මම තනියෙන් ඉඳන් කල්පනා කරන වෙලාවට ...හිතට එන සිතුවිලි එක්ක ආව අදහසක් තමයි මේ..
කාලය...උපන් දා සිටන් කොයි තරම් ..දුරක් දැන් ඇවිත් ද .?
තව කොයි තරම් දුරක් අපි යා යුතුද?
මේ ගෙවුණු කාලය දිහා ආපස්සට හැරිලා බැලුවම හිතන්න කොයි තරම් දේවල් තියද?
ඒත්..අපි හැල්මේ දුවනවා..හිතන්නේ නැතුව...
මදක් නැවතිලා..ඉසුඹුවක් ආව මොහොතක..මම මගේ කාලය ගෙවෙන හැටි ගැන හිතුවා...එතකොට ආව අදහස් තමයි..මේ පොඩි පෝස්ටුවේ අඩංගු වෙන්නේ...
මම කාලය ගෙවා ගන්න කරන ලොකුම දේ තමයි පොත් කියවීම..වර්ග කිරීමකින් තොරව ඕනෑම පොතක් කියවන්න මම හරි කැමතියි..අතට අහුවෙන පත්තර කෑල්ලේ පවා කොයි තරම් දේවල් තියද කියවනවානම්...
ඒ එක්කම මම කරන්න ආසම විනෝදාංශයක් තියනවා..පොඩි දවස් වල ඉඳන්ම මම මේ දේ කළා..ඒ තමයි ප්‍රෙස් කරපු වියලුනු මල් වලින් ලස්සන නිර්මාණ කිරීම.(හැබැයි මේ මගේ නිර්මාණයක් නෙවෙයි..)මේ විනෝදාංශය වෙලාවකට භාවනාවක් වගේ වැඩක් මට නම්...
මම කාලය ගෙවා ගන්න තව කරන දෙයක් තමයි..කවි..නිසදැස් ලියන එක..පාසැල් යන කාලේ පටන් මම මේ ලිවීම කළා...හිතට එන ඕනෑම අදහසක් ගැන රසවත් බවක් එක් කරන් ලියන එක....හිත නිවන සුළුයි..මම ඉස්සර නම් පත්තරේට ලිව්වා..දැන් ඒක නැවතිලා..මම ලියපුකවී මම ම එකතු කරලා පොත් හදන් ඉන්නවා....
මල් වවන්නත් මම ආසයි..අනේ දැන් නම් මගේ වත්තේ එක මල් ගහක් වත් නැහැ...ඒ වුනාට මල් ප්‍රදර්ශන තියන තැන වලට ඉඳ හිට ගිහින් පැලයක් දෙකක් උස්සන් ඇවිත් හිටවනවා..ඒ හැටි ලොකු වත්තකුත් නෑනේ...
මගේ පරම විනෝදාංශය නම් ඉතින් උයන එකයි..රෙදි සේදීමයි..තමයි...මේක විනෝදාංශයක් නෙවෙයි..ඒත් දැන් හිත හදාගන්න ඒක මම ඒ ගණයට දැම්මා...උයන එකත් කලාවක් නේ...කන්න ත් බැරිම නැහැ මම උයන ඒවා...
අපේ ගෙදර ඉන්න ප්‍රධානම සාමාජිකයෙක් එක්ක කාලය ගත කිරීමත් මගේ කාලය ගෙවීමේ කොටසක ට අයත් වෙනවා...ඒ මගේ බලු සුරතලා...සතෙක් හදනවා කියන්නේ දරුවෙක් හදනවා වගේම කැප වීමෙන් කල යුතු දෙයක්.මම අත් දැකීමෙන් දන්නා දෙයක් තමයි..සත්තුන්ට අපිට වගේම සංවේදී මනසක් තියන බව..අපේ යාළුවා ගැන ලියන්න ගියොත් වෙනම බ්ලොග් එකක් ලියන්න වෙයි..(මේ එයාගේ pic එකක් නෙවෙයි..)
කාලයක් මම මුනු පොතේ හිටියා..ඒක කාලය කන්නම වෙන දෙයක් වෙන්න කලින් මම තාවකාලිකව වහල දැම්මා..ආයේ කවදා හරි ඕපන් කලොත්..ඒක මගේ විනෝදාංශයක් වෙන එකක්ම නැහැ..ඉස්කෝලේ ගිය කාලේ යාලුවෝ ටික මේ තුලින් හමු වුනා..රට රට වල ඉන්න අය...
කාලය කොතරම් සීමිත වුනත්..හිත නිවෙන සින්දුවක් අහන්න වෙලාවක් මම කොහොම හරි හොයා ගන්නවා...ඒක දවසේ වෙහෙස නිවන්නට ගොඩක් මට උදව් වෙනවා...
මම ගොඩක් ආසයි ඇවිදින්න..trip යන්න..ඒත්..වැඩ අධික කමත් එක්ක ඒ දේ මට ලැබෙන්නේ හරිම සීමිතව...නොලැබෙන දේ ට වඩා මේ කරන දේවල් වලින් මගේ පැය 24 ගෙවී යන එක ගැන හිත සැහීමකට පත් වෙනවා...
දැන් නම් ඉතින් මට ලොකුම විනෝදාංශයක් විදියට තියෙන්නේ මේ බ්ලොග් එක ලියන ඒක....අනිත් අයගේ බ්ලොග් කියවලා මම හොඳ දැනුමක් ලබාගන්නවා...මගේ ලිවීමේ ආසාවත් මේ හරහා සපිරෙනවා...
එහෙනම්...සුබ දවසක් වේවා....
මම පොඩි කාලේ Art Attack බල බල ඒකෙ කියල දෙන ඒව කරල බැලුවා. මාර ආතල්..
ReplyDeleteheart attack...නෙවෙයි නේ....?හිකිස්...
Deleteඇත්තටම අදත් සමහර වැඩසටහන් වල යන ඒවා කරලා බලන්න ආසයි..MAD එකෙත් එහෙම ඒවා යනවා...
අපි නං අම්බානට ට්‍රිප් යනවා. ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉරිසියයි...(විහිලුවට කිව්වේ...)
Deleteමාත් නොයන්නෙම නැහැ...
මම නම් පුංචි කාලේ ඉඳල ආස කරේ රේඩියෝ ( Telecommunication ) සම්බන්ද
ReplyDeleteවැඩ වලට .පස්සේ ඉතින් ඒ පැත්තෙන්ම ඉස්සරහට ගියා.
අදටත් ඒ දේවල්ම තමයි මුල්ම තැනට මගේ ලෝකේ තියෙන
දේ.මොන තරම් ප්‍රශ්නයක හිටියත් මට ඒ ප්‍රශ්නේ අමතක
වෙනවා. ඒ තරම් මම පුංචි කාලේ ඉඳන් ආස කරපු දේට බැඳිලා..
ඉස්සර යෝගට් කප් ඇතුලේ කාන්දම් කෑලි තියල බලන් ඉන්නවා
වෙන්නේ මොකක්ද කියල..නිදා ගන්න කලින් මිදුලේ තියල
නිදා ගන්නේ.ඇහැරුණ ගමන් බලනවා මොනවද වෙලා
තියෙන්නේ කියල..පස්සේ තමයි විද්‍යුත් චුම්භක තරංග කියන්නේ
මොනවද කියල දන්නේ ..ඔහොමයි මගේ විනෝදාංශ පටන් ගත්තේ..
අදටත් මුල් තැන තරංග වලට තමයි ..
පිරිමි ළමයි පුංචි කාලේ ඉඳන් ඔහොමනෙ..මගේ ලොකු පුතා ගේ කාමරේ..ඇඳ යට electronic කෑලී පිරිලා...අනේ මන්ද මට නම් දැක්කම පිස්සු වගේ...
Deleteඅදමයි මම මේ බ්ලොග් එක දැක්කේ , අනිත් ලිපි බලන්න පස්සේ දවසක එන්නං
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා...ඇවිත් යන්න..කොමෙන්ට් එකක් එහෙමත් දාලා යන්න...ස්තුතියි...
Deleteඉස්කෝලේ යන කාලේ නම් අමතර වෙලාවල් වලට පොත් කියෙව්වා. චිත්‍ර ඇන්දා. දැන් නම් ඒවා අඩුයි. පොත් නම් ටිකක් කියවනවා. සින්දු අහන එකත් මං කවදත් කරනවා.
ReplyDelete//කන්න ත් බැරිම නැහැ මම උයන ඒවා...// මාත් වෙලාවකට උයනවා. ඒවා මට මාර රසයි. වෙන කාටවත් දෙන්නේ නම් නෑ. :D
කොල්ලෝ උයන කොට රහයි ලු...ඒ මොකද දන්නවද..අපි වගේ කිරල මැනලා තුනපහ දාන්නේ නැති නිසාලු...
Deleteමගෙනම් විනෝදාංශය කම්පීතරේම තමා. බුකිය ගැනනම් ඔයා කියපු දේම තමයි මාත් කළේ. ස්කයිප් ඒකටත් එමමයි.
ReplyDeleteපොඩි කාලේ ඉඳලම මගේ විනෝදාංශය කියවීම. මට තියෙන නිදහස එක්ක වගේම තව තව ප්‍රශ්ණ නිසා ඒකෙන් ඈත් උණත් බ්ලොග් ගැන දන ගත්තම ලොකු සතුටක් ඇති උණා. දැන් ඉතින් ගෙදර ඉන්න දවසම මේකේ තමා. වෙලාවකට මටම වදයක්. හරියට පොඩි උන් වගේ. කොච්චර වදයක් උණත් එපා වෙන්නේ නෑ.
ඔයාගේ කතාවට මම 100%ක් ම එකඟයි...කොයි තරම් වැඩ තිබුනත් බ්ලොග් එකේ අකුරු දහයක් හරි ලියල සේව් කරලා ඉන්න හිතෙනවා...
Delete