නවක වදය කිව්වම අපි හැමෝටම දැනෙන්නෙ මහා එපා කරපු හැගීමක්..එහෙම නේද..?
මිනිසුන් නොමිනිසුන් වෙලා..හරිම දරුණු නිර්ලජ්ජී ලෙස හැසිරෙන අවස්තාවක් ලෙසයි..අපි හැමෝම මේ නවක වදය දකින්නේ...
ඒත්..මම මීට අවුරුදු 18කට කලින් දවසක කොළඹ ආවා...මගේ අද මම කරන වෘත්තියේ පුහුණු පාටමාලාවට...උසස් පෙළ කරලා හමාර වූ ගමන් ම ගෙදරින් මිදිලා ආව මම ඒ හැටි සමාජ ශීලී වුනේ නැති කෙනෙක්...
මම ඒ පැමිණි ගමනේදී වින්ද නවක වදය ගැනයි..මේ පෝස්ටුව....
කොහොම නමුත් මේ අදාල තැනට එනකල් අපි දන්නේ නැහැ මෙතන වෙන්නේ මොකක්ද කියලවත්...අපේ පුහුණු පාසලේ විදුහල්පතිනිය අපිව කතාබහ කරලා ඇතුලත් කරගත්තට පස්සේ..අපිත් අධ්‍යන කටයුතු සඳහා පන්ති කාමරයට ගියා...මට එතනදී හමු වුනා මගේ පළාතෙන්ම ආව ගැහැණු ළමයෙක්..(එයාගේ තමයි අර කලින් ලිපියකදී මානසික රෝහලේදී කොන්ඩේ කපන්න හැදුවේ) යන්තම් හිතට සහනයක් ආවේ එතකොටයි...
දවල් වෙනකල් කිසිම සද්දයක් බද්දයක් නැතුව ගෙවුනා.අපි අපේ කණ්ඩායමේ අයවත් හඳුනා ගත්තේ බයෙන් බයෙන්..මොකද ඔක්කොම උන්නේ අපිට වඩා වැඩිමල් අය..අනික අපේ බැච් එකට බාගයකට වඩා දමලා තිබුනේ යුද හමුදා බලකායේ අය..ඒ දවස් වල යුද්දේ නේ..ඉතින් මේ අවශ්‍යතාවය ඒ අංශ වලට බොහොම වැඩි වුනා...
දවස් කෑම පැයේදී ඔන්න ආවා අපේ senior උතුමන් උත්තමාවියන් ටික...පළමුවෙනි දේ ආවේ කොහෙන්ද ..නම ගම ආදී තමන් ගැන විස්තරයක් කියන එක..හැබැයි තනිකරම සිංහලෙන්...ඉංගිරිසි වචනයක් වත් මුහු වෙන්න බෑ...කීප සැරයක් ම පටලවාගෙන කියාගත්තා..
ඊට පස්සේ senior උතුමෙක් වැඩිහිටියන්ට සැලකීම ගැන ලොකු දේශනයක් කළා...
අන්තිමට එකේ practicle වාරය ආවමනේ තේරුනේ මේකේ රඟේ...
අපේ පුහුණු පාසලේ පසු ගිය බැච් වල කණ්ඩායම් photo ගහල තියනවා...පහල තට්ටුවේ සිට උඩ තට්ටුව තෙක් බිත්තිය දිගේ...
දැන් ඉතින් හැම photo එකක් ලගම දන ගහල වඳින්න ඕන..හොඳට දන බිම ගහල වඳින්න ඕන..photo 20ක් විටර නැගිට නැගිට ආයේ දන ගහද්දි හොද ගණන්...
මෙතනට ඉගන ගන්න ආවනම් ඒවාට ගැලපෙන්න physical fitness තිබිය යුතු බව එදා එකෙන් අපි වක්‍ර මාර්ගයෙන් ඉගන ගත්තා...
දවල්ට කන්න ගියාමයි ඊළඟ දේ වුනේ..බත් ටික සේරම දිග හැර ගන්න කිව්වා අපිට...මස් ද මාළු ද තියෙන්නේ ඇහුවා..මස් ..මාළු...බිත්තර,,,ඔය හැම දේම කාගේ හරි ළඟ තිබුනා නේ..
එක්කෙනෙක් ආව බග් එකක් අරන්
හැම බත් එකක් ලඟින්ම තියා ගෙන තියාගෙන ගියා..අද ඉඳන් කන්න වෙන්නේ මේවා තමයි කියලා...
ඊ.....ඊ.....ඊ....මොනවද මේ..?
මිනිස් ඇට කැබලි....අපේ සමහරු දුවල ගිහින් වමනෙත් දැම්ම...
මම නම් බයටම ගල් ගිල්ල වගේ හිටියේ....
අනේ ඉතින් එහෙම උන්න අපි..පස්සේ කලෙක anatomy වලට ගිහින් gloves වත් නැතුව මිනී අල්ලලා..ඇවිත් සබන් දාල අත හෝදන් බත් කෑවේ...යස අගේට..
එදා අපිට ඒ දුන්නෙත්...එහෙම මුලික පුහුණුවක්..
අපේ රැග් එකේදී..ගැහැණු ළමුන්ට කොන්ඩ කඩාගෙන පෝනිටේල් දාගෙන එන්න දුන්නේ නැහැ...කොන්ඩේ ගොතල හරි..බැඳලා හරි ..කොටට කපල හරි එන්න ඕන..මාල චේන් වළලු මුදු දාන්න බැහැ...ඒ නීති රීති තුලින් අපි එදා ඉගන ගත්තා..රෝගියෙක් ලඟට යද්දී අපි වගේම රෝගියාගේ ආරක්ෂාවද සැලකිය යුතු බව..
අතේ තියන වළල්ලකින් පවා රෝගියාට සීරීමක් වෙන්න පුළුවන් බව..එදා රැග් ඒක තුලින් අපිට නොකියා කියාදුන්නා..
සති දෙකක රැග් එකේ.සුන්දර අත්දැකීම් විතරමයි මට නම් තිබුනේ...බාත් රුම් එකට දාලා ලිෆ්ට් එකේ යන්න කියන එක..සමූහ තොරන් රාජයෙක් සැකසීම..(මම හිටියේ නිවෙන පත්තු වෙන බල්බ් එකකට..)..balance training(කාර්ඩ්බෝර්ඩ් box එකක් ඔලුව උඩ තබා ගෙන තනි කකුලෙන් මේසය උඩ හිට ගෙන ඉන්න එක,
වත්තක හොර පොල් කඩන කොට දුවල පැනල අහුලන විදිය..ඔන්න ඔය වගේ නාට්‍යාත්මක දේවලුත් අපි කළා...
අන්තිම දවසේ රැග් එකට හොඳටම මුහුණ දුන් අය අතරට මාත් තේරුනා...
හැබැයි මට වඩා ගොඩක් senior අයියා කෙනෙක් ගෙන් මාව බඳින්න කැමතිද කියලා අහන්න වුන එක තමයි මට ලැබුණා දරුණුම රැග් එක...අහන්න බෑ කියන්නත් බෑ...අහන්නත් බෑ...අහන්නම වුනා...මට ආව උත්තරේ මොකක්ද දන්නවද..." කෙල්ලෙ...මගේ දරුවොත් උඹට වඩා ලොකුයි...මේ හිච්චි කෙල්ල මෙන්න මගෙන් බඳින්න කැමතිද අහනවා..ඉගන ගන්න ආව නම් ඔය අනම් මනම් නැතුව ඒක කරපන්.....".කියලා..ඔක්කොම ඉස්සරහ මට දේශනාවක් තිබ්බ එක..එදා නම් ඇඩේන්න තරම් ලැජ්ජා හිතුනා...අද නම් මතක් වෙද්දීත් හිනා....අද නවක වදය කියන එක විශ්ව විද්‍යාල තුල කොයි තරම් මානුෂීය අන්දමකට කෙරෙනවද කියන ඒක වෙනම කතාවක්..ඒත් අපේ පුහුණු පාසලේ...අපි වින්දේ මෙන්න මේ වගේ රැග් එකක්...අදටත් මතක් කර කර හිනා වෙන එකක්...
ඇත්තටම රැග් කන කාලේ අල වෙනවට බයේ සිනන්න්ට බැන බැන ඒවා කලාට ශෝෂල් උනාට පස්සේ ඒවා මතක් වෙනකොට පට්ටම ආතල්, ඕනෑම වෙලාවක කොල්ලෝ සෙට් උනහම කතාකරන්නේ ඒවා ගැනම තමයි.
ReplyDeleteඅද දවල් මමත් ලිව්වා පොස්ට් එකක් රැග් එක ගැන එකත් කියවල බලන්ඩකෝ
http://ukussablog.blogspot.com/2013/04/university-rag.html
ඔව් ඒක ඇත්ත ..ඒ දවස් වල නම් ..උදේ වෙද්දී බයයි..අද මොන කෙහෙල්මලක් වෙයිද කියලා...දැන් නම්..මතක් වෙද්දීත් හරි ජොලි ....
Deleteකැම්පස් නොගියත් මම කියන්නේ රැග නම් තියෙන්නෝනි. විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නට. ඒ අතර සිදුවෙන දරුණු සිද්ධි නම් හරිම කනගාටුදායකයි !
ReplyDeleteඅනේ මන්ද sAm....සමාජ තලවල ඉන්න උන් එකම තලයකට ඒම මේ හරහා වෙයිද කියන ඒක නම් මට සැකයි...මිනිස්සුන්ගේ උරුම ගති නම්...වෙනස් වෙන්නේ නැහැ..මේ වගේ දේවල් හරහා...
Deleteවිවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නව කියන කතාව හරි මම දකින විදිහටනම්. මේ කියන දේ සෞඛ්‍ය ආරක්‍ෂිත පැත්ත බැලුවම වැරදි වෙනද පුළුවන් නමුත් ඔය කියන ඩේ එකෙන් වෙලා තියෙනව.
Deleteකැම්පස් කොල්ලෝ ටික කොහේ හරි ගියොත් එකෙක්ට දත්මදින බුරුසුවක් ගෙන්ද බැරි උනොත් එක දැන් මහා ලොකු අව්ලක් නෙමේ, ඕන එකෙක් තමන්ගේ බුරුසුව දෙනවා ආ මේකෙන් මැදහන් කියල.
ඔය වගේ ගොඩක් ඒවා තව තියනවා ඉතිං.
ඒ අතින් බැලුවොත් නම් ඒක හරි තමයි..මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වුනාට ඔක්කොම ඒ ඇහින් නම් බලන්නේ නෑ..හොඳේ..
Deleteමට වෙලාවකට හිතෙන දේ තමයි..රැග් එකෙන් කොයි තරම් මිනිස්සු සමාන තලයකට ගන්න බැලුවත්..ඔලු වල පිරිලා තියන පුහු මාන්නය..(සමහරුන් ගේ)කැම්පස් එකෙන් එලියට ගියපු ගමන් ආපහු වැඩෙන්නේ..මේ තාවකාලික යටපත් වීමක් විතරක් නිසා දෝ ..කියලා..
මම මේ ලිව්වේ සමහරු ගැන..සමහරු කියන්නේ බහුතරය නෙවෙයි...
ඔය වගේ දේවල් නම් ඉතින් පස්සේ මතක් කර කර හිනා වෙන්න පුළුවන් ඒවා නේ. :)
ReplyDeleteදරුණු සිද්දි නැතුව සාමාන්‍ය විදිහට වෙන දේවල් නම් කමක් නෑ කියන්න පුළුවන්.. ඒත් හුඟක් වෙලාවට නොවෙන්නේ ඒකනේ..
ReplyDeleteඅන්න ඒක නේ...ප්‍රශ්නෙත්..
Deleteමං කලින් දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලා.
ReplyDeleteආපහු කොමෙන්ට් කරන්න චන්දන...
Deleteඔය වගේ විහිලු තහළු නම් ඉතින් පස්සේ මතක් කරලා හිනා වෙන්න හරි පුළුවන් ඒවා නේ. ඒත් නවක වදය නිසා එකම තලයටක එනවා කියන එක තියන්නේ ටික කාලයයි මට හිතෙන්නේ. කැම්පස් වලින් එලියට ඇවිත් ටික කාලයක් යද්දී ආයේ පරණ රාමුවේම ඉන්න අය මං ඕනේ තරම් දැකල තියනවා.. එහෙම නැති අයත් ඇති. සමහර විට කලින් හිටිය විදිහ හොඳයි කියල හිතෙනවා.. :)
Delete(කමෙන්ට් එකක් ස්පෑම් වුනාම, ඒක තියනවා ඩෑෂ් බෝඩ් එකේ කමෙන්ට් යටතේ තියන ස්පෑම් කියන ෆෝල්ඩර් එකේ. එතනට ගිහින් අදාළ කමෙන්ට් එක මුලින් තියන පුංචි කොටුවට මාක් එකක් දාල Not spam දුන්නා නම් කමෙන්ට් එක එලියට එනවා.)
ස්තුතියි මල්ලි...
Deleteමට තියන ප්‍රශ්ණෙ ඔය රැග් එකට මුහුණ දුන්න හැමෝම ඔය විදිහට ඕක තේරුම් ගන්න ඇතිද කියන එකයි. අමානුශික නැතුව, නිශ්චිත සාධනීය අරමුණකින් කරන නවක වදය හැමෝටම යහපත ගෙනදේවි. ඒත් දැන් විශ්ව විද්‍යාල වලින් අහන්න දකින්න ලැබෙන ඒවා බලපුවම හිතෙන්නෙ ජේශ්ඨ උත්තමයො උන්ගෙ ලොකු කම පෙන්නන්න විතරක්ම මේක අවියක් කරගෙන කියලයි.
ReplyDeleteසමහර වෙලාවට එහෙම හිතෙනවා තමයි...
Deleteමං කැම්පස් ගිය පලවෙනි දවසේ ජෙෂ්ට උත්තමයෝ මාව එලියට දැම්මේ කටුබැද්දේ හන්දියට යනකල් ආපහු හැරිලාබලන්න එපා කියලයි
ReplyDeleteඅර මොකද අප්පේ ඒ...
Deleteමට දුන්න එකක් අර වගේම කැම්පස් එකේදි.. මලක් අරන් ගිහින් එතැනට ටිකක් ඈතින් හිටි කථිකාචාර්යවරියකට "මං ඔයට ආදරෙයි " කියන්න.. ඔය දන්නවද ? මං ඒක නාට්‍යානුසාරයෙන් අඩ දැණිව නියම ආකාරයට කලා.. අනේ අර නෝනා මගේ මල දෝතින්ම අරං "තෑන්ක් යු" කියපි..
ReplyDeleteඒ මතකයන් හරිම සුන්දරයි නේද...?
Deleteනවක වදය ගැන අපේ ඈයෝ දෙවරක් නොසිතා බැන්නත්, එහි වැදගත්කමක් මා දකිනවා. ශිෂ්‍ය සංගම්වලට බැන්නත් එහිද සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා. මට හැඟෙන පරිදි එමඟින් අපි බොහෝ දෑ වි. වි. අධ්‍යපනයට වඩා ලබනවා. කවුරුවත් සංවාදයට එන්න එපා. මේ ඊට වේලාව නොවේ. හිරුගේ යොමුවක් ලැබුණා.
ReplyDeleteඔයාගේ කතාවෙත්..සමහර සත්‍යතා තියනවා..නිර්මලා...
Deleteමේ හැමදේම අපි බලන..දකින කෝණය අනුව නේ වෙනස් වෙන්නේ..