Google+ Followers

Thursday, August 1, 2013

51. අංශභාගය සහ ප්‍රතිකාර...

ඉතින්..50 ට පසුව..ලියන්න ගත්තු දිනපොත පැත්තකින් තියලා..50 ටම සම්බන්ධ වූ ...අංශභාගය ගැන පෝස්ටුව ලියන්න ගත්තා..
දිනපොත රසවත් වුනාට...මේ පෝස්ටුව වැදගත් අය ඉන්නවා...ගොඩක්..

ඒ නිසා...දැන් මේ ප්‍රතිකාර ගැන ලියන පෝස්ටුව ට එකතු වෙන්න...

අංශභාගය ගැන මම ලිව්වා නේ කලින් විස්තර...ඒක නොකියවූ සහ..මතකය අලුත් කරගන්න ඕන අය මෙන්න මේ....අංශභාගය..කියන ලින්කුව ඔස්සේ ගිහින් කියවලා එන්න...

මම කලින් කිව්වා නේ අංශභාගය සැදුන කෙනෙකුට මුලිකවම කල යුතු දේ..
මතක තබා ගැනීමේ පහසුව තකා අපි මේ ප්‍රතිකාර කොටස් වලට වෙන් කරලා කතා කරමු..

1. රෝගය සැදුන මුල්ම අවධියේදී....

මේ අංශභාගය සැදිලා  ගතවන මුල්ම කාලය..මේ අවධිය මුලිකවම ගත වෙනේ රෝහලේ වෙන්න පුළුවන්..ඒ වගේම ගෙදර තියාගෙන ඉන්න අයත් ඇති...

මේ අවධියේදී  බොහෝවිට අත් සහ පාද වල ක්‍රියාකාරීත්වය ඇත්තෙම නැහැ...ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ ...අප්‍රාණික පැත්ත නොසලකා හැරීමයි...මෙහෙම වන්නේ..ඒ අංශයෙන් මොලයට යන සංවේදන නිසි ආකාරව නොලැබෙන නිසා..ඒ වගේම මොලයෙන් අවයව පාලනය සඳහා දෙන පණිවුඩත් හරියාකාරව ලැබෙන්නේ නැහැ...

මම මුලින් පොස්ටුවේ කී පරිදි ..නිවැසියන් සියලුම දෙනා වගේම වෛද්‍ය කාර්ය මණ්ඩලය පවා දැනුවත් විය යුතු දෙයක් තමයි..මෙවන් රෝගීන්ට අදාළ පැත්තෙන් සංවේදන ලැබෙන පරිදි...කටයුතු කිරීම..
මෙය කල හැකි විවිධ විධි තියනවා...

1. කාමරය මේ අවශ්‍යතාවයට අනුව සැකසීම..
රුපවාහිනිය , ජනේලය , ලොකරය...ආදිය රෝගියාගේ සංවේදන අඩු පැත්තෙන් තැබීම...

2. හැම විටම රෝගියා වෙත ලඟා වන විට හා..කතා කරන විට..රෝගියා ගේ අප්‍රාණික පසින් ලං වී කතා කිරීම..

මේවා ඒ තරම් අමාරු ඒවා වත් ..තේරුම් ගත නොහැකි ඒවා වත් නෙවෙයි..නමුත්..නිවැසියන්.මේ සම්බන්ධ ව දැනුවත් කරවීම ..වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් වෙනවා ද කියා නම් සැකයි..

මේ ප්‍රතිකාර වලට අමතරව..චිකිත්සක ප්‍රතිකාර කල යුතු වෙනවා...

රෝගියා ගේ අප්‍රාණික අංශය..සමහර විට කිසිදු චලනයක් නොමැතිව...බුරුල් එල්ලා හැලෙන ස්වරුපයෙන් තිබීමට ඇති ඉඩ කඩ වැඩියි..මේ අවස්ථාවේ සිටම ප්‍රතිකාර නොකළ හොත් වෙන්නේ..සන්ධි තද වීම්..සමහර සන්ධි..( උරහිස් සන්ධිය)..පැනීමට පවා පුළුවන්..
ඒ නිසා..භෞත චිකිත්සාව සහ වෘත්තීය චිකිත්සාව මෙහිදී ඉතා වැදගත් වෙනවා..
සරලම බසින් කිව්වොත් ව්‍යායාම කල යුතු වෙනවා...



මුලදී...අන් කෙනෙකුගේ සහයෙන් කරනු ලබන මේ ක්‍රියාකාරකම් සහ ව්‍යායාම..පසුව රෝගියා විසින් තනිවම කල යුතු වෙනවා..
මෙහිදී..රෝගියෙකුට වඩා වැදගත් වෙන්නේ..තමන්ගේ අනිත් පස අංශයයි..ඒ අංශය ක්‍රියාකාරී නිසා...එයින් ලැබෙන සහය ඉතා වැදගත්...

ලෝකයේ ම පිළිගත් mirror therapy කියන සංකල්පය මේ මුලික අවස්ථාවේදී වැදගත් වෙනවා...




තෙල් ගෑම සහ තැවීම ගැන ..මට කතා කරන්නට බැහැ...
මොකද ඒ මගේ ප්‍රතිකාර ක්‍රමය නොවන නිසා...
නොදන්නා දෙයක් ගැන කීමට හෝ විවේචනය කිරීමට හෝ ..මට බැහැ..

නමුත්..මේ දෙකෙහි යම් යම්..පරස්පර විරෝධී අදහස් ඇති නිසා...මම දෙන උපදෙස නම්..කරන ඕනෑම ප්‍රතිකාර ක්‍රමයක් අනික සමග පටලවා නොගන්නා ලෙසයි..

ඒ කියන්නේ..සිංහල වෙදකම් කරන විට..මේ මා කියන ප්‍රතිකාරද ඒ සමග කිරීම ඒ තරම් වැඩකට ඇතැයි කියා මා නම් සිතන්නේ නැහැ..



පසු කාලීනව..මා ඉහත සඳහන් කරන ලද රෝගීන්..ගේ සන්ධි සහ මාංශ පේශි ආශ්‍රිතව..යම් යම්..තද වීම් ඇති වෙන්න පුළුවන්..
මෙය ප්‍රතිකාර පටන් ගත්ත කාලය අනුව..ඇති වීමට හෝ නොමැති වීමට පුළුවන්..
ඒ කියන්නේ..කාලයක් ව්‍යායාම් නොකර ඉඳලා එන කෙනෙක් ගත්තම ඔවුන් ගේ අත් සහ පා වල තද ගතියක් දකින්න පුළුවන්...

වෘත්තීය චිකිත්සාව යටතේ මෙය වලක් වන්න අපි පතුරු ආධාරක..(splints) හදනවා..
මේ මගින් අත් වල නිවැරදි ඉරියව් පවත් වාගත හැකි වනවා මෙන්ම ...තව දුරටත් තද වීම වලක්වනු ලබනවා....









කථනය පිලිබන්ධ ගැටළු ද විවිධාකාරයි..සමහර අයට..කියන දෙය මොළයෙන් තේරුම් නොගන්න අතර...තවත් සමහර අයගේ..කථනය කියන දේ ගැටළු සහිත වෙනවා...
සමහර අය කතා කලත්..පැටලිලි සහිතයි..
මෙයට විශේෂ ප්‍රතිකාර කථන හා භාෂා චිකිත්සාවෙන් ලබා ගත හැකියි..



සමහර අයගේ මතකය..(memory)....දැනුම හා අවබෝධය ..(cognition)... ලෝකය හා සංවේදන ග්‍රහණය කිරීමේ හැකියාව..(perception) ආදියත් දුර්වල වෙනවා...
මෙය ප්‍රධාන ලෙසම වෙන්නේ...ශරීරයේ දකුණු පස පණ නැති වෙන අයගේ...



මොළය බෙදී ඇති අන්දම වෙනස්...
මේ බලන්නකෝ..




මොලයේ දකුණ සහ වම විවිධ ක්‍රියා පාලනය කරන්නේ මෙන්න මේ අනුවයි...ඉතින් ගැටළු තියන තත්වය අනුව තමයි ප්‍රතිකාර තීරණ වෙනස් වන්නේ...
අත් පා වලට ප්‍රතිකාර කිරීම පමණක් මදි වෙන්නේ ඇයි කියලා දැන් වැටහෙනවා නේද..?

මතකය සහ අවබෝධය වගේ දේවල් වල ගැටළු ඇති වුනාම...වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඒවාට ප්‍රතිකාර කරනවා..
මේ සඳහා..ලෝකයේම පිළිගත් විවිධ ප්‍රතිකාර කට්ටල මේ රටේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් ද භාවිතා කරනවා..LOTCA කියන්නේ එයින් එකක්...මේ මගින් අවබෝධය සමග ඇති වන ගැටළු සොයාගෙන ප්‍රතිකාර කරනු ලබනවා..




මෙයින් කෙරෙන සමහර ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම් පහත රුප වලින් පෙන්වන්නේ...






කුමන හෝ වේවා...ආබාධයකට ලක් වන කෙනෙකුගේ අන්තිම අපේක්ෂාව..ඇවිදීම සහ තමන්ගේ වැඩ කටයුතු වල ස්වාධීන වීම...එහෙම නේද..?

කාටවත් බරක් නොවී තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් නම් ඒත් ඇති කියන මතයේ තමයි..අපි හැමෝම ඉන්නේ..
ඉතින් අංශභාග තත්වය ට පත් වෙන අයවත් මේ වගේ ස්වාධීනව තමන්ගේ වැඩ කරගන්න පුහුණුවක් අපි ලබාදෙනවා...
අතේ ක්‍රියාකාරීත්වය හොඳට ආවොත්..ඒක ලේසියි..නමුත් බොහෝ දෙනෙකුගේ මේ තත්වය ටිකක් ප්‍රමාදයි..එවිට අපිට සිදු වෙනවා...එක අතකින් වැඩ කරගන්න පුහුණු කරවන්නට..ඒ කියන්නේ අසනීපය වැළදුණු අත භාවිත කරන්නට බැරි නම් අනිත් අතින් වැඩ කරගන්න...
මේක ඒ තරම් ලේසි නැහැ...



නමුත් අවශ්‍යතාවය තියේ නම් බැරිත් නැහැ...
සමහරක් විට අපිට සාමාන්‍ය තත්ත්ව යටතේ රෝගීන්ට මෙහෙම පුහුණු කරවීම් බැරි වෙන්නට පුළුවන්..එවිට විශේෂ ලෙස විකරණය කරන ලද උපකරණ භාවිත කරන්නට සිදු වෙනවා..
මේවාට කියන්නේ adaptation කියලා...




අංශභාගය  සැදුන ඕනෑම කෙනෙකුව ඇවිද්දවන්නට බැරි වෙන්නට පුළුවන්..එවිට විශේෂ ආධාරක මත හෝ ඔවුන් ට චලනය සඳහා උදව් වෙන්නට භෞත චිකිත්සක නිලධාරීන් පුහුණු කරනවා..

මෙයට අමතරව...සමහර අවස්ථාවල...රෝද පුටුව භාවිතා කරන්නටත් වෙනවා...වයස..රෝගයේ බරපතල කම අනුව..
ඒත්...දැන් ගැටළුවක් තියනවා නේද..?
රෝද පුටුව කොහොමද පදවා ගෙන යන්නේ එක අතක් වැඩ නොකර...
මේ සඳහා...විශේෂ රෝදපුටු වර්ගයක් තියනවා..අංශභාග රෝගීන්ටම තියන..


හොඳින් බැලුවොත්...මෙහි පේනවා නේද..රෝදයේ රවුම් කීපයක් ( pushing wheels) තියන බව..එක අතකින් රෝද දෙකම හසුරවන්නට මේ මගින් පුළුවන්...

මේ වගේම ..රෝගියාට ලියන්නට ..හා..අනෙකුත් වැඩ වලටත් පුහුණු කල යුතු වෙනවා..



උයන්නට...ගෘහණියක් නම්...



ඉතින් අංශභාගය කියන්නේ..සරල එක රෝගයක් නොවෙයි..මෙහි පැති ගොඩක් තියනවා..ඒ සඳහා විවිධ වූ ප්‍රතිකාර ද තියනවා..මේ සඳහා..විශේෂ පුහුණු වූ කෙනෙකුගෙන් ප්‍රතිකාර ගැනීම කල යුතු වෙනවා..
ව්‍යායාම විතරක් මදි කියන්නේ ඒකයි...


ඉතින්...සාමාන්‍ය මනුස්සයෙකු ලෙස කාලයක් ජීවත් වෙලා...ඉන්පසු ආබාධ සහිත තත්වයට පත් වෙන කෙනෙක් තමන්ගේ කලින් ජීවිතයේ කල කී දෑ වලට නැවත යොමු කල යුතුයි...



එය යහපත් සෞඛ්‍යයක මුල්ම අදහසයි...

ඉතින්...අවශ්‍ය දෙයක් ඇත්නම් අහන්න..සියලුම දේ පෝස්ටුවක ලියන්න අමාරුයි..නේ...

සුබ දවසක් වේවා....


                                                                                                       

                                                                                                      කිත්...


                                                                                                     2013.08.01 බ්‍රහස්පතින්දා

24 comments:

  1. //"සියලුම දේ පෝස්ටුවක ලියන්න අමාරුයි"// ඇත්ත, මේක කියෙව්වම දැනෙන හැමදේම කොමෙන්ටුවකට ලියන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. කියවන එක තමයි වටිනාම දේ...හැබැයි ප්‍රශ්නයක් ආවොත්...ඕනෑම වෙලාවක අහන්න...
      ස්තුතියි ප්‍රගීත්...

      Delete
  2. සෑහෙන්න වැදගත් පෝස්ට් එකක්.. දන්නෙ නැති දේවල් ඇර දන්න දේවල් අපිට කියල දෙනවට ඉතින් ගොඩාක් ස්තූතියි .....

    ReplyDelete
  3. ඉතාමත්ම වටිනවා මේ උපදෙස් මාලාව. අනිවා ගැටලුවක් ආවොත් ඔබ අමතනවා...මෙහෙවරට ස්තුතියි.

    ReplyDelete
  4. කලින් ලිපිය කියවලා බයවුනා.මේක කියෙව්වාම බය ඇරුනා.මොකද ප්‍රතිකාරත් තියෙනවානේ.මෙන්න හොඳ දරුවෙක්.අනිත් අය බය කරනවා විතරයිනේ.බය අරින්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න ඕන තැනදී බයවෙන්න..හැබැයි...කොයිදේටත් පිළියම් තියනවා නේ...

      Delete
  5. බොහොම ස්තුතියි, කළු සහ සුදු. ඇත්තෙන්ම පහුගිය පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් එකෙන් මම මෙච්චර කල් මට ගැටළුවක් වෙලා හිටපු ප්‍රශ්ණෙකුත් විසඳා ගත්තා.

    මෙන්න මට තියෙන තව ගැටලුවක්. අංශභාගය හැදිලා ඇඳට වැටිලා ඉන්න කෙනෙකුට, මුලින්ම අංශභාගය හැදෙන්න හේතුවුන ආකාරයේ ලේ කැටියක් නැවත ඇතිවෙන්නෙ තියෙන අවස්ථාව වැඩියි කියලා මට හිතෙනවා. එකක්, ප්‍රමාණවත් ව්‍යායාම නොලැබීම, අනික ඇඳට තදවී ඇති පැත්තේ අර DVT - Deep Vein Thrombosis වගේ තත්වයක් ඇතිවෙන්නත් ඇති ඉඩකඩ නිසා. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි...DVT කියන්නේ..කෙනෙක් ගේ චලන ප්‍රමාණය අඩු වෙද්දී ඇතිවෙන්න පුළුවන් සංකුලතාවයක්...ඒ වගේම..එක වරක් අංශභාගය හදුනා කෙනෙකුට නැවත හැදෙන්නේ නැහැයි කියන්න බැහැ..මොකද..දෙතුන් වරක් මේ තත්වයට ගොදුරු වුන අය ඒමට සිටිනවා...
      කලින්ම ප්‍රතිකාර ගන්න එකේ වැදගත් කම ඒකයි Dude...

      Delete
  6. ගෙදර ඉන්දන් ප්‍රතිකාර කරන එක වැරැද්දක්ද මංදා කියලා හිතුනා මේක කියවපුවම. මිරර් ප්‍රතිකාරය කියන්නෙ මොකක්ද ? ඒකෙන් වෙන්නෙ මොනවද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා,ඔබගේ මව් තුමිය අර නලී කිව්ව වෙද මහතා වෙත යොමු කලාද?

      Delete
    2. කෙන්ජි,

      නෑ, භෞත චිකිත්සක ප්‍රතිකාර තමා ඇයට කෙරෙන්නෙ. එයින් යම් සුවයක් තියන නිසා දිගටම එයම කරන්න තමා කල්පනාව.

      Delete
    3. සෙන්නා ...මම ඉක්මනටම mirror therapy ගැන පොඩි පෝස්ටුවක් දාන්නම්..මෙයින් කෙරෙන්නේ..මොලයේ අත සම්බන්ධ ප්‍රදේශය උත්තේජනය කිරීමක්...

      Delete
  7. ඉදල හිටල හරි මෙවැනි වටිනා විස්තර සහිත ලිපි පල කරන එක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙනව කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට..

      Delete
  8. අර දිනපොතත් ඉතිං ලියන්න

    ReplyDelete
    Replies
    1. ලියනවා..ලියනවා...ගිය සතියේ ලිව්ව එක තවම මග...

      Delete
  9. ඔය රෝගය හැදුනාම ටිකක් විතර කේන්ති යනව නේද ඒ අයට.. එහෙම රෝගීන් දෙන්නෙක් දැකල තියනව මං. එහෙම වෙන්නෙ, 'තමන් අනෙක් අයට කරදරයක්' කියන සිතුවිල්ල නිසා වෙන්න ඇති.. ඉන් එක්කෙනෙක් නම් හරි භයානක ක්‍රියාවක් කරල තිබුනා..

    දැන් මේ විස්තර කරපු ප්‍රතිකාර ක්‍රම රජයේ රෝහල් වල කෙරෙනවද..? එහෙම නම් සම්පූර්ණ සුව වුනාට පස්සෙ ද රෝහලෙන් ටිකට් කපන්නෙ..? නැත්නම් යම් මට්ටමකට ආවට පස්සෙ ව්‍යායාම් එහෙම කරන්න උපදෙස් දීල ගෙදර යවනවද.? අර ව්‍යායම් වගෙ දේ කරද්දි රෝගියකුට ලැබෙන්න ඕන 'කරුණාව' එහෙම පිටස්තර කෙනෙක් ගෙන් ලැබෙයි කියල හිතන්න අමාරුයි.. අපි කවුරුත් පුරුතග්ජනයො නෙ. :)

    මං එහෙම ඇහුවෙ, අංශභාග රෝගින් දැකපු තරමක් දැකල තියන්නෙ ගෙවල්වලදි නිසා.

    මගෙ නහය දැවිල්ල හැදෙන එකක් නෑ කියල මං හිතනව. :D:D:D

    ReplyDelete
    Replies
    1. චන්දන..රාගම පැත්තේ අවොත්..වෙනස වටහා ගත හැකියි..
      මේ ප්‍රතිකාර අපේ රෝහලේ නම් අකුරටම කෙරෙනවා..වෘත්තීය චිකිත්සක අංශයේදී...
      මෙහෙමයි..සුව වීම කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් නිසා...ටිකට් කපන කාලයත් වෙනස්..සමහරු කලින්ම ටිකට් කපාගෙන යනවා..ව්‍යායාම් කරන්න උපදෙස් නම් අපි හැමදාම දෙනවා..කෙරෙන තරම නම්..කියන්න අමාරුයි...

      නහය දැවිල්ල හැදෙන එකක් නැහැ..:D

      Delete
  10. මගේ මහත්තයාගේ අක්කගේ හස්බන්ඩ් ගේ පියා මේ විදිහට රෝගාතුරව එකතැන ඉන්නේ ...දැන් මාස අටක් පමණ වෙනවා .වෛද්‍ය ප්‍රතිකාර කරනවා .හැබැයි එයා පන තියන අතෙන්වත් තමාගේ දේවල් කරගන්නේ නෑ .දවසක් අක්කා තාත්තව රෝද පුටුවේ තියාගෙන එලියට අරන් යද්දී පන නැති අත දොරට හිටලා .."අය්යෝ මගේ අත " කිවුවලු ..එතකොට අක්කා කියලා තාත්තේ පුළුවන් අතින් අනිත් අත අරගෙන උකුල උඩින් තියාගන්න කියලා .ඒ උනාට කරගන්නෙම නැහැලු .අසුචි ,මුත්‍රා ඇ ගේම තමයි කරගන්නේ ...අක්කලා උදේට හොඳට නාවලා ,පිරිසුදු ඇඳුම් අන්දවලා පව්ඩර් දාලා , කාමරේටත් සුවඳ ඉහලා ...වටේට කොට්ට තියලා පොඩි ළමයෙක් වගේ තියලා ...ඇඟේ ජරා කරගන්නේ නැතිව ගෙදර කාටහරි කියන්න කියලා කොහෙට හරි ගිහින් වැඩක් කරලා එනකොට අසුචි ගුලි ඔලුව තියන කෝට්ටේ උඩින් තියාගෙන හොඳට ඉන්නවලු ..." තාත්තේ මොකද මේ" ඇහුවහම "අනේ පුතේ මං නං නෙවෙයි ,වෙන කව්රුහරි වෙන්න ඇති " ආන් අතනත් ඇති පුතේ තව දෙකක් කියලා කොහේ හරි මුල්ලක් පෙන්නනවලු ...:D

    ReplyDelete
    Replies
    1. රෙහානි...මේ තනිකරම අංශභාගය නිසාම නම් නොවෙයි..වයසට යද්දී ඇති වෙන තවත් බොහෝ මානසික සහ ස්නායුමය ගැටළු තියනවා..ඒවාත් අංශභාගය හදුනා වයසක අයට මේ සමගම එන්නත් පුළුවන්..senile dementia..කියන්නේ මේ වගේ එකක්..වයසට යද්දී අමතක වීම වෙන්න පුළුවන්...
      ඇත්තටම අද අපේ රටේ ..ආබාධ සහිත පුද්ගලයන් අඩු තරමේ තමන්ගේ වැඩ කටයුතු කරගන්නේමට වත් ස්වාධීන කරගන්නට...උනන්දුව අඩුයි...

      Delete
  11. කෝ මං මේකට දාපු කොමෙන්ටුව ???? ස්පෑම් වෙලාද

    ReplyDelete
  12. නැත..ස්පෑම් එකේ කොමෙන්ටු කිසිවක් නැත...

    තරහ නැතුව ආපහු දාන්න dot

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න