Google+ Followers

Sunday, January 6, 2013

alnilam...ඒ මගේ තරුවයි...

මගේ බ්ලොග් එක ලියන්න ඕන කියලා පටන් ගත්තෙ මාසෙකට විතර කලින් .ඒ වුනාට ලියන්න කිසිම දෙයක් හිතට ආවේ නැහැ.
තනියෙන් ඉන්නකොට ලියන්න දාහක් දේවල් හිතට එනවා.නමුත් ලියන්න හිතුවාම හිස් බවක් දැනෙන්නෙ.ඒ ජීවිතේ හැටි වෙන්න ඇති.
ඒත් ඒ ඔස්සේම හිතන කොට මගේ හිතට ආපු පළමු වෙනි දෙයින් මම බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක පටන් ගත්තා.
මගේ හොඳම යාලුවා තමයි මට මේ දේ කියා දුන්නේ.ජීවිතේ තනිකමක් දැනෙද්දී කරන්න දෙයක් නැති වෙද්දී .....අහස දිහා බලන්න කියලා...
පුංචි කාලේ අපි කොයි තරම් අහස දිහා බලන් ඉන්නවද? ඒත් ලොකු උනාට පස්සේ අපිට අහස දිහා බලන්නවත්..අහසේ සුන්දරත්වය විඳින්නවත් වෙලාවක් නැහැ.අපි ඒ තරම් කාර්ය බහුල වෙලා.
ඉතින්...මම දැන් හිත හිස් වෙද්දී අහස දිහා බලනවා...අහසේ..මටම අයිති තරුවක් මට හම්බ වුනා.මට කලින් ඒ තරුව අයිති අය ඉන්න ඇති...ඒත්...දැන් මම ඒ තරුවත් එක්ක කතා කරනවා...
ඒ තමයි..alnilam.....
කවුරු හරි ඒ ගැන විස්තර දන්නවද...
මම නම් ගොඩක් දේවල් හොයාගත්තා..
ඔරායන් තරු පන්තියේ මැද තියන දීප්තිමත්ම තරුව තමයි alnilam.
මට හිතෙන දේ තමයි..අපිට කතාබහ කරන්න මිනිසුන්ම ඕන නැහැ කියන එක.මොකද..බොහොම විශ්වාසනීය විදියට තරුව අපිට සවන් දෙනවා...ඒ වගේම ආයේ...කාටවත් කියන්නේ නෑ අපේ රහස්...

තරුව එක්ක වගේම මගේ හිතට එන සමහර දේවල්...මම බ්ලොග් එක එක්කත් බෙදා ගන්න හිතුවේ ඒකයි..




6 comments:

  1. ahasa balanna...e tharuwa dakinnata

    ReplyDelete
  2. තරුවක් සමග වරුවක් ....

    ReplyDelete
    Replies
    1. අපෝ..සුදීක...ඒ රුපවාහිනි වැඩසටහනක් නේ...ඒ තරු දැක්කම අපිට දවල් තරු පේනවා නේ...

      Delete
  3. පුංචි කාලෙ නං තරු දිහ බලං ඉඳිල්ල මගෙ විනෝදාංශයක්.. දැං ඉන්න රටේ මේ නගරෙ කොච්චර දුමෙන් වැහිලද කිවුවොත් තරුවක් දකින්න නිවාඩුවට ලංකාවටම එන්න ඕනෙ. එක පාරක් අපි නුවර එලියෙ රෑ අහස දිහා බලං ඉන්නකොට දුව කියනවා තාත්තී මං කවදාවත් මෙච්චර තරු දැකලා නැ කියලා.. අපි පුංචි කාලෙ මිඳුලෙ පැදුරක් දාගෙන උඩුබැලිව නිදාගන්නවා තරු බලන්නයි උල්කාපාත ගණින්නයි..

    ReplyDelete
    Replies
    1. අදටත් මම රෑට මගේ පොඩ්ඩෝ දෙන්න එක්ක අහසේ තරු බලනවා..ඉඩක් ලැබුනාම...අහස කියන්නේ හරිම ගුප්ත..ඒ වගේම...සීමාවක් නැති දසුන් ගෙනෙන ඉඩක්...
      ඒ වුනාට අපිට අහස දිහා බලන් ඉන්න අද ඉඩක් තියද..මේ දුවන ජීවිතත් එක්ක...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න