සිතින් සියවර නිතින් පබඳුනු
සොඳුරු ගී පද වැල් සිඳීලා
පන්හිදේ තුඩගින් ගලා ආ
සෙනෙහසේ සිතුවම් මැකීලා
හිතට දැනෙනා සියුම් කඳුලක
තනිකමක් නිරතුරු රැදීලා
බලා ඉමි යළි මගේ කවි සිත
මගේ වන තුරු
පමා වී ලා.........
kithcreations.blogspot.com
පමා වෙන එකක් නෑ දැනටමත් ඒ කවිසිත අවදිවෙලා වගේ තියෙන්නේ.
ReplyDeleteහ්ම්ම්ම්ම්....ඔව් නේ ....
Deletekithcreations.blospot.com වලට වෙලාවක් තිබුනොත් ගිහින් බලන්නකෝ
හ්ම් ...
ReplyDeleteමේවට කමෙන්ට් කරන්න තේරෙන්නෙ නැහැ බොල :)
කොමෙන්ට් නොකෙරුවට කමක් නෑ...කියවන්නකෝ...ඒ ඇති...
Deleteපමා වි පිපෙන මල් සුවඳයිලුනේ ;)
ReplyDeleteඅනේ මන්දා.....;)
Deleteමාත් දන්නෙ කවි රස විඳින්න තමයි. ඉතින් වැඩි යමක් නම් කියන්න තේරෙන්නෙ නෑ. :)
ReplyDeleteඅර පෝස්ට් එකට යටින් තියන ලින්ක් එක දානකොට ක්ලික් කරන්න පුලුවන් වෙන විදිහට දාන්න. පෝස්ට් එක ලියද්දි ලින්ක් එක දාන්න ඕන තැන ක්ලික් කරල උඩ තියන add link කියන එක තෝරල එතැන පහල කොටුවට ලින්ක් එක දෙන්න. උඩ කොටුවට ලින්ක් එක වෙනුවට පේන්න ඕනි නමක් දෙන්න. ඊට පස්සෙ ok.. දුන්නම හරි.
හා ...අන්න එහෙම කියාදෙන්නකෝ...තැන්ක්යූ....
Deleteචන්දන මලයා හොද බ්ලොග් දොස්තර මහත්තයෙක්. අපිත් නොදන්න දේවල් අහගන්නේ එයාගෙන් තමා.
DeletePamawela apu wasantayak...
ReplyDeleteහ්ම්ම්ම්......
ReplyDeleteඉස්සර සඳරේණු පත්තරේට මහේෂ් සත්සර මද්දුම ආරච්චි ලිව්වා කතාවක් “සිතින් සියවර“ කියලා.. මට මතක් උනේ ඒක...
ReplyDeleteඔන්න බලමු....ඉතින්....මටත් දැන් නොව ඒක මතක් වුනේ..මාත් ඕවා කියෙව්වා...
Delete