Google+ Followers

Friday, January 11, 2013

අලුත් ඇසකින් ලොව දකින්නට...2

ආබාධිත භාවය ගැන මගේ පැහැදිලි කිරීම් වල අඩුපාඩු ඇති...මම අද මේ කෙටි සටහන තබන්නේ ඒ වෙනුවෙන්....

අර මුල් පෝස්ට් එකේ තිබුන වචන තුන මතකද...
impairment...disability....handicapped...

මේ වචන තුන පැහැදිලි කරලා..ඒ එකඑකක්  අනිකට සම්බන්ධ වෙන හැටි මුලින්ම කියවන්නකෝ...

උදාහරණයක් විදියට අපි හිතමු ...කෙනෙක් ගේ අතක් කැඩෙනවා හදිසි අනතුරකින්..සමහර විට ගේ ඇතුලෙදි ලිස්සලා වැටිලා කියමුකෝ....
මේ උදාහරණයක් විතරයි හොඳේ..කාටවත් එහෙම වෙන්න නම් එපා...
ඉතින් ඔන්න මේ අතේ අස්ථි බිඳීම හෙවත්...fracture ඒක නිසා ප්ලාස්ටර් එකකුත් දාන්න වුනා කියමුකෝ...



ඉතින් දැන් අතේ ඇඟිලිත් ඉදිමිලා..වැඩ කරන්නේ නෑ ...කන්නත් බෑ...වෙන කවුරු හරි තමයි කෑම කවන්නෙත්....




දැන් ඉතින් ප්ලාස්ටර් ඒක දමාගෙන ඉන්න අතරේ වෙඩින් එකකට  ආරාධනාවක් එනවා...මොකද කරන්නේ..ගියොත් සේරම අය අහනවා වෙච්ච දේ..ඒ මදිවට අල්ලලත් බලනවා..අනේ අපොයි කියනවා..කරුමේ තමයි කියනවා...ඔය දේවල් අහනවට වඩා හොඳයි...නොයා ඉන්න එක...



හිතන්න බලන්න වෙන්නේ මේ දේ නේද....

දැන් ඉතින් අපි බලමු...අර වචන තුන මෙතනට ගැලපෙන්නේ කොහොමද කියලා..

impairment  එක තමයි ...අත කැඩීම....
disability...ඒ මොකක්ද....කෑම කන්න බෑ  තනියම....dis+able.....
handicapped......වෙඩින් එකට යන්නේ නෑ ...සමාජයෙන් ටිකක් ඈත්වෙනවා....තනි වෙනවා...

මේ  සරලම උදාහරණයක්.....

මම හිතනනේ ආබාධිත බව ගැන ලියන පෝස්ට් එක..තව ගොඩක් දිගට ලියන්න වෙයි....
මේ මුලික සංකල්පය තේරුම් ගන්න බලන්නකෝ ඉස්සර වෙලා...

ඊට පස්සේ අපි දිගටම කියවමු....


2 comments:

  1. It is very rare to read on this related practical matter. Please write on this subject.

    ReplyDelete
  2. yes..you are my first reader..this article was written on your request...

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න