Google+ Followers

Tuesday, June 18, 2013

ඔබේ දැනුමට...

අද දවසේ මට සහභාගී වෙන්න ලැබුනා වැඩමුළුවකට...එය පැවැත්වුනේ අපේ රෝහලේමයි...
එහි අරමුණ වුනේ...පීඩන තුවාල සඳහා ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමයි..ඇත්තටම මෙය ඉතාම වැදගත් වැඩ මුළුවක් වුනා...දන්නා කරුණු තව දුරටත් තහවුරු කිරීමක් වගේම නොදන්නා බොහෝ දේ ඉගන ගන්න ලැබුනා...

ඉතින් ඒ ඇසුරෙන් උකහා ගත් යම් යම් කරුණු ..මගේ බ්ලොග් එකේ යහළුවන්ට දැනගන්නත් ලියා තැබුවොත් හොඳයි කියලා මට හිතුනා..
ඔයාලා පීඩන තුවාල දැකලා තියද...?
සාමාන්‍ය තුවාලයකට වඩා මේවා ටිකක් බරපතලයි...බලන්නත් අමාරුයි..ඒත්..මේකේ බරපතල කෑම ගැන දැනගන්නයි..මේක ගැන ඉගන ගන්නයි නම්...ඒ එකක දෙකක පින්තුරත් දාන්න වෙනවා...බරපතල ඒවා නම් දාන්නේ නැහැ..අන්තර්ජාලයෙන් බලන්නකෝ...තියන පින්තුර...


බලන්න....අකමැති නම් ඒ ටික අතහැරලා කියවගෙන යමුකෝ...

පීඩන තුවාල අපේ කට වහරේ කියන්නේ "ඇඳ තුවාල" එහෙමත් නැත්නම් "ඇඳ වණ" කියලා...මේවා ඇති විය හැකි විදි දෙකක් තියනවා...
එකක් තමයි වයසත් සමග අපේ වැඩිහිටි අය ඇඳටම වෙලා ඉන්න කාලේදී ඇඳ වණ ඇති වීම..


අනිත් සුලබ කරුණ තමයි.. ශාරීරික .ආබාධිත තත්වයකට පත් වීම නිසා අවයව සෙලවීමේ අපහසුව..


මේ දෙයාකාරයෙන් කොයි එක වුනත්...ප්‍රතිපලය එකමයි...

මේ වගේ තුවාලයක් ඒක සැරේටම ඇති වෙන්නේ නැහැ..මුලදී පැහැදිලිව දැකිය හැකි සමේ පැහැය වෙනස් වීමකින් තමයි මෙය ආරම්භ වෙන්නේ...නමුත් මේ අවධියේදී බොහෝ දෙනෙක් මේ ගැන ඒ තරම් අවධානයක් දෙන්නේ නැහැ...

ඉතින් ..එය තුවාලයක් වූ පසුයි මේ ගැන කල්පනාවට එන්නේ...


යමක් සිදු වුවාට පසු ඒ ගැන වද වෙනවාට වඩා කලින්ම පිළියම් යෙදුවොත් නේද හොඳ...
අපි අහල තියනවනේ..."prevention is better than cure" කියලා.....


ඇඳ වණ...එහෙම නැත්නම් ..මේ පීඩන තුවාල ගැන සුළු ලක්ෂණයක් හරි දුටු ගමන් එයට ප්‍රතිකාර කිරීම වැදගත් කියලයි අද දේශනය සඳහා පැමිණි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යතුමා කිව්වේ...සමහර විට මේ මුලික ලක්ෂණයන්...ඒ කිව්වේ වර්ණය වෙනස් වීම් කෙටි වෙලාවක් තුල නැවත යතා තත්වයට පත් වේනම් ...එය කලබල විය යුතු නැහැ...


අපේ ශරීරයේ පීඩනය යෙදෙන තැන් බොහොමයක් තියනවා...මේ ස්ථාන ආශ්‍රිතව තමයි පීඩන තුවාල ඇති වෙන්නේ...
ඒ ස්ථාන ..මොනවාද...?

1.හිස් කබලේ පිටුපස
2.උරපතු පිටුපස
3.අපේ කශේරුකාව..(කොඳු ඇට පෙළ ) ඉවර වෙන ස්ථානය..
4.විලුඹ
5.උකුල් ඇට
6.තට්ටම .....ආදී ස්ථාන...

උඩ අතට ...මුනින් අතට ...පැත්තට නිදාගන්න ඉරියව්වෙන් ඉන්න කොට වගේම

 වැඩි වෙලාවක් වාඩි වී සිටින අයගෙත් ...පීඩන තුවාල ඇති වෙන්න පුළුවන්...
අපි නම්...ඒක දිගට ටික වෙලාවක් වාඩි වෙලා ඉද්දි...දැනෙන අපහසුතා නිසා ඉරියවු වෙනස් කරනවනේ...ඒත්..රෝගී වූ අයට...ආබාධිත වූ අයට..එහෙම කරන්න බැහැ..
ඒ නිසයි..අපිට පීඩන තුවාල නොහැදෙන්නයි...ඔවුන්ට හැදෙන්නයි...හේතුව.

ඉතින්...පීඩන තුවාලයක වැඩි වීමට බලපාන හේතු නම් ගොඩක් තියනවා..
මුලික රෝගී තත්වය වගේම..
1.ඒ පුද්ගලයාගේ වයස
2.අනෙකුත් රෝගී තත්ත්ව...උදා:දියවැඩියාව වගේ ඒවා
3.සිගරට් ආදිය බීම
4.නිසි පෝෂණයක් නොලැබීම
5. සමේ අධික තෙතමනය
6.සම අධික වියලි වීම
7. වැරදි ඉරියවු
8. රෝගියා නිසි ලෙස නොඑසවීම ...
                                                             ආදියයි...

මේ වගේ රෝගීන්ට මුලිකව කල යුතු ප්‍රතිකාර ගැනත් වැඩ මුළුවේදී කතා වුනා..
1. නිසි පෝෂණය ලබා දීම ...සමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ

2. මල මුත්‍රා වලින් සහ දහදියෙන් තුවාලය ආරක්ෂා කර ගැනීම
3.නිසි ලෙස තුවාලය පිරිසිදු කිරීම
4.පීඩනය අවමයෙන් යෙදෙන සේ ඒ ප්‍රදේශය තැබීම ...ආදියයි....

සමේ පීඩනය යෙදෙන තැන් පීඩනය අවම කරන සේ යෙදීමට කල හැකි දේ...
1.නිසි කුෂන් එකක් පුටුවට සහ රෝද පුටුවට යෙදීම

2. පීඩන ඇති විලුඹ වගේ තැන් වලට ඒ පීඩනය  අඩු වන සේ  යමක් තැබීම

3. පීඩනයන් ඉහිල් කිරීම...ඉරියවු වෙනස් කිරීම තුලින්...
   සැම පැය දෙකකටම වරක් වත් රෝගියාගේ ඉරියවුව වෙනස් කල යුතුයි...

මෙවන් අන්දමින්..රෝගියෙක් ආරක්ෂා කර ගත්තේ නැත් නම්....ඉතාම අවාසනාවන්ත ලෙස තුවාලය වැඩි වීම වගේම මරණය ද ඉක්මන් වෙනවා...
ඉතින්.....අපේ කාගේ හෝ..කවුරුන් හෝ....වයසට ගිය විටක..එහෙමත් නැත නම්...අසනීපයක් නිසා ඇදකටම වී ඉන්න වූ  දවසක...මේ කරුණු ටික වැදගත් වෙයි කියලා මම හිතනවා....

ගැටළු ඇත්නම් අහන්න...දන්නා දෙයක් තවදුරටත්...පැහැදිලි කර දෙන්නම්....


6 comments:

  1. මුල් පිටුවේ දොසක් කිවුවට මෙතැන්ට ආවමනේ වැදගත් කම වැටහුණේ. ඔබ ඉතා හොද සමාජ සත්කාරයක් කර ඇත්තේ. බොහොම ස්තුතියි. මෙවන් තත්ත්වයට පත් වු අපේ ගමේ කීප දෙනෙක්ම මා දැක තිබෙනවා. යම් රොගියෙකු මේ තත්ත්වයට පත්වීම වලක්වා ගත හැකිද?
    මුලින් දොස්පැවරුවට සමාව ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. හම්මෝ....දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.....ඕකනේ කියන්නේ...කලබල නොවී සද් භාවයෙන් විමසා බලන්න කියලා..මේක ලියල ගොඩක් දවස් ..ඔයාල කවුරුවත් මේක කියෙව්වේ නෑ නේ ...එකයි..reminder එකක් දැම්මේ...(කාටවත් කියන්න එපා..මේ reminder දන හැටි කියා දුන්නේ chandana.)..මම ත් ඉතින් අර වඳුරට දැලිපිහිය හම්බ වුනා වගේ තමයි...දන්නා වැඩ සේරම බ්ලොග් එකට දාල බලනවා..හිකිස්...තරහ ගන්න එපා.....

      Delete
    2. එළ එළ ජයවේවා... මෙවන් දෑ ලියන්න. ඒ වගේම ෆේස්බුක් ගෘප් වලටත් දාන්න ලිංකුව. ඒ හරහා තමයි බොහෝ දෙනෙක් එන්නේ පාර හොයාගන. තව සින්ඩිකේටර්වලටත් දාන්න.

      Delete
    3. අවංකවම කිව්වොත්..ඔය ගෘප් වලට දාන විදිය මම දන්නේ නැහැ...චන්දන ගේ උපදෙස් අරන් තමයි...ඔන්න මොන..මොනවද කලෙත්...කියාදුන්නොත් දාන්නම්...

      Delete
  2. වටින ලිපියක් නෙ. ඔය පුංචි තුවාලයක් ඔච්චරටම බරපතල වෙන්න, එක් එක්කෙනාගෙ ඔරොත්තු දීමේ හැකියාවත් බලපානව ද..

    ReplyDelete
  3. ඔව් චන්දන...1.ස්ත්‍රී පුරුෂ භාවය 2.වයස..3.ඔරොත්තු දීමේ හැකියාව..4.වෙනත් රෝගාබාධ වලින් පෙලෙයි ද යන්න..5.ජාතිය
    ආදී බොහෝ කරනු බලපානවා..

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න