Tuesday, August 20, 2013

56.මේ මගේ දිනපොතයි...

 12.08.2013...සඳුදා...


ඉතින් අද නම් සඳුදාවක් ...වැඩට ගියේ නැහැ..මගේ ලඟම මිතුරියකගේ තාත්තා නැති වුනා...මළගෙදර නුවර..ඒකට ගියා..දවසම නිවාඩු...
ඒ ගමන් ගියා පොල්ගොල්ලේ වේල්ල බලලා එන්නත්...

ඊයේ..ආසියාවේ ආශ්චර්යයක් බලන්න ගියා නේ...වරාය...
වරාය නම් අපුරුයි..හැබැයි සෙනග ගොඩේ තද වෙලාම එපා වුනා...
අපේ මිනිස්සු සාමාන්‍යයෙන් රටේ තොටේ වෙන දේවල් ගැන හරිම උනන්දුයි..බලන්න ආව සෙනගින් ඒක තේරුණා..
හැබැයි..මේ වගේ තැන් වලට යද්දී..අත දරුවෝ..පුංචි උන් අරන් එන එක තරම් මෝඩකමක් මම නම් වෙන දැකල නැහැ...ඒ දරුවන්ට මේ දේවල් තේරෙනවද..?
අනික සෙනග ගොඩේ තද වෙලා....පෑගිලා ..තුවාල වෙලා...නැති ගැටළු තමයි..
ඒත්..මිනිස්සු මහා අව්වේ දරු පැටවුන් කරේ තියන් පෝලිම් වල ඉන්නවා...කිසි වගේ වගක් නැතුව..

#############################################################################

13.08.2013 අඟහරුවාදා


මගේ පොඩ්ඩා ලෙඩ වෙලා...වමනයක්..සහ උණ...
එලි වෙනකල් නින්දක් නැහැ..කොහොම හරි උදේ වෙද්දී බෙඩ් ශීට් 7ක් හෝදන්න උනා ...අම්මා කෙනෙක් කියන්නේ  මේ සේරම දේත් විඳලා..උදේ වැඩටත් යන්න ඕන කෙනෙක් නේ..

වමනයකදී සිදු වන ප්‍රධාන දේ තමයි ශරීරයේ ජල මට්ටම අඩු වීම..මේකටනේ අපි විජලනය වෙනවා කියන්නේ..
හැකි තාක් බොන ජාති දීම තමයි කල යුත්තේ..නමුත් තද පැහැය ගන්නා බීම වර්ග දෙන්න හොඳ නැහැ...ආම්ලිකතාවය අධික දෙහි වගේ බීමත් ගොඩක්ම දෙන්න හොඳ නැහැ...

මිනිහට ටිකක් හිතට අමාරුයි ..මම තර්ජනය කරලා ඉන්නේ විවේක ගන්න කියලා..අර මහා ලොකු විභාගය ලබන සතියේ නේ ..කොලු පැටියා ඉන්නේ ඒක ගැන ලොකුම ලොකු උනන්දුවකින්..පව් නේද..මේ පුංචි එවුනුත්..

මට මතක් වෙන්නේ මීට අවුරුදු ගානකට කලින් අපේ ගෙදර හිටියා කොලු පැටියෙක්..මේකා ඉස්කෝලේ එක්ක ගියේ මම ...මොකද මගෙයි එයාගෙයි වයස පරතරය අවුරුදු 12යි...මෑන් ඉගන ගන්න සූරයා..ඔය ශිෂ්‍යත්වෙන් මම හිතන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් දෙවනියා වුනා...
කට්ටියම අනුමාන කරලා කියන්නකෝ..ඒ කවුද කියලා...?


############################################################################

14.08.2013 බදාදා


නිවාඩු කාලයක් වුනාට මේ නිවාඩුවේ කොහෙවත්ම යන්න ලැබුනේ නැහැ...පොඩ්ඩා ගේ විභාගය නිසා...ඉවර වුන සැනින් මාතර යන්නයි අපි හිතන් ඉන්නේ...දවස් දෙක තුනකට හරි.


හසරැල් නම් දැන්ම කන්නෙලිය වන රක්ෂිතය බලන්න යන්න දාගෙනලු ඉන්නේ..ප්‍රශ්නේ කූඩල්ලෝ...අපේ බොහොමයක් චන්ඩි ඔන්න ඔය රබර් පටිය වගේ ඉන්න චුට්ටං කූඩල්ලට බයයි...(මාත් ටිකක් බයයි..)

අපි එක පාරක් හොස්පිටල් එකෙන් ගියා ඩීන්ස්ටන්...පුංචි ලොකාන්තේ බලන්න..වාහනෙන් බැස්ස විතරයි වහින්න ගත්තා..හැතැම්ම 4ක් විතර යන්න ඕන ඔය කියන තැනට පයින්..එතකොට යන්න එන්න හැතැම්ම 8යි..

අඩිය තිබ්බ ගමන් මෙන්න යාළුවො ටික එන්න ගත්තා..අන්තිමේදී හැතැම්ම 4ක් දුවලා කන්දෙන් පහලට එබිලා බලලා අපහු හැතැම්ම 4ක් දිව්වා...තවමත් කට්ටිය හිනාවෙන්නේ..ඒ දුවපු දිවිල්ලට..

ඒ වුනාට හරිම ලස්සන පැත්ත...වහිනවා අඩු කාලෙට නම් කූඩලු ප්‍රහාර නැහැලු...
###########################################################################

15 .08.2013 බ්‍රහස්පතින්දා


සතියක් ඉවර වෙලා සතියක් ගෙවෙන ඉක්මන...දිනපොතට අප් ඩේට් දාන්න ගියාම තමයි මේ දේ හොදටම දැනෙන්නේ...
BMI අගය බැලුවා...නරකම නැහැ...කලින් තිබුනට වඩා පහත ට ඇවිත්..
මේ අගය නියත සීමාවේ තියාගන්න කියලා...දැන් දැන් නිතර අවවාද කරනවා නේ සෞඛ්‍ය සේවාවෙන්...
මගේ නම් 26 ට ආසන්නව තියනවා..
ඔයාලත් බලාගන්න..

http://www.wikihow.com/Calculate-Your-Body-Mass-Index-(BMI) මෙන්න මේ ලින්ක් එක හරහා ගිහින් පියවරෙන් පියවරට බලන්නකෝ..
සම්මත අගයට වඩා වැඩි වුනත්..අඩු වුනත්..දෙකම හොඳ නැහැ..මම වැඩි අගයේ ඉඳන් කොහොම හරි පහලට ආවා...

#########################################################################

16.08.2013 සිකුරාදා


සිකුරාදා කියලා කාට නම්..මේ තරම් හිනා යනවද නේද..
මට නම් නැහැ..මොකද සති අන්තේ තමයි මට වැඩ වැඩිම...

අද මගේ ලොකු පුතාගේ යාලු පුතෙක් ආවා..එයාගේ අම්මත් එක්ක ..මාව හමුවෙන්න..
බයිසිකලෙන් වැටිලා වැලමිට ගාවින් අත කැඩිලා...ඔපරේෂන් කරලා pin දාලා ..ඒ වුනාට දරුවාගේ අත තවම හරියට නැවෙන්නේ වත්...දිග හැරෙන්නේ වත් නැහැ..

මතක තියා ගතයුතු එක දෙයක් ..වැලමිට සන්ධිය ආශ්‍රිතව අනතුරක් වුනොත්..නම් ..වැඩේ ටිකක් අමාරුයි තමයි...මේ සන්ධිය ටිකක් සංකීර්ණ එකක් නිසා...
වැඩේ පටන් ගත්තා..දැන් නම් කොලු පැටියා කියන්නේ..අත ටිකක් දිගහැරෙනවා කියලා..
ඒ අම්මා ..දවස අන්තිමේදී මගේ අත් දෙක අල්ලන් ඇඩුවා...කොයි අම්මෙක්ගේ වුනත් හිතේ තියන ගින්දර..තමන්ගේ දරුවෝ නිසාමයි...
මගේ ඇසුත්..මට නොදනිම තෙත් වුනා...

###########################################################################


සුබම සුබ සති අන්තයක් වේවා..ළමයිනේ...


44 comments:

  1. අරකා අර හැක‍රැල්ලාද ගොක‍රැල්ලාද හස‍රැල්ලාද කියන, බැංකුවේ වැඩ කරන, බොලොක්කයක් ලියන එකෙක් නේද? :D

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ...නියම ලෙසම සැඟවුන අමුත්තව හොයාගෙන...

      Delete
  2. හ්ම්ම්, කාර්යබහුල සතියක් ගෙවිලා ගිහින්. සුභ සති අන්තයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත්..එසේම වේවා ධාරා..

      Delete
  3. ඔය ආශ්චර්යමත් වරායේ ආදායම අවුරුදු තිස්පහක් යනකම් චීනේටලු, අත දරුවෝ වඩාගෙන චන්ද රැස්වීම් වල වේලෙන මිනිස්සුන්ට ඕවා වැඩද ....? හැබෑටම කවුරු ගැනද අර කියන්නේ මාතර ...

    ReplyDelete
    Replies
    1. නියම විදියටම Dude කියලා තියනවා ඉවාන්..බලන්න...

      Delete
    2. ඉවාන් ණය අරන් ප්‍රොජෙක්ට් කරණකොට ඔහොම තමා. මම දන්න විදිහට BOO, BOT කියල ක්‍රම දෙකක් තියනවා. කවුරුවත් අපිට පිනට දෙන්න ලෑස්ති නෑ.. ඒ අශ්චර්යේ වරාය විතරක් නෙමේ එතනම තියන අනිත් එකත් ( SAGT ) එහෙම තමා. අවුරුදු තිහක් අදායම යන්නෙ පිටට..

      Delete
    3. හැබැයි පෝලිම් යුගයක් තියල ජනතාව අනාත කරපු සිරිමාවෝ ගෙ කාලෙත් එක එක දේවල් ලැබුන නේද?
      ඒව නය නෙමේ,හදල දීල අවුරුදු 15 න් පස්සෙ රට ට බාර දීල නේද ගියේ?

      Delete
    4. @සෙන්නා...
      සංවර්ධනයේ මූලික සිද්ධාන්ත තේරුම් නොගෙන දේශපාලන අවශ්‍යතා මත සංවර්ධන දර්ශක තීරණය කරනකොට ණය ගන්න සිද්ධ වෙනවා අසීමිතව... අර කිව්වා වගේ කවුරුත් අපිට පිනට දෙන්න කැමති නෑ. මොකද මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ.

      @ කෙන්ජි
      ඒ කාලේ විතරක් නෙවෙයි මං හිතන්නේ ජේ.ආර්. ගේ කාලෙත් ආධාර ගොඩක් ලැබුනා. එකට හොඳ රාජතාන්ත්‍රික පාලනයක් රටේ තියෙන්න ඕන. චන්ඩි වුනු පලියට අත දෙන්න සූදානම් අය නෑ.

      Delete
  4. ආයේ කුඩැල්ලෝ ඉන්න පලාත් වලට යනකොට

    දාගන ඉන්නේ සෙරෙප්පු නං සිද්ධාලේප ටිකක් ගාගන්න

    දාගන ඉන්නේ සපත්තු නං කොකාකෝලා ටිකකින් සපත්තු දෙක තෙමන්න

    කොකා කෝලා මරු අප්පා කූඩැල්ලන්ට

    හපාගන ගලවගන්ඩ බැරුව ඉන්න කූඩැල්ලන්ට දාලා බලන්නකෝ ටිකක් ටක් ගාලා බිම වැටෙනවා

    ReplyDelete
    Replies
    1. කුඩල්ලන්ට එහෙම නම් අරවත් එක්ක මික්ස් වුනාම අපේ බඩවැල්ලන්ට කොහොම ඇද්ද අටම් මල්ලි?

      Delete
    2. අන්න..අවබෝධ වෙලා...

      Delete
    3. එකනේ අටමට බඩේ අමාරු නැත්තේ කෙජයියේ.

      Delete
  5. අර ඩීන්ස්ටන් හිටපු කූඩල්ලෝ නම් සිද්ධාලේප වලට ඔරොත්තු දෙන එවුන්..අපි කන හුණු ත් ගෑවා..ආයේ සබනුත් ගෑවා...ම්හු...මුන් ඇහුවේම නැහැ නේ...

    අර කොකා කෝලා වැඩේ නම් දන්නෙම නැති දෙයක්...ඒක හොයාගන්න ලේසිම දේත් නේ..
    කන්නෙලියේ ගියොත්..අනිවාර්යයෙන්ම ඒ උපදෙස පිළිපදින්න කියලා මම හසරැල් ට කියන්නම්..අටම්..

    තැන්කු හොඳේ...

    ReplyDelete
  6. Replies
    1. මාත් 26යි...චුට්ටක් වැඩියි තමයි..නමුත් කලින් ඔයිට වඩා තිබුනා දැන් අඩුයි..ඒ ගැන හිතලා තව අඩු කරගන්න බලනවා...
      ඔයාට නම් ඒ හැටි ගැටළුවක් නැහැ වගේ..මොකද මේ වෙලාවේ මගේ ළඟ වක්යස් ඛණ්ඩයට සහ gender එකට අනුව BMI බලන ශීට් එක නැහැ...මතක හැටියට ගැටළුවක් නැහැ වගේ..

      සෙන්නා ගේ වයස දන්නෙත් නැහැ නේ..

      Delete
    2. //සෙන්නා ගේ වයස දන්නෙත් නැහැ නේ..//

      62 වෙනි උපන් දිනේ නේද සෙන්නා පහු වුනේ... :D

      Delete
    3. බොහ් බොහ් බොහ්.. චන්දන කොළුවො බොලා හරි, බොලා හරි... :D

      Delete
    4. චන්දන පුතේ ..සීයාගේ වයස කොහෙන්ද හොයාගත්තේ...

      Delete
  7. අර BMI කෙස් එක බලන්න ඔන ස්තුතියි.අටමටත් ස්තුතියි

    ReplyDelete
  8. අයියෝ පොඩි උන් දෙන්න පොඩි කාලෙ අසනීප වුනාම වින්ද දුක්.
    මට නම් අපේ වෙහෙසට වඩා එයාල අමාරුවෙන් කෙදිරි ගානකොට ඉහිලුම් නැහැ.
    උණ,හෙම්බිරිස්සාව හැදිල අමාරුවෙන් කටින් හුස්ම ගද්දි එයාල ගෙ නහයට කට තියල හෙමින් සීරුවෙ සොටු උරවල ඉවතට ඇදල දමපු හැටිත් මතක් වුනා.
    එහෙම හදපු අක්කයි/මල්ලයි කර උසට ඉන්නව දකිද්දී,දුක් මහන්සියෙන් හදපු හූනු පැටව් දෙන්න නේද කියල පුදුම සතුටක් දැනෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්..කෙන්ජි අයියා....මට නම් දුක මගේ පොඩි එකා.."අම්මේ ඔයාට දොයියන්නත් නෑ නේද මං නිසා.." කියලා අහද්දී...

      දරුවෝ තමයි අපේ ලෝකේ...

      Delete
  9. එතකොට මලයට වඩා අක්ක අවුරුදු දුසිමක් වැඩිමල් :)

    ආපහු මාතර එනකොට අපේ ගෙවල් පැත්තෙත් එන්න බරටම තෑගිත් අරං :)

    ReplyDelete
  10. ආයෙත් අහලා...අවුරුදු 12ක්ම...ඒ කාලේ රාහුලේ කොල්ලෝ මට කිව්වේ හසරැල් ගේ පුංචි අම්මා කියලා..හිහිහි...

    මං සලකුණු කිව්වා නම්..ඇවිදින් යන්නට..

    ReplyDelete
    Replies
    1. //ආපහු මාතර එනකොට අපේ ගෙවල් පැත්තෙත් එන්න බරටම තෑගිත් අරං :)//

      එහෙම එනව නම් ඇඹිලිපිටිය හරහා යන්න එන්න. පැල්මඩුල්ල හරියෙන් තෑගි ටික මට දීල යන්න. ගෙනියනවටත් ලේසි නෙ. ඔය යසිතයට තෑගි ඕනෙම කිව්වොත් හැටේ කොත්තුවක් අරන් දෙන්න. (කෝමද මගෙ උපදෙස්. සරලයි, පහසුයි) :D:D

      Delete
    2. යසිත්ට කොත්තුවක් මිළදී ගැනීමේදී එහි පරණ ප්ලාස්ටර හා විකා ඉවත දැමූ මස් කැබලි ඇත්දැයි සැක හැර දැනගන්න. ඒවා නොමැතිව ඔහු විසින් කොත්තුව ප්‍රතික්ශේප කිරීමට ඉඩ ඇත.. :D

      Delete
    3. //එහි පරණ ප්ලාස්ටර හා විකා ඉවත දැමූ මස් කැබලි ඇත්දැයි සැක හැර දැනගන්න.// අනිවා ඒව ඉවත් කල යුතුමයි. නැත්නම් ඕකා ප්‍රතික්ෂේප කරල නිකම් ඉන්න එකක් නෑ, පෝස්ට් එකකුත් දායි :D

      Delete
    4. @ සෙන්නා../ චන්දන ...

      ඔය කොත්තු කතාව නම් මාත් කියෙව්වා..එයින් පසු කොත්තු නොකන අයෙක් වෙමි මම...ඈක්කා....

      Delete
    5. චන්දන....

      මම ගෙදර යාමේ අදහස අයින් කරගන්න හිතුවේ..
      ඇයි දෙයියනේ..අන්තිමේදී..ගෙදර යාම කෙසේ වෙතත්..මම බ්ලොග් නෑගම් ගිහින් තියෙයි වගේ...

      Delete
    6. රත්නපුරේ හරහා යන්න අක්කා... එතකොට අපේ ගෙදරින් සේරම තිබ්බම ඔයට නිදහසේ චන්දන අයියලාගේ ගෙදර ගිහින්,.. 60 කොත්තු අරගෙන යසියත් බලන්න පුළුවන්..:D

      Delete
    7. ඉල්ලන් කොත්තු කනව කියන්නෙ මේකට තමයි :(

      Delete
  11. යක්කු ගහෙන් බහින යාමයේ කඩාපැන බ්ලොග පෙරලා අවුස්සා ගියෙමි.. :)

    ReplyDelete
    Replies
    1. නින්ද නොයන අසනීපයකින් පෙලෙන බවක් පෙනෙයි දරුවා...

      Delete
    2. ගෙදර අය පාන්දර දෙකට විතර ඇහැරියා කොහෙද යන්න කියල. එහෙම වෙලාවට ඇහැරුනාම මට ඉතින් ආයෙ නින්ද යන්නෙ නෑ.. :)

      Delete
  12. දරුවන්ට අසනීප වුනාම ඉස්සෙල්ලාම බෙහෙත් ගන්න ඕන උඹයි දයාවතී කියලා ඉස්සර අපේ සීයා අපේ අම්මට කෑගහනවා මට ඇහිලා තියෙනවා.ඒ අම්මලාගේ හැටි නේද.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්..aru...ඔයාලගේ ගෙදර දයා ලා වගේ තමයි..කොයි ආදරණීය අම්මත්...

      Delete
  13. අම්බෝ....පුතාගේ විභාගේට තව දවස් 4යි නේ/??????

    දැන් සනීප ඇති කියලා හිතනවා...නැතිනම් ඉක්මනින් සනීපවෙන්න කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. අම්බෝ....ස්තුතියි රෙහානි...

      Delete
  14. මේ දවස්වල shoulder cuff injury එකකින් මං පීඩා විඳිනවා. ඒකට ඉතින් ප්‍රතිකාරයන් නැතිළු .. ව්‍යායාම් ටිකක් එක්ක වේදනා නාශක තමයි ලැබුණේ..

    ReplyDelete
    Replies
    1. Rotator Cuff Injury එකේදී shoulder එක වටේම තියන මාංශ පේශි වලට අනතුර වෙනවා නේ..ඉතින් Rest ,strengthening exercises සහ pain killers තමයි බොහෝ විට දෙන්නේ...
      Rest එක අත්‍යවශ්‍යයි...repair වෙන්නට..

      ඉක්මන් සුවය පතමි...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න