Google+ Followers

Saturday, March 16, 2013

සමනලයන්ට පියාඹන්න ඉඩදෙන්න....

සමනලයන්ට පියාඹන්න ඉඩදෙන්න...

ඔබට මේ ලිපිය දුටු ගමන් මොනවද හිතෙන්නේ..
මම දන්නවා...හිතාගන්න බැරි බව..
ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා..කියවන්න මේ ලිපිය...

පසු ගිය වකවානුවේ මට බ්ලොග් එකට පෝස්ට් එකක්වත් ලියන්න බැරි වුනා..ඉඳ හිටලා ඇවිත් බලලා ගියාට දෙයක් ලියන්න තරම් නිදහසක් මට තිබුනේ නැහැ..
ඒ මම විශේෂ කටයුත්තකට සුදානම් වුන නිසා...
ඒ ගැන තමය අද පෝස්ටුව..

ගිය අවුරුද්දේ මම මගේ විශ්ව විද්‍යාල උපාධියේ එක් මොඩියුලක් සඳහා පුත්තලමට ගියා. ඒ තමයි community practice..මෙහිදී අපෙන් අපේක්ෂා කලේ රෝහලකට ගිය හෝ නොගිය ..ආබාධිත ප්‍රජාව වෙත අපේ සේවා දායකත්වය ඔවුන් ජීවත් වන සමාජය තුලදීම සැපයීම සම්බන්ධව යම් තාක් දුරට පුහුණුවක්...මේ ගැන මම වෙනම පොස්ටුවක් දවසක ලියන්නම්..ඒ තරමට එහිදී ලබපු අත්දැකීම් තියනවා..
ඒ දින 20 තුලදී කල කාර්ය භාරය මත ගොඩනැගුනු රාජකාරිමය සම්බන්ධතා මත ..මට ලැබුණා ආරාධනයක් විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා වැඩමුළුවක් කිරීමට..
ඒ ගැනයි මේ සටහන...


විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා අධ්‍යාපනය කියන්නේ අද ඊයේ පටන් ගත්තු ක්‍රියාවලියක් නම් නොවෙයි..නමුත් දැනට ආබාධිත ජනතාව සඳහා නව මාවත් විවර වන යුගයක..මේ ගැන තියන අවධානය ඉතා වැඩියි.මෙය ඉතාම පැසසිය යුතු කරුණක්.ආබාධිත දරුවකුට උගන්වනවා කියන්නේ...අනෙකුත් දරුවන් හා තරඟකාරී සටනකට යොමු කිරීමක් නෙවෙයි..ඒ දරුවන්ගේ ශාරීරික, මානසික, අවබෝධාත්මක සහ චර්යාත්මක ගැටළු වලට පිළිතුරු දෙමින් ඒ හා සමගාමීව යන අධ්‍යාපන ක්‍රමයක්.



මේ වැඩමුළුවේදී මට විශේෂ අධ්‍යාපන ගුරු වරුන් වගේම මම කලින් ව්‍යාපෘතියේදී හමුවු ස්වෙච්චා සේවක සේවිකාවන් යන දෙපිරිසම දැනුවත් කරන්නට වුනා.

(1)විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගැනීම


(2)ඒ දරුවන් ගේගැටළු හඳුනා ගැනීම


(3)ඔවුන්ගේ චර්යා රටා සඳහා ප්‍රතිකාරාත්මක කටයුතු


(4)එදිනෙදා වැඩකටයුතු සඳහා ඔවුන් නිවසේදී වගේම පන්ති කාමරයේදී හැඩගස්  වන්නේ කෙසේද?


(5)විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අත් වල ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටළු සඳහා ප්‍රතිකාරත්ම යොමු වීම්


(6)මෙම දරුවන්ගේ අවබෝධාත්මක ක්‍රියාකාරකම් දියුණු කරන්නේ කෙසේද?



                                             යන මාතෘකා හරහා මුළු දවසක් මේ වැඩ මුළුව පැවැත් වුනා .

මේ වැඩමුළුව සාර්ථකයි කියලා මට දැනුනේ..ඒ ගුරුභවතුන්ගේ ප්‍රශ්න කිරීම් මත...
ඔවුන් ප්‍රයෝගිකව මුහුණ පාන ගැටළු එමටයි..
මේ දරුවන් වෙනුවෙන් ඔවුන් කරන සේවය ඇත්තෙන්ම පැසසිය යුතුයි..
ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවකු ...අධ්‍යාපනය කරා යොමු කිරීමේ වැදගත්කමද අපි සියල්ලන් අවබෝධ කරගත යුතුයි...

හැම දරුවෙකුටම ඉගනීමේ අයිතියක් තියනවා..අබාධිත වීම කියන්නේ එකට බාධාවක් නොව අභියෝගයක් ලෙස පමණක් සිතීමයි වැදගත්..



6 comments:

  1. ඒ වගේ දරුවො ළඟ ඇතැම් විට සැඟවුණු සුවිශේෂ දක්ෂතා තියෙන්නත් පුළුවන් නේද..
    ඔතනදි ගුරුවරයාට නම් සෑහෙන කැපවීමක් කරන්න වෙනවා ඇති.. මට මතක් වුනේ අර හින්දි ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. ඔබ මුහුණු පොත භාවිතයක් නැද්ද.. භාවිතා කරනවා නම් ගෘප් ඔස්සේ මෙවැනි ලිපි වැඩි පිරිසක් අතරට යවන්න පුළුවන්..

      Delete
    2. මුහුණු පොතේ ඉන්නවා චන්දන..ඒ වුනාට මේ දවස් වල ඒක වහල ඉන්නේ..මගේ උපාධියේ research එක නිසා.පස්සේ පුළුවන් වුනොත් බලමු.ගොඩක් ස්තුතියි ඔයාගේ ඒ අදහසට..

      Delete
    3. ඔව් ..ඒ ෆිල්ම් එකේ කියවෙන විදියේ දරුවා වගේම ගොඩක් දක්ෂතා ඇති දරුවන් මේ වගේ අය අතරේ ඉන්නවා.
      ඒ විතරක් නෙවෙයි downs syndrome(ඩවුන්ස් සහලක්ෂණය )ඇති දරුවන්ගේ කළා කුසලතාවයන් වුනත් ඉතා ඇගයිය යුතු මට්ටමක තිබෙන්නේ.)
      ඇත්තටම මේ වගේ අංශයක වැඩ කරන ගුරුවරුන්ට ලොකු ඉවසීමක් කැපකිරීමක් කරන්න වෙනවා..

      Delete
  2. ඉස්සර මම මේ වගේ දරුවෝ දිහා බැලුවේ පොඩි චකිතයකින් (ඇත්තටම කිවුවොත් බයකින්). එත් බ්ලොග් ලියන සරත් ලංකාප්‍රිය ගේ ලිපියක් කියෙවුහම ඒ අය දිහා ආදරෙන් බලන්න පුළුවන් උනා. ඒ නිසා මම හිතන්නේ මේ වගේ දරුවන් ගෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ තියන ආකල්ප වෙනස් කරන්න පුලුවන්නම් එක ගොඩක් වටිනා දෙයක්.

    ReplyDelete
  3. හුඟක් දෙනා මේ දරුවන්ට බයයි..චකිතයකින් තමයි බලන්නේ...ඒත් ..මම මගේ දරුවන් දෙදෙනා හම්බ වෙන්න ඉද්දිත් වැඩ කාලේ මේ වගේ දරුවෝ ඉන්න අංශයක...මට කවදාවත් ඒ දරුවන් ගැන අප්‍රසන්න හැගීමක් ඇවිත් නැහැ..ඒ වෘත්තියෙන් අපිට දුන්න පුහුණුව නිසාම වෙන්න ඇති...
    //මේ දරුවන් ගැන සාමාන්‍ය මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම්...//
    ඇත්තටම ඒ වචන ටිකත් වටිනවා...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න