කොහොමද බං?..මම වෘත්තීය කතන්දර ලියන්නෙකුත් නෙවෙයි බොල වෘත්තීය පාඨකයොත් නෙවෙයි නෙව...අපි ඔක්කොම මේ ගෝස්තරේ හොයාගන්ට දත කන අව්වස්සෙ හුදෙක් ජොලිත්වය රැකගන්ට කරන කර්තව්‍යයක් නෙව. ඉතිං ඉඩ කඩ ලැබෙන පරිදි තමයි මේ වැඩේ කොරන්ට වෙන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. රවිගේ මේ කියමන මට හැම තිස්සෙම අකුරු කොටද්දි මතක් වෙනව.

      Delete
    2. බොහොම ස්තුතියි kenji...අනේ ඇත්තමයි...ඔය උඩින්ම තියන ටික නම් මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ...

      Delete
  10. ඉස්තරම්.. ඔය ඔක්කොම අස්සෙ ක්ලාස් එකෙක් එක්ක උපාදිය කරගන්න එක ලේසි වැඩක් නෙවෙයිනෙ.. උණුසුම් සුබපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් අයියා...
      ඇත්තටම ඒක කොහෙත්ම ලේසි වුනේ නැහැ මටත්..හැබැයි අන්තිමේදී..ඔන්න වැඩේ හරි...

      Delete
  11. harime satutui.. labagaththu jayagrahanayate hadawatinme suba patanawa...

    ReplyDelete
    Replies
    1. ඔයා මට ගොඩාක් උදව් කළා නේ..ඒකට ස්තුතියි කියලා අඩු තක්සේරුවක් දෙන්න බැහැ...ඒ නිසා...මේ සතුටේ කොටසක් ඔයාටත් දෙන්නම්...

      Delete
  12. අපිටත් A/l exam iwarai මාර ෆ්‍රී දැන්නම් හෙට clz එකේ කොල්ලොටික සෙට් වෙනවලු මටත් ඉන්විට්ටේශ්න් අවා ගෙදරින් තමා අවුල සික්

    ReplyDelete
    Replies
    1. A/L ඉවර වෙලා ළමයි ගෙදර යන කොට සුදු යුනිෆෝම් නිල පාට වෙලා තියනවා මාත් පහු ගිය දවස් වල දැක්කා...කොල්ලෝ සෙට් උනාට කමක් නැහැ..ඒකෙ ගාන දන්නේ නැති එක නේ වැරැද්ද..පහු ගිය දවස් වලත් set වෙච්ච හැටි දැක්කා නේද..දියඇල්ලක නාන්න ගිහිල්ලා..

      බොරලුගොඩ මහත්තයෝ...අම්මලා permission දෙන්නේ නැත්තේ පන්න ඔය වගේ ගිනි උහුලන්න බැරි බයටයි...ඒ ගැන අහිතක් හිතන්න එපා..

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න