Wednesday, August 7, 2013

53. දිනපොත කියවමුද..?

කාලය ගතවී යනවා..මේ ජුලි මාසේ අවසාන සතිය වගේම..අගෝස්තුවේ මුල සතිය..
වයසට යනවා නේද..?
අල්ලලා නවත්තන්නද නේද..?
වයසත් එක්ක ඉදිරියටම යමු...

--------------------------------------------------------------------------------------------------------------
29.07.2013  සඳුදා....

සතියේ පලවෙනි දවස....

සාමාන්‍යයෙන්...මට කේන්ති යනවා අඩුයි..හැබැයි මේ දවස් වල ටිකක් කේන්ති යන ගතිය වැඩියි...එකක් වැඩ වැඩි කම..රෝහලේ වැඩ ටිකක් වැඩියි...හැමෝම තමන්ට අයිති රාජකාරි හරියට කරනවා නම්..මෙහෙම තදබදයක් එන්නේ නැහැ...ඒත්..කොහෙද එහෙම වෙන්නේ නේද..?

ඒ වගේම මගේ පොඩ්ඩා මේ පාර ශිෂ්‍යත්වේ ලියනවා..අපේ පොඩ්ඩා නම් කියන්නේ "අපේ අම්මගේ හැර අනිත් සියලුම අම්මලාගේ විභාගය ලු මේක.." කියලා...අම්මලා පුදුම stress එකකින් නේ ඉන්නේ...
මමත් ඉතින් පොඩ්ඩාගේ හිත හරි යන්න පොඩි රඟපෑමක් කරනවා..ඉඳ හිට සද්දයක් එහෙම දාලා...

මට කේන්ති යන එකට හේතුව මගේ තයිරොක්සින් මට්ටමේ තියන පොඩි අවුලක්..ශරීරයේ බොහෝ පද්ධතීන්ගේ ක්‍රියාවන් පාලනය කරන තයිරොක්සින් හෝමෝනය සමතුලිතතාවයේ නැති වුනාම ...විවිධාකාර ප්‍රශ්න හටගන්නවා...හිටපු ගමන් ප්‍රෙෂර් එක වැඩි වෙනවා...හැබැයි මට දැනෙන්නේවත් නැහැ,,...ඒක ඉතින් අවදානම් නේ...බෙහෙත් ගන්නවා....ජීවිත කාලයටම තයිරොක්සින් බොන්න වෙනවා....

ඕවා මොනවද නේද..?


----------------------------------------------------------------------------------------------------------

  30.07.2013..අඟහරුවාදා...



දිනපොතට සිතුවම් දෙන්නේ..Google එක...ඒකෙත් හැටි නේද...?
සති අන්තේ මගේ මලයා ( හසරැල්..) ගෙදර ඇවිත් ගියා...පොත් දෙකකුත් දීලා ගියා කියවලා දෙන්න කියලා...
එකක් Roald Dhal ගේ ළදරු වියේ කතා...පරිවර්තනය කරලා තියෙන්නේ..උපාලි උබයසේකර...
අනික..චන්ද්‍ර අනගිරත්න පරිවර්තනය කරපු H.Rider Hagard ගේ "ඈ සහ ඇලන්"

වෙලාව තියන විදියට කියවන්න ඕන...පොතක් කියවන්නත් වෙලාව හොයාගන්න ටිකක් දැන් අමාරුයි..කාර්යබහුල නිසා..
ලොකු පුතාගේ ඉංග්‍රීසි සාහිත්‍යයට අදාළ..."village by the sea" තමයි මේ දිනවල යලට මහට හරි බල බල ඉන්නේ..

සැප්තැම්බරයේ ...පොත් සල්පිලත් එනවා...නේද..?

හැමදාම ගිහින් අරන් ඇවිත් තියෙන්නේ..අනුන්ට පොත්..පොඩි දෙන්නට..මහත්තයට..යාලුවොන්ට තෑගි දෙන්න.....මට ගන්න ඒවා අඩුයි...සල්ලි ඉවරයි නේ මට ගන්න බලද්දී....කමක් නෑ.ඉතින්...ඒවා මාත් කියවන නිසා...මගේ මහත්තයා ළඟ තියන පොත් එකතුවට මම ම පොත් ගෙනත් දාල ..අනේ මම ම  ඉල්ලගෙන කියවනවා....

-----------------------------------------------------------------------------------------------------------------

 31.07.2013  බදාදා..



ඉතින් කොහොමද..?
ජීවිතේ ගලා යනවා..මගේ නම් මහා අවිවේකී කාලයක්...
ඉස්කෝලේ නිවාඩු දුන්නම්..හැම ගෙදරම මෙහෙමද මන්දා...

ඉස්සර අපි ඉස්කෝලේ නිවාඩු දුන්නම..මොන තරම් ඒ නිවාඩුව අත් වින්දද..?
අද..මගේ ළමයින්ට මේ අගොස්තුව නැහැ..පොඩ්ඩට ශිෂ්‍යත්වේ..ලොක්කට ක්‍රිකට් ප්‍රැක්ටිස්...
ලොක්ක නම් සන්තෝසෙන් යනවා..පොඩ්ඩත් යවන්නේ අවමයෙන් පන්ති නිසා...කන්කෙඳිරි නොගා යනවා..මට පුළුවන් නම් ඇත්තමයි මම ඒකත් නවත්තනවා...


අද වැඩට ගිහින් ලන්ච් එකේ රාගම ටවුන් එකට ගියා පොඩි බැංකු කටයුත්තකට...මෙන්න එද්දි දැකපු පෝස්ටරයක්...

"නිර්ධන පන්තියේ දුවා දරුවන් වෙනුවෙන්ම කැපවුන...අපේ කාලයේ ප්‍රජාතාන්ත්‍රික ගුරු ගීතය.."

මේ මොකක්ද අප්පා මේ..මම සාරි පොටත් ඉනේ ගහන් නැවතිලා දහ පාරක් විතර ඒක කියෙව්වා...
ගුරු ගීතය නම් දහ දොළොස් පාරක්ම කියෙව්වා...ඒක මේ ඉංගිරිසි පන්තියකට සම්බන්ධ වුනේ කොහොමද..?

අහ්හ්..කියන්න අමතක වුනා නේ..මේ ඉංග්‍රීසි පන්තියකට දමපු දැන්වීමක්...
එකේ ඊට යටින් තිබුන ටික ඊට වඩා අපබ්‍රංශයි...මතක හිටියෙම නැහැ...
කොලයක් අරන් ලියාගන්නත් හිතලා..මට එච්චරකටම පිස්සු නැති නිසා ආපහු ආව...

අනේ ..ඔයාල කාට හරි මේකේ අග මුල තේරෙනවා නම්...කියා දෙන්නකෝ...
-----------------------------------------------------------------------------------------------------------------
  01.08.2013..බ්‍රහස්පතින්දා..



කාලෙකින් සිංදු ටිකක් අහන්න වෙලාව ආව...
සුනිල් එදිරිසිංහ මහත්මයාගේ...
ඒ කාලේ කියපු සිංදු තවමත් එක වගේම රසවත්...අහන් ඉන්න ආසයි...

"අහස පොලව වටපිටාව...."
" දෙවෙනි බුදුන් ලෙස..."
"ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්..."

ඔන්න ඔය වගේ සිංදු...කවදාවත් පරණ නොවෙන සිංදු...

මේ එක්ක මගේ හිත දුවල ගිය දවසක් මම ලියන්නද..?

මගේ අම්මා නැති වුනේ..2004 මැයි මාසේ දවසක...
අම්මා ගේ හත් දවසේ දානේ දීලා..මම මාතර ඉඳන් ආපහු මගේ ගෙදර ආවා...
මම මාතර ගියේ එතකොට මාස 11 ක් වෙන මගේ පොඩ්ඩ වත් ගෙදර දාල...
ඉතින් සතියෙන් මට ආපහු එන්න වුනා..
ඊට පස්සේ වැඩට යන මුල්ම දවසේ මම උදේ කෝච්චියට ගියා..දවල් වුන නිසා..මම යන පුරුදු කෝච්චිය මග හැරුනා...ඊට පස්සේ යන බංගදෙනිය එක්ස්ප්‍රස් එකට තමයි මට නගින්න වුනේ...

මම නගපු තැන කොල්ලෝ ටිකක් සිංදු කියනවා..හරිම ලස්සනයි...සිංදු ටික...
එක පාරටම මේ ළමයි ටික..."දෙවෙනි බුදුන් ලෙස..." සින්දුව කියන්න ගත්තා...
මම හිටියේ උහුලන් ඉන්න පුළුවන් තත්වයක නෙවෙයි...
මම හිටගෙන හිටියේ...මට හොඳටම ඇඩුනා..
ඒ ළමයි සේරම බය වෙලා සින්දුව නැවැත්තුව...එක මල්ලි කෙනෙක් මාව අතින් අල්ලලා එතන වාඩි කළා...
ඒත්...ඒ ළමයි මම නිසා...සිංදු කියන එක නවත්තන එක ට මම කැමති වුනේ නැහැ...

මගේ ඉල්ලීම මත  සිංදු දිගටම කිව්වා...ඒත් අර සින්දුව නම් කිව්වේ නැහැ...

මට අදටත් මේ සින්දුව අහද්දී..අම්මා වගේම...මේ සිද්ධියත් මතක් වෙනවා...
----------------------------------------------------------------------------------------------------------------

02.08.2013..සිකුරාදා..



සතියත් ඉවර වුනා නේද...?
අර මම ගිය සතියේ ලිව්වා head injury වෙච්ච ..ළමයා මතකද...
හොඳම වචන කියනවා කිව්වේ...
දැන් ඒ ළමයට..මානසික රෝග සායනයෙන් සහ අපේ චර්යා ප්‍රතිකාර වලට පසුව...ගොඩක්ම දුරට ඒ අවුල නැහැ...
අද ..මම ඔහුට නම ලියන්න කියාදුන්නා...පෑනක් අතින් අල්ලගන්න පුළුවන් වුනාට...තමන්ගේ අයිඩෙන්ටිටි එක..ඒ කියන්නේ ..අනන්‍යතාවය නැති වෙන කෙනෙකුට..තමන්ගේ නම මතක නැති නම්..ලියන්න බැරි නම්.. ඒගැන මොකද හිතෙන්නේ...

මම ලොකු උත්සහයක් දරලා..ලියෙව්ව...
උදේ වරුව ඉවර වෙද්දී ඔහුට යන්තමට ඒක ලියාගන්න පුළුවන්..රෝදපුටුවෙන් මගේ ලඟට ආපු ඒ ළමයා..මට කියනවා..." අනේ මිස් ..මම කොහොම හරි ලියන්නම්...මට උගන්වන්න..කියලා..."

මේ දේ ගැන මොකද හිතෙන්නේ...
සිකුරාදා දවස සාර්ථකව..ගෙවුනා කියලා...මට දැන් දැනෙනවා...

-------------------------------------------------------------------------------------------------------------

සුබ සති අන්තයක් වේවා...


52 comments:

  1. 7 වෙනි මාසෙයි 8 වෙනි මාසෙයි පටලැවිලා.හදන්නෝ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ වේවා.. ඔන්න....හැදුවෝ....

      Delete
  2. මදෑ. දවස් පහට කමෙන්ට් පහක් දාන්න වෙනවා...

    තයිරොයිඩ් කේස් එකක් අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක්ට තියෙනවා... පුදුම විදියට කේන්ති යන ලෙඩේ හොයාගන්න කලින් හෙන කාලයක් සාත්තර අහලා, තොයිල් නටලා සෑහෙන සල්ලියක් වියදම් කළා.. අපේ අම්මගේ බලකිරීමට ඩොක්ට කෙනෙක්ට පෙන්නලා දැන් සාමාන්‍ය තත්වයේ ඉන්නවා..

    මගෙත් මලයා තමා ෆිල්මුයි අරවයි මේවයි ගෙනත් දෙන්නේ.. ඒත් බුක් ෆෙයාර් එක්කන් යන්නේ තාත්තා... අපේ මහත්තයා ජීවිතේට පොතක් කියෝනවා මං දැකලා නෑ... පොත් රැක් එක තනිකරම මගේ...

    දැන් තියෙන පන්ති ගැන කුමන කතාද...

    ඔය සින්දුව මගෙත් ආසම සින්දුවක්.. සාමාන්‍යයෙන් හැඟීම්බර වෙච්ච වෙලාවක ඇහුනොත් නං අනිවා ඬෙනවා...

    අර ළමයා ගැන කියෙව්වම නං හරි සතුටක් දැනුනා..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනා..මම මේ දෙන වදයට...Dude පහු ගිය දවසක කියලා තිබුනා..අනිත් අය එක පෝස්ටුවක් ලියද්දි..මම 5ක් ලියනවා කියලා..ඒ මෙන්න මේ නිසා...

      බලන්නකෝ හිරු..මාතලන්..කියනවා නේ ..වෙන ඒවා ලියන්න එපා..මේකම ලියන්න කියලා...

      හිරු..මේ පාර පොත් ප්‍රදර්ශනේදී අපි හමු වෙයි ද බලමුකෝ...

      Delete
  3. onna ekak dan akkath poth kiyawanne nethi wenawa sure. library eka mama thamai masekata wadima poth kiyawanne daliy poth 2k wage kiyawanawa eth dan pothk kiyawapu kalayak mathaka ne. :-( Internet eka thamai okata waga kiyanna one

    guru githaya mamath kiyawala thiyanawa dan mathaka ne. awasane nam mokakda gahak gana neda kiyanne :-o

    ReplyDelete
    Replies
    1. මොනවද බොරලුගොඩ මහත්තයා..ඔහොමද පොත් කියවන්නේ...කියවපු පොතේ තිබුන දේවල් මතක නෑ නේ ඔයාට...හිහිහි...

      Delete
  4. mama kamathima song 1 thiyanawa oya wage mata adenna enawa eka ahanakota kohoma hari innawa

    amma sadaki mama a lowa....

    ReplyDelete
    Replies
    1. ඔව්..මාත් ඒ සින්දුවටත් හරිම කැමතියි..තාත්තා ගැන පුදුම හැගීමකින් කියවුන ගීයක් එක...

      Delete
  5. මගෙ බිරිඳත් තයිරොක්සීන් ගන්නවා.. ජීවිත කාලෙම ගන්න වෙනවා... කරන්න දෙයක් නෑ... ඒවා එහෙම තමා..

    බ්‍රහස්පතින්දා සටහනටනම් ඇස් තෙත් වුණා..

    අමතක වෙච්ච කෙනෙක්ට කතා කරන්න වචන මතක තියනවද කියන එක මට ඉස්සර ඉඳන් තියන ගැටළුවක්.. ඉස්සර අර සිරසෙ ගිය වැල නාට්‍යවල උන්ගෙ ඔළුව කොහෙ හරි පොඩ්ඩක් හැප්පුන ගමන් අමතක වෙනවනෙ.. මම ඒත් කල්පනා කළා එහෙනම් වචන මතක තියෙන්නෙ කොහොමද කියලා..

    ReplyDelete
    Replies
    1. අම්මා කෙනෙක් ගැන හැගීමක් තියන පුතෙක් ඔයා...
      ආඩම්බරයි..
      ඒ යුතුකම් ඉටු කරන්න ලැබීම ඔයාගේ වාසනාවක් කියලා හිතන්න සෙන්නා...

      ඔය නාට්‍ය විතරද අනේ..දැන් පහු ගිය කාලේ අපේ රටේ කී දෙනෙකුට ඔහොම අමතක වීම් වුනාද...?හිහිහි...

      Delete
    2. ඇත්තටම එහෙම වචන අමතක වෙන්නැද්ද, අතීතය අමතක වුන කෙනෙක්ට ?

      Delete
    3. හ්ම්.. බ්‍රහස්පතින්දා...

      Delete
    4. සෙන්නා..අතීතය අමතක වුන කෙනෙක් ගැන බලන්න..මම ලබන සතියේ දිනපොතේ විස්තරයක් ලියන්නම්...ඔයාට එක බැලුවම හිතෙයි...මෙහෙමත් දේවල් වෙනවද කියලා...

      Delete
    5. @ දේශකයා...

      හිත තවමත් රිදෙන මතකයක්...

      Delete
  6. හැම දිනයක්ම හැම මොහොතක්ම කොච්චර නම් වටිනවද කියලා හිතෙනවා මේවා කියෙව්වම. දවස් පහට කොමෙන්ට් පහක් දාන්න වෙනවා.. එහෙම දැම්මොත් හෑල්ලක් වෙනවා. එක දෙයක් මට තේරූනා. ඒ කියන්නේ ඔහේ දරුවන්ට එච්චර පීඩනයක් දෙන්නේ නෑ කියන එක. ඒක රත්තරන් අම්මා කෙනෙකුගේ ලක්ෂණයක්. දැන් ඉන්නේ පිස්සු අම්මලා. ඉස්කෝලෙට ගියාම, මම නම් සමහරුන්ගෙන් මූණටම අහනවා. තමුසෙලාට පිස්සුද කියලා..

    ReplyDelete
    Replies
    1. රත්තරන් ද නම් දන්නේ නැහැ..ප්‍රියන්ත ..
      ඒත්..මට දැනෙන තරමට මම හොඳ අම්මා කෙනෙක්..
      ළමයින්ට නම් මම පීඩනයක් දෙන්නේ නැහැ..මම උනත් පීඩනයක් හිතට ගන්නවා අඩුයි..

      ඔන්න ඔබතුමා කිව්ව අන්දමට ජීවිතයේ විඳින දේ බහුල..දිනපොත නම් අප්ඩේට් කරනවා...

      Delete
  7. ඇත්තටම බ්ලැක් ඇන්ඩ් වයිට් ...ලමයින්ට ලමා කාලය රස විඳින්න දුන්නොත් තමයි උන් වැඩිහිටියෝ උනාම සුන්දර මිනිසුන් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි සුන්දර අදහස් තියන මනුස්සයෝ වුනේ..අන්න ඒ වගේ ලමාකාලයක් තිබුන නිසා...

      ( ඔයාට කොහොමද අප්පා..ආමන්ත්‍රණය කරන්නේ..අරූ කිව්වම අප්සෙට් නේ...)

      Delete
    2. අරූ කියන එක හොඳ මදියි වගේ නම් මූ කියන්න

      Delete
    3. මෙයාට අරූ කියන්න මට මාතලන් කියන්න..

      Delete
    4. @ අරූ...හිතට නිකම් වචන දෙකම හරි නැහැ වගේ...කමක් නැහැ...එහෙම කියමුකෝ...

      @ මාතලන්...ඔය නම කියන කොට මට මාතලන් ෆිල්ම් එක මතක් වෙනවනේ..පොඩි කාලේ බැලුවේ...

      Delete
  8. පුදුමයි නේද? මමත් මේදවස් වල Roald Dahl ගේ Boy and Going Solo කියවනවා ආයෙම. මම ඔය පොත් කී පාරක් කියෙව්වද කියලා මට මතකත් නෑ. ඔයා ඔය කියන්නේ අර අම්මට නිතරම ලියුම් හෙම යවන කතාව නේද බෝඩිං ස්කූල් එකේ ඉඳලා? මේ දවස්වලම තවත් බ්ලොගර් කෙනෙක් වන රයිගම් හන්දියත් ඔය පොතම කියවනවා. කොහොමද ඒ කාලේ ඔපරේෂන් හෙම කරලා තියෙන හැටි!

    මම එක දවසක් ගැන විතරක් කමෙන්ට් එක දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඔව්..dude...අර උගුරේ ඔපරේෂන් එක කරපු හැටි එහෙම කියවද්දී මට මගේ හක්ක රිදෙනවා වගේ දැනුනා...ඇත්තටම අපිත් සජීවී වම ඒ කතාවේ ජීවත් වෙනවා...

      thanks Dude...එක කොමෙන්ටුවත් මට අගෙයි...

      Delete
  9. මේක හරිම අළුත් අත්දැකීමක්. ඔන්න අද නං ඇඩික්ට් වෙන්නම ඔළුවට වැදුනා. සාමාන්‍යෙයන් දෙයක් හරියට හුරුවෙන්න කාලයක් යනවා. දැං මට හරි. ඔන්න මම වර්ණ (කළු සහ සුදු) රසිකයෙක්. මල්ලි ඇවිත් ගියාය කිව්වේ මිනිහා එක තැන ඉන්නැද්ද.. අහන්න ඕන ඕකගෙන්

    ReplyDelete
    Replies
    1. මලයා ඉන්නේ දැන් මාතර නේ...මම ඉන්නේ මීගමුවේ නේ..
      ඉඳ හිට තමයි දැන් නම් එන්නේ...

      ඇත්තටම මම ඔයාව දන්නවද,...?
      ඔයාත් මාතර නේද..?

      Delete
  10. ගුරු ගීතය කියන පෝස්ටරේ ගහපු සර්ගෙන් ඇහුවනම් කවුද "චිංගීස් අයිත්මාතව්" කියන්නේ කියලා කියයි හින්දි නළුවෙක් කියලා

    ReplyDelete
    Replies
    1. එහෙම නැත නම්..ප්‍රාදේශීය සභාවක නායකයෙක්...?
      හපොයි ඉවාන්...මම කියන කතා නේද..?

      ඒ පෝස්ටරේ ඉතුරු ටික මීටත් වඩා අප්සෙට්..මම අද රාගමදී බැලුවා..ඒ ටික ලියාගන්න..
      ඒවාට උඩින් වෙන ඒවා අලවලා...

      Delete
  11. ඒ කියන්නෙ මහ ගෙවල් මාතර නේ...... දකුණෙ මිනිස්සු කොහොමත් ටිකක් මල අතේ තියන් ඉන්න ජාතියක්නේ :)

    සෞඛ්‍ය සේවයට සම්බන්ධ රැකියාවක්ද කරන්නේ ?? ඔහොම මල පැන්නම ලෙඩ්ඩුන්ට මොකෑ වෙන්නෙ :P

    ReplyDelete
    Replies
    1. මහා ගෙවල් මාතර..අපෝ නෑ...එහෙම මල අතේ තියන් ඉන්නේ නැහැ අපි...අසාධාරණයට විතරයි...මල...

      සෞඛ්‍ය සේවයේ තමයි..ඒත්...මට ලෙඩ්ඩු එක්ක නම් තරහ ගිය දවසක් මගේ ඉතිහාසයට ම නැහැ..විශ්වාස කරනවද..?
      කවමදාවත්...මම ලෙඩෙකුට බැනල නැහැ...
      ලේද්දුම අහනවා..මේ තරම් වැඩ තිබිලත් ඔච්චර හිනා වෙලා ඉන්නේ කොහොමද කියලා...

      දෙයියන්ගේම පිහිටයි...මට දවසම උනත් හිනා වෙවී ඉන්න පුළුවන්...

      Delete
    2. මමත් මාතර තමයි... හික්ස්

      Delete
    3. අපොයි...ඔයාත් මාතරද dot...ගඟෙන් එහා පැත්තට ජයම වේවා..

      Delete
  12. අම්මලහෙ විභගෙන් අයින් වෙච්ච එකනම් දරුවගෙ වාසනාව
    මගෙ දුවගෙ පන්තියෙ අම්ම කෙනෙක් ඉන්නව දරුවො 4යි.නිවඩුව එනව කියන්කොට මුන්දෑ අඩාගෙන ඉන්න.මම නම් සතුටුයි.මගෙ වෑඩනම් ටිකක් අඩුවෙලා
    සුනිල් මහත්තයගෙ සින්දුනම් කියල වෑඩක් නෑ.සුපිරියි.
    මමත් ටිකක් කියවිමට බරයි.හෑමදම නෙමෙයි මාසෙකට දවසක් විතර පොඩ්ඩක් වෑඩි උනාම

    ReplyDelete
    Replies
    1. සුනිල් මහත්තයගේ සින්දු වගේම සුනිල් අයියගේ සින්දුත් ආතල්..

      Delete
    2. අමුවෙන් ඈත්ත කියන පොරක්.සින්දු වලට විතරද කියල නම් දන්නෙ නෑ

      Delete
    3. සුනිල් අයියගේ අර සින්දුව මැදට කියන සමහර කෑලි නිසා..ටිකක් අහන ඉන්න අපහසුතාවයකට පත් වෙනවා...ළමයි එක්ක..අහන කොට

      Delete
    4. අපි ඉස්සර යලුවො කතවෙනව අමරදෙව මාස්ටර්ගෙ කුමරියක පා සලබ සෑලුනා සින්දුව සුනිල් අයිය කිවුවොත් කොහොම තියෙවිද කියල

      Delete
    5. ආයෙත් අහලා...අහන ඉන්න බැරි වෙයි නේද..?

      Delete
  13. ඔයාගෙ මහත්තය බලන්නෙ නැද්ද මේ බ්ලොග් එක. හදල දෙමුද එයාටත් බ්ලොග් එකක්. (එක එක්කෙනා හරි වැඩි කරන්න ඕන :) )

    සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දු වලින් මං ආසම "සඳකඩ පහනක" සින්දුවට. හැබැයි ඒකෙ තේරුම මොකක්ද කියල සියයට සියයක්ම මං දන්නෙ නෑ. කොහොමද මගෙ සින්දු ඇහිල්ල :D

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුව ගැන තේරුම් කීපයක් තියන පෝස්ටුවක් මම පහු ගිය දවසක කියෙව්වා..ඒ වුනාට කාගේද කියලා මතක නැහැ...

      මාත් සමහර සිංදු අහන්නේ තේරුම ගැන ලොකුවට නොහිතා...තේරුම අවශ්‍යමයි ම කියලා දැනෙන්නේ නැහැ..

      Delete
    2. අපෝ..අපේ මහත්තයයි..මායි..මේ වගේ දේවල් එක්ක එකට ගනු දෙනු නැහැ...හහාහා...

      එයාට ඕවට වෙලාව නැහැ චන්දන..අතිශයින්ම කාර්ය බහුල පුද්ගලයෙක්...
      අපෝ ..මට මේ ඉන්න පිරිස හොඳටම ඇති....වටිනා කියන අදහස් තියන පිරිසක් මා වටා ඉන්නවා නේ...

      Delete
    3. //අපෝ ..මට මේ ඉන්න පිරිස හොඳටම ඇති....වටිනා කියන අදහස් තියන පිරිසක් මා වටා ඉන්නවා නේ...//

      මං එහෙම කිව්වෙ මේ බ්ලොග් එක ගැන හිතල නෙවෙයි.. බ්ලොග් වලට තව කෙනෙක් එකතු කරන්න හිතල. හරි යන්නෙ නෑ වගෙ වැඩේ. :)

      මං බ්ලොග් එකක් කරනව කියලත් අපේ කවුරුත් දන්නෙ නෑ. මං කියන්නෙත් නෑ.. ගමේ නම් කෙනෙක් දෙන්නෙක් දන්නව.

      Delete
    4. ඔව් චන්දන... ඒ වගේම මම පහු ගිය දවසක වෙන අදහසක් තියන ලිපියකුත් කියෙව්වා..ඒ බ්ලොග් පොස්ටුවකද...fb ද මතක නැහැ...හැබැයි මම අදටත් විශ්වාස කරන්නේ මෙන්න මේ ඔයාගේ ලින්ක් එක හරහා තියන ලිපියේ එන අදහසයි ගීයේ තේරුම කියලා..අර අනිත් ලිපියේ තිබුනේ අමුතුම අදහසක්..මට ඒ අදහස නම් තේරුනේ නැහැ...හොයාගත්තොත් ෂෙයාර් කරන්නම් කෝ...

      Delete
    5. ආ..ඔයා කියපු අර බ්ලොග් වලට කට්ටිය තව එකතු කිරීම මට තේරුනේ නැහැ..පොත් කියවන්න ආස උනාට මගේ මහත්තැන්...ලියන්න ආසාවක් ඇති කෙනෙක් නෙවෙයි..එයා මම බ්ලොග් ලියන බව දන්නේ නැහැ...මේවට ඒ හැටි එතුමා ඉන්ටෙරෙස්ට් එකක් නැහැ...

      හි...හි...හි...

      Delete
  14. දන්න කවුරු හරි මෙයාට ලින්ක් එක දෙන්නකො එකෙ තෙරුම තිබුන බ්ලොග් එකෙ

    ReplyDelete
    Replies
    1. දමිත් කිව්වෙ උඩ මං දාපු ලින්ක් එක ද..? දැන් බලද්දි අහු වුනේ.

      Delete
    2. නෑ මෙක නෙමෙයි ලමයෙක් එක්ක තනිඋන ගෑනුකෙනෙක් ගෑන කියපු එකක්

      Delete
    3. අන්න ඒක තමයි මම කිව්වා එකත්..හැබැයි මම නම් ඒක පිළිගන්නේ නැහැ...ඒක මේ වගේ භාවාත්මක ගීයක අර්ථය වෙන්න ඇති කියලාමට හිතාගන්න අමාරුයි..

      Delete
    4. මචන් චන්දන අන එක මුනු පොතෙ ලොක සිතියම කියල පිටුවක තියෙනව බලපන්.මම ශෙයර් කර ඔන්නම මගෙ ප්‍රොපයිල් එකෙන් බලන්නත් පුලුවන්

      Delete
    5. ස්තුතියි දමිත්. මං බලන්නම්.

      Delete
  15. Replies
    1. ඔබටත් එසේම වේවා..වයලිනෝ..තවම දිනපොත ලියාගන්න බැරි වුනා...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න