අහසක් තරම් සෙනෙහක් හිත දරා ගෙන
පොළවක් තරම් ගිනි පපුවක තබාගෙන
අබැටක් තරම් වත් අහිතක් නොවීඑන
තවකෙක් ලොවේ වෙද අම්මා සමව ගෙන
නිම්මා නැති ගුණය දරු කැල වෙත පුදන
පෙම්මා ගුණෙන් මැදහත් වී සෙනෙහෙ දෙන
සම්මා සම්බුදුන් පමණට දෙවැනි වන
අම්මා ලොවකි දරුවන් වෙත උරුම වුන
දැක්මක් විතර වත් අහිමිව දරු ඇසුර
පැතුමක් හිත රැඳෙන්නට වත නොව පැහැර
සිතුමක් හිතේ සිරකර අහිමිව වැහැර
හුස්මක් හෙලූ අම්මේ නුඹ නැහැ මෙතෙර
කිරිකල හතක් බිවු දරුවෙක් වෙමි ඉතින
වෙර ගෙන දරුන් හැදු අම්මෙක් විය නිතින
උපදින සසර මෙලෙසින් අකලට නොවන
මරණින් මතු වෙයන් අම්මෙක් දරු දකින
නියමයි.
ReplyDeleteමම මුලින්ම මේ පින්තූරෙ FB එකේ දැක්කා. ඉන් පස්සේ වාසනා කවියක් හදලා තියෙනවා දැක්කා. ඔයා එතනදි මේ පින්තූරේ අයිතිකාරය අවුද කියලාත් කියලා තියෙනවා දැක්කා. අන්න එයා ගැන මෙතනත් සඳහන් කලානම් අගේ කියන්න බෑ.
මොකක්ද අක්කේ මේ පින්තුරේ? කොහෙන්ද ඇත්තටම එක ලැබුනේ ? පින්තුරේ මාරයි, කවියත් මාරයි.
ReplyDeleteඉවාන් මල්ලී...මේක fb එකේන් මට හමුවුන පින්තූරයක්.මම මේකට කවිය ලිව්වෙ fb එකේ .ඉන් පස්සෙ කොපි කරල බ්ලොග් එකට ගත්තා.
Deleteඉවාන් එක්ක එකඟයි..
Deleteපින්තූරෙත් කවියත් එකකට එකක් දෙවෙනි නෑ.. අපූරු සුසංයෝගයක් !!! සුභ පැතුම් අක්කා..
පත්තර මල්ලී ස්තුතියි
Deleteපත්තර මල්ලී ස්තුතියි
Deleteකවිය ලස්සනයි පි්තූරෙ ත් එහෙමයි... කටුසු අම්මෙක් නේද ඒ පව් අප්ප
ReplyDeleteසිරාවටම පව් බං.
Deleteඔව් ඒ කටුසු " අම්මෙක් "
DeleteDude..ඊයේ මේ බ්ලොග්පෝස්ට් එක මම දැම්මේ ලැප් එකෙන්.මගෙ ලැප් එකේ සිංහල නෑ...fb එකෙන් කොපි කරල ගත්තෙ.ඒකයි මේක ගත් කෙනා ගැන කියන්න බැරි උනේ...දැන් මම ඒක හදන්නම්...ස්තුතියි Dude
ReplyDeleteOkay B&W. :)
Deleteපිංතුරය කවිය දෙකම එකකට එකක් පරාද නෑ. අපූරුයි.
ReplyDeleteස්තුතියි නලීන් අයියා
Delete