Thursday, September 26, 2013

61. ..සිඳුන තටු ...

හුදෙකලාවක ගෙවුන පුංචිම පුංචි කාල අන්තරයකදී කුරුටු ගෑ කවි ටිකක් මේ....



ඉගිල ආ සඳ ගිරි හිසග සිට
නවාතැන් සැදුවේ නුඹයි මට
තටු සිදී ගිය කිරිල්ලිය වී
මමයි රැඳුණේ නුඹේ දෙපතුල.....

ගැයූ ගී දෙතොලග දරා හිඳ
දෙතොල් පුපුරා ගැලු සෙනෙහස
නුඹේ සවනත තබා ලූ වෙමි
රැදී නුඹ තැනු කැදැල්ලේ සිට ...

ගෙවූ කාලය අනේ සොඳුරුය
ගැයූ ගී කවි හැඟුම් මිහිරිය
තවත් සවණක එ ගී රඳනට
නොදුන්නෙමි කිසි දිනෙක ඉඩකඩ..

ගී ස්වරය ගැලු සඳ දොරින් පිට
දරා ගනු බැරි වීද සෙනෙහස
කඩා තටු මා නුඹ තුරුල්ලේ
හොවා ගන්නට දැරූ වෑයම...

සුළං ස්වරයක ගලා ගිය මුත්
දෙතොල රැඳී ස්වර නුඹට වේ මැයි
ඉතින් සිඳ ගැමි මගේ තටු මම
නුඹේ සෙනෙහස දරා ගන්නට...





                                                                                                      කළු සහ සුදු....ලියන මම


                                                                                                                                     කිත්.......

24 comments:

  1. දීපිකා ප්‍රියධර්ශනීගේ හඬට ගැළපෙන පද ටිකක් අක්කේ... ලස්සන තනුවක් එක්ක එළියට ආවොත් ජනප්‍රිය වේවි..

    ඔයාගේ බොහෝ පද පේළි ගැළපෙන්නේ ගීත වලට.. දිගටම ලියන්න අක්කේ ...

    ReplyDelete
  2. ඔයාට ස්තුතියි මල්ලි..කාලෙකින් නේද මේ පැත්තට ආවේ.

    ReplyDelete
  3. යකෝ අපේ කලු සුදු නෝනත් මාර කවිච්චියක්නේ.

    (කවිච්චිය මේ අර්ථයෙන් භාවිතාකල මුල්ම අවස්ථාව ලෙස මේ කමෙන්‍ටුව ඉතිහාස පොතට එක්වූ වගයි.)

    ReplyDelete
    Replies
    1. කවිච්චි හරි ගණන් ලංකාවෙ.
      කළුවර කවිච්චි තමයි මම හිතන්නෙ මිල අධිකම.

      Delete
    2. කවිච්චි..?
      තියන නම් මදිවට හදන්නකෝ තව එකක්..

      Kenji...ඒ මොකක්ද කළුවර කවිච්චි..කතාව ?

      Delete
    3. කළුවර ලීයෙන් හදපු කවිච්චි මිල අධිකයි.
      ඒ ගැනයි කිව්වෙ.

      Delete
  4. ඇත්තටම මේක සිංදුවකට නියමෙට ගැලපෙනවා..

    ReplyDelete
  5. හොද නිර්මාණයක්.
    වැඩ රාජකාරි අස්සෙ මෙවැනි සිතිවිලි පහල වීමත් හරි අගෙයි.

    ReplyDelete
    Replies
    1. කවි හිතට සීමා මායිම් නැහැ නේ kenji....වෙලාව තමයි නැත්තේ..ලියාගන්න...

      Delete
  6. ගැයූ ඒ ගී දෙතොල් පුපුරා
    ගලා යන තුරු රුධිර දහරා
    වෙනත් සවණක රැඳෙන්නට පෙර
    සවන්පත් වේට ගතිමි උදුරා

    ReplyDelete
    Replies
    1. එහෙමලු වුනයි කියන්නෙත්...

      Delete
  7. මමත් කියවන කොට ම හිතුවේ කවියකට වඩා ගීතයකට ගැළපෙනවා කියල යි. ලස්සණ අදහසක්. ලස්සණ පද පෙළක්.

    ReplyDelete
    Replies
    1. කවියක් ද ගීතයක් ද කියලම හිතුවේ නැහැ ධාරා නංගි..ලිව්වා ඔන්න ඔහේ...

      Delete
  8. ///ගෙවූ කාලය අනේ සොඳුරුය
    ගැයූ ගී කවි හැඟුම් මිහිරිය
    තවත් සවණක එ ගී රඳනට
    නොදුන්නෙමි කිසි දිනෙක ඉඩකඩ..////

    බ්ලැක්&වයිට්........ඇයි අනාගත ගායකයෙකුට මග ඇහුරුවේ.....ගායකයෙකුත් වෙලා ඒ මදිවට නළුවෙකුත් වෙයි කියලා බයටද?

    ReplyDelete
    Replies
    1. Aru..මේකේ කවි ගී කිව්වේ කිරිල්ලි නේ..කුරුල්ලා ඉරිසියයි...වෙන අය අහනවට...ඉතින් මේ කිරිල්ලි වෙන අයට ගී කිව්වේ නැහැ ලු...
      ඔන්න ඕකලු වුනයි කියන්නෙත්...

      Delete
  9. ලව් ගීත මට දිරෙව්වේ නැති උනාට, බහුතරය අහන්නේ ඕවනේ.. ඇත්තටම බොහෝම රහයි..

    ReplyDelete
    Replies
    1. රහ කෙසේ වෙතත් ගුණවත් නැතැයි.....ඉඳහිට නේ මෙහෙම එකක් ලියන්නේ....

      Delete
  10. මල ඉලව් ලව්.. ඊට වඩා හොඳයි පෙන්ටියම් 1 මැෂිමකින් බ්ලොග් ලියනවා

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකා මට බනිනවෝ....මොකද කියන්නේ කවි සිංදු ලියන එක නවත්තන්නද...?

      Delete
    2. @යසිත් :ඇයි එච්චරටම බර කරත්තයක් වෙලාද

      @ සුදු :: ඇත්තටම ලස්සන පද පෙළක්...

      Delete
    3. අනේ මන්දා රෙහානි....dot නම් love ඇලජික් ම වෙලා වගේ නේද..?

      Delete
    4. කෙහෙල්මල් ලව් :(
      මගේ ෆෝන් එකට රීලෝඩ් දාන, අහිංසක, දෙන දෙයක් කාල කටවහන් ඉන්න , හැම මාඅසෙම ඉන්ටර්නෙට් බිල ගෙවන්න පුළුවන් වත්කම් සහිත දැරිවියක් ඉන්නව නම් මා අමතන්න.... :)

      නැත්නම් රෙහානි , කළු සහ සුදු අඳුරන තැනකින් කපුකමක් කතා කරන්නකෝ... ලැබෙන දෑවැද්දෙන් දහයෙන් පංගුවක් කපු ගාස්තු විදියට ගෙවන්නම් :P

      Delete
  11. මම නම් ජාති ජාති වත් කාටවත් අපරාදයක් හිංසාවක් වෙනවට අකමැති මනුස්සයෙක්..

    අනේ dot ඒ හින්දා ඔයාට මංගල්ල කතා කරලා ගැහැණු දරුවන් ව අමාරුවේ දාන්න මට නම් බැරියෝ...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න