Google+ Followers

Sunday, January 13, 2013

අලුත් ඇසකින් ලොව දකින්නට 3

ආයුබෝවන්......අලුත් ඇසකින් ලොව දකින්නට ලිපි පෙලේ තුන් වෙනි අදියරටත් ආවා...තවම කියවපු අය නම් හම්බ වුනේ දෙන්නයි... ඒ කියන්නේ කොමෙන්ට් දාපු අය...
කොමෙන්ට් නොදා බ්ලොග් එක කියවන ,බ්ලොග් නොලියන යාලුවෝ නම් කිව්වා හොඳ උත්සහයක් කියලා....ලියමුකො එහෙනම් දිගටම...නේද?

දැන් අපි නවත්තපු තැන ඉඳන් ඉදිරියට යන කොට......

ආබාධිත භාවය කොටස් තුනකට බෙදා ගෙන කතා කරන්න පුළුවනි...
1.ශාරීරික ආබාධ -physical disabilities
2.මානසික ආබාධ-mental or psychological disabilities
3.අවබෝධතාවය සම්බන්ධ ආබාධ-cognitive disabilities

ඉතින් මම ලියන්න උත්සහ කරන්නේ ශාරීරික ආබාධ සම්බන්ධයෙන් කරුණු ටිකක්...

මේ ශාරීරික ආබාධ කියන දේවල් අපිට විවිධ ආකාරයෙන් ඇති වන්න පුළුවන්...
සමහර ඒවා උපතින්ම ඇතිවෙන ඒවා..(උපතේ සිට ඇතිවන ආබාධ ගැන මම ටිකක් දිගට ලියන්න යන්නේ ඊළඟ පෝස්ට් එකේ ඉඳලා.)
ඒ වගේම සමහර ආබාධ අපිට ජීවිතේ කාලයක් ගෙවුනම ඉබේම ඇති වෙන්නත් පුළුවන්...ආතරයිටිස් වගේ රෝග නිසා....
සමහර ඒවා නම් අපි විහින්ම හදාගන්න ඒවා...අපේ වැරදි ජීවන රටාවල්  නිසා..නොසැලකිල්ල නිසා...අනුන්ගේ නොසැලකිල්ල නිසා...අපිට විවිධ ආබාධ ඇති වෙනවා..හුඟක් ඒවා ගැන තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි..

ඉතින්...යමක් වලක්වා ගැනීම...සිදුවුණාට පසු පිළියම් යෙදීමට වඩා පහසුයි...ඒ නිසයි දැනුවත් වීම වටින්නේ...

මොන යම් විදියට වුනත්....වුනාට පස්සේ නිවැරදි ප්‍රතිකාර හෝ පිළියම් යෙදීම මී ලඟට වැදගත් වෙනවා..
අපේ ගොඩක් දෙනා කල යුතු දේ ගැන දැනුවත් මදි කියලා..අත්දැකීමෙන් මම දන්නවා..
ඒ නිසා...ආබාධිත වූවෙක් සඳහා..අවශ්‍ය කරන ප්‍රතිකාර ගැනත් මම ඉස්සරහට ලියන්නම්...
මම හිතන්නේ ...දැනුවත් වීම අපිට නැතත්..කවදාහරි කාටහරි වැදගත් වේවි....

මේ ලියන මොහොතේ මතක් වුන සිද්ධියක් ලියන්නම්...
මේ කතාව මට කිව්වේ මම ඉගන ගන්න කාලේ..කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේදී හිටපු මගේ ප්‍රධානියා...අද එතුමා විශ්‍රාම අරන්....
පිළිස්සුම් වෙලා එන රෝගීන් සහ පවුලේ අයව දැනුවත් කරන්නේ කොහොමද කියලා කියාදුන්න  පාඩමකදී තමයි මේ උදාහරණය එතුමා ගෙන ආවේ...

දවසක් පිලිස්සුමකට ප්‍රතිකාර ගන්න ආව රෝගියෙකුට ...පිලිස්සුමකදී කල යුතු මුලික ප්‍රථමාධාර ගැන ඒ මහතා කියාදීල තියනවා...
ඊට පස්සේ දවසක්....මේ රෝගියා (සනීප වුනාට පස්සේ)..ගමනක් යද්දී...බස් එකට අරගෙන  ආවලු මනුස්සයෙක් තුවාල පිටින්..ගෙදර මිනිස්සු කෑ ගහනවලු..අනේ මෙයා පිච්චුනා..ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා...බස් ඒක නවත්තපු තැනම තිබුනලු මිනිස්සු නාන ලිඳක්..අපේ හිතවත් රෝගියා මොකද කාලේ..අර මනුස්සයව අරන් ගිහින්..ලිඳේ පඩිය උඩ තියල වතුරෙන් නාවගෙන..නාවගෙන ගියාලු...
ඔන්න දැන් ලෙඩාගේ ගෙදර අයයි..බස් එකේ මිනිස්සුයි..අපේ හිතවතාට ගහන තරම් ලු....

ලෙක්චර්ස් දීල වැඩක් නෑ නේ මේ වෙලාවට ...ඉතින් මෙයා කියලා "හරි අපි දැන් යමු හොස්පිටල් එකට...එතැනදී ප්‍රශ්නයක් වුනොත්..මම සම්පූර්ණ වගකීම ගන්නම් කියලා...."

හොස්පිටල් එකට ගියාම හදිසි ප්‍රතිකාර ඒකකයේ අය මේ කෙනාට ස්තුති කරලා...ගෙදර අයට කිව්වලු...වතුරෙන්..මේ කල ප්‍රථමාධාරය නොකලා නම් ඔයාලගේ ලෙඩා දැනටත් මැරිලා කියලා..

ඉතින්..මේ මං ලිව්වේ දැනුවත් වීම කවදා හෝ කාට හරි වැදගත් වෙන අයුරු පෙන්නන පොඩි උදාහරණයක්...
ඉතින් ..මේ දැනුවත් කමත් හිතේ තියන් ඊළඟ පොස්ට් එකෙන් හමු වෙමු....
අපි..කවදා හරි කාට හරි..අත දේවි....


ඒ පිහිට අබාධයක් වෙන්න යන කෙනෙක් ගලවා ගන්න හරි..වෙලා තියන දේකට..පොඩි උදව්වක් හරි..හරිමගක් පෙන්වීමක් හරි වුනොත්.....ඒ ඇති නේද?...

7 comments:

  1. කලින් දවසෙත් ඇවිත් කියවලා ගියාට අදහසක් දෙන්න බැරි උනා. ඇත්තෙන්ම හරිම වැදගත් කරුණු ටිකක්. කොමෙන්ට් ඇතත් නැතත් දිගටම ලියන්න. අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි තිලිණි...වෙලාව තියන විදියට ලියන්නයි හිතන් ඉන්නේ...ලියන්න ගියාම අනිත් වැඩ අමතක වෙලා..නැති ප්‍රශ්නත් ඇති වෙනවා..හිකිස්...

    ReplyDelete
    Replies
    1. මම තිළිණි නෙමේ ළිහිණි හි හි හී

      Delete
  3. හපොයි..දෙයියනේ..මොනවා වුනත් මොකද කෙල්ලෙ..නම ලස්සනයි නේ...
    මට හතලිස් ඇඳිරිය ට ලඟයි...හිකිස්....

    ReplyDelete
  4. liyanne dewal godah hitate enawa.. eath sinhala type katranne ba ne>

    ReplyDelete
  5. සිංහල ද..english ද..කියන ඒක ප්‍රශ්නයක් කරගන්න එපා...මේ විදියටම comment දාන්න...ඒක මට වටිනවා...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න