කාලෙකින් ඔන්න බ්ලොග් එක ට කවියක් ලියන්න හිතුනා..
මල් තුහින ඉහෙන කොට
සඳ කිනිති පිපෙන කොට
ඕනෑවටත් වැඩිය
මට නුඹව දැනෙන හැටි
ගංදෑල හඬන සර
සවනතර වැකෙන කොට
ඕනෑවටත් වැඩිය
උණුසුමක් දැනෙන හැටි
රෑහි හඬ නැගෙන කොට
තනි සුසුම් නැගෙන කොට
ඕනෑවටත් වැඩිය
නුඹෙ සෙනෙහෙ දැනෙන හැටි
හිමි නොහිමි බව කෙලෙස
දරා උන්නද මෙහෙම
ඕනෑවටත් වැඩිය
සිතුම් බර දැනෙන හැටි
ආ කවි කාරී .... කෝමෙයි.
ReplyDeleteඔය ඉතින් ගජමන් නෝනගේ ගමේ නිසා මෙහෙම රහට කවි ලියන්න පුළුවන් වෙන්න එපයි .
හ්ම්ම් හ්ම්ම් .... ඔහොම තමා
අඩෙ අප්පා. මේ බලහල්ලකො. කොහෙද මනුස්සයො ගිහිං හිටියෙ :P. වැරදිලාද ලොග් උනේ ප්‍රොෆයිල් එකට :D
Deleteතැන්කූ අනේ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි කියාදුන්නට..ඉවාන් මල්ලි ඔයා නම් හරී ශෝක් අප්පා.කියලම දුන්නා නේ.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඕනෑවටත් වැඩිය.. හ්ම්ම්.. අගෙයි.
ReplyDeleteඒකනේ .ඕනෑවටත් වැඩිය දැනෙන හැටි.
DeleteThis comment has been removed by the author.
Deleteහිමි අහිමි උනත් ..... ආදරේ ආදරේම තමයි ..... දුක දුකම තමයි....
ReplyDeleteදුකම කොයිතරම් සතුටක්දෝ කියලත් කියනවනේ නේද නිහිංසා
DeleteThis comment has been removed by the author.
ReplyDeletekammaliwa inna wita
ReplyDeletemata nubawa danunu hati
hari agei lassanai
nuba kawiya gothana hati
ස්තුතියි වැව් ඉස්මත්ත
Deleteඅහම්බෙන් දැක්ක විට
ReplyDeleteහිතුනෙ ගොඩ වදින්නට
දැනුනි රස නුඹෙ කවි වල
හරි අගෙයි හරි අගෙයි
ජය වේවා!!!
ස්තුතියි මනා.එතකොට අර උඩින් බැන්නෙ මටද ?ඉවාන්ටද ?
Deleteඉවාන්ට බනින්න .මම ඕන සපෝට් එකක් දෙනව
නෑ නෑ ඔයාට නෙමේ ඉවාන්ට බැන්නේ :D. එයත් ඔයා වගේ පේන්නවත් නැතුව හිටියෙ. දැන් ආයෙත් කමෙන්ට් දාගෙන යනව. මම බැලුවා වැරදිලාවත්ද කියල :D.
Deleteහම්මේ කොච්චර දාසකින්ය දැක්කෙ කොයි ගොහිං හිටියෙ
ReplyDeleteලස්සන කවියක්
ආයෙත් ලියමු
ජයවේවා
ලියමු ලියමු.
Deleteස්තුතියි මහේශ් මල්ලී
මම දැක්කේ නෑ
ReplyDeleteමොනවයි දැක්කෙ නැත්තෙ
Deleteබොලොගක් ඇති බව බොට මතක් වු විට මටද මතක් කල එකට තුති....ඒක හරි අපුරු කවියක්😘😘😘
ReplyDeleteආපහු ලියමු ...!
Delete