Google+ Followers

Sunday, August 11, 2013

54.අපේ වැරදි ඉරියවු....

අපි හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් ගැනයි මම මේ ලියන්න යන්නේ...
සමාජයේ කුමන තරාතිරමක ..කුමන රැකියාවක..කුමන නියැලීමක යෙදෙන්නෙක් වුවත් ..දැනගත යුතු මූලික කරුණු කාරණා ටිකක් තමයි..මේ පෝස්ටුව හරහා..මම ලියන්නේ...

අපි පොඩි කාලේ ඉඳන්ම ක්‍රියාකාරී වෙන හැම විටම නිවැරදිම ඉරියවු වල සිටිනවද..?
ඒක ඇත්තටම ඒ ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා...
ඒත්..යම් ගැටළුවක් ...ප්‍රශ්නයක් ආව දවසට ..තමයි අපි මේ ගැන හිතන්නේ...

කොහෙන් හරි එන සුළු වේදනාවක්..පසුකාලීනව ස්ථීර ප්‍රශ්නයක් වුනාම ..ඒකට ප්‍රතිකාර ගන්න ගිය තැනදී තමයි බොහෝ විට අපිට මේ ගැන දැනුවත් වීමක් ලැබෙන්නේ...
එතකල්.....අපිට මේවා වැරදියි කියලා තේරුණාට...අපි ගණන් ගන්නේ නැහැ...ගණනකට ගත්තත් කෙටි පිළියමක් යොදලා...මේවාට උත්තර හොයාගෙන..අමතක කර දාන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ...

ඉතින් අපි යම් තාක් දුරට අපේ ඉරියව් ගැන ..නිවැරදි ව දැනුවත් නම්...මේ පසුකාලීන ගැටළු වෙන්නේ නැහැයි කියන එක තමයි..මගේ නම් අදහස...

******************************************************

අපි එදිනෙදා ජීවිතයේ කරන සමහර සුළු සුළු වැරදි ඉරියවු නිසා...පසු කාලීනව කොන්දේ කැක්කුම්..බෙල්ලේ අමාරු ආදිය ඇති වෙන්න පුළුවන්...

උදාහරණයක් විදියට ගත්තොත් අපි බරක් ඔසවද්දී හරි..බිම වැටුන යමක් අහුලා ගනිද්දී හරි නිවැරදිව ඒ දේ කරනවද..?



මෙහි A Very Bad Idea කියන රූපයේ තියන අන්දමට නේද අපි බොහෝ විට ඒ දේ කරන්නේ...
නමුත් නිවැරදිම ආකාරය..දණහිසෙන් නැවී යමක් එසවීම හෝ අහුලා ගැනීමයි...

ඒ වගේම කුඩා කාලයේ අපි දරුවන් ගේ සමහර වැරදි ඉරියව් ඒ තරම් ගණන් නොගෙන ඉන්නවා නේද..?



මේ ඉන් එක විදියක්...අපි මෙය හඳුන් වන්නේ W sitting කියලා...ඔයාලගේ හරි කාගේ හරි පොඩි දරුවෙක් මෙහෙම වාඩි වෙලා ඉන්නවා ඕන තරම් දැකලා ඇති නේද.?
ඒත් අපි ඒක ඒ තරම් ගණන් ගන්නේ නැහැ...ඒත්..පැතලි යටි පතුල් තියන...flat feet..අයට මේ තත්වය ඒ තරම් හොඳ නැහැ..
ඒ වගේම දණහිස් දෙක එකිනෙකට ලංවීමට මේ ඉරියවුව බලපානවා..
knock knees..
ඒ නිසා දැක්ක ගමන්..මේක කියලා නිවැරදි කරවන්න ඕන...

ඒ වගේම තමයි අපි කුඩා කල සිටම බලන්න ඕන දෙයක්..අපි ලියන්න කියවන්න ඉන්න ඉරියවු හරිද කියන එක...



මේ ඉරියවුව හරිද...?
බැලු බැල්මට නම් ගැටළුවක් නැහැ වගේ..එහෙම නේද..?
නමුත්..නිවැරදිම ඉරියවුව මෙය නෙවෙයි..අත් දෙකේ වැලමිට දක්වා උසටයි මේසය තිබිය යුත්තේ...

මෙන්න මේ වගේ ඉරියවු අපි ඕන තරම් භාවිතා කරනවා..ඒවා ඉතාම වැරදියි...වාඩි වෙන පුටුවේ උස...දෙපා බිම ගෑවෙන්නට තිබීම..මේසය නිවැරදි කෝණයකට අනුව තිබීම..ආදිය ගැන අපි සැලකිලිමත් විය යුතු වෙනවා..

නැත්නම්..ඉතින් ප්‍රතිපලය වෙන්නේ..මේ වගේ කොන්දේ කැක්කුම්..
එහෙමත් නැත්නම්...

බෙල්ලේ කැක්කුම්..



ආදියයි...

අපි ව්‍යායාම කරද්දීත්...නිවැරදි දේ කරන්නට සැලකිලිමත් වෙන්න ඕන..වෙළඳ පොලේ තිබුනට..තව කෙනෙක් කලාට ..හැම ව්‍යායාම උපකරණයක් ම අපිට සුදුසු වෙන්නේ නැහැ..ඒ වගේම තමන්ට ගැලපෙන තරමේ ප්‍රතිරෝධ  Resistance යොදන්නත් අපි දැනුවත් වෙන්න ඕන...



එහෙම නැති නම්..නැති ගැටළු ඇති කරගැනීමක් තමයි වෙන්නේ..

අපේ කාන්තාවන් ගේ නවීන විලාසිතා බොහොමයක්ම ..දීර්ඝ කාලීන ප්‍රශ්න වලට අත වනන සුළු ඒවා..
උදාහරණයක් ලෙස ගත්තම..අඩි උස සපත්තු...




මේවා දාගෙන ගමන් කරන්නට යාමේදී වන අනතුරු බොහොමයක්..පාද වල ආබාධ වලට මුල වෙනවා..




අපි මේ විතරක් නොවෙයි..ගෙදර දී සාමාන්‍යයෙන් ඇඳෙන් නැගිටින..පුටුවේ හැරෙන විදිය පවා නිවැරදි ව කල යුතුයි..නැත් නම්..අපේ නම්‍යතාවය වැඩි කොන්දට වෙන්නේ අනතුරුමයි...




ඔබ වාහනයක් පදවනවා නම්..එය ට අදාළ ආසනය නිවැරදිම ඉරියවුවට සකසා ගත යුතුයි..
ඒ වගේම අසුනට ගොඩ වෙන සහ බසින විටත්..මුලින් ඉඳ ගෙන ඉන්පසු පාද දෙක ඇතුලට ගන්නට සැලකිලිමත් වෙන්න...

මේ ඉරියවුව වැරදියි...



මේ නිවැරදි ඉරියවුවක්...


ඒ වගේම එදිනෙදා..අපි කරන වැඩ වලදී..මෙන්න මේ වගේ..වැරදි දේ අපේ අතින් වෙන එක වලක්වා ගන්න අපි හැමෝම හිතට ගන්නට ඕනා...



මේ අයුරින් නැවීමෙදී..කොන්දට නොදැනුවත් ව වෙන හානි වැඩියි...
නිවැරදි ඉරියවු අපේ මනා සුවසෙත ට මග පාදනවා..
පසු කාලීනව..කොන්ද අල්ලාගෙන..දොස්තර මහත්තුරු නෝනලා පස්සේ ගිහින් අතේ තියන සල්ලි ටිකත් ඉවර කරන්..සැර බේත් බොන්නේ නැතුව..මේ ටික හිතට අරන්..හොඳ කොන්දක් රැක ගම්මු නේද...?




ඉතින් මේ කාලයක් තිස්සේ ලියපු පොඩි පෝස්ටුවක්..
කියවා බලා දැනුවත් වෙන්න...

ඔබේ අදහස් වගේම...ගැටළු ඇත්නම්...කියන්න..මේ ගැන...


44 comments:

  1. පට්ටම පොස්ට් එකක් .
    එල එල
    බොහොම ස්තූතී .....!

    ReplyDelete
    Replies
    1. වයලින් ගහන කොටත් එහෙමයි...නිවැරදි ඉරියවු..හරිද වයලිනෝ...

      Delete
  2. බරක් ඔසවන කොට නම් මට අනුගමනය කෙරෙන්නෙම වැරදි ක්‍රමය.. වාඩි වෙන එක නම් නිතරම වාගෙ හරි විදිහට කෙරෙනවා.. වාඩි වෙන පුටුවෙ ඇන්ද උස වැඩි නම් වඩා හොඳ ද..?

    ReplyDelete
    Replies
    1. චන්දන ඕනෑම දෙයක් අපි පුරුදු වෙනවා නම්..ඒක අපේ සාමාන්‍ය ඉරියවුව වෙනවා...මට එහෙම නම් දැන් දණහිසෙන් නැවී බරක් ඔසවන හෝ දෙයක් අහුලා ගන්න එක සාමාන්‍ය ම වෙලා..

      චන්දන...
      පුටුවේ අත් ඇඳි නම් තිබිය යුතු..වැලමිට අංශක අනුවට නැවුවම එන උසටයි..
      හේත්තු වෙන ඇන්ද..සාමාන්‍යයෙන්...උරපතු උසට තිබුනම ඇති..නමුත්..අංශක අනුවේ කෝණයට උකුල..දණහිස.සහ වළලුකර නැවී තිබෙන ඉඳගන්න ඉරියවුවයි වැදගත්..

      Delete
    2. බොහොම ස්තුතියි..! :)

      Delete
  3. ලබාදුන් දෑනුමට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. රක්ෂණය සම්බන්ධයේදීත් වැදගත් ද නම් මන්ද...
      ස්තුතියි දමිත් මල්ලි...කියවන්න එනවාට සහ අදහස් කියනවාට...

      Delete
    2. ජොබ් එකට නෙමෙයි බන් අක්කෙ වෑදගත් ජිවිතෙට

      Delete
  4. වැරදි විදිහට ඉඳගෙන ඉඳල මේ දවස් වල විඳෝනෝ... වටින ලිපියක්.. නිවරදි ඉරියව් ගැන හෙමිහිට පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් තවත් ප්‍රයෝජනවත් වෙයි කට්ටියට..

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ටුව ඇතුලේ නිවැරදි ඉරියවු ගැනත් ටිකක් සඳහන් වෙනවා...ඉදිරියේදී පැහැදිලිවම එකක් ලියන්නම්...
      ස්තුතියි ...සාතන්..මේ පැත්තේ ආවට...

      Delete
  5. මම බරක් උස්සන කොට නම් නිවැරදි ක්‍රමය අනුගමනය කරනවා, මොකද නැතිනම් මට lower back pain එකක් එන නිසා. වැරදියට ඉස්සුවොත් ඒක ඇවිස්සෙනවා.

    නමුත් මම ඉඳගත්තාම නම් කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ මතක් වුනාම විතරයි. පු‍ටුවේ වැතිරිලා හරි කොන්ද නමාගෙන හරි ඉන්න එක සනීපයි මෝල්ගස් ගිල්ලා වගේ ඉන්නේ නැතිව. බයික් එකක් පදින කොටත් කොන්ද කෙලින් තියාගෙන ගියත් පොඩ්ඩක් නැමිලා ගියාම සනීපයි. වාහන එලවනකොටනම් එච්චර ප්‍රශ්ණයක් නෑ මොකද මම සීට් එක මගේ උසට ඉස්සරහට ගන්න නිසා සහ ඇන්ද adjust කරගන්න නිසා.

    මේසේ උස ගැන කිව්ව දේ නම් මට විශ්වාස කරන්න අමාරුයි මොකද ඉඳගෙන අත් පහතට දැම්මාම එන උසට මේසේ හැදුවොත් අර මේසෙක තිබිය යුතු සම්මත උසට වඩා අඩු උසක් තමයි ලැබෙන්නේ.

    කලු සහ සුදු කියන්න බලන්න ඇ‍ඳෙන් බහින නිවැරදි ක්‍රමය. මට ඒක නම් දැනගන්න ඕනෙමයි.

    ReplyDelete
    Replies
    1. කලු සහ සුදු, මේ බ්ලොග් එකේ වෙලාව හදන්න. AM PM මාරු වෙලා තියෙන්නේ

      Delete
    2. Dude..වෙලාව හදන්නේ කොහොමද..?

      Delete
    3. Dude..ඇඳෙන් බහින වෙලාවට හැම තිස්සෙම ඇලයට හැරිලා කකුල් දෙක ඉස්සෙල්ල බිමට දාලා..අතට බර දීලයි නැගිටින්න ඕන...

      මේසයේ උස...සම්බන්ධව නම්..

      ඔය කියන සම්මත උසට අනුව සමහර වෙලාවට අපිට පුටුව වෙනස් කරන්නට වෙයි..ඕනවට වඩා උස මේසයක ඉඳන්..හරි..මිටි එකක ඉඳන් හරි ලියන කොට තියන ඉරියවුවයි..අපි හිතන්න ඕන,,,

      Delete
    4. This is how to adjust time.

      Design > Settings > Language and formatting > Time Zone

      here select from drop down list (GMT + 05:30) Colombo

      Delete
    5. You're welcome. Just curious. Which time zone had you selected earlier?

      (Checking the time at the same time, ha ha)

      Delete
    6. actually..i was not aware about it even..may be a country in other end of the world..ha..ha..

      Delete
  6. bodybuilding karata passe athapaya kakiyanawa mekata wisadumak nadda (thama aluth) ape ekak kiwwa ara atharaitis tablat ekak bona kiyala ewa biwwoth awulda?

    ReplyDelete
    Replies
    1. මම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. කලු සුදු එක්ස්පර්ට් පිළිතුර දෙනකල්, මම කියන්නම් සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට මගේ අදහස.
      බොරලුගොඩ මහත්තයා, බොඩි බිල්ඩිං හරි මොන එක්සසයිස් එකක් හරි කරනකොට මුලින්ම මහ එකෙන් පටන් නොගෙන පුංචියට පටං ගනිං. ඒ කියන්නේ වේට් ට්‍රේනිං නම් අඩු බරවල් වලින් සහ දුවනවා නම් මුලින්ම අඩු වේගයකින් අඩු වට ගානක් වගේ.

      එක්සසයිස් කරනකොට මස්ල්ස් රිදෙන එක සාමාන්‍ය දෙයක්. ඒක ටිකෙන් ටික අඩු වෙනවා. අනික ඒක සුඛ වින්දනයක්. ඒ කියන්නේ ඒකෙත් ආතල් එකක් තියෙනවා. නමුත් ජොයින්ට් රිදෙනවා නම් ඒක සීරියස් වැඩක්. කොතන හරි වැ‍රැද්දක් තියෙනවා. වේට්ස් නම් වහාම උස්සන බර අඩු කරලා උස්සන ඉරියව්වේ මොකක් හරි අවුලක් තියෙනවද කියලා බලන්න වෙයි. උදාහරණයක් විදියට කකුල් වලින් නැතුව කොන්දෙන් බර උස්සනවද කියලා වගේ

      කලු සහ සුදු නියම උත්තරේ දෙයි උඹට.

      Delete
    2. mokakda ban kakul kese eka mama tika tika thama issuwenam danata 25kg wage thama karanne

      Delete
    3. බොරලුගොඩ මහත්තයා...

      ලෙඩ වලට තියන බේත් නම්..කිසිම වෙලාවක බොන්න එපා...ඒවා pain killers වුනාට..අතුරු ප්‍රතිපල වැඩියි...

      warm up exercise කරලා Dude කිව්වා වගේ ක්‍රමානුකුලව වැඩි කරන්න...
      දිගටම මෙහෙම තත්වයක් පවතිනවා නම්...මොකක් හරි මාංශ පෙශියක අවුලක් වෙන්න ඕන ...

      හරියටම ඔයාගේ අපහසුව කිව්වොත්..මට විසඳුමක් දෙන්න පුළුවන්..මොන මාංශ පේශියද..රිදෙන්නේ..ඒ pain එක මොනවගේද..? කියලා..පැහැදිලිව කිව්වොත්..

      Delete
    4. Dude...

      your comment and ideas for boralugoda mahaththaya..are really correct...thanks...

      Delete
  7. Replies
    1. body building ගැන නම් මම දන්නේ නැහැ අනේ...ඇත්තමයි...

      Delete
  8. මේ දවස්වල මට අර වාඩිවීමේ වරද නිසා ඇතිඋන වේදනාවක් තියෙනවා. දැන දැනමයි වලේ වැ‍ටුණේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නම්..දැන්වත් හරියට ඉඳ ගම්මුකො ...

      Delete
  9. තැන්ක්ස් අ ලොට් බ්ලැක් ඇන්ඩ් වයිට්

    ReplyDelete
  10. මගෙත් පුරුද්ද තමා ලැප්ටොප් එක ඇඳ උඩ තියාගෙන, දකුණු පැත්තට දිගාවෙලා ඒක බැලීම. ඒ පුරුද්ද හින්දා දැන් දරුණු කොන්දෙ අමාරුවක් ඇති වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වහාම ඉරියවුව වෙනස් කලොත් හොඳයි..නැත්නම්..මේ අමාරුව දිගටම පවතීවි..එතකොට ස්ථාවර එකක් වුනාම..ප්‍රතිකාර අමාරුයි...

      Delete
    2. හපොයි මගේ කොන්ද....

      Delete
    3. ඔයා නම් ලැප්ටොප් භාවිත කරන විදි අන්තිමයි...

      Delete
    4. //මගෙත් පුරුද්ද තමා ලැප්ටොප් එක ඇඳ උඩ තියාගෙන, දකුණු පැත්තට දිගාවෙලා ඒක බැලීම. //

      ඔය ක්‍රමය ලැප් එකටත් හොඳ නෑ කියලයි කියන්නෙ. බෙඩ් ෂීට් එකේ තියන පුංචි කෙඳි එහෙම ලැප් එක ඇතුලට ගිහින් හීට් සින්ක් එකේ හිර වුනාම ඉක්මණින් හීට් වෙනවා.

      Delete
  11. ඇත්තටම මේකේ තියෙන්නේ වැඩිදෙනෙක් දන්නා කිසිකෙනෙක් පිලි නොපදින දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්..මේ කරුණු අපි හැමෝම දන්නවා..නමුත් පිළිපදින්නේ නැහැ..

      Delete
  12. බ්ලැක් & වයිට්.....බොහොම වැදගත් ලිපියක්.උදේ ඉදන් පැය අටක් දහයක් හිටගෙන රස්සාවක් කර කෙනෙක් හිටගෙන ඉන්න ඕන කකුල් දෙකෙන්මද?විහිලුවට ඇහුවේ හොඳේ.
    දැන් ඇත්තට.මට තව සුමාන තුනකින් ඔපරේෂන් එකක් තියෙනවා BILATERAL RECURRENT VARICOSE VEINS ....ඒකට මේ කියන ස්කෑන් එකත් කරා(BILATERAL SUPERFICIAL VENOUS DUPLEX SCAN)එක කකුලක LIPODERMATOSCLEROSIS කියන තත්වය තියෙනවා.ඒ නිසා ඒ කකුල ඉස්සෙල්ලත් අනික පසුවත් ඔපරේට් කරනවා.මේක අලුත්ම ක්‍රමයක් බව මට දොස්තර මහතා කීවා.ක්‍රමය නම් නහර තුලට ලේසර් එකක් ඇතුල් කර එය එම නහරේ අවශ්‍ය පතුලටම බස්සවා ලේසර් එක ඔන් කර අනවශ්‍ය කොටස් පුලුස්සමින් ඉවතට ඇද දැමීම.මෙය ඉතා පහසු ක්‍රමයක් බවත් එදිනම ගෙදර යා හැකි බවත් පැවසුවා.ඒ සඳහා කලයුතු PRE-OPERATIVE ASSESMENT තව දින දෙකකින් කෙරෙනවා.ඔබ මේ LASER OPERATION ගැන යමක් දන්නවාද?

    ReplyDelete
    Replies
    1. aru...ගොඩක්ම නැතත් ටිකක් විතර දන්නවා...ඔය කියවලා බලලා අහලා දැනගෙන එහෙම...
      දැන් laser treatments තමයි බොහොමයක් ඔපරේෂන් වලදී යොදාගන්නේ...ඇත්තටම ඉස්සර ලොකු cuts දාලා මහා ලොකුවට කල දේවල් දැන් නම් හරිම සුළු විවරයක් විතරක් මගින් කරන එක කොයි තරම් දෙයක් ද නේද..?
      ඉස්සර vericos වලදී මිනිස්සු හරියට දුක් වින්දා මේ වේදනාකාරී තත්ව නිසා..
      කොහෙද ඔපරේෂන් එක කරන්නේ...කවුද ඔයාගේ සර්ජන්...?

      ඔයා ඇත්තටම ගොඩක් හිටගෙන ඉන්න ජොබ් එකක් ද කරන්නේ..?එහෙම අයට මේ තත්වය එන්න තියන ප්‍රවනතාවය වැඩියි නේ..?

      ඔයා විහිලුවට ඇහුවට මම ඇත්තටම උත්තරයක් දෙන්නම්..අපි නම් දීර්ඝ වෙලාවක් හිටගෙන ඉන්න වෙන අයට දෙන උපදෙස නම්...කකුල් දෙකට මාරුවෙන් මාරුවට බර වැටෙන se ඉන්න කියලා...

      ඔයාගේ ඔපරේෂන් එක ගැන මම ඒ හැටි දෙයක් දන්නේ නැහැ Aru...බයවෙන්න එපා...ඕන නම්...අපි එන්නම් බලලා යන්න...

      Delete
    2. අනේ බ්ලැක් & වයිට්....බොහොම ස්තුතියි.අපි ලමයෝ ගොඩක්,ගොඩක්.ගොඩක්.ගොඩක් ඈ............ත ඉන්නේ.ඔය ලමයට බොහොම ස්තුතියි.

      Delete
  13. මගේ ඇස් දෙකයි, කොන්දයි දෙකම රිදෙනවා..... :(

    ReplyDelete
    Replies
    1. Dot...ඔය වයසට ගැහැණු ළමයි දිහා බලන තරමට ඇහැ නොරිදී තියේවිද...?
      කොන්ද රිදෙන්න තරම් ඔය ළමයා වයසද හැබෑටම..?

      Delete
    2. පික්ෂු කියනවා... ඇස් අප්සැට් උනේ කොම්පීටර් නිසාම තමයි.. දැං ඇස් 4ක පිහිටෙන් ඉන්නෙ :)
      කොන්ද රිදෙන්නෙ ඇඳේ අප්සට් එකක් නිසා.. අපේ ගෙදර ඇඳවල් ගානට වඩා මෙට්ට තියෙනවා. ඉතං මගේ ඇඳේ මෙට්ට 3යි.. ලේයර්ස් 8ක්... ඒකද කොහෙඳ...

      Delete
    3. දුක------කොන්දේ අමාරුව
      දුකට හේතුව------ලෙයර්ස් 8ක මෙට්ටය..
      දුක නැති කිරීමේ මා---බිමට බැහැල..බිම නිදාගනින් කොල්ලෝ...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න