කපුටු වසුරින් පිරී සියොලඟ
ඉරුණු පොලිතින් කැරළි පටලන
උන්න මැතිඳුන් කෝ කොහිද අද
බලන් බබලන අයුරු එනුවර
ඉරුණු පොලිතින් කැරළි පටලන
උන්න මැතිඳුන් කෝ කොහිද අද
බලන් බබලන අයුරු එනුවර
කුණු පොදක් නැති දිලෙන කලු පැහැ
නිලංකාරය දකින දෙනුවන
දියෙන් නැහැවූ කලෙක මිටියද
තවත් හයියට අතට දැනුනිද...
දියෙන් නැහැවූ කලෙක මිටියද
තවත් හයියට අතට දැනුනිද...
අනේ මැතිඳුනි එකම දිනයක
දුක් විඳින දන නගන මහ හඬ
ඉනික්බිති හැමටම අමතකය
ඔබත් තනිවෙයි වසුරු පොදි මැද....
දුක් විඳින දන නගන මහ හඬ
ඉනික්බිති හැමටම අමතකය
ඔබත් තනිවෙයි වසුරු පොදි මැද....
මහ හඩ උන්ගෙ නොවේ
ReplyDeleteලොක්කන්ගේය
ඔව්...හැමදාමත්
Deleteමැතිඳුන් පාරට බස්සන
ReplyDeleteවසරක කෑ තෙලේ බස්සන
කම්කරුවාගේ දාස් ගිල්ලන
තවත් දවසකි වසරකින් එන
අපූරුයි
Deleteහෙහ් අර රාජ් ලියල තිබ්බ එක කියෙව්වද... හිහි
ReplyDeleteමෙන්න බලන්නකො
http://raj1st.blogspot.com/2016/05/iii.html
:)
DeleteOf course! :)
ReplyDeleteyes y not
Delete