Google+ Followers

Thursday, January 10, 2013

අලුත් ඇසකින් ලොව දකින්නට...

ආබාධිත වීම කියන ඒක ගැන ඔයාලගේ අදහස කොහොමද?
මම හිතන්නේ මෙහෙම කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ හමුදාවේ රණවිරුවෝ...
ඒ වුනාට "ආබාධිත"කියන තත්වයට පත් වෙන්න අපි හැමෝටම සිද්ද වෙන්න පුළුවන්...මග තොටදී නිවසේදී..එහෙම නැති නම් පාසලේදී ...සිදු වන මොන යම් හෝ අහඹු සිදුවීමක් මේ ආබාධිත කියන තත්වය අපට උරුම කර දෙන්න පුළුවන්...
ඉතින්..ආබාධිත භාවය සහ ආබාධ යන මාතෘකාව යටතේ යමක් ලියන්න මට හිතුනා...
සුන්දරම නොවන ..ඒත්...දැනුවත් වියයුතු...මාතෘකාවක්....



ආබාධිත වීම...එහෙම නැති නම්...disabled....කියන වචනය දෙපැත්තේ..තව වචන දෙකක් තියනවා...
එකක් තමයි ..impairment..ඒ කියන්නේ යම් කිසි නොහැකියාවක්...
මේ නොහැකියාව ශාරීරික වගේම මානසික වෙන්නත් පුළුවන්...
මේ නොහැකියාව නිසා තමයි කෙනෙක් ආබාධිත වෙන්නේ...ඒ වගේම ආබාධිත වුනාම ඉන් පසුව වෙන දේ තමයි handicapped කියන දේ...
මේ තත්වය තමය..වඩාම බරපතල...යමකුට සිදුවන ආබාධිත භාවය නිසා ඒ පුද්ගලයා තමන් මුලින් ගැටුන පරිසරයන් ගෙන් වගේම සහභාගීත්වයන්ගෙන් සීමා වීම..තමයි  මෙයින් අදහස් වෙන්නේ..

මේ තත්වයට හේතු දෙකයි....
එකක් ..පුද්ගලයාගේ අභ්‍යන්තර හේතු...ඒ කියන්නේ..ආත්ම ශක්තිය මදි වීම..අභියෝගයන්ට මුහුණ දීමට පසුබට වීම...ආදී දේවල්..
අනිත් දේ තමයි...බාහිර හේතු....අපේ රට වගේ ආබාධිත ජනතාවට තියන පහසුකම් මදිකම  වගේම මිනිසුන් ගේ ආකල්ප වල තියන වැරදි වැටහීම් එහෙම...



ඉතින් මේ තත්වය වෙනස් විය යුතුව තියනවා..දැනටත් යම් තාක් දුරට වෙනස්වීම් වෙලා තියනවා හොඳ අතට....ඉස්සර රෝද පුටුවක මනුස්සයෙක් ගියොත්..මිනිස්සු බලන්නේ කම්මුලට අත තියාගෙන..අනේ අපොයි කියලා...
ඒත්..දැන්..ලෝකයා දන්නවා..රෝද පුටුවක ඉඳන් වුණත් ...කෙනෙකුට අභියෝග ජයගත හැකියි කියලා...

ඉතින්...නොදන්නා දේ බොහොමයක් අතරින්...මේ මාතෘකාව ගැන මම අද ඉඳන් ලියනවා..එන්න..ඔබත් දන්නා දේ හුවමාරු කරගන්න...ලෝකය දකින්නට අලුත් ඇසකින්.....






6 comments:

  1. එක අතකට බලනකොට අපි ඔක්කොම අබාධිතයෝ

    ReplyDelete
    Replies
    1. ඔව්..මානසිකව හරි කායිකව හරි හැම මනුස්සයෙක්ම සර්ව සම්පූර්ණ නෑ තමයි....

      Delete
  2. වටිනා පෝස්ට් එකක් අක්කේ. සුබපැතුම් දැනුම බෙදාදෙන්න දරන උත්සාහයට. මේ කරුණු තව ටිකක් විස්තර වුනානම් තවත් හොදයි. උදාහරණත් එක්ක. ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි..ඔයාගේ උපදෙස් මට ගොඩක් වටිනවා...ඉදිරියේදී මේ ඔස්සේ තව ලියනවා නේ...මේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නම්...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න