Google+ Followers

Saturday, June 22, 2013

ප්‍රවේශ පහසුකම් සහ ආබාධිත භාවය

ඉතින්...ටිකක් බරපතල කතාවකට තමයි මේ සති අන්තේ මුල පුරන්නේ...අද ලියන්න ගත්තට මේක ටිකක් දිගට හිතන්න වෙන දෙයක් නිසා...පෝස්ටුව එළි දක්වන්න නම් ටිකක් කල් ගත වෙයි කියලා මටම හිතෙනවා...



ආබාධිත භාවය....
මේක නම් ඉතින් අහපු ගමන් තේරෙනවා නේ නේද...?
ඒත්...අපිට එක පාරටම මතකයට එන ශාරීරික ආබාධිත වූ අයට වඩා..වෙනස් අයත් ඉන්නවනේ...
මානසික ආබාධිත වූවන්...අවබෝධාත්මක අතින් ආබාධිත වූවන්..එහෙමත් ඉන්නවා...



මේ හැම දෙනාම පොදුවේ මුහුණ පාන එක සමාජීය ප්‍රශ්නයක් ගැනයි මම අද ලියන්න ගත්තේ...

ප්‍රවේශ පහසුකම් කියන එක පුළුල් පරාසයක විහිදෙන දෙයක්...
අපි හැම දෙනාම සැරි සරන පරිසරයන් ගත්තම...
1.නිවස සහ ඒ ආශ්‍රිත පරිසරය
2.පාසල හෝ වැඩපොළ
3.සමාජයේ සේවා ලබාගැනීමට යා යුතු ස්ථාන..උදා :- බැංකුව,රෝහල,කාර්යාල
4.aනෙකුත් නිවාස...නෑදෑයින්..මිතුරන් ගේ
5.විනෝදාස්වාදය සඳහා යා යුතු තැන්..උදා :- නාට්‍ය ශාලා ,සිනමා ශාලා

මේ වගේ බොහෝ තැන් තියනවා..
අපි සාමාන්‍ය පුද්ගලයන් ලෙස මේ හැම තැනටම පිවිසෙනවා..අදාළ කටයුතු කරගන්නවා..සේවා ලබාගන්නවා...
නමුත්..ශාරීරිකව ,මානසිකව හෝ අවබෝධය අතින් ආබාධිත වන කෙනෙකුට..මේ දේවල් කිරීමේදී අපිට වඩා ගැටළු බොහොමයකට මුහුණ දෙන්නට සිදු වෙනවා...
ඉතින් සැමටම පහසුව සපයන ප්‍රවේශයන් ගැන අද කතා වෙනවා...
මේ ගැන ටිකක් කියවමු නේද..?

ශාරීරිකව ආබාධයට ලක් වෙන යම් තැනැත්තෙක් ගත්තොත්..ඔහු කුමන අන්දමේ විය හැකිද...?
1.රෝදපුටුවක් භාවිත කරන්නට සිදු වන කෙනෙක්
2.කිනම් හෝ අත් වාරුවක් භාවිත කරන්නෙක්


ඉතින් මෙවන් අයකු ගැන සිතුවොත් ...අපි දුවන පනින සමාජයේ කරන කියන හැම දෙයම මොවුන්ට කල හැකිද...?
ඇත්තටම පහසුකම් ..සහ ..සේවා වන් නිසි ලෙස සපයනවා නම් ..බැරි නැහැ..

මෙවන් කෙනෙකුට තමන්ගේ නිවාස තුලම ආබාධිත තාවය හරස් වෙන්නේ කොහොමද...
1. පඩිපෙලක්
2.පටු දොරක්
3.යාමට නොහැකි වැසිකිලියක්
4.ගේ තුල තිබෙන ගැට්ටක්

සරලව කිව්වොත් මේ සේරම දේවල් ඔවුන්ට හරස් වෙනවා..







 ඒ වගේම බාහිර පරිසරයෙදීද මේ වගේ ගැටළු ඇති වෙනවා...

පාරක් මාරු වෙද්දී....



මෙන්න මේ වගේ ගැට්ටක්...



සමහරක් වෙලාවට සේවා ස්ථානයේදී...මේ වගේ ගැටළු ඇති වෙන්න පුළුවන්

රෝද පුටුවෙන් කාර්යාල මේසයට ලං වෙන්න බැරි නම්...ප්‍රශ්නයක් නේ..



මේ තියෙන්නේ ශාරීරික ආබාධ බව නිසා වන ගැටළු...
ඒ හැරුනම මානසික හා අවබෝධතාවය සම්බන්ද ගැටළු නිසා....මුහුණ පාන ප්‍රශ්නත් තියනවා...

නම් පුවරු කියවා ගත නොහැකි වීම මින් එක දෙයක්
මේ වගේ ගැටළු ගත්තම අද බොහෝ ආබාධිත අය එකම තැනකට සීමා වෙන්න මේ හේතු බලපානවා..

ඉතින් ඇත්තටම ..කල හැකි වෙනස් කම් නම් බොහෝයි...
දැනටත්..ශ්‍රී ලංකාවේ පවා ..බොහෝ ආයතන වල ආබාධිත අයට ප්‍රවේශ පහසුකම් ලබා දෙන්නට පියවර ගෙන තිබෙනවා..

පඩි වෙනුවට ආනත තල යෙදීම දැන් බොහෝ තැන් වල සිදුවෙනවා...නමුත් මේවා වුනත් දැමිය යුතු ප්‍රමිතියක් තියනවා...රෝද පුටුවක් භාවිත කරන්නෙකුට ආනත තලයක් දැමූ පමණින් රෝද පුටුවෙන් ප්‍රවේශ වන්න බැහැ...එය වුනත් දැමිය යුත්තේ නිවැරදි මිම්මකට අනුවයි..ඒ සඳහා..විශේෂිත දැනුමක් ලබපු අය ඉන්නවා...වෘත්තීය චිකිත්සක වරයෙකුගෙන් මේ සඳහා උපදෙස් ගන්නට පුළුවනි.



ඒ වක්ගෙම අවබෝධතා ගැටළු ඇති අය වෙනුවෙන් නාම සහ සන්ඥ පුවරු භාවිතයත් බොහෝ විට කෙරෙනවා..





ආබාධිත වූ අය සඳහා විශේෂිත වූ වැසිකිලි සැකසීම ඉතා වැදගත් වෙනවා..දැනට දක්ෂිණ අධි වේගී මාර්ගයේ ඇති service area එකේ නම් මෙවන් පද්ධතියක් තියනවලු..දැකපු කෙනෙක් කිව්වා...






බොහෝ විට නිවසක කාර්යාලයක ඇති දොරවල් වල පළල වුනත්..රෝදපුටුවක ප්‍රවේශයට නම් මදි...
ඒ නිසා...මෙවැනි විටක දොර පළල වැඩි කිරීමද කල යුතු වෙනවා..



ලංකාවේ වාහන ගැන කියන්න නම් දෙයක් නැහැ..ප්‍රවේශ පහසුකම් ඇති දුම්රියක්..බස් එකක්....කවදා ඒවිද මන්දා....
ඒ වුනාට අනෙකුත් රට වල මේ පහසුකම තියනවා..


මේ මම ලිව්වේ කෙටි විස්තරයක්..ප්‍රවේශ පහසුකම් හා ..අබාධිතයන් ගැන
ගැටළුවක් ඇත් නම් ..අහන්න...
ඇත්තටම දිගට කියවන කොටත් කම්මැලි හිතෙයි නේ..ඒකයි හැකි තාක් කෙටි කලේ...

ඉතින් තව දුරටත් විස්තර ඕන නම්..අහන්න...කියන්නම්...

සුබ සති අන්තයක් වේවා....


4 comments:

  1. කිසිවකු අවධානනය යොමු නොකරන ඉසව්වක් දෙස මානව දයාවෙන් යුතුව හෙළු බැල්මක්. ඔබ මතුකරනා කාරණා හරියටම හරි. දැනටනම් අලුතෙන් ඉදිවන රාජ්‍ය ආයතකවල මේ පහසුකම් ලබා දෙනවා. මේ ළගකදී උසාවිය තීන්දුවක් දුන්නා පුද්ගලික අංශයත් මේ දේවල් ක්‍රියාත්මක කළ යුතු බවට.

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් ..ඇත්තටම මේ ගැන අවධානයට ලක් වුනේ මම හිතන විදියට මීට බොහෝ කාලයකට කලින්..නමුත් ක්‍රියාත්මක වීමේ බොහෝ ප්‍රායෝගික ගැටළු තිබුනා..කෙසේ වෙතත් දැන් මම බොහෝ තැන වල මේ ramp එහෙම (ආනත තල ) දැකල තියනවා...නමුත් ඇත්තටම ඒ බොහෝ ඒවායේ ප්‍රමිතිය නම් නියම මිම්මට නැහැ..අපේ රෝහල තුල නම් එවැනි පහසුකම්..මා සඳහන් කල හැම අංගයක්ම තියනවා...මොකද එය ආබාධිත අය වෙනුවෙන්ම තියන රෝහලක් නිසා...

      Delete
  2. මෙය ඉතා වැදගත් මතෘකාවක් බව අපට වැටහෙනවා ඔබට හැකියාවක් ඇත්ද මාහට උුරකථනයෙන් ඔබව ඇමතීමට හැකියාවක් ඇත්නම් කරැණාකර මාව අමතන්න 0778345623

    ReplyDelete
  3. මෙය ඉතා වැදගත් මතෘකාවක් බව අපට වැටහෙනවා ඔබට හැකියාවක් ඇත්ද මාහට උුරකථනයෙන් ඔබව ඇමතීමට හැකියාවක් ඇත්නම් කරැණාකර මාව අමතන්න 0778345623

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න