ඉතින් දෙසැම්බර් මාසෙදි නැවතුන දිනපොත ජනවාරි මාසෙත් ලියාගන්න බැරි වුනා.ලියන්න උන්නට අනේ මන්දා කිසිම විදියකට ලියවුනේ නැහැ ...මෙන්න ඒ අස්සේ දේශකයා ලියන්න අරන්..සරත් අයියා කියන කල් මම දැක්කේ නැහැ නේ ඒක...කාට හරි මොකක් හරි ඇටැක් එකක් එනකොට තමයි ඔන්න හිතට හයියක් එන්නේ ...ලියන්න වුනත් එහෙමයි...එහෙම කරන්න දෙන්න බැහැ නේ...දිනපොත ලිව්වේ මම ..මෙයා කොහොමද ඒක ලියන්නේ...ඔන්න මම පටන් ගත්තා....ආපහු..
( අවංකවම කිව්වොත් අනේ එහෙම නෙවෙයි....මට ලියන්න වුනේ නැහැ ...දේශකයා නැත්නම් මෙතැන දුම්මල වරම අරන් ඒවි ...)
හැමෝටම සුබම සුබ පෙබරවාරියක් පතමින් මගේ දිනපොත හැරියා ඔන්න ...
ඒ වුනාට මේ ලියන්නේ ජනවාරි මාසේ අන්තිම සතියේ විස්තර .....
****************************************************************************************
27.සඳුදා ජනවාරි 2014
ඉතින් කාලෙකට පස්සේ ලියවෙන දිනපොතේ ඇතුලාන්තය ඒ තරම් සුන්දර නැහැ ...මම මේ ලියන්නේ සතිය ඉවර වුනාම නේ ..ඉතින් ආපස්සට හැරිලා බැලුවම ...මහම එපා කරපු සතියක්...
කමක් නැහැ කොයි දේත් වෙන්නේ මිනිස්සුන්ට නේ නේද...
මම අතිශයින්ම කාර්ය බහුල වෙලා...පොඩ්ඩා කොළඹ ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ...මහා පාන්දර ම නැගිටලා යුද්දයක් කරන්න වෙලා...උදේ 3.45 ට නැගිටින්නේ..ආපහු නිදන කොට 11 පහු වෙනවා..
ඒත්,,...දරුවෙක් වෙනුවෙන් මීට එහා දෙයක් වුනත් කරන්න වෙනවා නේ ..ඉගන ගන්න කොට ..
අද පොඩ්ඩා ඉස්කෝලේ යවලා ඊට පස්සේ වැඩට යන්න ආව ස්ටේෂන් එකට ..මෙන්න එතකොට අම්මා කෙනෙක් කෝල් කරලා කියනවා අද හවස ඉස්කෝලෙන් 1.30 ට මහානාමෙට ළමයිව ගෙනියන්න කිව්වා නේ අර Olympiad වලට තෝරා ගන්න කියලා...පොඩ්ඩා ගිය සතියේ එක දවසක් ඉස්කෝලේ ගියේ නැහැ ..ඉතින් එදා පණිවිඩේ දීල තියෙන්නේ .
මොකෝ කරන්නේ වැඩට ගිහිල්ල වරුවක නිවාඩු දාල ගියා ඉස්කෝලෙට ..කන්නත් අරන්...
ඔන්න ඔහොමයි මගේ දිවිල්ල..ආපහු එද්දී highway ආව..
මොනවා වුනත් highway නිසා මට නම් හරිම පහසුවක් දැනෙන්නේ ...නැත්නම් කොළඹ මීගමු එන්න ගියාම එපා වෙනවා .. පැය එකහමාරක් නේ ..
***************************************************************************************
28. අඟහරුවාදා ජනවාරි 2014
අපි හිතන්නේ නැති දේවල් ජීවිතේ මොන තරම් වෙනවද ..?
ජීවිතේ අවිනිශ්චිතයි කියලා දැනෙන්න මහා වෙලාවක් යන්නේ නැහැ
උදේ වැඩට ගියා ..කවදාවත් නැති අපහසුවක් මට හෙමි හෙමින් දැනෙන්න ගත්තා...
ඒත්..ඒක මොකක්ද කියන්න මම තවමත් දන්නේ නැහැ..
වැඩ පටන් ගන්න කලින් හිතට ආව ක්ෂණික සිතුවිල්ලක් එක්ක මම වාට්ටුවට ගියා..සිස්ටර් උන්නේ...ප්‍රෙෂර් බලවගන්න ආවේ කිව්වම .....සිස්ටර් මාව වැඩි කරවගත්තා..
මෙන්න මෙයා ප්‍රෙෂර් බලන කොට එයාට ප්‍රෙෂර් වැඩි වෙලා වගේ ඇඹරෙන්න ගත්තා..ඇහුවට කියන්නේ ත් නැහැ ..අන්තිමේදී මාව දැම්මේ නැතැයි ඇඳකට ..
වාට්ටුවේ ඩොක්ටර් ගෙන්නුවා ...එතකොටයි දන්නේ ප්‍රෙෂර් එක 190/120 ලු....
මට ගානක් වත් නැහැ ...
අන්තිමට ඇම්බියුලන්ස් ගෙන්නුවා...රාගම මහා රෝහලට යැවුවා...
හදිසි ඒකකයට දාල කටු වයර් සේරම ගහල ඔහේ උන්නා..ECG ගත්තා...
අනේ මන්දා....
මතක් වුනේ අම්ම ව ....
මේ ටිකම එයාට වුනා....ඒත් එයා යන්නම ගියා...කිසිම දෙයක් කරන්න කලින්..
රෝග ඉතිහාසය බලන ඩොක්ටර්ස් ලා අම්ම ගේ ගැන අහනවා ..
කොහොම කියන්නද ....
ඒ නික්ම යාම
කොහොම හරි ප්‍රෙෂර් බෙහෙත් එක්ක අඩු වෙනකල් ඉඳල ..වාට්ටුවට දැම්ම..
වස බීපු තරුණ කෙල්ලෝ..වැටිලා තුවාල වෙලා ආව ආච්චිලා අතරේ මාත් ඔහේ උන්නා...
හවස් වෙද්දී ටිකට් කප්පව ගත්තා...මහා ලොකු පරීක්ෂණ ගොඩකුයි ECHO එකකුයි එක්ක සති දෙකකින් එන්න කියලා බේත් හම්බ වුනා...
ඔන්න ජීවිතේ...
දිනපොත ලියලා පබ්ලිෂ් කළාටත් පස්සේ මතක් වුනේ...මොනවා වුනත් අද මගේ ජීවිතේ වටිනාම දවසක්..
ජීවිතේ අම්මෙක් වුන මුල්ම දවස...මගේ ලොකු කොල්ලා හම්බ වුනේ මීට අවුරුදු 14 කට කලින් අද වගේ දවසක...
තවම ඒ සුන්දර මතකය හිතේ තියනවා..අසනීප වෙලා ගෙදර එද්දී කොල්ලට කේක් එකක් අරන් ආවා...පව්...
******************************************************************************************
29 .බදාදා ජනවාරි 2014
අද බෙඩ් rest....
වැඩට යන්න එපා කිව්වා....
අමාරුම දේ ඒකයි...
ඉතින් ලියන්න ගත්තා...බෙඩ් rest එකේ දි මොනා හරි කරන්නත් එපයි..
නලීන් ගේ මග පෙන්වීම යටතේ ...ආරෝග්‍යා පුවත්පතට ලිපි පෙළක් ලියන්න ගත්තා...මේ සතියේ යන්නේ ඒකෙ දෙවැන්න ..
රුමටොයිඩ් ආතරයිටිස් ගැන ...
ලබන සතියට අදාළ ව එකක් ලියන්න ගත්තා..
මනසට වෙහෙසක් නැති වුනාට ටයිප් කරන්න ගියාම ටිකක් අමාරුයි...
කොහොම හරි ඔන්න එකත් ලිව්වා..
මේල් එකටත් දැම්මා...
***************************************************************************************
30.බ්‍රහස්පතින්දා ජනවාරි 2014
බෙඩ් rest කියලා ඔහොමත් කරන්න බෑ..
උදෙන් නැගිටින එක අතාරින්නත් බැහැ...
හැමදේම කොහොම හරි කරගන්න ඕන නේ...
ප්‍රශ්නේ වෙන්නේ...උදේට ප්‍රෙෂර් නෝමල් ...හවසට ආපහු වැඩියි ...
තේරෙන්නේ නැහැ ..මොකක්ද කියලා..
වැඩට ගියා අද...එහේ ගිනි ඇවිලිලා වගේ ..
ලෙඩ්ඩුයි..ස්ටාෆ් එකේ යයි පෝලිමට අහන්න අරන් ...වෙච්ච දේ ..
වෙලාවකට එහෙම අහද්දී වදයක් වගේ දැනුනට ...
ඒ අහිංසක ලෙඩ්ඩු ගැන පව් කියලා හිතෙනවා..
ආත්මාර්ථයෙන් තොරව පතන නිදුක් නිරෝගී සුව ...එන්නේ හදවතින්ම
****************************************************************************************
31.සිකුරාදා ජනවාරි 2014
අද මේ සතියේ අන්තිම ...
මට මේ දිනපොතේ ලොකු දෙයක් ලියාගන්න බැරි උනා ..
ඒත් ..ප්‍රවිශ්ටයක් ලෙස...ලියන්න ගැම්මක් ආව එකත් ලොකු දෙයක් නේ ...ලෙඩ අස්සේ...
මගේ ලොකු මල්ලි ඇවිල්ලා උන්නා..රට ඉඳලා....
අද ආපහු යන්න ආව...හෙට උදෙන් යනවා ...
නේපාලයට ...
මොනවා වුනත්...හිත දැන් ඉස්සරට වඩා හරිම දුර්වලයි...
පොඩ්ඩක් ඇත්නම් ඇඩෙනවා...මේ අසනීපේත් එක්ක එන තත්වයක් ද මන්දා
මම එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි...
මට එහෙම ඉන්න අවශ්‍යත් නැහැ ..
මෙහෙම දිනපොත ලියන්න බැහැ..
ලබන සතියේ ඉඳල වැඩකට ඇති දිනපොතක් ලියන්නම්...
එතෙක් සුබ සති අන්තයක්....
මම කළු සහ සුදු ...
පස්සේජ එන්නං ජදෙකක් නෙලන්න
ReplyDeleteඅද වැඩි වෙලා ඉන්නෙ නේද....අනේ මෙන්න වැන්දා දැන් නම් මොකුත් කියන්න එපා...මම ලෙඩා දුකා ..hikis
ReplyDeleteඉස්පිරිතාලේ වැඩ කලැයි කියලා නෑ අසනීප වෙනවා. ඉතින් ප්‍රෙෂර් එක කෑම සහ ව්‍යායාමවලින් පාලනය නොවෙන අවස්තාවකද ඔයා ඉන්නේ.
ReplyDeleteDude..මේ තරම් කල් මට මොකුත්ම ප්‍රෙෂර් සම්බන්ධ දෙයක් තිබුනේ නැහැ .මම ආහාර පාලනයත් ව්‍යායාම ත් කළා.නමුත් මේ වෙලාවේ ව්‍යායාම නවත්වන්න කිව්වා.බෙහෙත් අවශ්‍යම මට්ටමකට ප්‍රෙෂර් වැඩියි .මොනවා කරන්නද Dude..බලමු පරීක්ෂණ ටික එහෙම කරලා
Deleteමොකද අක්කෙ ඔයාට.දැන් සනිපයි නේද?.එහෙම වෙන්න කියල ප්‍රර්තනා කරනව.පුතාටත් පහුවෙලා හරි සුභ උපන් දිනයක් කියන්න,.
ReplyDeleteස්තුතියි මල්ලි....බලමු තව ටික දවසකින් දැනගන්න පුළුවන් වෙයි...
Deleteනිදුක් නිරෝගිව ඉන්න පැතුම් !!!!ලොකු පුතාට සුබ පැතු බව කියන්න
ReplyDeleteමගේ නංගි.....ඔයාට ස්තුතියි....මම ලොකු පුතාට කියන්නම්
Deleteමුලින්ම මම පැතුවා ඔන්න නිරෝගී සැප ලැබෙන්න
ReplyDeleteදහිරිය ශක්තිය ලැබේවා කළු සහ සුදු ........ලියන්න
සියක් දෙනා සුවපත් කල දෑතට පින් ......ලැබෙන්න
අපගේ ආයුෂත් අරන් දිගුකල් දිවි ...........ගෙවන්න
ස්තුතියි මල්ලි....
Deleteහැබැයි අනේ ...මට අනිත් අයගේ ආයුෂ නම් එපා....තව ටික කලක් උන්නම ඇති නේ..
විහිලුවට කිව්වේ...
හදවතින්ම නැගුන ඒ සෙත් පැතුමට ගොඩක් පින්
කවුදෑ දන්නේ අසනීප වෙච්ච කථාවක්... බුකියෙත් එහෙ මෙහෙ හිටිය හින්දා ඒ වගක් දැනුනෙම නැහැ නෙව.. දැන්නං සනීප ඇතිනේ.. අපරාදේ නැත්තං ඇවිල්ලා බලලාවත් යන්න තිබුනා.. නැහැ මං මේ කිව්වේ මේ ටිකේ ලෙඩා බලන්න ආව අය ගෙනාව ඇපල් දොඩං එහෙම අහක යනවත් ඇතිනේ..
ReplyDeleteමම එහෙමයි...මලත් අවතාරයක් වෙලා හරි බුකියේ ඉන්නවා..නැත්නම් මේ මාරයා එහෙම යන එන තැන් බලන්නේ කවුද...
Deleteඇපල් දොඩම් ඉවරායි...හසරැල් ඇවිල්ල ගියා හරි වැරදිත් එක්ක
ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා ඔබට.....
ReplyDeleteස්තුතියි නලීන්
Deleteඉක්මන් සුවය පතනව එහෙනම්..!
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteඅසනීප නම් නොවෙන්නෙ කාට ද.. ඉක්මණට සනීප වෙයි. ඊට පස්සෙ දිනපොත ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියා........ගෙන යන්න. :)
ReplyDeleteලියාගෙන ලියාගෙන ලියා..ගෙන යන්න තවම ගැම්මක් ආවේ නැහැ මල්ලි..බලමු කාලය එක්ක හැමදේම හරි යාවි
Deleteඔලිම්පියාඩ් ගැන උනන්දු කරවන්න. අපේ නංගිගේ දුව නම් 2013 ගෝල්ඩ් මෙඩ්ල් එකක් අරන් ආවා.
ReplyDeleteබ්ලැක් @ වයිට් ලෙඩා දුකා වෙලා වගේනේ. ගනන් ගන්න එපා. කෑමට පෙර රෙඩ් වයින් වීදුරුවක් බොන්න. මහත්තයාට වීදුරු දෙකක් දෙන්න. :D
රෙඩ් වයින් කතාව ට නම් හිනා ගියා .....ගණන් ගන්නේ නැහැ Aru...කාලය එක්ක හරි යාවි මේවා
Delete