ඉගිල ආ සඳ ගිරි හිසග සිට
නවාතැන් සැදුවේ නුඹයි මට
තටු සිදී ගිය කිරිල්ලිය වී
මමයි රැඳුණේ නුඹේ දෙපතුල.....
දෙතොල් පුපුරා ගැලු සෙනෙහස
නුඹේ සවනත තබා ලූ වෙමි
රැදී නුඹ තැනු කැදැල්ලේ සිට ...
ගෙවූ කාලය අනේ සොඳුරුය
ගැයූ ගී කවි හැඟුම් මිහිරිය
තවත් සවණක එ ගී රඳනට
නොදුන්නෙමි කිසි දිනෙක ඉඩකඩ..
ගී ස්වරය ගැලු සඳ දොරින් පිට
දරා ගනු බැරි වීද සෙනෙහස
කඩා තටු මා නුඹ තුරුල්ලේ
හොවා ගන්නට දැරූ වෑයම...
සුළං ස්වරයක ගලා ගිය මුත්
දෙතොල රැඳී ස්වර නුඹට වේ මැයි
ඉතින් සිඳ ගැමි මගේ තටු මම
නුඹේ සෙනෙහස දරා ගන්නට...
කළු සහ සුදු....ලියන මම
කිත්.......
දීපිකා ප්‍රියධර්ශනීගේ හඬට ගැළපෙන පද ටිකක් අක්කේ... ලස්සන තනුවක් එක්ක එළියට ආවොත් ජනප්‍රිය වේවි..
ReplyDeleteඔයාගේ බොහෝ පද පේළි ගැළපෙන්නේ ගීත වලට.. දිගටම ලියන්න අක්කේ ...
ඔයාට ස්තුතියි මල්ලි..කාලෙකින් නේද මේ පැත්තට ආවේ.
ReplyDeleteයකෝ අපේ කලු සුදු නෝනත් මාර කවිච්චියක්නේ.
ReplyDelete(කවිච්චිය මේ අර්ථයෙන් භාවිතාකල මුල්ම අවස්ථාව ලෙස මේ කමෙන්‍ටුව ඉතිහාස පොතට එක්වූ වගයි.)
කවිච්චි හරි ගණන් ලංකාවෙ.
Deleteකළුවර කවිච්චි තමයි මම හිතන්නෙ මිල අධිකම.
කවිච්චි..?
Deleteතියන නම් මදිවට හදන්නකෝ තව එකක්..
Kenji...ඒ මොකක්ද කළුවර කවිච්චි..කතාව ?
කළුවර ලීයෙන් හදපු කවිච්චි මිල අධිකයි.
Deleteඒ ගැනයි කිව්වෙ.
ඇත්තටම මේක සිංදුවකට නියමෙට ගැලපෙනවා..
ReplyDeleteකියමුකෝ එහෙනම්...
Deleteහොද නිර්මාණයක්.
ReplyDeleteවැඩ රාජකාරි අස්සෙ මෙවැනි සිතිවිලි පහල වීමත් හරි අගෙයි.
කවි හිතට සීමා මායිම් නැහැ නේ kenji....වෙලාව තමයි නැත්තේ..ලියාගන්න...
Deleteගැයූ ඒ ගී දෙතොල් පුපුරා
ReplyDeleteගලා යන තුරු රුධිර දහරා
වෙනත් සවණක රැඳෙන්නට පෙර
සවන්පත් වේට ගතිමි උදුරා
එහෙමලු වුනයි කියන්නෙත්...
Deleteමමත් කියවන කොට ම හිතුවේ කවියකට වඩා ගීතයකට ගැළපෙනවා කියල යි. ලස්සණ අදහසක්. ලස්සණ පද පෙළක්.
ReplyDeleteකවියක් ද ගීතයක් ද කියලම හිතුවේ නැහැ ධාරා නංගි..ලිව්වා ඔන්න ඔහේ...
Delete///ගෙවූ කාලය අනේ සොඳුරුය
ReplyDeleteගැයූ ගී කවි හැඟුම් මිහිරිය
තවත් සවණක එ ගී රඳනට
නොදුන්නෙමි කිසි දිනෙක ඉඩකඩ..////
බ්ලැක්&වයිට්........ඇයි අනාගත ගායකයෙකුට මග ඇහුරුවේ.....ගායකයෙකුත් වෙලා ඒ මදිවට නළුවෙකුත් වෙයි කියලා බයටද?
Aru..මේකේ කවි ගී කිව්වේ කිරිල්ලි නේ..කුරුල්ලා ඉරිසියයි...වෙන අය අහනවට...ඉතින් මේ කිරිල්ලි වෙන අයට ගී කිව්වේ නැහැ ලු...
Deleteඔන්න ඕකලු වුනයි කියන්නෙත්...
ලව් ගීත මට දිරෙව්වේ නැති උනාට, බහුතරය අහන්නේ ඕවනේ.. ඇත්තටම බොහෝම රහයි..
ReplyDeleteරහ කෙසේ වෙතත් ගුණවත් නැතැයි.....ඉඳහිට නේ මෙහෙම එකක් ලියන්නේ....
Deleteමල ඉලව් ලව්.. ඊට වඩා හොඳයි පෙන්ටියම් 1 මැෂිමකින් බ්ලොග් ලියනවා
ReplyDeleteමෙන්න මේකා මට බනිනවෝ....මොකද කියන්නේ කවි සිංදු ලියන එක නවත්තන්නද...?
Delete@යසිත් :ඇයි එච්චරටම බර කරත්තයක් වෙලාද
Delete@ සුදු :: ඇත්තටම ලස්සන පද පෙළක්...
අනේ මන්දා රෙහානි....dot නම් love ඇලජික් ම වෙලා වගේ නේද..?
Deleteකෙහෙල්මල් ලව් :(
Deleteමගේ ෆෝන් එකට රීලෝඩ් දාන, අහිංසක, දෙන දෙයක් කාල කටවහන් ඉන්න , හැම මාඅසෙම ඉන්ටර්නෙට් බිල ගෙවන්න පුළුවන් වත්කම් සහිත දැරිවියක් ඉන්නව නම් මා අමතන්න.... :)
නැත්නම් රෙහානි , කළු සහ සුදු අඳුරන තැනකින් කපුකමක් කතා කරන්නකෝ... ලැබෙන දෑවැද්දෙන් දහයෙන් පංගුවක් කපු ගාස්තු විදියට ගෙවන්නම් :P
මම නම් ජාති ජාති වත් කාටවත් අපරාදයක් හිංසාවක් වෙනවට අකමැති මනුස්සයෙක්..
ReplyDeleteඅනේ dot ඒ හින්දා ඔයාට මංගල්ල කතා කරලා ගැහැණු දරුවන් ව අමාරුවේ දාන්න මට නම් බැරියෝ...