Google+ Followers

Tuesday, July 15, 2014

79. .හිත අවදි කොට ගතිමි....

දීර්ඝ නිද්‍රාවකින් පසු ඇහැරුණා වගේ  දැනෙනවා.ලියවිල්ල කියන එක ඇඟට ම වැදිලා තියෙද්දිත් නොලියන්න හේතු රාශියක් තිබුණා.ඒවා මටම අදාළ යම් යම් හේතු...
පහු ගිය කාලය බෙහෙවින්ම කාර්ය බහුල වුණත් මම රට තොට බලාගන්න ගොඩක් ඇවිද්දා...ඒ වගේම විවිධ සමාජ තල වල ඉන්නා විවිධ මිනිස්සුන් එක්ක ඇසුරට වැටිලා ඔවුන්ගේ අත්දැකීම් ගැන හදාරන්න ලැබුණා...කෙටි කාලයක් වුනත් ඔවුන් ගේ කතාබහ තුළින් දැනුණේ අමුතුම සංවේදනාවන් ....




මට පහු ගිය කාලේ එක විශේෂ ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කරන්නට අවස්ථාවක් ලැබුණා.මේ හරහා ලංකාවේ විවිධ ප්‍රදේශ කීපයක සායන පවත්වන්නට මම ත් සහභාගී වුණා.අපි එකම රටක එකම බිමක ජිවත් වෙන මිනිස්සු උණත්...අපි ඉන්නා උප සංස්කෘතීන් එක්ක ගත්තම ලොකු වෙනස් කම් තියනවා.විශේෂයෙන්ම මේ සමාජ තල වල ඉන්න අයගේ සිතුම් පැතුම්  හා සමාජීය ගැටළු වලට මුහුණ දෙන ආකාරය  විවිධයි.....

මොනරාගල දිස්ත්‍රික්කයේ කල එවන් සායනයකට පැමිණි ඇතැම් දරුවන්ගේ පවුල් තත්වය  හා ගැටළු ගැන මට ලියන්නට ඉතුරු වුනේ මහා දුක්බර අත්දැකීම්....



එම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වූ සායනයට හැම විටම දරුවා රැගෙන ආවේ අම්මා හෝ තාත්තා නොවෙයි.බොහෝ විට මිත්තණිය තමයි පැමිණියේ...
එවන් එක දරු පැටියෙක් මගේ ලඟට යොමු කෙරුනේ ඇය කතා කිරීමේ ගැටළුවක් නොතිබුනත් කිසිම වචනයක් කතා කරන්නේ නැහැ කියන නිර්ණයේ සිට...මිට බලපාන චර්යාත්මක ගැටළුවක් වේදැයි විශ්ලේෂණයක් කරන්නටයි....
මගේ සියලුම උත්සාහ...රගපෑම්...නාටක ...ඔක්කොම අසාර්ථක වුනා.මේ දරුවා නෙවෙයි එක වචනයක් වත් කතා කලේ....
අවසානයේ මිත්තණිය සමග කල කෙටි කතා බහ තුලින් ගැටලුව හෙළි වුණා..
මේ කෙලි පොඩ්ඩි අවුරුදු 3ක වයසක උන්නේ..ඇයට වසර 2ක පමණ කාලයේදී ඇයගේ පියා මව ගෙල සිරකර මරාදමනු ලැබුවා ලු මේ දරුවා ඉදිරිපිටම.ඉන්පසු ඔහුද වස පානය කර සියදිවි හානි කරගනු ලැබුවා ලු...
මේ දරුවා ගේ ඒ කම්පන ස්වභාවය මත මේ කතා නොකරන තත්වය ඇති වී ඇතැයි අවසානයේ සොයාගනු ලැබුවේ...
මෙවන් සිදුවීම් එක්ක අද ලෝකය යන්නේ ඉදිරියටද පසුපසටද යන්න හිතන්න ඉතිරි වූ පැනයක්...
පුවත්පතක් බැලුවොත් අද දකින්නට හමුවෙන බොහෝ සිද්ධීන් නිසා ඉතිරි වන ගැටළු  වලට මුහුණ පාන්නේ දරුවන්...
ලෝකය මේ තරම්ම විෂම වෙන්නේ මන්ද යන්න කෙලෙස වටහා ගන්නද....

මෙවන් අත්දැකීම් මත ඒ ගත කල දින වකවානුව අත්දැකීම් බහුලයි...
සමහර අත්දැකීම් ගැන කතා කරන එක පවා මනසට වෙහෙසක් දෙන තරම්...
අපි වෛද්‍ය කණ්ඩායමටම මහා ගැටළු ඉතිරි කල දරුවන්ගේ කතා එමට තිබුණා...
එවන් එක කම්පනයක් ඉතිරි කල එක පුවතක්..ලිවිය හැකි මට්ටමෙන් මේ ලියා තබන්නේ....


චර්යාත්මක ව අසාමාන්‍ය ලෙස කලහකාරී වූ එක පොඩි පිරිමි දරුවෙක් මේ සායනයකදී මා වෙත යොමු කෙරුණා...ඔහු ගේ අධි ක්‍රියාකාරී ස්වභාවය මෙන්ම ඒ වයසේ කුඩා දරුවකු ගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ කායික ක්‍රියාවන් ඔහු වෙතින් හඳුනා ගනු ලැබ තිබුණා...
මේ දරුවාගේ මව යම්තාක් නම්‍යශීලි ව කරුණු ඉදිරිපත් කලත් පියා සැමවිටම කරුණු සඟවන්න ලොකු උත්සහයක් දැරුවා...
අවසානයේ හෙළි කරගත් කරුණු තුලින් අප විශ්ලේෂණය කලේ..දෙමවුපියන් ගේ සම්බන්ධතා වයකදී තිබු  අසාමාන්‍ය හැසිරීම් රටාවක් මේ දරුවා හොරෙන් හෝ නිරීක්ෂණය කර ඇති බවයි..
මඳක් සිතන්න...මෙහි ඇති ඛේදනිය තත්වය....නොමේරු දරුවකු අස්වාභාවික චර්යා රටාවන් අනුකරණය..ඔහුගේ පෞරුෂයට එක එල්ලේ බලපාන අන්දම...
මෙහි වරද කා අත විය හැකිද...කෙලින්ම මා නම් ඇගිල්ල දිගු කලේ දෙමවුපියන්ට..නමුත් ඔවුන් එයට අප විසින් ඉදිරිපත් කල විසඳුම් පිළිගත්තද යන්න සැකයක්....
අනාගතයේදී රට ට සමාජයට...අසාමාන්‍ය චර්යා රටා සහිත පුද්ගලයකු බිහි වීමේ මුල් අඩිතාලම එය විය හැකියි...

මෙවන් ඇති සංවේදී කතා ගොන්නක් මට අරන් එන්න ඉතුරු උණා....මේ කෙටි පෝස්ටුව...ලියවුනේ...ඒ හැඟීම මත...ජීවිතය දුන්නාට කන්න බොන්නට දුන්නාට...එය සියලු වගකීම් වල සමාප්තිය නොවේ...

දරුවන් මල් වැනියි..අපි අසා ඇත්තේ එලෙසින්....නමුත් ඒ මල් පරවන්නේ අනුන් දෑතේ ම නොවන බව මේ කතා වලින් හෙළි වෙනවා නේද....
අපි අපේ මේ මල් කැකුළු කෙලෙස රැක ගත යුතුද යන්න සමාජීය ගැටළුවක්...
ඉතින්...හිතන්නට යමක් ඉතුරු කර මම යන්නම්....


යළිදු හමුවෙන තුරු......


සුබ රාත්‍රියක්..ඔබට...



මම කළු සහ සුදු.....

25 comments:

  1. අගනා සටහනක්. මොනරාගල වැනි ප්‍රදේශයක ජන ජීවිතය හරිම අපූරුයි. අපූරු කියන්නේ හොඳ නරක දෙකම ඇතුලුවයි. එවැනි ප්‍රදේශ තවත් තියනවා. බොහෝ අය දෙමව්පියන් බවට පත්වන්නේ අඩු වයසින්. පවුල් සංස්ථාව පාලනය කරගන්න තබා මූලික සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව වුනත් මේ ජනතාවට තියෙන්නේ ඉතා අල්ප දැනුමක්. ඔය සායනයට ගෙනා ළමයින් කොපමණ දුරට යන්තර මන්තර ගුරුකම් වලට ලක්කලාද කියා ඇහුවානම් තවත් පුදුම හිතෙන දේවල් අහගන්න තිබුනා.

    මේ ජනතාවට ජීවිතය ගැන දැනුම දෙන්නේ කවුද?කොහොමද? කවදාද? මටත් ඒ ප්‍රශ්න දැනුණා 1988 - 89 කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩ කරද්දී.

    ReplyDelete
    Replies
    1. යන්තර මන්තර ගුරුකම් ගැනත් අහන්න ලැබුනා ඇත්තෙන්ම ඕනා තරම්.ඉදිරි ලිපි වල සටහනක් තබන්නම් එවන් උදාහරන ගැන.
      ස්තුතියි ඔබට

      Delete
  2. ඇත්තම ලියන්නම්කෝ කළු සහ සුදු සායන සදහා ගිය පලාත් ගැන සාමානයෙන් කෙටි පණිවිඩ මගින් මම දැනන් හිටියත්....නමුත් මෙවන් දරුවන් ඒ සායන අතර තුර මුණ ගැහුණු බවක් අද වෙන තුරු මා දැන නොසිටි කරුණකි.... යම් දෙයක් මට මග හැරි ඇති බව මට දැන් විශ්වාසය.....ඉතින් මම නිසා නොව අපි නිසා දිගටම මේ වගේ අද්දැකීමුත් ලියන්න අපි හැමෝටම මේ තුලින් හිතන්නට වැදගත් යමක් ඉතුරු කලාට ස්තූති!

    (ඇති යන්තම්...ඔහොම යම් ...ඔහොම යම්...දිගටම ලියනවා හොදා නැත්තම් ඩුෂුම් තමා.. හරිය ... )

    ReplyDelete
    Replies
    1. මේ කනේ ඔයාල හිතුවෙ මම ට්‍රිප් යනවා කියලනේ.සමහර දරුවන්ගෙ චායාරූප මම ඔයාට එව්වා නේද ඒ අතරමග.මේ සායන පැවත්වූයේ ආබාධ සහිත දරුවන්ටයි.
      ලියමු ලියමු එහෙනම්

      Delete
  3. මම දන්න එක දරුවෙක් එක් දිනක් දෙමව්පියන්ගේ ස්වාභාවික චර්යාවක් දැකල පියාව ප්‍රතික්ෂේප කරන මට්ටමකට පැමිනියා .

    කොටින්ම තාත්ත එක්ක කතාකරන්නෙම නැ

    දැන්නං හරි ගිහිල්ලා ඇති වසර කිහිපයකින ඒයාලව හම්බවෙලා නැ

    ReplyDelete
    Replies
    1. සමහර චර්යා කාලය සමග හරිගස්ස ගන්න පුළුවන් වුනාට සමහර ඒවා කාලය සමග වැඩි වෙනවා...හරිම ගැටළු සහගතයි

      Delete
  4. කතාවනම් ඇත්ත.. හුඟක් දරුවන්ගේ මානසික මට්ටම් වලට දෙමවුපියන්ගේ හැසිරීම් කෙලින්ම බලපානවා.. හැබැයි ඒක හුඟක් දෙනෙක් තේරුම් ගන්න කාරණයක් නම් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන් බොහෝ විට දරුවන් ගේ ගැටළු දිහා පුළුල් ඇසකින් නොබලන නිසා හුගක් ගැටළු බරපතල වෙනවා..

      Delete
  5. වටිනා සටහනක්.. සමාජයක් හැටියට ඒ දරුවන් ගැන ඉතා විශාල වගකීමක් අපට තියෙනවා.. නොසලකා හැරීමක්, පහතට හෙලීමක් තමා වෙලා තියෙන්නේ.. මම දන්නෑ මේකට සුදුසු ක්‍රම වේදයක් ගැන. ඒත් හැම මිනිහටම බ්‍රේන් වොෂ් එකක් අවශ්‍යයි..

    ලියපු එක ගැන සතුටුයි.. (තරහ දාපු පැත්තකට.. හැක්)

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කිරීම ඇත්තෙන්ම අමාරු දෙයක්.මේ ඉහත කී දරුවාගේ දෙමව්පියන් එක්ක කොයිතරම් කතා කලත් ඒත්තු ගන්වන්න බැරි උනා තත්වය.
      ස්තුතියි කොමෙන්ට් කළාට

      Delete
  6. ළමයි මල් වගේ කියල කීවට කව්රුවත් එහෙම හිතල වැඩ කරන්න නෑ...
    වැදගත් ලිපියක්
    ජයවේවා

    ReplyDelete
  7. මේ ආකාරයේ ගැටළු ඒ වගේ පළාත්වලට බොහොම සාමාන්‍ය දේවල් ගානට වැටිලා. මේ පලාත්වල නොදියුණු බවට දරිද්‍රතාවයට හෙතුවෙන්නෙත් බොහෝ විට ළමා කාලයේදී සිදුවන මේ අතහැරදමීම් .
    කළු සහ සුදු නැවත ලියන්න පටන් ගැනීම ගැන සතුටුයි , එත් මෙයා මේක කොච්චර කල් කරයිද කියන එක තමා ප්‍රශ්නේ , ඔන්න මේ සැරේ නැවත්තුවොත් එහෙම ආයේ අපි නරක මිනිස්සු කියන්න එපා ..නැද්ද බස්සි & ශානු

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සුදු අයියා මාත් අනතුරු ඇගෙව්වා...අපි බලා ගමු නේ....

      Delete
    2. ඕ යාස්! මේ පාරත් නැවැත්තුවොත් බලාගම්මු. @ පොරකටු උල් කොරමින්

      Delete
    3. තුන්දෙනාටම ස්තුතියි, නමුත් පොරොන්දු වෙන්න අමාරුයි....

      Delete
  8. සුදු අක්කියා ආයෙත් ලියන්න අරන්. හලි ශෝයි! එහෙනම් දිගටම ලියමු ඈ....

    ReplyDelete
  9. ආයිමත් ලියන්න ආ එක ගැන සතුටුයි.. මේ ළග එන සති අන්තය මං ගත කරන්නෙත් ඔය මොණරාගල බදුල්ල පැත්තේ ....

    ReplyDelete
    Replies
    1. නලින්....මම ගිය මාසයේ ඔය පැත්තේ ගියේ..මේ මාසයේ අනුරාධපුර සහ මඩකලපුවේ යන්න තියේවි බොහෝ විට.

      Delete
  10. ඒ කාලේ මගේ පන්තියේ හිටිය .වැඩිය කතා නොකරන හා බලාගත්තු අත බලා සිටින ළමයෙක්, එය ඉස්සර ඉදන්ම මේ විදියට තමා ඉන්නේ.....ඉගෙන ගන්නත් හොදින් බැ, ඒත් සාමාන්‍ය පවුලක කෙනෙක්, එහෙම වෙන්න හේතුව අදටත් මං දන්නේ නැ.... ඒ ළමය දැන මට අවුරුදු 22 කින් පමණ හමු වෙලා නැ, ඒත්.... ඉදහිට මේ අමුතු හැසිරීම නිසා මතක් වෙනවා.

    මෙයාටත් ඔවැනිම ගැටළුවක් ඇතියි කියල මං ඒ දවස් වලම හිතුව..... දෙමාපියන්ගේ ගැටළු ඍජුවම ළමුන්ට බලපානවා....

    ReplyDelete
    Replies
    1. ඔව් නිහිංසා...අපිට තේරුම් ගන්නට බැරි සැඟවුන හේතු බොහොමයක් ළමයින්ගේ ජිවිත තුල තියෙන්න ඇති...

      Delete
  11. දැන් දරුවන්ට වෙන දෙවල් දැක්කමනම් ඇග හිරිවැටෙනව.අද පත්තරෙ තිබුන අම්ම තමන්ගෙ අවුරුදු 5 දුවගෙ මුන ආප්ප හැන්දකින් පුච්චල.මෙව වෙන්න පුලුවන් දෙවල්ද.(නැවත් ලිවිම ගැන ගොඩක් සතුටුයි )

    ReplyDelete
    Replies
    1. නැවත ලියන්න ආවා මල්ලි.මේ වගේ ඛේදවාචක අද හැම තැනම.පත්තර බලන එකත් එපා වෙන තරමට මේවා අද වැඩියි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න