හඬමි යලි හිනැහෙමි...
නුඹේ සෙනෙහෙ මත සැතපෙමි...
විඳිමි ..යළි
විඳවමි..
ජීවිතේ මේ යැයි අත්දකිමි....
ඉකිලමින් තනිවෙමි ...
නුඹ සිහිව යළි වැලපෙමි...
හැරයන්න සිතුවෙමි ..
කෙලෙස,...
නොදනිමි...යළි එමි...
හිතමි..යළි තැවෙමි...
නුඹ නැතිව ගිනි උසුලමි..
දකිමි..හස දරමි
මේ සෙනේ මතු පතනෙමි...
විඳිමි..
යළි විඳගමි...
නුඹේ සෙනෙහෙම දැවටෙමි..
හැර නොයමි...
තනියට එමි..
සසර තුරු නුඹම පතනෙමි...
sansarike aderayak.. lasanai ...
ReplyDeleteමගේ අත්දැකීම් ගොඩක් කැටිවූ නිර්මාණයක්...
Delete