Sunday, February 16, 2014

74. දිනපොත ට යලි ඉඩක්

ඉතින් කොහොමද දිනපොත ලියන්නේ.
අසනීපත් සනීප නැති කොට
කොම්පියුටර් ළඟ ඉන්න එක එපා වෙනවා .
ඒ නිසා ගිය සතියෙත් ලිව්වේ නැහැ.
ඉතින් ..ඉතින්....කොහොමද වාස දේස ...
කවුරුත් සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියා පතනවා...
ගිය සතිය පුරාටම වුන දේවල් අමාරුවෙන් ලියාගත්තා....එහෙනම් බලන්නකෝ කියවලා..

******************************************************************************************
10.02.2014 සඳුදා


අසනීපෙන් උන්නත් කොහොම හරි වැඩට යන එක කරන්න ඕන...මම ඒ නිසා වැඩට ගියා.
හදිසියේ වත් එක දිගට නිවාඩු ගන්න වෙන තත්වයක් ආවොත් ඒකට සුදානම් වෙන්න ඕන නේ ..
කොහොම වුනත් වැඩ කරන්න නම් බැරි කමක් වුනේ නැහැ.

මේ දවස් වල ඉන්න ලෙඩ්ඩු කන්දරාව පුදුම විදියට වැඩියි.මේ තරම් හදිසි අනතුරු වෙන්න හේතුව අනේ මන්දා...කාගේ වරදද කියලා...අපරික්ෂාකාරී රිය පැදවීම තමයි මම නම් දකින ප්‍රධානම හේතුව.ඒත් අපේ රෝගීන් නම් කියන්නේ හැම තිස්සෙම අනිත් පාර්ශවයේ වරද ,ඒක සාමාන්‍ය දෙයක් නේ නේද ?
කිසිම වෙලාවක තමන් අතින් වරදක් වුනා කියන්න අපි කවුරුවත් කැමති නැහැ .
මෝටර් බයික් අනතුරු තමයි වැඩිම.අතක් පයක් කැඩිලා ආවොත් මොනවා හරි කරලා ගොඩ දාන්න පුළුවන් .ඒ වුනාට මොලයට අනතුරක් වුනාම ඒකට මහන්සි වෙන්න වෙන තරම......ඒ වගේමයි....ඒ මහන්සියේ තරමට ප්‍රතිපලයක් දෙන්න බැරි වීම....මිනිස්සු මොන තරම් තදබල අනතුරක් වෙලා ආවත් අන්තිමට අපෙන් අපේක්ෂා කරන්නේ නැවත මුල් තත්වයට යවන්නට හැකි වෙයි කියලා.
ඒත්...මොලය කියන ව්‍යුහයත් එක්ක වැඩ කරන එක ලේසි නැහැ.නොපෙනෙන ඉන්ද්‍රියයක් එක්ක වැඩ කරමින් අපි රෝගියා ගොඩ ගන්න දරන මහන්සිය එක්ක...මට නම් ඉල්ලන්න තියෙන්නේ...

අනතුරු වලින් හැකි තාක් වැළකෙන්න.....වුනාට පස්සේ මුල් තැනට යන්න බැහැ ....

****************************************************************************************

11.02.2014 අඟහරුවාදා


කාලය ගලා යනවා....
නවත්තන්න බැහැ .
ECHO පරීක්ෂනයටත් මුහුණ දුන්නා...ඒකෙ ගැටළුවක් නැහැ.
ඊ ලඟට exercise ECG....
ලේ පරීක්ෂණ ගොඩකුත් තියනවා කරන්න....
ඔක්කොම කරලා බලමුකෝ නේද...

මේක අහම්බෙන් ආව තත්වයක් නේ...ඒත් අපේ රෝගීන් ගත්තම මේ හැම පරීක්ෂනයක්ම ඒ අයට වාර කීයක් නම් කරනවද...
ලේ ගන්න කී සැරයක් විදිනවද...
සන්ධි ආශ්‍රිත රෝගීන් ගත්තම අදාළ සන්ධි වලට කී සැරයක් නම් බෙහෙත් විදින්න වෙනවද....

ඉතින්...කොයි රෝගය වුනත් මුලින් වළක්වාගන්න උත්සහ දරනවා නම් ඉතාම හොඳයි..සමහර ඒවා වලක්වගන්න බැහැ...ඇත්ත...ඒත්..බොහොමයක් ඒවා සංකුලතා මතු වෙන්න පෙර අවමයෙන් හරි වළක්වාගන්න පුළුවන්..

අපේ සමකය වටේ ලියන නලීන් මහත්තයාගේ උදවුවත් ඇතුව ...මම ආරෝග්‍යා පත්තරේට ලිපි පෙළක් ලියන්න ගත්තා...

නලීන් ඔබට බොහොමත්ම ස්තුතියි නැවතත්...

දැනට කලාප දෙකක ඒ ලිපි පල වුනා...ලබන සතියේ බලන්න ඊළඟ ලිපිය පලවේවි..
දැනට නම් ලිව්වේ ...රුමටොයිඩ් ආතරයිටිස් ගැන....

ලබන සතියට....ලියා යැවුවා..ඔස්ටියෝආතරයිටිස් සම්බන්ධ ප්‍රතිකාර ගැන...

ඉඩක් ලැබුනොත් අරන් බලන්න හොඳේ...

*****************************************************************************************

12.02.2014 බදාදා



සතියක් ලබනවා විතරයි ගෙවෙන ඉක්මන ..
කෙනෙකුට මානසික සුවය කියන දේ මොන තරම් වටිනවද කියලා මම දැන් දැන් හරියට අත් විඳිමින් ඉන්නවා...
මම සාමාන්‍යයෙන් අනුන්ගේ ගැටළු ඔලුවට අරන් දුක් විඳින්න ආස මනුස්සයෙක්..
කාගේ හරි ප්‍රශ්නයකට උත්තර හොයලා දෙන්න ගිහිල්ල...මටම ගැටළු ආව වාර අනන්තයි..
එක්කෝ...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන...
නැත්නම්...ඒත්...මම මේ පුරුද්ද අත්හැර ගන්න ඕන..
වෙන විකල්පයක් නැහැ ...

මිනිස්සු ගැන විග්‍රහ කරන්න මට තියන දැනීම හොඳටම මදි...
ඒත්...මම හරියට මිනිස්සු ( මෙතැන පොදුවේ දෙපාර්ශවයම ) විශ්වාස කරන්න යන එකේ ලොකු වරදක් කරනවා..
එතනදියි මට වරදින්නේ..හැමදාම..
අන්තිමට වෙන්නේ මගේ වචනම මට පාරාවළල්ලක් වෙලා වදින එක...
සමහර වෙලාවට ..අනුන්ට උදව්වක් වෙන්න දීපු උපදෙස් පවා...මට ආපිට හැරිලා වැදිලා තියෙන්නේ..ඒකෙ අර්ථය පවා විකුර්ති වෙලා...

දැන්වත් හැදෙන්න ඕන....
කට පියාගෙන....ඉන්න..
සමහර විට ගොලුවෙක් බීරෙක් අන්ධයෙක් වගේ ඉන්න ඕන වෙලාවල් ඕන තරම් ජීවිතේ එනවා...එහෙම ඉන්න බලමු මින් පස්සේ වත්...

*****************************************************************************************
13.02.2014 බ්‍රහස්පතින්දා


ඉතින්....මම ආපහු යථා තත්වයට එන්න උත්සහ කරනවා..
මූණු පොතෙන් ටික දවසකට සමු ගත්තෙත්...ටිකක් හිතල බලල recover වෙන්න ඕන වුන නිසයි...
ඒත්..අපේ ලොකු මලයා කුනුකුනු ගානවා නේ....
මට මඩ ගහ ගන්න බැරි වුනාම මිනිහට කෑවේ බිව්වේ නැහැ වගේ...
ලබන සතියේ ඉඳන් ආපහු ඒ පැත්තට එන්නත් ඕන...

හෙට වැලන්ටයින් දවස ලු නේද...
අපේ මහත්තයා නම් ඕවා දන්නේ නැහැ..මම දන්නෙත් නැහැ..
අපේ කාලේ වැලන්ටයින් උන්නේ කොහෙද දන්නේ නැහැ අප්පා...
නැත්නම් මටත් රෝස මලක් ගෙනල්ල දෙන්න තිබුණා අපේ මහත්තයට...නැද්ද..හා....

වැලන්ටයින් කොහොම වෙතත්...මේ දවස් වල වාට්ටුවේ ඉන්නවා අවුරුදු විසි ගනනක ගැහැණු කෙනෙක්..විවාහක කෙනෙක්..
මහත්තයාත් එක්ක වුන අවුලක ප්‍රතිපලය බෙල්ලේ වැල ලා ගැනීම...
ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ..අන්තිමට වුනේ..මැරුණේ නැහැ ..
මොලයට වගේම සියලු ශරීරයට ස්නායු අප්‍රාණික වුනා..
දැන් අතපය ඔක්කොම දරදඬු වෙලා වාට්ටුවේ...
සුව වීම ගැන නම් 10% වත් විශ්වාසයක් තියාගන්න බැහැ...

හදිසි තීරණ ...ඉක්මන් කෝපය....නොමේරු ජීවිත....

******************************************************************************************
14.02.2014 සිකුරාදා


පෝය අද....
අවුරුද්දේ දෙවැනි පෝය ...
හවස් අතේ පන්සල් ගියා..
වෙනදට සන්සුන් පන්සල ...අද මහා කාලගෝට්ටියක් වෙලා ...
අද කාලේ දැන් හැම තැනම අහන්න ලැබෙන මවුගුණ පියගුණ කැසට් පටි දාලා...මහා සද්දෙට..
මමත් මුලදී ඒ කවි ඇහුවේ පුදුම ආසාවකින්..ඒත්....ඒක කලක් යද්දී මහා කන්දොස්කිරියාවක් වෙන තරමට පැතිරෙන්න ගත්තා.
මවුගුණ කැසට් පටියේ සමහර තැන් වල ...අම්මා වෙනුවට...මට ඇහුනේ අම්මි කියන වචනේ...
එක ඇහුන බොහොමයක් දෙනා ඇති...
එදත් එදා හරි..මම ඒ කවි අහන්නේ නැහැ ..

එක ගාථාවක් සන්සුන්ව කියාගන්න බැරිව මම ආපහු ආවා...මදැයි...හිත නිවාගන්න කියලා පන්සල් ගියා..

කොහොමහරි ඔන්න සතිය ඉවරයි...
ලබන සතිය නම් මට කාර්ය බහුලයි...
ආපහු මොන ලෙඩ තිබ්බත්..මම මගේ වැඩසටහන් වලට යනවා...
මට හැම දේම අමතක කරලා ...මගෙන් වෙන්න තියන දේවල් කරන්න ආපහු කාලේ ඇවිල්ලා...

ඉතින් ...හැමටම සුබ සති අන්තයක්....

******************************************************************************************





හිතෙන් අත හැරී යන
ජීවිතේ අරන් එන..
ඒ සොඳුරු දිනය
තව බෝ දුරද සොයමි මම ...

මිනිසෙකුව උපන්නද..
කළහැකිද හැමදේම..
ඉතින් මම බලා ඉමි
මගේ හෙට දවස ගැන..

මගෙන් විය යුතු යමක්
ඉතින් වේ නම් ලොවට
ඒ සියලු දේ කරමි..
නොපැකිලී කිසිම විට..

ජීවිතය හැබෑවකි
හීනයක් නොවේමය...
ඇස හරන් බලමි මම
හෙට දවස එනතුරුම ..


23 comments:

  1. මනු සතා ගැන නම් කතා කරලා වැඩක් නෑ .....මටත් තියන දුර්වල කම තමා ඕනාට වැඩියේ සමහරක් අයව විශ්වාස කරන්න යන එක ඒ නිසා හැමදාම මටත් වෙන්නේ ඔය ටිකම තමා,,,,අනේ ඔයා වෙනස් වෙන්න එපා අක්කෝ ඔය ඉන්න විදිහට ඉන්න අඩුම තරමේ මැරෙන්න කලින් එක විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයෙක් හරි හමුවේවි.....අක්කණ්ඩි හැමදාම වගේ අදත් නිරෝගි සුව පතනවා......

    ReplyDelete
    Replies
    1. ශානු මගේ නංගෝ...ඔයාගේ කතාව හරියටම හරි.මිනිස්සු හඳුනා ගන්න අමාරුයි ඒත් අපි ජීවත් වෙන රටාව අපිට අනුන් නිසා වෙනස් කරන්න බැහැ නේ...
      ///මැරෙන්න කලින් එක විශ්වාසනීය කෙනෙක් හෝ හමු වීම //// ඒක හරිම අපූරු අදහසක්

      Delete
  2. //අනතුරු වලින් හැකි තාක් වැළකෙන්න.....වුනාට පස්සේ මුල් තැනට යන්න බැහැ ....//

    දැන් පැය හතර පහකට කලින් උනා වැඩක් , අම්මේ හිතනකොටත් හිත කීරි ගැහෙනවා, අදනං අපි දෙන්නටම නින්ද යන එකක් නැ

    ReplyDelete
    Replies
    1. මොකද අටම් උනේ....මොනවා වුනත් පරෙස්සමින් ඉන්න ඕන කියන එකයි මම නම් හැමදාම කියන්නේ කාට වුනත්

      Delete
  3. ඔබ හොඳ හිතින් කරන දේවල් සමහරුන් ඔබේ මනුස්සකම කියා දකීවි....තවත් සමහරු ඔබේ මෝඩකම ලෙස දකීවි,හොඳ හිතෙන් අයුතු වාසි ලබාගන්නට උත්සාහ කරාවි .....

    බලන කෙනාට කැමති විදිහකට බලන්න ඇරලා....ඔබේ වැඩකටයුතු දිගටම කරගෙන යන්න...හැබැයි...ගොඩක් පරෙස්සමෙන්...මොකද මේ කාලේ...අනුකම්පාවට කරන දේවල් භූමිකම්පාවක් වෙලා ආපහු එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි....

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. අයාල් සිත් ..ඔබේ අදහස් වලට තුති...
      ///තවත් සමහරු ඔබේ මෝඩකම ලෙස දකීවි,හොඳ හිතෙන් අයුතු වාසි ලබාගන්නට උත්සාහ කරාවි ....///මෙන්න මේ දේ මම හොඳටම අත් වින්දා පහු ගිය කාලේ...
      මිනිස්සු මානව සම්බන්ධතා ගැන හිතන්නේ හරිම අවතක්සේරුවකින් ඒකයි හැම දේටම මුල
      ඔව් අයාල්.....භූමිකමපා වලින් ගලවෙන්නයි දැන් නම් ඕන

      Delete
  4. ඔය අනතුරු තියෙනවා නේද. මෙහෙමත් එකක් තියෙනවා. අනතුරු දාහක් වලක්වගෙන පරෙස්සමෙන් රිය පදවපු එකා එක පොඩි අතපසුවීමකින් අනතුරකට මුහුණ පෑවොත් ඌටත් අර හැමදාම නොසැලකිල්ලෙන් රිය පදවන එකාට ලැබෙන සැලකිල්ලමයි ලැබෙන්නේ කාගෙනුත්.

    මම එක දෙයක් ගැන විතරක් කතා කලා.

    ඔබට ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම DUDE....

      Delete
  5. //ඇස හරන් බලමි මම
    හෙට දවස එනතුරුම ..//

    හැබැ‍යි කියන කොට කියන්නේ 'හෙටට කල් දමා පසුතැවිලි නොවන්න' කියලා.

    ReplyDelete
    Replies
    1. සමහර විට අද කරන්නට බැරි උන බොහෝ දේ හෙට දවසේදී ඉටු කරගන්න මම උත්සහ කරනවා තිසර මල්ලි..
      හැබැයි ඇත්ත ....අදම කරන්නට පුළුවන් වුනා නම් තමයි වටින්නේ

      Delete
  6. ලියල තිබෙන සමහර දේවල් ගැන කතා කරන්න ගියොත් පිස්සු හැදෙනවා....
    ඉක්මන් සුවය පතනවා අපගේ දයාබර සොයුරියට...

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදුනත් කමක් නෑ ලියනන තිබුන kenji අය්යා

      Delete
  7. ඔබට කඩිනම් සුවය පතමි..

    ReplyDelete
  8. කලකිරීම කියන්නෙ නම් ජිවිතෙ වනසන සතුරෙක්.එකනිසා කිසිම දෙයක් ගැන පසුතැවෙන්න එපා.කරන්න කලින් දැනගෙන හිටියෙ නැ නේ.එහෙමනම් කරන්නෙත් නැ නෙ නේද හා.
    get well soon akka

    ReplyDelete
    Replies
    1. මල්ලි ඇත්තටම ඔව්.....

      Delete
  9. ජීවිතේ ගමන් මග
    සෙමින් ඇවිදින අතරමග
    හමු වුනා සොයුරියක්
    මවක් මෙන්වූ සදාදර ......

    පතමි හදවත පුරාම
    සුවය සියලුම රෝ දුකින්
    ලැබෙන්නට යයි සෙනෙහසින්
    මගේ නොවන මගේම අක්කණ්ඩියේ..........................

    ReplyDelete
    Replies
    1. ජීවිතේදී හම්බ වුන ලස්සනම කොමෙන්ටුව...
      ඔයාට පින් මගේ මල්ලි
      මගේම මල්ලිලා දෙන්න වගේම ඔයාත් මට හරිම ලෙන්ගතුයි ..ඒක මම දන්නවා

      Delete
  10. අයියයියෝ.. මේ පෝස්ට් එක මට මග හැරිල නෙ.. බ්ලොග් රෝලෙ පහල තිබිලයි දැක්කෙ..

    ඉතින් මොකද අර බෙල්ලෙ වැල දාගත්තු කෙනාට වෙලා තියන්නෙ. කවුරු හරි ඇවිත් උස්සල ද. ඇහුවමයි එහෙම එකක්..

    පෝය දවස් වලට, ඒ නැතත් පන්සල් වල හෙම තියන පිංකම් වලට ස්පීකර් දාන එක මට කොහොමත් කරච්චලයක්. යන්න වත් හිතෙන්නෙ නෑ. හිතේ කරදර ටිකකට හරි අමතක කරන්න පුලුවන් එහෙම තැන් වල තිබුනු ශාන්ත බව ඔය අනවශ්‍ය සද්ද බද්ද නිසා නැත්තටම නැති වෙලා..

    ඉතින් මහත්තය අයියට වැලන්ටයින් එකට මලක් දෙන්න එපැයි අක්කෙ බලන්නත් එක්ක :)

    ReplyDelete
    Replies
    1. මදැයි මෙයාට මේක අහුවුන කල්.මහත්තය අයිය බලයි මේ උන්දැට පිස්සුද කියල මල් දෙන්න ගිහින්.ඒ නිසා ඕන නෑ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න