මටම මා අමතක වී යන්නට පෙරාතුව මම ආපහු ආවා.
බුකියේ නිතර සැරිසැරුවට බ්ලොගේට එන්නම වුනේ නැහැ..
ඒකට ( බුකියේ නිතර ඉන්න ) හේතුව බුකියට ෆෝන් එකෙන් යන්න පුළුවන් වුනාට බ්ලොගේට එන්නයි ලියන්නයි මට එකෙන් ටිකක් අමාරු නිසා.
ඒත්..බුකියට වඩා ආසම තැන මෙතැන
මගේ දිනපොත වැහිලම ගියා.
ආපහු එක අරින්න ඕන අවුරුද්දට වැඩ අල්ලලම ...
ඉවාන් මල්ලි , ශානුවා ,kenji අයියා, නලින් ,සම්මානි...ඒ වගේ නම කී නොකී හැමෝම එක්ක මේ බ්ලොගේ සැරිසරන්න කාලය හොයාගන්න අයෙත් පුළුවන් වෙයි...
මේ මාසෙන් පස්සේ හුගක් කාර්යබහුල වැඩ ඉවර වෙනවා...
ඒත් රස්සාවේ නම් වැඩ එන්න එන්නම වැඩි වෙනවා..
මෙච්චරකට අලුතෙන් මිනිස්සු ලෙඩ වෙන්නේ ආබාධිත වෙන්නේ මොන එහෙකටද මන්දා...
පහු ගිය ටිකේ ඔන්න හිත පොඩ්ඩක් සැහැල්ලු උනා..
මොන මොනවද ලිව්වා වගේ මතකයි.....
කවි.....
ආසම දේ.....
ආපහු ලියවෙද්දී....දැනෙන්නේ ...
මම ආපහු ඉපදිලා කියලා.....
කවිය ඒ තරමට මගේ හිතට සමීපයි....
මේ කවි කියවපු එක අයෙක් ඇහුවා....
හිත වයසට ගිහින් නෑ නේද කියලා...
ගත වියපත් වුනත් මේ කවි හිත නම් මියැදෙනා කල්ම වයසට යන්නේ නැහැ...
ඒක නම් මම දන්නවා....
හුගාක් ප්‍රශ්න දරාගන්න...හිත නිවාගන්න...
මට උදව් වෙන්නේ කටු කොලෙක හරි කුරුටු ගෑවෙන මේ කවි තමයි...
කාර්ය බහුල ජීවිතයක
ගැටුම් පෙරලුම් අස්සේ...
නිරායාසයෙන් ලියවෙන මේ කවි මට හැමදාම ජිවය දෙනවා....
ඉතින් මගේ දිනපොත නව වසරේ වැඩ අල්ලනකල්
කවියක් දෙකක් එක්ක කළු සහ සුදු....අමුතුම ආරයකින් අවොත්....
පන්නගන්න එපා...
මොකද නෑවිල්ල ඉන්නවට වඩා මෙහෙම හරි එබිකම් පාන එකත් අගෙයි නේ නේද...?
පහු ගිය කාලේ දිල්ලි පැත්තේ ගහපු රවුමේ එහෙන් මෙහෙන් ගත්තු සේයා රූ එක්ක...
කවිත් ලියවුනා...
එක්ක එල්ලලා ම අදට සමු ගන්නම්....
කියවලා ගල් සහ මල් එවන්න හොඳේ.....
වසත් කාලය ඉකුත් වී ගොස්
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට
නොවේ තව දවසක්...
දැන් බොහෝ දවසක්
උයන් තෙර හිඳ දෙඩූ පෙම් බස්
ඉතින් නැත ආයෙත්
අහස පිරිමැද හමන මද නළ
ගෙනා මල් කැටයම්
විසුල මෙනුවර තනිව හිඳිනට
නොවේ තව දවසක්...
මලානික අහසේ තැනින් තැන
සියොත් ගී නැති නම්
වදුලු තුරු හිස් පිපුණ කුසුමක
සුවඳ වියැකී නම්
එදා මෙනුවර මේ ලැගුම් බිම
රැඳුණු අපගේ හිත්
ඉතින් කෙලෙසක යළිදු හමුවනු
මිරිඟුවක් වී නම්... — at Qutub Minar.
අද උදේ ඉදන් වහිනවා...හිකිස් හේතුව මේක වෙන්න ඇති.......කළු සහ සුදූගේ පැමිණිම තඩි රතිඤ්ඤා කරලක් දෙකක් පත්තු කරලා පිළිගන්නවා.....එහෙනම් හොර නොවි....ලියමු දිගටම.....ලියන්න බෑ කියලා හිතුනොත් කියන්න ...තල්ලුවක් දෙන්න අපි ඉන්නවා...එහෙනම් හැමදාම වගේ කිඹුලිගෙන් සුබ පැතුම්!......
ReplyDeleteකොහොම හරි මට ඉන්න නොදී මේකට තල්ලු කරන හමුදාවේ නායිකාව තමයි මේ...තල්ලු කරන්න නෙවෙයි අතින් අල්ලන් ඉස්සරහට යන්න ඔයාගේ ඔය ලෙන්ගතු හිත මට හැමදාම ඕන ශානුවෝ...අපොයි මං සංවේදී වැඩියි මේ ලියනවා....කිඹුලි...ඔහොම යන්..ඔහොම යන්
Deleteආයෙත් අහලා ලොරි බාගයක් තල්ලු කොරනව කියල හිතන් තල්ලුව දෙමු නේද ශානු අක්කෝ?
Deleteකවි ඉවරයි කියලත් මේ වගේ පෝස්ට් එකක් දාන්නකො. එතකොට ආයේ එන්නම්. එතකම්, ආයුබෝවන් !!
ReplyDeleteහපොයි සෙන්නා කවි කියවන්නෙ නැද්ද....අවුරුද්දෙන් පස්සෙ දිනපොත ලියනවා .එතකොට ඇවිල්ල බලන්නකො එහෙනම්
ReplyDeleteඅපි නම් නිතර හමුවෙනවා නේද නංග.... :) ?
ReplyDeleteඒකනේ ..බ්ලොගේ ලියවුනෙ නැතත් දැන් බුකිය තුල නිතරම කට්ටිය මුන ගැහෙනවා නෙ
Deleteෆේස්බුක් නේද....බ්ලොග් නෙමේ නේද...
ReplyDeleteඔව් Aru පහු ගිය ටිකේ නම් කට්ටියගෙ සැප දුක් දැනගත්තෙ බුකියේන්
Deleteඇත්තෙන්ම කිව්වොත් මම නම් ඔය ගණිත ගැටලු, කවි වලට හේ කැමති නෑ. සමාවෙන්න ඕනේ.
ReplyDeleteදිනපොත ඉක්මනට ලියනවා Dude
Deleteදිනපොත ඉක්මනට ලියනවා Dude
Deleteසන්තෝසේ බැරුවා ..අක්කා ආපහු ඇවිත් ..පහුගියා කාලේ ඡන්ද වැඩ වලට එහෙමෙහෙ දුවලා වෙලාවක් නැතුව ඉන්න ඇත්තේ ,දැන් ඉතින් වෙලාව තියෙයි වැඩිම මනාපත් ගත්තනේ ;)
ReplyDeleteවිරහව නිසා හරි නිර්මාණ බිහිවෙන එකනම් හොඳයි , දිගටම ලියන්න .... නැත්තං අපෙන් කනක් ඇහිලා ඉන්න නැතිවෙයි :)
මෙන්න මේකා එක්ක තමයි බැරි.
Deleteහරි හරි දැන් එහෙනම් ලියමුකො
හම්මේ හිරුණිකා අක්ක ඇවිල්ලා නෙව!! එහෙනම් දිගටම ලියමු ඈ.... හිටු. ආයෙ අපිට ඔයාගෙ පෝස්ට් ඕනෙ වෙද්දි අපි උන්දැව බුකියෙන් පන්නනව. හි හි. කයිය ලත්තනයි හොඳේ......
ReplyDeleteපල යන්න, මෙතන අක්කට ලියන්න දෙන්නේ නැතුව තොපි තමයි බුකියේ හංගගෙන ඉන්නේ
Deleteබස්සි ආවට thank u ලු හොඳේ.
Deleteපහුගිය ටිකේම ඉතින් බුකියේ ඉන්නවා දැක්ක.. මට ඉතින් වැඩ හන්දවයින් වැඩි කතාබහක් දාන්න බැරි උනානේ..
ReplyDeleteලියමු ලියමු වෙලාව තියෙන වෙලාවකට..
පූර්ණකාලීන බුකි වාසී වෙන්න හේතුව ශානු සහ බස්සි බව දැනුම් දෙමි.
Deleteලිය්මු ලියමු නේ
දිනපොත ලියන්නෝ නැත්නම් මම ලියනවා දිනපොතක් >:( ...... ෆොන්ට් එක ලොකු කරන්න නෝ පෙන්වා අඩුයි..................... දැන් වයසයි නේ -_-
ReplyDeleteඅනේ මේන් වැන්දා බොරලු..මම ම ලියන්නම්..
Deleteමං නං හිතාන හිටියේ පුරණ කාලින බුකිවාසි වෙයි කියල , නල්ල මලේ මල්ලිල දෙන්නත් ඒ වාගේ , අපරාදේ බුකියා ගතකරන කාලේ , තුන් දෙනා එක්ක තරගෙට ලියහල්ලකෝ බ්ලොග්
ReplyDeleteඈ අටමො මම බුකියෙ උන්න නිසා නේ අර ස්ටිකර් ගන්න එක හොයාගත්තෙ ඔයා.පාඩුද ඉතින්.
Deleteරතිඤඤ පත්තු කරනවා විතරයි නේ.. මොකක්ද මේ අපිව බොරුවට නැගිට්ටවන්නේ..
ReplyDeleteහා හා දොයි දොයි එහෙනම්
Deleteආයේ ලියන්න ඉතින්.... වෙලාව තියන හැටියකට....
ReplyDeleteඅනිවාරයයෙන්ම ලියනවා හොඳේ
Delete