ඒත්...නුහුරු බවක් මිස වෙන මොකුත්ම ඉතුරු වෙලා නැහැ....
හැමදේම වෙන්නේ වෙන්න ඕන විදියට නම්,.....
මං ඒ දේ වෙන්න දෙනවා..
ආපහු හැරිලා නොබලාම ආව ගමනක කෙලවර
මම නැවතිලා කල්පනා කරනවා..
ඒ දේවල් එහෙම වුනේ ඇයි..
එහෙම නොවී වෙන්න වෙන විදියක් තිබුනෙම නැද්ද....
මට හිතාගන්න බැරි ඒ සුන්දරත්වය....
කොහේ නම් තිබුනද,...
මටම නොලැබී..
මටම අහිමි ව....
ඒත්...දැනුයි කියල...මේ මට අයිති දෙයක් නම් නොවෙයි නේ..
ඒත්...හිතන්නේ කොහොමද...මේ මගේ නොවෙයි කියල...
මම යතුරු පුවරුව උඩ ඔහේ ලියාගෙන යනවා
මම නුඹ වින්දා...
එක ඇත්ත...
කවියක් වගේ...
විඳින්න ජිවිතයක් හොයාගන්න යන ගමනේ..
නුඹ කවියක්..අපිළිවෙල...
පේලි ගැට ගහලා ..
තාල තියල
එලිසම ගලපලාඒ
අපිළිවෙල කවිය
පිළිවෙල කරන්නට
මට ඕන නැහැ......
මම නුඹව වින්දා
ඒ අපූරුවට මම ආසයි
මේ ප්‍රේමය නම් ඒ හැඟීමට
මම කැමතියි
ඒත් මේ ප්‍රේමය නොවෙයි
සෙනෙහස ආදරය
පමණයි........
අපිළිවෙල සටහන....
මගේ නොවන හැඟීමක් වෙනුවෙන්...
හම්මේ දිග ලිපියක් ඉදලා හිටලා හරි ඇවිත් මෙහෙම ඔළුව අවුල් නොකර යනෝකෝ ...ඒත් එකෙත් පොඩි රහක් නැතුවම නෙවේ....කම්මැලි නොවි ලියනෝ.. කළු සහ සුදුට මීටවඩා රහට ලියන්න පුළුවන් නේද? දෙයියනේ කියලා ලියමු දිගටම
ReplyDeleteමට ලියන්නම කියලා ඉන්න නොදෙන පළවැන්නි මේ.ඒ නිසා ආරම්භයක් විදියට මේ ලිව්වෙ.ඔය ගමන ලියනවා දිගට හරහට
Deleteහැමදාම ඔය වැල් බයිලේ අහල මට නං තිත්ත වෙලා තියෙන්නේ.. ඔව් ඉදගෙන..
Deleteමොන වැල් බයිලෙද
Deleteඅපිළිවෙල කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ තුළ නිර්මාණශීලීත්වය තියෙනවා. සත්‍යය තියෙනවා. යථාර්තය තියෙනවා. බොහොමයක් දේවල් තියෙනවා. ඒක පිළිවෙල වගේ සියල්ල ඉවර දෙයක් නෙමෙයි. සියල්ල පටන් ගන්න තැනක්.......... ඒ නිසා මමත් අපිළිවෙලට හරි ආසයි..........
ReplyDeleteමොනවා වුණත් කවිය හරිම ලස්සනයි...............
ස්තුතියි ඔබට.මමත් ඒ සුන්දරත්වයට ආසයි.ලියමු එහෙනම්
Deleteකවියක් කීවට අමඅතු කවියක්...
ReplyDeleteමෙහෙම එකක් කීවමයි..
අපූරුයි
ලස්සන පද ගැලපුමක්
ජයවේවා
මාත් හිතනවා මේක කවියක් නෙවෙයි.නික්ම්ම නිකම් අපිලිවෙල සටහනක් වගේ
Deleteම්ම්.... හොදයි...
ReplyDeleteමං හිතුව ඩිවෝස් වෙලා...... කීල ......
බ්ලොග් ලෝකයෙන්......
අපෝ නෑ.තාවකාලිකව පමණයි
Deleteපට්ට පට පට....!! මම මාර ආසයි මේ ස්ටයිල් එකේ ලිපි වලට.
ReplyDeleteමාත් ආසයි
Deleteමම ඔබ විදිමි කිව්වම මං ඒත් බැලුවා. සාමාන්‍යෙයන් මං ටයිප් කරා නං විදිමි කියල තමා ගහන්නේ.. හැක්..
ReplyDeleteසිංහල හරියට නොලිව්වොත් තේරුම් වෙනස් තමයි
Deleteදෙයක් තියෙන විදිහටම රස විදිද්දී ඒකේ අගේ වැඩියි අක්කෝ.. අපිට ඕන විදිහට වෙනස් කරන්න ගියාම කාලෙකදි රස නැති වෙනවා..
ReplyDeleteහ්ම්ම්ම් ඔව් මල්ලි එක ඇත්ත
Deleteකොහෙද බ්ලැක් &වයිට් ඩිස්මිස් වෙලා හිටියේ...
ReplyDeleteකියවා රසවින්දෙමි!!
අතරමං වුනා නොවැ ඔන්න පාර හොයාගෙන අපහු ආව
Deleteඅවුලෙන් අවුලට පිළිවෙලින් තවත් අපිළිවෙලට...........
ReplyDeleteඔව් ඔව්
Deleteපිළිවෙලකට ලියපු අපිළිවෙල සිතුවිලි ගොන්න , අපේ සුදු අක්කා ආපහු ලියන්න පටන් ගෙන වගේ . හැබැයි ඉතින් ඔන්න නැවත්තුවොත් තමයි බලාගන්න පුළුවන්. මේ ඉට්ටයිල් එකට ගොඩක් දේවල් ලස්සනට ලියන්න පුළුවන්, හැගීම අමුවෙන්ම අකුරු වෙනකොට තමයි ලස්සන
ReplyDeleteකොයිතරම් කාලයක් එක දිගට ලියයිද දන්නේ නෑ මල්ලි.ඒත් බලමුකෝ
Delete