මේ එවන් අත්දැකීමක්....
මම වැඩිය ලියන්නේ නැහැ....
ඒත් කියවන්න...
දැනෙන දේ කොයිතරම් ද කියලා මට කියන්න ...
බත උයාදී දවස සරි වන තුරා මග බැලු මියුලැසි
ලෙඩ ඇඳේ හිටිවනම උන්නම මට ඉතින් වාවනු බැරී
පුරා විසි තිස් වසක් එක්වී දුකද සතුටම කල හැටි
මතක් වෙනකොට කෙසේ වාවා සිටින්නද නොදනිමි යලී....
ලෙඩක් නොහැදුණ කෙනෙක් නොම උන් ගෙයක් හොයනෙමි හදවතින්
ඇයත් එලෙසම කියා උන් හැටි ඉහෙන් බහිනා ලෙඩ නොවින්
කොහෙන් මතුවුණු රෝ බියක් විද හිතා ගනු බැහැ මට ඉතින්
අනේ මගේ සඳ ඔහේ ඔත්පල යහනකට වූ හැටි දුකෙන් .....
සුවක් ලබනට ඔසු සොයන්නෙමි අහස උසටය මිල ගණන්
පිරිමි මට ඉඩ නෑ ලූ ඈ ළඟ ගැහැණු අය ඉන්නා තැනින්
දවස් කුලියට හිටින්නට නම් හතර වට ඕනෑ තරම්
දවස් තුනකින් නොකෑ මට ඒ මිලක් හොයනට බෑ ඉතින් ...
නොකා නොමබී එකට මිය යමු කියා මා හා ආ දිනේ
අදත් මතකයි ඊයේ වාගේම මගේ ළඟ උන්නා අනේ
මුදල් අග හිඟ කමින් අසරණ මගේ නෙතු දෙස බැලු සැනේ
නුඹේ නෙතඟට නැගුන ඒ දුක කියාගනු බෑ මට අනේ ...
වියත් මහතුනි රටක් කරවන අසන මේ අවනඩු අපේ
මිලක් දෙන්නට නොහැකි දවසට උරුම මහමග දෝ අනේ
සරස්වතියකි මට මගේ ඇය අතටමිට හිඟ වුව අනේ
හෙටත් අප වන දැනන් අසරණ නොවන අරුණක් දෙනු මැනේ.....
නිමිත්ත
සිය ඔත්පල බිරිඳ ළඟ නවත්වන්නට කෙනෙකු තැබීමට මුදල් නැති හෙයින් ඇය නිවසට ගෙන යන්නට තීරණය කල සැමියෙකුගේ නොකියා කියූ හැඟීම්...
19 / 03 / 2015
ඕව නං ඔහොමම තමයි අප්ප... මොනව කියන්නද කියල හිතාගන්නත් බෑ ඉතිං...
ReplyDeleteඒ මිනිස්සුන්ගේ ගැටළු වලට උත්තර හොයන්නේ කොහොමද කියල හිතාගන්නවත් බැහැ
Deleteමේ වගේ කියාගන්න බැරි, හංගගෙන ඉන්න, කිව්වත් වැඩක් නෑ කියලා හිතන, වේදනා අපි එදිනෙදා දකින මිනිසුන් අතරේ බහුලව තිබෙනවා. නමුත් කා එක්කහරි නිකමට හරි කිව්වොත් බොහෝ ප්රශ්න වලට විසඳුම් ලැබෙනවා.
ReplyDeleteආර්ථිකය වගේ දෙයක් නිසා මෙහෙම අසරණ වෙන මිනිස්සුන්ට ඇහුම්කන් දීම විතරක් මදි විචාරක තුමා.ඇත්තෙන්ම මේවගේ අය අද හරියට හමුවෙනවා..කර කියාගත දෙයක් නොහැකිව
Deleteකොච්චර ඉන්නවද ඔහොම අසරණ මිනිස්සු , උදව් කරන්ඩ ක්රමයක් හැදෙන පාටක් නං අහලකවත් දකින්ඩ නැ
Deleteමේක මහා ඛේදවාචකයක්....බලන බලන රෝහල ගාව ගෙවලා නවත්තන්න පුළුවන් අය ඉන්න ආයතන...ඉතින් දැන් මේකට මිනිස්සු පුරුදු වෙලා....
Deleteහ්ම්ම්, අනේ මන්දා අක්කේ.. අපි හිතනවට වැඩිය සමහර මිනිස්සු හිතේ පුදුම දුකක් හංගන් ඉන්නේ..
ReplyDeleteඅසරණ කම තරම් දෙයක් කොහෙද මල්ලි.....
Deleteඒක හරි අපූරු කවියක්... කියන්නෙ ටිකක් වෙනස්ම කවියක්
ReplyDeleteලස්සනයි හැඩයි තව මොන මොනවද දැනෙන කවියක්
ජයවේවො
මේක ඇත්තම ඇත්ත සිදුවීමක්....
Deleteකලු....... සුදු.............
ReplyDeleteකවිය පට්ට....... හිතට අාපු අැත්තම අදහස කිව්වේ.... මේ සිද්ධිය නම් හරිම ඛේදනීය තත්වයක් තමයි..... මොනවා වුණත් ලස්සන පද ගැලපීමක් ....
ස්තුතියි...මේක ඇත්තටම මම අත්විඳපු දෙයක්...සංවේදී කමට ලියවුනා...
Deleteමොන කියන්නද අනේ. ඔයි එක්කෙනයි.. ඉස්පිරිතාලයක් ගාවට යන්න ඕන නෑ.. හමු වෙන හමු වෙන හැම එකාගෙන්ම ඇහුවත් ඔච්චරයි
ReplyDeleteඔව්......ඒක ඇත්ත....
Deletehmm hmmm :/
ReplyDeleteලංකාවෙ ඔහොම තමයි. කාමරේක එක ලෙඩෙක් ඉන්න පෞද්ගලික ඉස්පිරිතාලෙ නං ඔන්න ඉන්න තිබුන.
ReplyDeletehmmm
Deleteරුදුරු මරු හා තරඟ කරනට මමත් එමි අද සිට පනේ
ReplyDeleteඑක්ව ජයගමු නැතොත් මියයමු පැතුම වූ ලෙස පෙර දිනේ
මහ සඟුන් කුඩු රජුන් සිංගප්-පූරුවට ගෙනයනු පෙනේ
අහෝ නොහඬා ඉන්නෙ කොහොමද.. මෙයයි අද යහ පාලනේ
යහපත් සැමියෙක් <3
ReplyDeletesthuthiyi dot
Delete