කතාවක් සටහනක් ගලපාගන්න තව ටික දවසක් යාවි..
ඒත් කවි ලියපුවා තියනවා දාන්න..
බ්ලොග් එක අප්ඩේට් කරනවා සතියකට වතාවක්වත් කියල හිතාගත්තු දේ කරන්න ඕන කොහොම හරි..
මේ මගේ ජීවිතයේ නිල්ල නිලූ දියවර ගැන.……එක රැයකින් අහිමි වී ගිය ඒ සුන්දර ආදරය ……අම්මා වෙනුවෙන්.………
නිල් දියවර පිරි
වැව් තලයක් සේ
රැළිති නගන
සිහිලැල් ගඟුලක් සේ
නිවා ලමින්
ගිනිගත් හිත සැනසූ
මහ සෙනෙහක් තිබුණා
නෙත් ඉම අද්දර
පුන් සඳ සේ නුඹ
පායා විත් තිබුණා
පස් පියුමින් සැදි
දිය දහරා වක
සිහිලස ලබනා
කෙත් යායක් ලෙස
නුඹේ සෙනෙහසින්
පිරිපුන් මා හිත
පියුමක් වී පිපුණා
ඒ සිහිලැල්ලේ
තව මල් දහසක්
පිපී සිනා සැලුවා
මහ වැසි හැලෙනා
දවසක දිවියේ
වැව් බැමි පුපුරා
දියවර සිඳුණා
නිල්ල නිලූ කෙත
කම්පිත දෑසින්
බලා හිඳිනු දුටුවා
මහ වැව් තලයේ
සිහිලස දුන් නුඹ
යන්න ගිහින් තිබුණා.……
2015 / 06 / 24
කලු සහ සුදු
අම්ම ගැන ඇත්තට කොච්චර කවි කතා ලියල ඇත්ත කියවල ඇද්ද
ReplyDeleteඒත් වැඩේ කියන්නෙ හැම එක්කම එක්කට එකක් වෙනස් ගති තියෙන එක නෙව
ලස්සනයි.. වගෙම දුකයි..
අහිමි වීමත් එක්ක දුක වැඩියි ...
Deleteඅහිමි වීමත් එක්ක දුක වැඩියි ...
Deleteකඳුලු කිරි පොවා..
ReplyDeleteතුරුලේ සෙනෙහසින් හදා..
කඳුලු විල දිගේ..
නොපෙනී ගියෙදෝ අම්මා....
ඇයට සුභ ගමන්!
ඇය නිවී සැනහෙනු ඇති...
Deleteහැම අම්මම එක වගේයි නේද?
ReplyDeleteඋඹ අහලා තියනවද සමන් ලෙනින්ගෙ මෝහිනී ගැන කියන සිංදුව...
Deleteසුරගනන් තමන්ගේ ළමයි කුණු බක්කි වල දාලා යද්දි, ළමයව ඔක්කෙ ගහගෙන යන මෝහිනී යක්ශණියක් වුනේ කොහොමද කියලා පොර අහනවා...
හැම අම්මම එක වගේ නෑ බන්...
https://www.youtube.com/watch?v=0qcQqu_BHwY
දේශකයා
Deleteඔව් ...ඔයාගේ අම්මත්....මගේ අම්මත්......අම්මා ම තමයි...
ඒ වගේමයි...
මාත් අම්මා කෙනෙක්
අම්මා කියන්නෙ අම්මා ට
සෙන්නාගෙ කතාවත් හරි තමයි
Deleteසෙන්නාගෙ කතාවත් හරි තමයි
Deleteමම මේකට කමෙන්ට් කරන්නේ නෑ. මට බෑ බැනුම් අහන්න මෙයාගෙන්
ReplyDeleteඔයා කිව්වත් නැතත් මගෙන් බැනුම් අහපු නැති දවසක් තියද.....
Deleteඔන්නොහෙ කොමෙන්ට් දාන්න
අම්මලා හැමෝම එකවගේ තමයි :)
ReplyDeleteඔව් හැම අම්මෙක්ම අම්මා කෙනෙක්
Deleteග්ර්ර්ර්ර්ර්ර්ර්
ReplyDeleteමොකෝ සෙන්නා ගොරවන්නේ
Deleteඅම්මා ගැන තාත්ත ගැන කොයි තරම් කවි කතා ලීවත් මදි නේද :)
ReplyDeleteඔව් මනා...කවියේ උල්පත ඒ දෙන්නාම නිසයි ඒ...
Deleteඔව් මනා...කවියේ උල්පත ඒ දෙන්නාම නිසයි ඒ...
Delete